මේ ෆොටෝ එක අරන් අවුරුද්දකට පස්සෙ මේක ගත්ත කෙනා ඒ දුකටම ජීවිතේට සමු දුන්නා..
කෙවින් කාටර් කියන්නෙ වර්ණභේදවාදී යුගයේ දකුණු අප්‍රිකාවේ ඉතිහාසය විස්තර කළ නිර්භීත ඡායාරූප ශිල්පීන් අතලොස්සෙන් එක් අයෙක්. කාටර් 1993 දී සුඩානයට පියාසර කළේ එම භූමියේ එවකට පැවතුනු දරුණු සාගතය ඡායාරූප ගත කරන්න ඕන කියන අදහසින්.
අයෝද් ගම්මානයේ ඡායාරූප ගැනීමෙන් දවසකට පස්සේ වෙහෙසට පත් වුනු කාටර් විවේක ගැනීමේ අදහසින් පඳුරක් අසලට යනවා. මෙතනදි කාටර්ට අහන්න ලැබෙන්නෙ කෙඳිරිලි හඬක්. මේ මොකක්ද කියලා හඳුනගන්න උත්සහ කරන අතරෙදි කාටර් දකිනවා බිම ඇද වැටිලා කෙඳිරිගාමින් ඉන්න දරුවෙක්. මේ දරුවා පෝෂණ මධ්‍යස්ථානයකට යන අතරමගදී ඇද වැටුණු කුඩා දරුවෙක්. කාටර් මේ දරුවා තමන්ගෙ කැමරා කාචයට හසු කරගන්නවා. පින්තූරය ගන්න අවස්ථාවේ, තරබාරු ගිජුලිහිණියෙක් දරුවා අසලට පාත් වෙනවා.
කොහොම උනත් අසනීප වුනු වින්දිතයින්ව ස්පර්ශ නොකරන ලෙස කාටර්ට උපදෙස් දීල තිබුන බවට වාර්තා වෙනව. මේ නිසා සෘජුව උදව් කිරීම වෙනුවට කාටර් විනාඩි 20 ගිජුලිහිණියා දරුවට හානියක් කරයිද කියන දේ ගැන අවධානෙන් එතන රැඳෙනවා.
නමුත් ඒක සිද්ද වුනේ නැහැ. කාටර් බලන් ඉන්නවා පකිෂියාව බිය ගන්වලා දරුවා කොහොමහරි පෝෂණ මධ්‍යස්ථානය දිහාවට ගමන් කරන දිහා ඉන්පසු කාටර් සිගරට් එකක් දල්වාගෙන දෙවියන්ට කතා කර අඬන්න පටන් ගන්නවා.
ඉතින් පසුව, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙම ඡායාරූපය පළ කරනවා. මේ නිසා දරුවාට සිදුවුනේ මොකක්ද කියල හොයල බලන්න පාඨකයෝ උනන්දු වෙනව. ඒ වගේම කාටර් මේ දරුවට උදව් නොකිරීම ගැනත් ඔහුව දැඩිව විවේචනට ලක් වෙනවා.
ඉතින් මෙන්න මේ ආන්දෝලනාත්මක ඡායාරූපය නිසා, "ඡායාරූප ශිල්පීන් මැදිහත් විය යුත්තේ කවදාද ?" කියන සදාකාලික විවාදය තුල කාටර් සහ ඔහුගේ අත්දැකීම ප්‍රභල සිද්ධි අධ්‍යයනයක් බවට පත් වෙනවා (මම මීට කලින් පල කරපු ගිනි පිටවුමෙන් ඇද වැටුනු කාන්තාව ෆොටෝ එකත් මේ වගේම එකක්). පසුව කරන ලද පර්යේෂණවලින් හෙළි වෙනවා දරුවා මැලේරියා උණෙන් වසර 14 කට පසුව මිය ගියත් 1993 දි නම් දිවි ගලවාගෙන තියෙනවා කියල.
කෙවින් කාටර් ඔහුගේ මේ ආන්දෝලනාත්මක ඡායාරූපය වෙනුවෙන් පුලිට්සර් සම්මානයක් දිනාගන්නවා. නමුත් ගැටළුව නම් ඔහු මුහුණ දුන්න අත්දැකීම් සහ දැකපු දේවල් නිසා ඔහුගේ හිතේ ඇතිවුන අඳුර ඔහුගෙන් කිසිදා ඉවත් නොවීමයි. ඉතින් 1994 ජූලි මාසයේදී ඉතාම කණගාටුදායක විදිහට කෙවින් කාටර් දි. නා. ගන්නවා. ඔහුගේ අවසාන සටහනේ ඇතුලත් වෙනවා මෙන්න වචන කීපය
"ඝාතන, මළසිරුරු, කෝපය සහ වේදනාව පිළිබඳ විචිත්‍රවත් මතකයන් මගේ ඇතුලාන්තයේ හොල්මන් කරනවා"
කාටර්ගේ ඉරණම, ලෝකයේ අඳුරුතම පැතිමානයන් කැමරා කාචයට හසුකර ගන්නා මාධ්‍යවේදීන් මුහුණ දෙන අතිශය දුෂ්කර මානසික ගැටුම අපට පසක් කර දෙනවා. එක් පසෙකින් ලෝකය දැනුවත් කිරීමේ වගකීමත්, අනෙක් පසින් තමන් ඉදිරියේ සිදුවන මානුෂීය ඛේදවාචකයන් හමුවේ ඇතිවන අසරණභාවයත් අතර ඔවුන් දෝලනය වෙනවා. පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූවත්, කාටර් අවසානයේ පරාජය වූයේ ඔහු ලෝකයාට පෙන්වීමට උත්සාහ කළ ඒ අමානුෂීය දුක්ඛිත මතකයන් හමුවේයි. ඔහුගේ ඡායාරූපය අදටත් අපෙන් ප්‍රශ්න කරන්නේ, මානුෂීය වටිනාකම් සහ වෘත්තීය වගකීම අතර රේඛාව කොතැනින් ඇඳිය යුතුද යන්නයි.
ඉතින් කෙවින් කාටර් සහ ඔහුගේ අරුම පුදුම ඡායාරූපයේ කතාව මෙතනින් ඉවර වෙනවා. මොකද හිතෙන්නෙ?
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?