
රුසියාව සහ චීනය දෙරට අතර ගනුදෙනු වලදී ඩොලර් භාවිතයෙන් ඉවත් වුනා - රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්
රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්ට අනුව දෙරට අතර අතර සියලුම ගනුදෙනු මේ වන විට රුබල් සහ යුවාන් වලින් පමණක් සිදු කරන බැවින් බටහිර මුදල් ඒකක රුසියානු-චීන වෙළඳ ගනු දෙනු වලදී භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.
පසුගිය 19 වනදා ඔහුගේ චීන සගයා වන Li Qiang සමඟ පැවති සාකච්ඡාවක් අතර තුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කරන ලදී. සැලසුම් කරන ලද රුසියානු සහ චීන රජයේ ප්‍රධානීන්ගේ රැස්වීමකට සහභාගි වීම සඳහා රුසියානු අග්‍රාමාත්‍යවරයා මේ වන විට බීජිං හි දෙදින සංචාරයක නිරත වේ.
“අපි අන්‍යෝන්‍ය රටවල ජාතික මුදල් ඒකක වලින් කරන ගනු දෙනු කොටස අඛණ්ඩව වැඩි කරනවා. 2020 දී මෙම අගය 20% ක් පමණ වූවා . මේ වසරේ දී අපි එකිනෙකා අතර කරන ගනු දෙනු වලදී තුන්වන රටක මුදල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන්වා.”මිෂුස්ටින් ප්‍රකාශ කළේය.
පසුගිය මැයි මාසයේ ෂැංහයි නුවරදී පැවති ඒකාබද්ධ ව්‍යාපාරික සංසදයකට දෙරටේම ව්‍යවසායකයින් 1500කට වැඩි පිරිසක් ආකර්ශනය වූ බව සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ව්‍යාපාරික සබඳතා තව තවත් ශක්තිමත් වූ බවය.
“අපි රුසියානු සහ චීන වෙළඳපලවල වාණිජ සමාගම්වල කටයුතු වඩාත් ලෙහෙසියෙන් කර ගෙන යාමට ලිහිල් කොන්දේසි නිර්මානය කරමින් සිටිනවා. අපට පුළුල් ඒකාබද්ධ න්‍යාය පත්‍රයක් තිබෙනවා.” මිෂුස්ටින් අවධාරණය කළේය.
අනෙක් අතට, "ගෝලීය කැළඹිලි" පසුබිමට එරෙහිව මොස්කව් සහ බීජිං අතර සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් වන අතරම එය වඩ වඩාත් වැදගත් වෙමින් පවතින බව චීන අගමැති Li Qiang සඳහන් කළේය.
බටහිර මූල්‍ය පද්ධතිය තුළ සම්බාධක පනවා මොස්කව් කපා හැරීමෙන් පසු රුසියාව සහ ඔවුන්ගේ වෙළඳ හවුල්කරුවන් අන්‍යෝන්‍ය වෙළඳාමේ විකල්ප මුදල් වෙත මාරු වීමට පටන් ගෙන තිබේ. මේ ක්‍රියාවලියට ජාතීන් ගණනාවක් එක්වෙමින් වෙළඳ ගනුදෙනු වලදී ජාතික මුදල් පියවීම් වෙත යොමු වෙමින් සිටී. https://www.rt.com/business/589334-russia-china-trade-dollar/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
