
මෝදිගේ ගැහුවොත් ගහනවා ප්‍රකාශය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හෙළා දකී..
හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ජාත්‍යන්තර උත්සාහයන් දරන මොහොතක, මෙම ප්‍රකාශයන් වැරදි තොරතුරු, දේශපාලන අවස්ථාවාදය සහ ජාත්‍යන්තර නීතිය නොසලකා හැරීම මත පදනම් වූ ඉතා නරක පියවරකි. තවද මෙම ප්‍රකාශයන් ව්‍යාජ කතා නිර්මාණය කරමින් වාඩිලා ගැනීම සාධාරණීකරණය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
මෑත කාලීන සටන් විරාම අවබෝධතා ගිවිසුම හරහා උණුසුම් තත්ත්වය අවම කිරීමට සහ කලාපීය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාකිස්තානය කැපවී සිටී. උණුසුම් තත්ත්වය අවම කිරීමේ පණිවුඩයක් සමග අප හා සම්බන්ධ වූ මිතුරු රාජ්‍යයන්ගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සටන්විරාමය අත්කර ගත හැකි විය. බලාපොරොත්තු සුන්වීම මධ්‍යයේ පාකිස්තානයට සටන් විරාමයක් අවශ්‍ය බව පැවසීම අමූලික බොරුවකි.
ඉදිරි දිනවලදී ඉන්දියාවේ ක්‍රියාමාර්ග සහ හැසිරීම අපි හොඳින් නිරීක්ෂණය කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද එසේ කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතියට අනුකූලව, ඉන්දියාවේ ප්‍රහාරයට පාකිස්තානයේ ප්‍රතිචාරය හොඳින් සැලසුම් කරන ලද අතර මෙම ප්‍රහාර ඉලක්ක කළේ හමුදා ඉලක්ක පමණි. ඉන්දීය හමුදා බලයට එරෙහිව පාකිස්තානය තම බලය ඔප්පු කර තිබේ. මෙය දැන් කවුරුත් දන්නා කරුණක් බවට පත්ව ඇත. බොරු ප්‍රචාර හරහා මෙය ප්‍රතික්ෂේප කළ නොහැකිය.
වසර ගණනාවක් තිස්සේ ජලය බෙදා ගැනීමට මඟපෙන්වූ ඉන්දු ජල ගිවිසුම නොසලකා හැරීමෙන් ද ඉන්දියාවේ ඒකපාර්ශ්වික නීති විරෝධී තීරණ පැහැදිලි වේ. මෙම
ගිවිසුම යටතේ පාකිස්තානයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම අපි කරන්නෙමු.
පකිස්තානය ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් රටක් වන අතර ඉන්දියාව එයට සෘජුවම සහාය දක්වයි. මේ ව්‍යසනය නිසා අපි බොහෝ දුක් විඳ තිබෙමු. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේදී පාකිස්තානයේ දායකත්වය සහ කැපකිරීම් ප්‍රසිද්ධය. මේ යුගයේ සැබෑ ශක්තිය සාමයයි. ලෝකයට බොරු හමුදා උජාරුවක් හෝ ආඩම්බරයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ හොඳ නායකත්වයක්, කලාපීය සහයෝගීතාවයක් සහ ජාත්‍යන්තර සම්මතයන්ට ගරු කිරීමයි.
පාකිස්තානය යනු ලෝකයේ සාමය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති ශක්තිමත් සංවිධාන සහ කැපවූ පුද්ගලයින් සිටින ස්වාධීන රටකි. සාමය සඳහා අපගේ කැපවීම කිසි විටෙකත් දුර්වලකමක් ලෙස වරදවා වටහා නොගත යුතුය. අනාගතයේදී ඕනෑම ආක්‍රමණයකට අපි නිසැකවම ප්‍රතිචාර දක්වන්නෙමු. ඉන්දියාව දේශපාලන උන්මාදයට වඩා කලාපීය ස්ථාවරත්වය සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
