කවුද මේ අලි ලාරිජානි?
ඔහු ශරීෆ් තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් (Sharif University of Technology) ගණිතය සහ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, පසුව ටෙහෙරාන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය (PhD) ලබා ගෙන ඇත.
ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය ජර්මානු දාර්ශනික ඉමැනුවෙල් කාන්ට්ගේ (Immanuel Kant) දර්ශනය පාදක කරගත්තකි. ඔහු කාන්ට්ගේ දර්ශනය පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකේ.
ඔහු කාන්ට්ගේ දර්ශනය හා ගණිතය සම්බන්ධ කෘති කිහිපයක්ම රචනා කර ඇත.
👉 The Method of Mathematics in Kant’s Philosophy
👉 Metaphysics and the Exact Sciences in Kant’s Philosophy
👉 Intuitions and Synthetic Propositions in Kant’s Philosophy
අලි ලාරිජානි වසර 12ක් ඉරාන පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු ලෙස කටයුතු කළ අතර එරට ආරක්ෂක හා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයකි.
අලි ලාරිජානි මහතා මිය යන විට ඔහු ඉරානයේ උත්තරීතර නායකයාගේ (Supreme Leader) ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
2005 සිට 2007 දක්වා ඔහු ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික සාකච්ඡාවල ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය. බටහිර රටවල් සමඟ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව මුල්කාලීන තීරණාත්මක සාකච්ඡා මෙහෙයවූයේ ඔහුය.
ඔහු ඉරානයේ ජාතික ආරක්ෂක උත්තරීතර මණ්ඩලයේ (Supreme National Security Council) ලේකම්වරයා ලෙස වසර කිහිපයක් සේවය කළේය.
දේශපාලනයට පිවිසීමට පෙර, 1994 සිට 2004 දක්වා දශකයකට අධික කාලයක් ඔහු ඉරාන රජයේ නිල ගුවන්විදුලි සහ රූපවාහිනී ආයතනයේ (IRIB) සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
ඔහු ඉරානයේ ඉතා ප්‍රබල ආගමික සහ දේශපාලන පවුලකට අයත් වේ. ඔහුගේ පියා ප්‍රසිද්ධ ආගමික නායකයෙකු වූ අතර, ඔහුගේ සහෝදරයන්ද ඉරානයේ අධිකරණ සහ දේශපාලන ක්ෂේත්‍රවල ඉහළ තනතුරු හෙබවූහ.
එසේ වුවද අල් ලාජිරානි බොහෝදෙනා විසින් හදුනාගනු ලැබූවේ බාහිර ලෝකය සමග වඩා ප්‍රායෝගිකව ගනුදෙනු කළ, දැඩි ආගමික අදහස්වලින් මිදුණු මධ්‍යස්ථ මතධාරී විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රකයෙකු වශයෙනි.
1958 ජූනි 3 වැනිදා උපන් ඔහු පසුගිය මාර්තු 17 වැනිදා ජීවිතක්ෂයට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 67කි.
( Next page සමාජ මාධ්‍ය පිටුවෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?