
යටත් වනු නැතිනම් මිය යනු! - ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු
පලස්තීන හමාස් ත්‍රස්ත කණ්ඩායම මුළුමනින්ම විනාශ කර ගාසා තීරයට කිසිදු තර්ජනයක් එල්ල නොවන තත්වයල් උදාවන තුරු හමාස් සංවිධානයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබේ.
ඔහු මෙලෙස ප්‍රකාශ කළේ හමාස් ත්‍රසතයන් විසින් අතඩංගුවට ගත් 40 දෙනෙකු නිදහස් කිරීම සඳහා තවත් සතියක “මානුෂීය විරාමයක්” සඳහා බටහිර ජෙරුසලම කළ ඉල්ලිම හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වීමෙන් පසුවය.
“අපි ජයග්‍රහණය තෙක් සටන් කරනවා. යුද්ධයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් අපි යුද්ධය නවත්වන්නේ නැහැ. හමාස් සංවිධානය තුරන් කිරීම සම්පූර්ණ කිරීම මෙන්ම අපගේ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා තෙක් මෙම යුද මෙහෙයුම් පවතීවි.” නෙතන්යාහු ගේ ප්‍රකාශක ඔෆිර් ජෙන්ඩෙල්මන් විසින් X (කලින් ට්විටර්) හි ඊයේ(22) පළ කරන ලද වීඩියෝ පණිවිඩයක් මගින් අවධාරණය කළේය.
"මම හමාස් වෙත යෝජනා කරන තේරීම ඉතා සරල යි. එනම් යටත් වීම හෝ මිය යාම." නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය. "ඉහළම සාමාජිකයාගේ සිට අන්තිම සාමාජිකයා දක්වා සියලුම හමාස් ත්‍රස්තවාදීන් ඇවිදින මළ මිනී බවට පත්වී හමාරයි."
හමාස් මුලිනුපුටා දැමීමෙන් පසු ගාසා තීරය තවදුරටත් තජ්ජිත කළාපයක් නොවන බවට ඊශ්‍රායලය සහතික කරන බවත්, "අපි යුද්ධය නවත්වනු ඇතැයි සිතන ඕනෑම අයෙකු යථාර්ථයෙන් ඈත් වී සිටින බවත්" ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉංග්‍රීසි උපසිරැසි සහිත හීබෲ භාෂාවෙන් මෙම පණිවිඩය, සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා බිඳවැටීමෙන් පසු 21 දා සවස පටිගත කර ඇති බව පෙනෙන්නට තිබේ. නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් "වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත් පත ප්‍රකාශ කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ පලස්තීන ප්‍රදේශයට තවත් මානුෂීය ආධාර ලබා දීම සඳහා ඊශ්‍රායල සිය හමුදා මෙහෙයුම් සතියකට නතර කිරීමට ඉදිරිපත් වූ බවයි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, පුවත් පතට අනුව, ඕනෑම සාකච්ඡාවකට පළමුව ගාසා තීරයට එරෙහි ප්‍රහාරය නැවැත්විය යුතු බව අවධාරනය කළේය.
පලස්තීන ත්‍රස්ත කන්ඩායම, ඇස්තමේන්තුගත පුද්ගලයන් 1,200 දෙනෙකුගේ ජීවිත බිලිගත්, ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමේදී ඊශ්‍රායල පුරවැසියන් 240ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලා ගත්හ. ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ප්‍රදේශයට එරෙහිව ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී මරා දමා ඇත. නොවැම්බර මාසයේ අවසානයේදී සතියක සටන් විරාමයක් අතරතුර ප්‍රාන ඇපකරුවන් පිරිසක් ආපසු භාර දුන් පසු 120 ක් පමණ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බවට ගණන් බලා ඇත.
ඊශ්‍රායල හමුදා මේ වන විට ගාසා තීරයේ උතුරු ප්‍රදේශය අත්පත් කරගෙන ඇති අතර එහි යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ කර ඇත. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඇස්තමේන්තු කර ඇත්තේ සටන් අතරතුර පලස්තීනුවන් 19,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.
සිවිල් වැසියන්ට සිදුවන හානිය සීමා කරන ලෙස එක්සත් ජනපදය නෙතන්යාහුගෙන් ඉල්ලා ඇති නමුත් ඊශ්‍රායලයට මිලිටරි සහ අනෙකුත් සහාය දිගටම ලබා දුන්නේය. යේමනයේ හූතිවරුන් පලස්තීනුවන්ට විවෘතව පක්ෂව සහ රතු මුහුදේ ඊශ්‍රායලයට සම්බන්ධ නැව් ගමනාගමනයට පහර දීමත් සමඟ බටහිර ජෙරුසලම විදේශ සම්බන්ධතාවන්ගේ පසුබෑමට ලක්ව ඇත.https://www.rt.com/news/589473-netanyahu-hamas-gaza-message/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
