News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන ගැටය: ට්‍රම්ප් පුටින් වෙත හැරුනේ ඇයි?

Mar 11, 2026 at 03:22 PM
|

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 9 වනදා රාත්‍රියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට කළ දුරකථන ඇමතුම පැහැදිලිවම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධයේදී දැනටමත් මතුවීමට පටන් ගෙන ඇති උපායමාර්ගික අවුල් සහගත තත්ත්වයෙන් මිදීමට මාර්ගයක් සෙවීමේ උත්සාහයකි.

වොෂින්ටනය වහසි බස් දෙඩීම නොනවත්වාම කරගෙන යමින් සිටී. ට්‍රම්ප් ඉරානයේ දේශපාලන අනාගතය නියම කිරීමට තමාට ඇති අයිතිය අවධාරණය කරන අතර ඉරානයේ අධ්‍යාත්මික නායකයා පත් කිරීම සම්බන්ධයෙන් පවා අනුමානයන් ඉදිරිපත් කරයි. ඒ සමඟම, ඔහු ඛනිජ තෙල් ප්‍රවාහන නෞකා කපිතාන්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ධෛර්යය ප්‍රදර්ශනය කර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් කරනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම නොසලකා කටයුතු කරන ලෙසයි.

එහෙත් වොෂින්ටනය සහ ටෙල් අවිව් විසින් ආරම්භ කරන ලද යුද්ධයේ පසු කම්පන දැනටමත් ගොඩනැගෙමින් පවතී. ගැටුම වටා ඇති දේශපාලන පරිසරය එක්සත් ජනපදයට වඩ වඩාත් අපහසුතාවයට පත් කරන ආකාරයෙන් වෙනස් වෙමින් පවතී.

වොෂින්ටනයේ සමීපතම හවුල්කරුවන් කිහිප දෙනෙකු පවා ට්‍රම්ප්ව ඈත් කරමින් සිටිති. ජෝර්දානයෙන් පසු ගල්ෆ් කලාපයේ වඩාත්ම පක්ෂපාතී ඇමරිකානු සගයා වන කුවේටය, තම භූමිය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසා තිබෙන බවට සාක්ෂි තිබියදීත්, ඉරානයට පහර දීම සඳහා තම භූමිය ලබා නොදුන් බව ප්‍රකාශ කර ඇත. මේ අතර, සිරියානු කුර්දි කණ්ඩායම් ඉරාක ජාතිකයින්ගෙන් සහ ඉරාන ජාතිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජනපදය විශ්වාස නොකරන ලෙසයි.

ඒ සමඟම, රියාද් සහ ටෙහෙරාන් අතර සහ අනෙකුත් අරාබි රටවල පරිපාලනයන් සහ ඉරානය අතර තිරය පිටුපස සම්බන්ධතා පිළිබඳ වාර්තා දිනපතාම පාහේ දක්නට ලැබේ.ඒ අනුව සාපේක්ෂ වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික හුදකලා වීමේ අපේක්ෂාව වොෂින්ටනයට මතුවීමට පටන් ගෙන තිබේ.

ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලය සමඟ ට්‍රම්ප්ගේ සම්බන්ධතාවය උපායමාර්ගික සන්ධානයක් ලෙස ශක්තිමත්ව පවතී. නමුත් ඔහු ඉරානයට පහර දීමට අවසර දුන් විට ඔහුගේ මනසෙහි ඇඳි තිබුනු චිත්‍රය ගැටුමේ වත්මන් ගමන් පථය තුළ විද්‍යාමාන නොවේ. මේ අවස්ථාවේදී,ට්‍රම්ප්ගේ තර්කය ඉතා නිරවුල්ය. එනම් මොස්කව් ඇමතීමට සුදුසුම කාලය පැමිණ තිබේ.

ට්‍රම්ප් මොස්කව් ඇමතීමෙන් බලාපොරොත්තු වූයේ "ඉරාන ගැටය" ලෙස වර නංවා ඇති තත්වය බලහත්කාරයෙන් කපා දැමීමටයි. තීරණාත්මක මිලිටරි ක්‍රියාමාර්ගයක් මගින් ඉරානය සමඟ වසර හතළිහක් තිස්සේ පැවැති ඓතිහාසික ගැටුමක් අවසන් කළ හැකි බවට වූ ආඛ්‍යානයට වොෂින්ටනය දේශපාලනික වශයෙන් ආකර්ශනීය විය. ඒ වෙනුවට සිදුව ඇත්තේ ගැටය තවත් තද වීමයි.

රුසියාවේ සහභාගීත්වයෙන් තොරව "ඉරාන ගැටයේ" ප්‍රධානතම කෙඳි කිහිපය ලිහා ගත නොහැක. ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායමට එය බොහෝ දුරට න්‍යායාත්මක දැනුමක් වුවද, ඉරාන ගැටුම ආරම්භයේ සිටම පැහැදිලිව දකින්නට ලැබුණු සත්‍යකි. දැන් ඔවුන් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගනිමින් සිටී.

පළමු සාධකය වන්නේ මැදපෙරදිග, විශේෂයෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ සිදුවෙමින් පවතින ඇමරිකානු බල අධිකාරියේ පරිහානියයි.

කලාපයේ එක්සත් ජනපද හමුදා යටිතල පහසුකම් බරපතල හානිවලට ලක්ව ඇතිවා පමණක් නොව, එහි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ කොටස් ඇතුළුව ඊශ්‍රායලයේ ආරක්ෂක උපාය මාර්ගයට පාදක වන පුළුල් ආරක්ෂක ගෘහ නිර්මාණ ශිල්පයේ අංග ද දුර්වල වී ඇත.

වඩා වැදගත් දෙය නම්, ගැටුම අමෙරිකානු ගැති කලාපීය රාජ්‍යයන්ට තහවුරු කර ඇත්තේ ඇමරිකානු හමුදා සහ දේශපාලන සහතික කලින් උපකල්පනය කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු විශ්වාසදායක මට්ටමක පවතින බවයි. එවැනි සැකයන් මුල් බැස ගත් පසු, ඒවා පහසුවෙන් ආපසු හැරවිය නොහැක. ගල්ෆ් රාජාණ්ඩුවලට වොෂින්ටනයේ ආරක්ෂක සහතික සුනු විසිනුව ගොස් ඇති බැවින් එය සරලව ආපසු හැරවිය නොහැක. එහෙත්, ට්‍රම්ප් තත්වය සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන තිබෙනවාද? යන පැනයට සෘජු සහතිකයක් දීමට අපහසුය.

තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන් සම්බන්ධ කර ගැනීමට ඔහු දැරූ උත්සාහයෙන් ඇඟවෙන්නේ උපායමාර්ගික සීරු මාරුවේ පරිමාණය ඔහු තවමත් වටහාගෙන නොමැති බවයි. එහෙත් ඔහු මොස්කව් ඇමතූ කාරණයෙන්ම පෙන්නුම් කරන්නේ අරාබි රාජ්‍යයන් සමඟ සබඳතා වොෂින්ටනයට පමණක් ස්ථාවර කළ නොහැකි බව ඔහු වටහාගෙන ඇති බවයි.

එක්සත් ජනපදයට හවුල්කරුවන් අවශ්‍යය. එහෙත්, බටහිර යුරෝපය පැහැදිලිවම එම හවුල් කරුවන් අතර නොවේ. ට්‍රම්ප් කලාපය ස්ථාවර කිරීම සඳහා සාමූහික දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් හෝ බරපතල සම්මුතීන් ඇති කර ගැනීමට ඔහු කැමතිද යන්න තවමත් විවෘත ප්‍රශ්නයක් ලෙස පවතී.

දෙවන සාධකය වන්නේ ගෝලීය හයිඩ්‍රොකාබන් වෙළඳපොළ ගැන සැලකිලිමත් වීමය.

ට්‍රම්ප් මුලදී බලශක්ති වෙළඳපොළවල තාවකාලික "ගැස්මක්" ලෙස විස්තර කළ අතර, එක්සත් ජනපදයට පක්ෂව සැපයුම් නැවත බෙදා හැරීම වේගවත් කළ හැකි යැයි සිතුවද මේ වන විට ගෝලීය සැපයුම් දාමයන් දිගු කලක් තිස්සේ කඩාකප්පල් කිරීමක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පැන නැගී ඇත.

එවැනි තත්වයක් උද්ගත වීම වොෂින්ටනයට කිසිසේත්ම ප්‍රයෝජනවත් වන්නේ නැත.

අර්බුදය ගැඹුරු වුවහොත්, සමස්ථ ගෝලීය ජනයා සහ ඇමරිකානු ඡන්දදායකයින් යන දෙකොට්ඨාශයම වගකීම දරන්නේ කවුරුන්ද යන්න හරියටම අවබෝධ කර ගනු ඇත. වොෂින්ටනය තම උපායමාර්ගික ස්ථානය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වූ ප්‍රදේශයක් වන සමුද්‍රීය බලශක්ති ප්‍රවාහනයේ ඇති අවදානම අර්බූදයේ ගැඹුර මගින් ඉස්මතු කරනු ඇත.

ඇත්ත වශයෙන්ම, රුසියාව නොමැතිව සහ රුසියාවට එරෙහිව රුසියාවේ වියදමින් ගෝලීය හයිඩ්‍රොකාබන් වෙළඳපොළ ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් උත්සාහයක් අසාර්ථක වී ඇත.

ඇත්ත වශයෙන්ම,යමෙකු අමෙරිකාව කරනු ලබන එවැනි අවසාන උත්සාහය මෙය වනු ඇතැයි උපකල්පනය කිරීම එම තැනැත්තාගේ බොළඳකම ප්‍රදර්ශනය කිරීමක් වනු ඇත. නමුත් වොෂින්ටනය සහ තවත් ප්‍රධාන තරඟකරුවන් කිහිප දෙනෙකු මෙන් නොව, මොස්කව් මෙවැනි වෙළඳපල කැළඹීමක් වෙනුවෙන් සූදානම් වෙමින් වසර ගණනාවක් ගත කර ඇත.

මෙම සන්දර්භය තුළ, ප්‍රධාන වශයෙන් නල මාර්ග හරහා හයිඩ්‍රොකාබන් සැපයුම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පුටින් යුරෝපීය සංගමයට කළ යෝජනාව අවධානයට ලක්විය යුතුව තිබේ.

බැලූ බැල්මට, මෙම මුලපිරීම පර්සියානු ගල්ෆ් යුද්ධයට සම්බන්ධ නැති බවක් පෙනෙන්නට පුළුවන. යථාර්ථයේ දී, එය ගෝලීය බලශක්ති පද්ධතියට ගල්ෆ් ගැටුමෙන් ඇති විය හැකි උපායමාර්ගික ප්‍රතිවිපාක පිළිබඳ ගැඹුරු අවබෝධයක් පිළිබිඹු කරයි.

ඇමරිකා එක්සත් ජනපදය සුරක්ෂිත කිරීමට පොරොන්දු වී ඇති තෙල් හා ගෑස් සමුද්‍රීය බෙදාහැරීම් වඩ වඩාත් අවදානම් සහගත වුවහොත්, නල මාර්ග ඛනිජ තෙල් බෙදා හැරීමේදී නැවත උපායමාර්ගික වැදගත්කමක් ලබා ගනී.

පුටින්ගේ එම යෝජනාව බටහිර යුරෝපය සඳහා ලිට්මස් පරීක්ෂාවක් ලෙස ද ක්‍රියා කරයි. අවම වශයෙන්, ගෝලීය බලශක්ති අර්බුදයක අවදානම ක්‍රමයෙන් වැඩි වන අවස්ථාවක දේශපාලන ස්වෛරීභාවයේ මට්ටමක් පෙන්නුම් කිරීමට මෙම රාජ්‍යයන්ට අවස්ථාවක් ලබා දෙයි.

තුන්වන සාධකය වන්නේ ගැටුමේ වෙනස්වන ස්වභාවයයි.

යුද්ධයට දින දහයකට පසු, ඇමරිකා එක්සත් ජනපදය සමඟ ගැටුම දැනටමත් නව අවධියකට පරිණාමය වීමට පටන් ගෙන තිබේ. සාම්ප්‍රදායික මිලිටරි මෙහෙයුම් වලට සමාන්තරව, කඩාකප්පල්කාරී ක්‍රියා සහ ත්‍රස්තවාදය වඩ වඩාත් කැපී පෙනෙන බව ද්ක්නට ලැබේ. මෙම මාරුව ධවල මන්දිර පරිපාලනය විසින් ගැටුම ඉරානයට එරෙහි පුළුල් ආගමික යුද්ධයක් ලෙස සකස් කිරීමට ගත් උත්සාහයේ සෘජු ප්‍රතිවිපාකයකි.

කෙසේ වෙතත්, මැද පෙරදිග පෙර ගැටුම් මෙන් නොව, කඩාකප්පල්කාරී ක්‍රියාවල ප්‍රධාන ඉලක්ක ඊශ්‍රායල පහසුකම් පමණක් වීමට ඉඩක් නැත. ඒ වෙනුවට, ඔවුන් වැඩි වැඩියෙන් ඇමරිකානු යටිතල පහසුකම් සහ ලොව පුරා විසිරී සිටින ඇමරිකානු පුරවැසියන් වීමට ඉඩ ඇත.ඉරානය සහ බොහෝ රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායම් දෙකෙහිම දෘෂ්ටි කෝණයෙන්, මෙම ගැටුමේ ප්‍රධාන විරුද්ධවාදියා එක්සත් ජනපදය මිස ඊශ්‍රායලය නොවේ.

එවැනි තත්වයන් යටතේ, ට්‍රම්ප් ගැටුම උත්සන්න වීම තුනී කිරීම සඳහා පළමු පියවර ගැනීමට, ටෙහෙරානය කෙරෙහි මොස්කව් සතු සීමාකාරී බලපෑම් කිරීමේ හැකියාව වටිනා බව ඔප්පු විය හැකිය.

අවසාන වශයෙන්, දේශීය දේශපාලන මිනුමද වැදගත් වනු ඇත.

වොෂින්ටනයේ සමහරු මුලින් දින පහක් පමණ පවතිනු ඇතැයි අපේක්ෂා කළ යුද්ධය මේ වන විට මාස ගණනාවක් පුරා පවතිනු ඇතැයි පුළුල් ලෙස පුරෝකථනය කර ඇත. එවැනි දිගු ගැටුමක් එක්සත් ජනපදය තුළ දේශපාලන අර්බුදයක් සඳහා සාරවත් භූමියක් නිර්මාණය කිරීම වැලැක්විය නොහැක.

යුද්ධය ආරම්භ වීමට පෙර සිටම වොෂින්ටනයේ ට්‍රම්ප්ට ලැබෙන සහයෝගය දුර්වල වෙමින් පැවතුනි. ගැටුම දිග්ගැස්සෙන විට, දේශපාලන ප්‍රතිවිපාක වඩ වඩාත් දෘශ්‍යමාන වනු ඇත.

නුදුරේදී හෝ කල් ගතවී, ඇමරිකානු දේශපාලනඥයින්ට ඉරානය සමඟ කළ ගැටුමේ මානුෂීය ප්‍රතිවිපාක සහ වොෂින්ටනයේ කලාපීය සහචරයින්ගේ අස්ථාවරත්වය ඇතුළුව පශ්චාත් යුධ යථාර්ථයට මුහුණ දීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, මෙම පෙරමුණේදී, මොස්කව් පරිපාලනයට ඩොනල්ඩ් ට්‍රම්ප්ට උදව් කළ නොහැක. ඉරාන ගැටයේ කොටස් ලිහිල් කිරීමට රුසියාවට සහාය විය හැකිය. නමුත් යුද්ධය විසින් එක්සත් ජනපදය තුළ නිර්මාණය කරන දේශපාලන ගැටලු තවමත් වොෂින්ටනය මතම පැවරෙන වගකීමකි.


මොස්කව් හි ජාතික පර්යේෂණ විශ්ව විද්‍යාලයේ උසස් ආර්ථික විද්‍යා පාසලේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ආයතනයේ මහාචාර්ය දිමිත්‍රි එව්ස්ටෆීව් විසින් රචිත "The Iranian knot: Why Trump turned to Putin" නම් ලිපියේ සිංහල පරිවර්තනය. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

The Iranian knot: Why Trump turned to Putin

සම්බන්ධිත පුවත් | Related News

දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ජපානය මෑතකදී නිකුත් කරන ලද “Defense of Japan 2026” නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..
ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.