විශිෂ්ට සිනමාකරුවන්ටත්, කැමරා අධ්‍යක්ෂකවරුන්ටත් නැතුවම බැරිවූ හෙළ සිනමාවේ සැඟවුනු මිනිසා.. - පාලිත මැදිවක
සිංහල සිනමාවේ පෝෂණය සඳහා දායක වූ ඇතැම් පිරිසක් රිදි තිරය මත පෙනුණේ නොපෙනුනා සේම සිනමාව ගැන අලුතෙන් සිතා අලුත් නිර්මාණ කළ එබඳු අපූරු මිනිසුන් ගැන වැඩිපුර ලියැවුනේද නැත. පාලිත මැදිවක ද එබන්දෙකි.
මේ අපූරු නිර්මාණකරුවා පසුගියදා එනම් 2026 මැයි මස 10 වැනි දින සිය 91 වැනි ජන්ම දිනයේදීම අප අතරින් සදහටම නික්ම ගියේය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය 13 වැනි දා බලගල්ලේ දී සිදුකෙරිණ.
මේ සටහන ඔහු වෙනුවෙනි,
පාලිත ඩබ්ලිව්. මැදිවක ගැන බොහෝ දෙනා නොදන්නවා මෙන්ම ඔහු ප්‍රචාරයට කැමැතිවූයේ ද නැති බව බොහෝ දෙනෙකු පවසති.
මෙයට දශක දෙකකට පමණ ඉහත මෙරට චිත්‍රපට තැනූ බොහෝ විශිෂ්ට සිනමාකරුවන්ටත්, විශේෂයෙන් කැමරා අධ්‍යක්ෂකවරුන්ටත් ඔහු නැතිවම බැරි වූයේ ඔහු විසින් ගොඩ නගන ලද සම්පන් ෆිල්ම් ඉක්වියුප්මන්ට් හෙවත් සම්පන් සිනමා කාර්මික ආයතනය හේතුවෙන්ය.
එකල සම්පන් යුනිට් එක නමින් ක්ෂත්‍රයේ පතලව තිබුණු එම ආයතනය හුදෙක් චිත්‍රපට කැමරා හෝ ආලෝක උපකරණ සේවා සැපයූ ආයතනයකට වඩා පතලව තිබුණේ නිර්මාණ ශිල්පි මිනිසෙකුගේ පරිකල්පනා ශක්තිය හේතුවෙන්ය. පාලිත ඩබ්ලිව්. මැදිවක වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ඔහු අලුත් නිර්මාණ තැනූ ඉංජිනේරුවෙකි.
ඔහු සතු බොහෝ උපකරණ ඔහු විසින්ම සිය න්‍යාත්මක දැනුම ප්‍රායෝගිකව භාවිතයෙන් ගොඩ නැගූ ඒ්වා විය. අද මෙන් ඩ්‍රෝන භාවිත කොට රූප ගත නොකරන ඒ දවස රූප ගත කිරිම් උදෙසා යොදා ගත් කැමරා දොඹකරය විදෙස් රටකින් ආනයනය කළේ නම් එය විශාල මුදලක් වැය වන එකකි. එහෙත් පාලිත එය සිය දැනුමෙන් ගොඩ නැංවූයේය. එය කෙතරම් ශක්තිමත් හා සිනමාකරණයේදී විශිෂ්ට නිර්මාණයක් වී ද යත් මෙරට විශිෂ්ට සිනමා කැමරා අධ්‍යක්ෂවරුන් පමණක් නොව මෙරට ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදනයේදී ද එතෙරින් ආනයන නොකොට එම දොඹකරයම යොදා ගැණින. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටය ඒ් අතරින් එකකි. මෙරට නිර්මාණය කළ දැවැන්ත චිත්‍රපටයක් වූ එය සඳහා අවශ්‍ය දොඹකර එතෙරින් ආනයනය කළ හැකි වුවත් සම්පන් දොඹකරයේ ක්‍රියාකාරිත්වය සුද්දන් මවිත කරවන එකක් විය.
(තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?