News Category
From Date
To Date
Maximum Number of Result

කුඹුක් ගස කෙතරම් වටිනවද දන්නවද..?

Dec 25, 2023 at 10:58 AM
|

ටර්මිනලියා අර්ජුන යනු ටර්මිනාලියා කුලයට අයත් ගසකි. එය පොදුවේ හැඳින්වෙන්නේ ඉංග්‍රීසියෙන් අර්ජුන හෝ අර්ජුන් ගස, තෙළිඟු භාෂාවෙන් තේලා මඩි, සිංහලෙහි කුම්බුක්, දෙමළ භාෂාවෙන් මරුදා මාරම් සහ මලයාලම්හි නීර් මරුතු යනුවෙනි. කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ.කුඹුක් ශාකය කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයට අයත්ය. මෙය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ආවේණික වූ ශාකයක්. 

කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය.

විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත.

 කුඹුක් ගහ කියන්නෙ මේ ගැටළු විසඳා ගැනීමට ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක්. කුඹුක් වැව් ලිං පොකුණු ගංගා ඇළආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.

මතක තියා ගන්න අපේ මුතුන් මිත්තො විශේෂයෙන් සෑම වැවක් හා අනෙක් සෑම ජල මූලාශ්‍ර ආශ්‍රිතවත් කුඹුක් ගස් සිටෙව්ව කියල.

හිතට ගන්න පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාවධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය.

සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකිතරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානිය ජලය ලබා ගැනීමටත් එමඟින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.

කුඹුක් ගස ගැන කිවුවොත්

අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත. පත්‍ර සම්මුඛය, ආනතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්‍රයේ දෙකෙළවරම වටකුරුය. පත්‍ර දාරය කරපත්‍රිකය. පත්‍ර නටුව ඉතා කෙටිය. කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී. සාමාන්‍යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය.

මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත. ඵලය තුඩක් සහිත නොපැලෙන අෂ්ටිලයකි. එහි මධ්‍යාවරණය මාංසලය. පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක් ඵලයෙහි ඇත.

ලංකාවේ පහතරට ගං ඉවුරු අසල කුඹුක් ගස් බහුලව වැවේ. වියළි ප්‍රදේශවලද වැව් ආශ්‍රිතව දක්නට ලැබේ. කුඹුක් පොත්තේ අගනා ඖෂධීය ගුණයක් ඇත. කුඹුක් ලීය තදය, ශක්තිමත්ය. එහි අරටුව රතු පාටට හුරු දුඹුරු පාටය.

ඖෂධීය වටිනාකම....

කුඹුක් කසටය, සිසිල්ය, සෙම් පිත් නසයි, හෘදයට හිතකරයි, වණ ශුද්ධ කරයි. කැඩුණ බිදුණ ඇට සන්ධි කරයි, ශක්තිය වඩයි හෘදයාබාධ, ලේ මදිකම, විෂ, මේදය වැඩිකම, රුධිර දෝෂ, වණ හා මුත්‍ර අඩස්සිය යනාදිය සුවපත් කරයි. පිපාසය සමනය කරයි. එහෙත් වාතය කුපිත කරයි. ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් කෂාය, පත්තු, මැල්ලුම් හා ආලේප රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා වෙයි.

පැරැන්නන් විසින් කුඹුක් ගසෙන් ගත් ප්‍රයෝජන.....

කුඹුක් පොත්තෙන් ලබා ගන්න අළු ගර්භනී මව්වරුන්ට සාම්ප්‍රදායික ඖෂධයක් වශයෙන් ලබා දීම.( වර්ථමානයේදී ගර්භනී මව්වරුන් ට කැල්සියම් පෙති ලබාදීමෙන් බලාපොරොත්තු වන කලලයේ වර්ධනය මෙමඟින් ඉටුකරගෙන ඇත)

කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කර ඇත.

කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත.

මුඛයේ ඇතිවන ආසාදනයන් සඳහා කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදා ගැනීම කර ඇත.

 ඓතිහාසිකව ගත්තොත්.....

අලව්ව, පරමාවුල්ල අම්බලම අසල පිහිටි ඓතිහාසික ගැට කුඹුක්‌ ගස දුර්ලභ ගණයෙහි ශාකයක්‌ ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් නම්කර තිබේ. මෙම ශාකය ක්‍රි. ව. 1200-1300 සමයේ III විජයබාහු රජු විසින් ඉදිකරවන ලද වැවේ බැම්මෙහි මෙම කුඹුක්‌ ගස පිහිටි බව සැලකේ.

අටවිසි බුදුවරුන් අතරින් යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මාසයක් පමණ කෙටිකලක් දුෂ්කර ක්රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව සාසන ඉතිහාසයෙහි වේ....

කූඹුක් භාවිතයෙන් සුව කරගත හැකි ලෙඩ රෝග 10 ක්....

කුකුභ යන නමින් හදුන්වනු ලබන කුඹුක් ශාකය ආයුර්වේද ප්‍රතිකර්ම කිරීමේදී බහුලව භාවිතා කරන ඖෂධයකි. දේශීය ශාකයක් වන මෙම ශාකය ආයුර්වේදය තුළ අර්ජුන නමින් හදුන්වයි. එනම් Combretacea උද්භිද කුලයට අයත් කුඹුක් ශාකය මීටර් 25ක් පමණ උසට වැඩෙන සුදු හෝ රෝස පැහැයෙන් යුතු පොතු පතුරු මෙන් ගැලවී යන කඳක් සහිත ශාකයකි. මෙහි පත්‍ර සරල සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටා ඇති අතර පත්‍ර හැඩය ආයත සිට අණ්ඩාකාර ලන්සාකාරවේ. සංයුක්ත ඒකාක්ෂ  පුෂ්ප මංජරියේ හටගනු ලබන මල් වෘන්ත රහිත  කොළ හෝ කහ පැහැති මල්වේ.අෂ්ටලයක් වූ ඵලය නොපැලෙන සුළුය. තනි දුඹුරු පැහැති බීජයක් එම ඵලය තුළ අඩංගුවේ.

කුඹුක් ශාකයේ ඖෂධීය ගුණ...

පණු රෝගයට අධි රුධිර පීඩනයට වණ සමනයට පෙනහලු රෝග වලට විදුරුමසින් ලේ ගැලීමට පාණ්ඩුවට සුදු කබර රෝගයට දියවැඩියාව ඉදමුමටහෘද රෝගවලට රක්ත අතීසාරයට  රක්ත අර්ශස් රෝගයට

මේ ආදී වූ නොයෙක් රෝග සමනය කිරීමට ආයුර්වේදයේදී කුඹුක් ශාකයේ සුඹුළු ,ගෙඩි, කුඹුක් කොළ, කුඹුක් පොතු, බහුලව භාවිතා කරයි. යම් ප්‍රතිකාරයකට කුඹුක් ශාකයේ පොතු භාවිතා කරන විට රතු හෝ රෝස පැහැ වූ මේරූ  පොතු භාවිතා කළ යුතු බව දේශීය වෛද්‍යවරු සඳහන් කර තිබේ.

 කුඹුක් ශාකයේ ඖෂධීය භාවිතය...

පපුවේ දැවිල්ල සමනයට-බොහෝ දෙනෙකුට පවතින පපුවේ දැවිල්ල වැනි රෝග තත්ත්වයකදී කුඹුක් ශාකය භාවිතා කරමින් එම රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර කළ හැකිය. එනම් කුඹුක් පොතු චූර්ණය පාවට්ටා කොල යුෂවල රැයක්  බහා තබා පසුදින උදෑසන අඹරා ගිතෙල් සමග ආහාරයට ගැනීම මගින් පපුවේ දැවිල්ල සමනය කරගත හැකිය. ඊට අමතරව මෙම ඖෂධය ක්ෂය රෝගයට ,රක්ත පිත්ත වැනි රෝග තත්ත්වයන්ට ද ගුණදායකය.

ශුක්‍ර මේහයට, සහ ශ්වේත ප්‍රදරයට-ශුක්‍ර මේහයට මෙන්ම කාන්තාවන්ට වැළඳෙන සුදයාමේ රෝග තත්ත්වයට කුඹුක් ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් කුඹුක් පොතු සුදු හඳුන් සමව ගෙන කෂාය කර පානය කිරීම මගින් එම රෝගයන්ට සහනය සලසා ගත හැකිය.

මීට අමතරව අමතරව ඉරුවාරදයට චර්ම රෝග වලට ශරීර ශක්තිය වර්ධනය කිරීමට කුඹුක් පොතු කෂාය කර පානය කිරීම යෝග්‍යවේ.

වන සමනය කිරීමට.වණ සමනය කිරීම සඳහා ආයුර්වේදයේ බොහෝ ඖෂධ භාවිතා කරන අතර කුඹුක් ශාකය ද වණ සමනය කිරීමට යොදා ගත හැකිය. එනම් කුඹුක් කොළ තම්බා වන සේදීම සහ කුඹුක් ගෙඩි තම්බා අඹරා වනය මත ගැල්වීම හා කුඹුක් කොලයකින් වණය වසා තැබීම මගින් වණය ඉක්මනින් සුව කරගත හැකිය.

රක්ත අතීසාරය සමනයට-රක්ත අතීසාරය සමනය කිරීම සඳහා කුඹුක් පොතු කිරි කෂාය කර පානය කිරීම ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්වේ.

ශරීරගත ඉදිමුම් සමනය කිරීමට.ශරීරගත ඉදිමුම් සමනය කිරීමට කුඹුක් මල් අබරා එම ප්‍රලේපය එම ස්ථානවල ආලේප කිරීම මගින් ඉදමුම් සමනය කරගත හැකිය.

දන්ත රෝග සුව කරයි.විදුරුමස්වලින් ලේ ගැලීම, දත් කැක්කුම වැනි රෝග සඳහා  කුඹුක් සුඹුළු කුඩු කර දත් මැදීම මගින් එම රෝග සුවකර ගත හැකිය.

කුරුලෑ සමනය කරයි.බොහෝ තරුණ තරුණියන්ට පීඩා ගෙන දෙන කුරුලෑ රෝග සමනය කිරීම සඳහා කුඹුක් පොතු කුඹුක් ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කුඹුක් පොතු මී පැණියෙන් ගලගා කුරුලෑ ඇති ස්ථානවල ආලේප කිරීමෙන් කුරුලෑ සමනය කරගත හැකිය.

පිළිකා සෛල විනාශ කරයි.මාරාන්තික රෝගයක් වන පිළිකා රෝගය ඇතිවීමට හේතුවන පිළිකා සෛල විනාශ කිරීමට කුඹුක් උපකාර වන බව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් ඒ සඳහා කුඹුක් පොතු කඳේ සංඝටක සහ පොතුවල සංඝටක මේ සඳහා හේතුවේ.

යටි පතුල් පැලීම සමනය කරයිශරීරයේ උෂ්ණාධික බව හේතුවෙන් යටි පතුල් පැලීම ඇතිවේ. මේ සඳහා ඖෂධයක් ලෙස කුඹුක් ශාකයේ පොතු කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකවේ.

මල බද්ධය සමනය කරයි.බොහෝ දෙනෙකුට බහුලව ඇතිවන මලබද්ධය වැනි රෝග තත්ත්වයන් සඳහා ද කුඹුක් ගුණදායකය. එනම් කුඹුක් දලු මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගැනීම මගින් මල බද්ධය සමනය කරගත හැකිය.

මීට අමතරව දැව නිෂ්පාදන සිදු කිරීම සඳහා මෙන්ම බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශවල ජලය සිසිල් කර ගැනීම සඳහා මෙන්ම ජලය පිරිසිදු කර ගැනීම සඳහා කුඹුක් ශාකය ළිං ආශ්‍රිතව සිටුවා තැබීම සිදු කරයි. එමෙන්ම කුඹුක් ගසක් ළග ඇති ජලය ස්නානය කිරීමෙන් ශරීරය සිසිල් කර ගත හැකි බව ද බොහෝ ජනයාගේ විශ්වාසයයි...

උපුටාගැණීම අන්තර්ජාලය ඇසුරෙනි.....

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.