News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015 - 2019 අතර ලබාගත් ඩොලර් මිලියන 10,000ක ස්වෛරීත්ව බැදුම්කර නිසයි... බදු අඩුකළ යුතුයි - මහින්ද කියයි

Dec 20, 2023 at 06:15 PM
|

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය,

බදු බර අඩු කිරීම

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටිති. මේ අතර, ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත් ශ්‍රේණින් රට හැර යෑමට පෙළඹීම නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත. 2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය.

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතු ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්න බවක් ලැබේ. බදු බර අඩු කිරීම මගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූ අතර, 2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරක අඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙස දායක විය. ජනතාවට ඔරොත්තු දෙන මට්ටමක බදු බර පවත්වාගෙන යෑම සඳහා 2006-2014 කාලය තුළ අපේ රජය වසරක් පාසා රජයේ බදු ආදායම වැඩි කරණු ලැබුවේ වසරකට රු. බිලියන 100ක් වැනි අගයකිනි. ජනතාව මත පටවන බදු බර අඩු මට්ටමක පවත්වාගන්නා අතරතුර, එම ප්‍රතිපත්තියේ තිරසාර භාවය සහතික කිරීම සඳහා, 2005 අවසානයේ 90% ක් වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය මගේ ආණ්ඩුව සුපරීක්ෂාකාරී ආර්ථික කළමනාකරණය තුළින් 2014 අවසානය වන විට 69% දක්වා අඩු කළේය.

නමුත් පසුගිය වසර ගණනාව මුලුල්ලේ, රාජපක්ෂ නාමය සමඟ යන්තම් හෝ ගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වගවිභාගයකින් හෝ කරුණු සොයා බැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින් සංවිධානය කරණු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයක් විය. අඩුවෙන් බදු අය කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්‍රචාරයේ ගොදුරක් බවට පත් විය.  අඩුවෙන් බදු අය කිරීමේ මුලු සංකල්පයම කළු කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩු තම ගජමිතුරන්ට උදව් කිරීමට බදු අඩු කළ බවට චෝදනාවක් ජනගත කරන ලදී. එය සම්පූර්ණ මුසාවකි. බදු නිදහස් කිරීම් ලබා දිය හැක්කේ ආයෝජන මණ්ඩල පනත සහ උපායමාර්ගික  සංවර්ධන ව්‍යාපෘති පනත වැනි නීති යටතේ නිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පමණි.

2015 දී අපේ ආණ්ඩුවේ පරාජයෙන් පසු, අඩු බදු ප්‍රතිපත්තියක් වෙනුවට ඉහළ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. එයත් සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 න් පසු වසරක් පාසා අඩු වී, 2019 වන විට ඍණ 0.2 දක්වා පහත වැටුණි. 2015-2019 රජය යටතේ, බදු බර වැඩි වෙන අතරතුර අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් විදේශ ණය තොගය ද වේගයෙන් වැඩි විය. 2015 ජනවාරි මාසයේදී මා ජනාධිපතිවරණයෙන් පරදින විට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 5,000ක් විය. 2020-2022 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර තොගයෙන් ඇ.ඩො. මිලියන 2,500 ක් ගෙවා දැමීම නිසා මගේ කාලයේ ලබාගත් ස්වෛරීත්ව බැදුම්කර වලින් දැන් ගෙවීමට ඉතිරිව ඇත්තේ ඇ.ඩො. මිලියන 2,500 ක් පමණි.

නමුත් 2015 සහ 2019 අතර පැවති ආණ්ඩුව නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇ.ඩො. මිලියන 10,000 කට වඩා ලබාගෙන තිබීම හේතුවෙන්, අපට තවමත් ඇ.ඩො. මිලියන 12,500 ක ස්වෛරීත්ව බැදුම්කර තොගයක් ගෙවීමට ඉතිරිව තිබේ. අපේ ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015 සහ 2019 අතර ලබාගත් මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000ක නව ස්වෛරීත්ව බැදුම්කර නිසා ය. 2019 අවසානයේ මම නැවත වරක් අගමැති වී මාස කිහිපයකට පසු කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට පැමිණි විට, අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හදිසි ආධාර ඉල්ලා සිටියෙමු. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා සිටියේ, අප රටේ ණය තොගය සීමාව ඉක්මවා ගොස් තිබුණු නිසා ඔවුන්ගේ හදිසි සහන පැකේජය ලබා ගැනීමට අපට සුදුසුකමක් නොතිබුණු බවයි.

ඉන්පසු, ඔවුන්ගේ සහය අපට ලබා ගැනීමට හැකිවන පරිදි සුදුසුකම් ලබා දෙන කොන්දේසි මාලාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අපට යෝජනා කර සිටියේ ය. නමුත්, එදා එම කොන්දේසි අප පිළිගත්තේ නම්, 2020 සහ 2021 වසරවල අප සිදු කළ ආකාරයට කෝවිඩ්-19 වසංගතයට මුහුණ දීමට නොහැකි වනු ඇත. වත්මන් රජය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක කොටසක් හැටියට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටී. මේ ආකාරයට එක දෙයකින් තවත් දෙයකට මඟ පෑදුණු අතර මේ සියල්ලේම අවසන් ප්‍රතිපලය වී ඇත්තේ, විශ්ව විද්‍යාල උපාධි සහ වෘත්තීය සුදුසුකම් ඇති ඉහළ පෙළේ වෘත්තිකයන් බදු අඩු කරන ලෙස ඉල්ලමින් මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇති වීමයි.

මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකි. මේ රට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වීමේ තර්ජනයක් පැවති අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කාලය තුළ රට පාලනය කිරීමට පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කරන ලදී. නව ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කළේය. ඔහු දැන් විධායක ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවයි. මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීමය.

අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මැතිවරණ ළං වන විට, නොයෙක් ප්‍රචාරක උපක්‍රම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර ඔවුන් කිසිදු වගවිභාගයකින් තොරව කඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයන් නැවත වරක් අපි දකිමු. ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තත් එය තාර්කික චින්තනය හා නිවැරදි කරුණු සහ දත්ත මත පදනම් වූ තීරණයක් විය යුතුය. අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන් අපරික්ෂාකාරී ලෙස ගත් තීන්දු වල ප්‍රතිවිපාක තුළය. තවත් එවැනි වැරැද්දක් මේ රටට දරාගත නොහැකි වනු ඇත.

මහින්ද රාජපක්ෂ (පා.ම)
නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.
වෙළඳපළේ මේ වන විට ලුණු හිඟය තවදුරටත් ඉහළ යමින් තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.
ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.
හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ ඊයේ (14) එකඟතාවයකට පැමිණියහ.

ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.