අම්බේඩ්කාර් තුමා පංච ශීලය සමාදන්වී බුදු දහම වැලඳ ගැනීම..
👉 මේ දකින පින්තූරය කොහේ එකක් වෙන්න පුළුවන්ද?
👉 මේ ලංකාව නොවෙයි නම් තායිලන්තය හෝ බුරුමය වැනි බෞද්ධ රටක් කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්.
👉 ඒත් මේ ලංකාව හෝ වෙනත් බෞද්ධ රටක් නෙමෙයි ඉන්දියාව කියලා කිව්වොත් බොහෝ දෙනෙකුට පුදුම හිතෙයි.
👉 මේ ස්ථානය තමයි ඉන්දියාවේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ නාග්පූර් නගරයේ පිහිටා ඇති දීක්ෂ භූමි කියන ස්ථානය.
👉 මේ ස්ථානයේදී තමයි ඉන්දියාවේ පළමු අධිකරණ ඇමතිවරයා වූ බීම්රාඕ අම්බෙඩ්කාර් මහතා ලක්ෂ පහක අතිවිශාල දලිත් ජනතාවක් සමග බුදුදහම වැලඳගන්නේ.
👉 මේ සිදුවීම වුණේ 1956 ඔක්තෝබර් 14 වැනිදා.
👉 එදා අම්බේඩ්කාර් තුමා තමන්ගේ බිරිඳත් එක්ක පංච ශීලය සමාදන්වෙලා නිල වශයෙන් බුදු දහම වැලදගත්තා. මේ අවස්ථාවට සහභාගි වූණු ලක්ෂ පහක පමණ දලිත් ජනතාවත් එදා බුදුදහම වැලදගත්තා.
👉 මේක ලෝක ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ දැවැන්තම ආගමික පරිවර්තනයක් විදිහට සැලකෙන සුවිශේෂී සිදුවීමක්.
👉 මේ සුවිශේෂී දිනය හඳුන්වන්නේ ධම්ම චක්‍ර ප්‍රවර්තන දිනය විදිහට. අදත් එතුමාගේ අනුගාමිකයන් ඇතුළු බෞද්ධයන් මේ දිනය ඉහළින් සමරනවා. මේ පේන්නේ එවැනි අවස්ථාවක ඡායාරූපයක්.
👉 අම්බෙඩ්කාර්තුමාගේ ක්‍රමය අනුගමනය කරමින් 2018 වසරේදීත් 55000ක පමණ විශාල දලිත් ජනතාවක් බුදු දහම වැලඳගෙන තිබුණා. 2023 වසරේදීත් මේ ස්ථානයේ එවැනිම දෙයක් සිදුවුණා.
👉 ඒ අනුව අම්බෙඩ්කාර් එදා කළ ක්‍රියාව ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවනයට අද දක්වාම බලපෑම් කරමින් තිබෙන සුවිශේෂී කටයුත්තක්.
👉 ශ්‍රී ලංකාවේ ජීවත් වන බෞද්ධයන් ප්‍රමාණය මිලියන 15ක් පමණ වන විට වර්තමාන ඉන්දියාවේ මිලියන 10 පමණ විශාල බෞද්ධ ජනතාවක් ජීවත් වන අය බොහෝදෙනා දන්නේ නැහැ.
👉 ඉන්දියානු ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට මේ ප්‍රමාණය 0.8ක තරම් පුංචි අගයක් වුණත්, සංඛ්‍යාත්මකව ඒ පිරිස ඉතා විශාලයි.
👉 අම්බෙඩ්කාර්තුමා බුදු දහම වැලඳගෙන හරියටම දින 53කට පස්සේ 1956 දෙසැම්බර් හය වැනිදා එතුමා අභාවප්‍රාප්ත වෙනවා.
👉 හැබැයි ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධය පිටුපස අම්බෙඩ්කාර්තුමාගේ මැදිහත් වීම තවමත් සජීවීව පවතින්නක්.
👉 මේ පිළිබඳ වැඩි විස්තර සහිත වීඩියෝව ඔබට නෙක්ස්ට් පේජ් යූටියුබ් නාලිකාවෙන් නරඹන්න පුළුවන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්