කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි..
දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
වසර ගණනාවක් පුරා එරට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීම, රජයේ වියදම් සියයට 40කින් පමණ අඩු කිරීම සහ තෙල් හා ගෑස් කර්මාන්තය යළි ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති අතර වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
48 හැවිරිදි ඩි ලා එස්ප්‍රියෙල්ලා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය සාම්ප්‍රදායිකව අගනුවර වන බොගෝටා නුවරදී නොපවත්වා, රටේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කාලි නගරයේදී පැවත්වා තිබේ.
සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා මාර්ගයෙන් සාමය ඇති කිරීමට උත්සාහ කළ හිටපු වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ප්‍රතිපත්තිය ඩි ලා එස්ප්‍රියෙල්ලා දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.
දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රටේ ස්ථාවරත්වයට හානි කරන කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාකාරකම් “නොනවත්වා පරාජය කරන” බවද ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම සන්නද්ධ කණ්ඩායම් සමග තවදුරටත් සාකච්ඡා කිරීමේ අවස්ථාව අවසන් වී ඇති බවත්, රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔහු සඳහන් කර තිබේ.
වාර්තාවන්ට අනුව, ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියානු ව්‍යාපාරිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ, තම රජය කොලොම්බියාවේ ආයෝජනය කිරීමේදී ඔවුන්ගේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්