ජනපති ඝාතන තැත හෙවත් මහා ප්‍රේම පූජාව...
අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ජනපති පදවියට පත්ව දින 69 කට පසු 1981 මාර්තු 30 වන දින වොෂින්ටන්හි හිල්ටන් හෝටලයට පැමිණෙනුයේ දේශනයක් පැවැත්වීම සඳහා ය.....දේශනය නිම කොට හෝටලයෙන් පිටතට පැමිණි ඔහු සිය නිල වාහනය වූ ලිමොසින් රථය පැමිණෙන තුරු මොහොතක් හෝටල් අංගනයේ රැඳී සිටියේ ය....
එකී සුළු මොහොතේ එක්වරම වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු අතර ඔහු අසල සිටි මාධ්‍ය ලේකම් ජේම්ස් බ්‍රැඩි ද, වොෂින්ටන් පොලිස් ප්‍රධානී තෝමස් ඩෙලහාන්ටි ද, රහස් සේවා නියෝජිත ටිම් මැකාර්ති ද බිම පතිත වූහ... සිදු වූයේ කුමක්දැයි සිතා ගන්නටත් පෙර කොහෙන්දෝ සිට ඇදී ආ තවත් උණ්ඩයක් රේගන්ගේ වම් උරය පසාරු කර ගෙන ගියේ ය....
Röhm RG-14 .22LR blue steel වර්ගයේ රිවෝල්වරයකින් ජනාධිපති රේගන්ට වෙඩි තබා තිබුණේ ඔහුට අඩි 10 ක පමණ දුරකින් සෙනඟ අතර සිටි ජෝන් හින්ක්ලි නමැති පුද්ගලයෙකි.... ඔහුගේ අවාසනාවට, ජනාධිපති රේගන්ගේ වාසනාවට හා අමෙරිකානු ජනතාවගේ වාසනාවට හෝ අවාසනාවට හින්ක්ලි දුර්වල වෙඩික්කරුවෙකු විය....
අඩි 10 ක දුරක සිට ඔහු තැබූ වෙඩි උණ්ඩ බොහොමයක් අපතේ ගිය ඒවා විය...
ඔහුගේ ඉලක්කය වී තිබුණේ ජනාධිපති රේගන් වුවද රේගන්ට එල්ල කර තැබූ පළමු උණ්ඩය මාධ්‍ය ලේකම් ජේම්ස් බ්‍රැඩිට වැදුණු අතර අනෙකුත් උණ්ඩ පොලිස් ප්‍රධානියා හා රහස්‍ය ලේකම් සොයා ගිය අතර තවත් ඒවා එතැන තිබූ බිත්ති හා කුළුණු සිදුරු කර තිබුණි.... අවසානයේ හිත හදා ගෙන ඔහු මුදා හල රිවෝල්වරයේ තිබූ අවසන් උණ්ඩය එවෙලෙහිම එතැනට පැමිණි ජනපති නිල රථය වූ ලිමොසින් රියේ වෙඩි නොවදින බඳෙහි වැදී ලිස්සා පැමිණ ජනාධිපති රේගන්ගේ උරය සිදුරු කර තිබුණි...
චිත්‍රපට ජවනිකාවක් බඳු වූ සිද්ධිය එසේ නිමාවට පත් වූ අතර එතැනදීම හින්ක්ලි අත් අඩංගුවට පත් විය....
ලෝකයේ බලවත්ම පුද්ගලයා ඝාතනය කිරීමේ ප්‍රයත්නය පිටුපස තිබූ හාස්‍යජනක චිත්‍රපට කතාව හෙළි වන්නේ ඉන් පසුවය...
රේගන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට හින්ක්ලිට සිතක් පහළ වන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසාවත්, කොන්ත්‍රාත්තුවකටවත්, ඇමරිකානු එක්සත් ජනපදයේ බලය ඇල්ලීමටවත් නොව 1976 දී පමණ ඔහු නැරඹූ “ටැක්සි ඩ්‍රැයිවර්” නමැති හොලිවුඩ් චිත්‍රපටය නිසා බව හින්ක්ලි කිසිගානක් නොමැතිව පැවසී ය...
ලෝකයේ බලවත්ම පුද්ගලයා ඝාතනය කිරීමට යමෙකු පෙළඹවීමට තරම් “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටයේ පවත්නා විශේෂත්වය කුමක්ද?
හින්ක්ලි ඉන් එහාට කිසිවක් නොපැවසූ බැවින් පරීක්ෂණ කණ්ඩායමට එය දැන ගැනීම සඳහා “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටය නැරඹීමට සිදු විය....
මාර්ටින් ස්කෝරස් අධ්‍යක්ෂණය කළ, රොබට් ඩී නීරෝ, ට්‍රැවිස් බික්ල් නම් ටැක්සි රියැදුරෙකුගේ හා ජූඩි ෆොස්ටර්, අයිරිස් නමැති 12 හැවිරිදි ළමා ගණිකාවකගේ චරිතය නිරූපණය කළ “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේ ය....
මැරීන් භටයෙකු ලෙස වියට්නාම් යුද්ධයට යන ට්‍රැවිස් ආපසු පැමිණෙන්නේ මානසික අවපීඩනයට ලක් වූ හුදකලා පුද්ගලයෙකු ලෙස ය.... ප්‍රචණ්ඩත්වයට ප්‍රිය කරන ඔහු නිව්යෝක් නගරයේ ටැක්සි රියැදුරෙකු ලෙස නැවත ජීවිතය අරඹයි.... එහිදී ඔහුට හමු වන බෙට්සි නම් කාන්තාවක සමඟ හාද වීමට තැත් කළ ද එය අසාර්ථක වෙයි.... ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ඔහු, ඇයට උදව් කරන එක්තරා ජනාධිපතිවරණ අපේක්ෂකයකු මරා දැමීමට තැත් කොට එයද අසාර්ථක වෙයි... මේ අතර එක් රාත්‍රියක හදිසියේ අහම්බෙන් ඔහුගේ ටැක්සි රථයට ගොඩ වන අයිරිස් නමැති ළමා ගණිකාවක් ඔහුට පවසන්නේ තමා සිය පිම්පියාගෙන් ගැල වී පලා යන බවත් ඔහුගෙන් මිදීමට ඇයට උදව් කරන ලෙසත් ය.....
පසුව ගිනි අවියක් මිල දී ගෙන අයිරිස්ගේ පිම්පියාත් ඊට උදව් කරනා කිහිප දෙනෙකුත් මරා දමනු ලබන ට්‍රැවිස් අවසානයේ වීරයෙකු මෙන් ටැක්සිය පදවා ගෙන අයිරිස් හමුවට එයි....මානසික අවපීඩනයෙන් පෙළෙන ට්‍රැවිස්ට අවශ්‍ය වනුයේ කෙසේ හෝ වීරයකු වීමට බව චිත්‍රපටයෙන් අවසානයේ ගම්‍ය වෙයි...
චිත්‍රපටය නැරඹූ පරීක්ෂණ කණ්ඩායම අගක් මුලක් සොයා ගත නොහැකිව නැවතත් හින්ක්ලිගෙන් ප්‍රශ්න කිරීම අරඹන ලද්දේ ය...
එහිදී නැවතත් කතා කිරීම අරඹන හින්ක්ලි රේගන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ හේතුව මෙසේ හෙළිදරව් කරන්නට විය....
“ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටය කිහිප වරක්ම නැරඹූ හින්ක්ලි එහි අයිරිස් නමැති ළමා ගණිකාවගේ චරිතයට හා එම චරිතය රඟ පෑ ජූඩි ෆොස්ටර් කෙරෙහි තමාට තදින් බැඳීමක් ඇති වූ බව නොහොත් ආදරය කිරීමට පටන් ගත් බව පැවසීය.....
මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ හින්ක්ලි සිය උගෙනුම හා උපාධිය ලබා ගැනීමේ අපේක්ෂාව ඉවත ලා ජූඩි සමඟ හාදකමක් ඇති කර ගැනීම සිය ජීවිතයේ එකම ඉලක්කය බවට පත් කර ගන්නා ලද්දේ ය.....
විශ්ව විද්‍යාලයේ ඔහුට කිසිදු මිත්‍රයෙකු නොසිටි අතර ඔහුගේ එකම බලාපොරොත්තුව ජූඩි මිත්‍ර කර ගැනීම ම විය...
අවුරුදු ගණනක් තිස්සේ රට පුරා ජූඩිව සොයන හින්ක්ලි අවසානයේ ඇය යේල් විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක් හදාරමින් සිටින බව දැන ගන්නේ සඟරාවක පළ වූ ඇය පිළිබඳ වූ ලිපියකිනි.....
ඇගේ ලිපිනය සොයා ගත් ඔහු එතැන් පටන් ඇයට නොකඩවා ලිපි ලිවීම නොහොත් කරදර කිරීම අරඹන ලද්දේ ය...
දිගින් දිගටම සිදු වන්නා වූ මේ කරදරය ඉවසිය නොහැකි වූ ජූඩි ඔහු කැඳවා ඔහු ගැන තමාට උනන්දුවක් නොමැති බවත් කරදර නොකරන ලෙසත් ඉල්ලා සිටිය ද එය ශිෂ්ට ලෙස පිළි ගැනීමට තරම් මානසික තත්ත්වයක ඔහු නොසිටියේය.... ජූඩි විසින් ප්‍රතික්ෂේප කෙරුන ද ඉන් පසුබට නොවූ හින්ක්ලිගේ එතැන් සිට එකම කල්පනාව වූයේ ජූඩිගේ සිත දිනා ගැනීමට තමා කුමක් කළ යුතුද යන්නයි......
වීර ක්‍රියාවක් කොට වීරයෙකු වී මුළු රටේම අවධානය දිනා ගතහොත් ජූඩි ද දිනා ගතහැකිවේයැයි එහිදී ඔහුට කල්පනාවක් පහළ වන්නේ ය.....
එසේ නම් කළ යුතු වීර ක්‍රියාව කුමක්ද?
එය නම් චිත්‍රපටයේ ට්‍රැවිස් මෙන් ඇයට උදව් කළ යුතුය......නොහොත් ඇය පසුපස හඹා යන පිම්පියා සොයා මරා දැමිය යුතු ය.... හින්ක්ලිට, චිත්‍රපටයේ මෙන් ජූඩිට කරදර කරන පිම්පියෙකු සොයා ගත නොහැකි වන අතර චිත්‍රපටයේ එන ආකාරයට ඔහු ඊ ළඟට සොයන්නට වන්නේ ජනපතිවරණ අපේක්ෂකයෙක් ය.....
එසේ ජනපතිවරණ අපේක්ෂකයකු සොයන ඔහුට සිහි වන්නේ එවකට අමෙරිකානු ජනාධිපතිවරයා වූ ජිමී කාටර් ය....
එතැන් සිට, ජිමී කාටර් ඝාතනය කොට වීරයෙකු වී ජූඩිගේ සිත දිනා ගන්නට අවස්ථාවක් සොයන හින්ක්ලිට ඒ සඳහා වාසනාව පෑදෙන්නේ කාටර් ජනාධිපතිවරයා කිසියම් කටයුත්තකට ටෙනසි ප්‍රාන්තයේ නැෂ්විලී ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන බව සොයා ගැනීමෙනුයි....
තමාගේ කාර්යය ඉටු කර ගැනීමට උදා වූ මේ මහඟු අවස්ථාව අත් නොහල ඔහු වහාම එහි ගිය අතර අමෙරිකානු ජනාධිපතිවරයාට ලංවීම මෙතරම් පහසුදැයි තමා විශ්මයට පත් වූ බව පසුව සඳහන් කළේ ය.....
කාටර් ජනාධිපතිවරයාට අඩියකටත් වඩා සමීපයට යාමට ඔහුට හැකි වී තිබුණි....
නමුත් එසැණින්ම ජනපති ආරක්ෂක නිලධාරීන් විසින් පසෙකට ඇද ගන්නා හින්ක්ලිව පරීක්ෂා කරන ඔවුන්ට ඔහු ළඟ තිබූ ගිනි අවිය හසු වන්නේ ය.....
කුමන හේතුවක් නිසා හෝ FBI නිලධාරීන්, හින්ක්ලි සමඟ ගිනි අවියක් හමුවීම එතරම් බරපතල දෙයක් ලෙස නොසැලකූ බැවින් හින්ක්ලි මානසික රෝගියෙකු ලෙස ඔප්පු කොට ඔහු මුදා ගැනීමට ඔහුගේ දෙමාපියන් සමත් වූහ...... ඉන්පසු ඔහුව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ අතර සෑහෙන කලක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු දෙමාපියන්ට පවසන්නේ ජිමී කාටර් ඝාතනය කිරීමේ අදහස අත් හැරිය බවත් ඒ වෙනුවට රොනල්ඩ් රේගන් ඝාතනය කිරීමට තීරණය කළ බවත් ය....
තව දුරටත් ඔහු පවසා සිටින්නේ එයින් රටට හොඳක් සිදුවන බවත් ය....
ජනාධිපති රේගන් ඝාතන උත්සාහයේ හාස්‍යජනක නිදාන කතාව එසේ අනාවරණය වූ අතර රේගන් ජනාධිපතිවරයාට වෙඩි වැදීමෙන් පසු සිදු වූ සිද්ධි දාමය මෙසේ විය...
පසුව සොයා ගත් පරිදි තත්පර 1.7 ක කාලයක් තුළ හින්ක්ලි වෙඩි පහර 6 ක් එල්ල කර ඇති අතර ඔහුගේ 6 වෙනි අවසාන කණා වෙඩි උණ්ඩය ලිමොසින් රථයේ වෙඩි නොවදින බඳෙහි වැදී ආපසු පැමිණ රේගන්ගේ වම් උරයෙන් ඇතුළු වී ඉල ඇටයක් තුවාල කරමින් හදවතට අඟලක් තරම් කිට්ටුවෙන් පෙනහැල්ලක් තුළ නැවතී තිබිණි....
ජනාධිපතිවරයාට වෙඩි වැදී මරණාසන්න වීමේ සිද්ධිය ඉහල පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වියවුලක් ඇති කරවීමට හා පැවති සීතල යුද්ධයක් එළිපහලියට පැමිණවීමට සමත් වී තිබුණි.....
ඊට ආසන්නම සිද්ධිය වූයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් විසින්,
‘උප ජනාධිපති විසින් භාර ගන්නා තුරු ධවල මන්දිරය මගේ පාලනය යටතේ පවතිනවා’
යි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම හෙවත් බළලා මල්ලෙන් එළියට පැනීමයි....
මේ අලකලංචි මෙසේ සිදු වෙද්දී හින්ක්ලි තුළ තමන් කළ ක්‍රියාව ගැන කිසිදු වරදකාරී හැඟීමක් හෝ පසුතැවිල්ලක් නොමැති බව පෙනෙන්නට තිබුණි....
අධිකරණ මනෝවෛද්‍ය චිකිත්සකවරයාගේ වාර්තාව පරිදි හින්ක්ලි උන්මාදයකින් පෙළෙන බව හෙළි වූ අතර ඒ නිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර නොගන්නා ලදී....
අධිකරණයේ උපදෙස් පරිදි හින්ක්ලි වොෂින්ටනයේ සාන්ත එලිසබෙත් රෝහලේ 2006 වසර වනතුරු පූර්ණ කාලීනව රඳවා තබන ලදී..... ඉන්පසු ඔහු සිය මවගේ පූර්ණ අධීක්ෂණය යටතේ වරින් වර නිවසට රැගෙන ඒමට අවසර ලැබිණ.... 2016 සැප්තැම්බර් 10 වන දින ඔහු රෝහලෙන් මුදා හරින ලද අතර, අධිකරණයේ පරීක්ෂාව යටතේ හා තව දුරටත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර යටතේ මව සමඟ පූර්ණ කාලීනව වාසය කිරීම පිණිස පිටත්ව ගියේය.....
මේ සියළු ප්‍රතිකාර හා පියවරවලින් පසුව හින්ක්ලි ප්‍රකාශ කළේ සිදු වූ කිසිම දෙයක් ගැන ඔහු පසුතැවිලි නොවන බවත්, එම වෙඩි තැබීම ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු වූ ශ්‍රේෂ්ඨතම ප්‍රේම පූජාව බවත් ය....
- නිමල් ෆ්‍රැන්සිස්
(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්