
වෛද්‍යවරුන් රට හැර යෑම බරපතළ ලෙස ඉහළට... වෘත්තිකයන්ට බදු... චීන පෞද්ගලික සමාගම් වලට බදු සහන
මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මෙම වසර තුළ මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 1500 ක් විදේශ ගත වූ බව පසුගියදා වාර්තා වී ඇති බවත්, වෛද්‍යවරුන්ගේ රට හැර යෑම මේ වනවිට සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය.
වෛද්‍යවරුන්ට ජීවන බර හා තම එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීම පවා බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
අදාළ නිවේදනය පහළින්...
වෛද්‍ය වෘත්තිය වෙනත් රැකියාවන් වලට වඩා වෙනස් වන්නේ රෝගීන්ගේ ජීවිත පිළිබඳව ඉතාම භාරදූර තීරණ ක්ෂණිකව ගැනීමට සිදුවීම සහ සංවේදී ලෙස රෝගියෙකුගේ මානසික තත්ත්වයන් තේරුම් ගැනීම අවශ්‍ය වන වෘත්තියක් නිසා ය
ඒ සඳහා වෛද්‍යවරයාද යහපත් මානසික තත්ත්වයක සිටිය යුතු ය. ජීවන බර පිළිබඳව හැම අතින්ම තැලී පොඩි වී සිටින, තම එදිනෙදා ජීවිතය පවා ගැට ගසා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවට පත් වුවහොත් අසරණ රෝගීන් සමඟ ගනුදෙනු කරන වෛද්‍යවරයෙකුගේ භූමිකාව සාර්ථක ව ඉටු කිරීමට නොහැකි වනු ඇත .
අද ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් මුහුණ පා ඇත්තේ මෙම ඛේදවාචකයයි.
ලක්ෂ ගණනක් පෙනී සිටින අපොස උසස් පෙළ විභාගයෙන් ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වී ,අවුරුදු හතක් හෝ අටක් නොවිඳිනා දුක් විඳිමින් වෛද්‍ය අධ්‍යාපනය අවසන් කොට සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස දවස පුරාම පැය 24 සේවය කරන ඔහුට මාසයකට හිමිවන්නේ රුපියල් 54,000 ක පමණ සුළු දීමනාවකි.
එම කාලය අවසන් කොට වෛද්‍යවරයෙකකු ලෙස නිශ්චිත පත්වීම ලැබුවත් ඔහුට හිමි වන්නේ මසකට රුපියල් 70,000ක පමණ වැටුපකි.
අතිකාල දීමනා ලෙස අමතර දීමනාවක් සියලුම වෛද්‍යවරුන්ට නො ලැබේ , විශේෂයෙන් වාට්ටු වල සේවය කරන වෛද්‍යවරුන් හැරුණු විට , බහුතරයක් හට එවැනි දීමනාවක් ලැබීමට හිමිකම් නොලබයි .
එවැනි පසුබිමක එදිනෙදා ජීවිතයේ වියදම් පියවා ගැනීම පවා ප්‍රශ්නයක් වුණ පසුබිමක ,නිවසක් තනා ගැනීම වාහනයක් ගැනීම ,විවාහය , දරුවන්ගේ අධ්‍යාපනය සහ දෙමව්පියන්ට සැලකීම ඇතුළු සමාජ කටයුතු නිසි පරිදි කර ගත නොහැකි සිහින බවට පත් වී ඇත .
ඔහු හෝ ඇය දුරබැහරක රාජකාරී කරන්නේ නම් ලැබෙන වැටුප කෑමට සහ නිවසට යාමට ඒමට මදිය
එහෙත් වරායේ පුහුණු කළමනාකරණ සේවයට පැය අටට බඳවා ගන්නා* නිලධාරියෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකි
මෙවැනි පසුබිමක ඇතැම් වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් ,වෛද්‍ය වෘත්තීය පසෙකලා වෙනත් ව්‍යාපාර වලට යොමු වුණු අවස්ථාද අසන්නට ලැබේ ,
ඒ බොහෝ විට වෛද්‍ය වෘත්තිය සඳහා ඇති අකමැත්ත නොව , ජීවන අරගලයට මුහුණ දීමට වෙනත් මාර්ගයක් නොමැති වීම නිසාය .
තවත් බහුතරයක් රට හැර දමා විදේශ රටවලට යන්නේ ද බලවත් අකමැත්තෙන් බවත් ,කළ හැකි වෙනත් දෙයක් නොමැති නිසා බවත් හෙළි වී ඇත .
බලවත් අවාසනාව වන්නේ ,ඉතා විශිෂ්ට හැකියාවන් ඇති අති දක්ෂ වෛද්‍යවරුන් පවා මෙම පසුබිම මත විදේශගත වීමෙන් රටේ අනාගතය කුමක් වේද යන ප්‍රශ්නය යි .
ඇතැම් රෝහල් මේ වන විටත් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇත, ඇතැම් විශේෂඥ අංශ පවත්වාගෙන යෑම පවා බලවත් ප්‍රශ්නයක් ව ඇත.
තවමත් ,දේශපාලකයින් සහ , තීරණ ගන්නා සිටින තැන්වල සිටින සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිව යුත්තන් සංවේදී නොවීම, වෛද්‍යවරුන් රට හැර යාමට වැළැක්වීමට නිසි පියවර තවමත් නොගැනීමෙන් පැහැදිලි වේ.
මෙම වසර තුළ මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 1500 ක් විදේශ ගත වූ බව පසුගියදා වාර්තා විය
සීමා වාසික වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා ප්‍රශ්නයට වහාම විසඳුම් සෙවිය යුතු යැයි දිගින් දිගටම අදාල බලධාරීන් දැනුවත් කරන්නේ ,තත්ත්වයේ දිගටම පැවතුනොත් කවදාවත් විසඳිය නොහැකි ගැටළුවක් බවට පත් වන ලකුණු පෙනෙන්නට ඇති නිසාය .
වෛද්‍යවරුන් විශාල පිරිසක් රජය දැනුවත් කර ඇතත් නිහඬව සිටින්නේ එසේ වෛද්‍යවරුන් රට හැර යෑමෙන්
# රටට විදේශ විනිමය වැඩිපුර එන නිසාද ??
# එසේ නැතහොත් වෛද්‍යවරුන් හිඟවීමක් ඇතිකරලීමෙන් බාල පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබා දීමටද
# එසේ නැතහොත් අසල්වැසි ඉන්දියාවේ රැකියා විරහිතව ප්‍රමිතියෙන් තොර බාල වෛද්‍ය පීඨ වලින් එළියට ආ බාල දොස්තරලාට ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ විවෘත කිරීමටද
ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත බදු අඩු කිරීමට නොහැකි බව තරයේ පවසන රජය පෞද්ගලික චීන සමාගම්වලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් වලට පටහැනිව වසර 15 ක බදු සහන ලබාදිය හැක්කේ කෙසේද?
වෘත්තිකයන්ට බදු සහන ලබා දුන්නාට කොමිස් ලැබෙන්නේ නැත.
බදු මුදල් වලින් රටට සහනයක් ලැබෙනවාට වෘත්තිකයන් කැමති වන අතර එය නැවත හොරා කෑමට යොදා ගන්නේ නම් එයට වෘත්තිකයන් කැමති නැත.
බාල බෙහෙත් මදිවාට බාල දොස්තරලා බිහි කිරීමට දරන ප්‍රයත්නය පරාජය කරමු!
ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කරමු!
රටේ ඉහළම උගත් වෘත්තිකයන් හට ජීවත්වීමට සරිලන වැටුපක් ගෙවනු!
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
