අපි එක පන්තියේ..
උඹට A තුනයි
මට S තුනයි
අපි දෙන්නම විස්ස පනිද්දි ගෙදරින් ගියා.
උඹ කැම්පස් ගියා
මම හමුදාවට ගියා!
උඹ කට්ට කාලා, නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් සටන් කරලා ඩිග්‍රිය ගත්තා.
මම නොමැරී මැරී මහ කැලෑවේ ට්‍රේනින් වෙලා සොල්දාදුවෙක් උණා!
උඹට කොම්පැණියක ලොකු රස්සාවක් හම්බුණා.
මම මගේ සේනාංකයත් එක්ක යුද්ධ පෙරමුණට ගියා!
උඹ උදේ අටට වැඩට ගිහින් පහට ගෙදර ආවා.
මම සති ගණන් එක දිගට යුද්ධ කලා!
උඹට පඩි වැඩි උණා.
මගේ උරහිසේ දිලිසෙන තරු එකතු උණා!
හැමදාම හවස් වෙද්දි උඹ ගෙදර ආවා.
මම හවසට අම්මට යවන්න ලියුමක් ලිව්වා!
උඹට හම්බුණේ රස්සාවක්.
මට හම්බුණේ කඩයිමක්!
අපි දෙන්නම බැන්දා,
උඹ ගෙදරින් එද්දි "පරිස්සමින් ගිහින් එන්න.." වයිෆ් කිව්වා.
මම ජීවතුන් අතර ඉන්න කියලා මගේ වයිෆ් බෝධි පූජා තිබ්බා!
අපි දෙගොල්ලොම අවුරුදු / වෙසක් සැමරුවා.
නත්තල් සැමරුවා..
උඹ පාට පාට ලයිට් එළි පිරුණ උඹේ ගෙදර සාලේ ඉඳන්,
මම කිරි පාට හඳ එළියෙන් නෑවුණ කැලේ ගහක් යට ඉඳන්!
ඇත්ත, උඹත් යුද්ධෙක!
මන් ඊට වෙනස් යුද්ධෙක!!
උඹ කාර්‍යාල වැඩවලට පිටරට සවාරි ගියා.
මම අන්තිම සටනට එකතු වෙන්න යුධ පෙරමුණට ගියා!
අපි දෙන්නම ආපහු ආවා.
උඹේ ගෙදර අය / අපේ ගෙදර අය,
දොගොල්ලොන්ගෙම ඇස් වල කඳුළු..
උඹ එයාලගේ කඳුළු පිහ දැම්මා.
මට කඳුළු පිහදාන්න බැරි උණා!
උඹ උඹේ ගෙදර අය ගාවට ගියා.
අපේ ගෙදර අය මන් ගාවට ආවා!
උඹ එයාලව වැළඳ ගත්තා.
මට වැළඳගන්න බැරි උණා!
උඹ හිටියේ පවුලේ අය ගාව.
මම හිටියේ යාළුවන්ගේ කර උඩ - සීල් කරලා වහපු පෙට්ටියක
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?