News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපනය පිළිබඳව ව්‍යාජ මතවාද - දෙවන කොටස

Feb 22, 2026 at 07:18 AM
|

නිර්මාණවාදී අධ්‍යාපන මතවාද (Constructivism)

1970 දශකය වන විට පියාජේගේ හා විගොට්ස්කිගේ නිර්මාණවාදී මනෝවිද්‍යාව මත පදනම්ව ජෙරෝමෙ බෲනර් වැනි අය අධ්‍යාපන ක්‍රමවේද ගෙන ඒමට කටයුතු කළහ. 

සිසුන්ට ඍජුව ඉගැන්වීමෙන් තොරව තමන්ට ම දැනුම නිර්මාණය කරගැනීමටත් කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නියැලෙමින් දැනුම නිර්මාණයටත් ඉඩකඩ සාදා දිය යුතු බවට අදහස් පැමිණියේ ය. මේ සමඟ ම ගුරුවරයා හුදෙක් පහසුකම් සපයන්නකු (facilitator) පමණක් බවට පත් කොට ශිෂ්‍ය-කේන්ද්‍රීය අධ්‍යාපනයක් ගෙන ආ යුතු බවට අදහස් ඇති විය. මෙහි උපකොටස් රාශියක් ද බිහි විය.

සිසුන්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් හෝ ගවේෂණ කිරීමට ඉඩ දී එයින් දැනුම ගොඩනඟා ගැනීමට යොමු කළ යුතු බව හෙවත් ගවේෂණ ඉගෙනුම (discovery learning), ප්‍රශ්නය හෝ ක්‍රමවේදයක් ලබා දී හෝ නො දී හෝ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට යොමු කිරීම (inquiry based learning), තරමක් අවිනිශ්චිත විවෘත ගැටලුවක් විසඳීම සඳහා සිසුන්ට යොමු කිරීම (problem-based learning) ආදී ක්‍රම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇත.

මිනිස් සමාජය දැනුම නිර්මාණය කළ ආකාරයේ කුඩා ආදර්ශයක් පන්ති කාමරයේ රඟ දැක්වීම ආකර්ෂණීය අදහසක් සේ පෙනෙන පමණින් එය සාර්ථක බව කියැවෙන්නේ නැත. එය සාර්ථක දැයි පරීක්ෂා කොට බැලිය යුතු ය.

නමුත් ආනුභවික පරීක්ෂාවලින් මෙන් ම මේවා ක්‍රියාත්මක කළ රටවල සිදු වූ දෙයින් ද පෙනෙන්නේ මේවා අසාර්ථක බව ය.

මේ සම්බන්ධ අසාර්ථක ව්‍යාපෘති පිළිබඳ විස්තර කෙටියෙන් ලැයිස්තුගත කරමි.

* 1968-1977 අතර ඇමරිකා එක්සත් ජනපදයේ Project Follow Through වාර්තාව. මෙය මෙතෙක් අධ්‍යාපනය පිළිබඳ සිදු වී ඇති විශාලතම හා අධ්‍යයනයයි. මෙහි දී පෙනී ගියේ ශිෂ්‍ය කේන්ද්‍රීය හා නිර්මාණවාදී අධ්‍යාපන ක්‍රමවේදවලට වඩා එකල පැවති ක්‍රමවලින් එන්ගල්මන්ගේ ඍජු උපදේශනය නම් ගුරු කේන්ද්‍රීය ක්‍රමය වඩා ඉදිරියෙන් සිටි බවයි.

* 1960 හා 1970 අතර ඇමරිකා එක්සත් ජනපදයේ "නව ගණිතය" New Math නම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අසාර්ථක විය.

* සමස්ත භාෂා කියවීම (Whole Language Reading) හෙවත් වචන ශබ්ද කිරීම් රටා සහ ව්‍යාකරණ ආදිය වෙන ම නූගන්වා කියවීම තුළින් ම හඳුනා ගැනීමට දීම ඉංග්‍රීසි කතා කරන ප්‍රධාන රටවල් බොහෝමයක භාවිත කෙරුණු අතර අසාර්ථක බව පැහැදිලි විය.

* ස්වීඩනයේ 1990 සිට ක්‍රියාත්මක වූ ශිෂ්‍ය-කේන්ද්‍රීය ප්‍රතිසංස්කරණ අසාර්ථක වූ බව 2010 දී පෙනුණ අතර මේ ක්‍රමවේද නැවත ආපසු හැරවීමට ක්‍රියා කරන ලදී.

* 2000 සිට නවසීලන්තයට හඳුන්වාදුන් ශිෂ්‍ය කේන්ද්‍රීය හා නිර්මාණවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට ආපසු හරවා ගනිමින් තිබේ.

ෆින්ලන්ත අධ්‍යාපන මිථ්‍යාව

නිර්මාණවාදී, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන කතා පතුරවන්නන් පෙන්වා දෙන සිහින රාජ්‍යය වන්නේ ෆින්ලන්තයයි. ෆින්ලන්තයේ අධ්‍යාපන සාර්ථකත්වය ගැන ඇත්තේ සම්පූර්ණ මිථ්‍යා ප්‍රබන්ධයකි.

මේ මිථ්‍යා ප්‍රබන්ධය බිහි වූයේ ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය (OECD) මඟින් විවිධ රටවල අධ්‍යාපන මට්ටම් සංසන්දනය කරන PISA (Programme for International Student Assessment) නම් ඇගයීමෙහි 2000-2006 අතරේ දී ෆින්ලන්ත සිසුන් ඉතා ඉහල ස්ථානයක් වාර්තා කිරීමයි. 

ඇත්තෙන් ම 2004ට පෙර ෆින්ලන්තයේ තිබුණේ බෙහෙවින් ගුරු කේන්ද්‍රීය වූ අධ්‍යාපන ක්‍රමයකි. ගුරුවරුන්ගේ සුදුසුකම් හා පුහුණුව ද ඉහල විය. 2000 සහ 2006 අතර මේ පෙන්වූ ඉහල දක්ෂතා ඇත්තෙන් ම පැරණි අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන්ගේ පිළිබිඹුවක් විය.

එහෙත් 2004 දී ඇති කළ නව ෆින්ලන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බෙහෙවින් ම ශිෂ්‍ය කේන්ද්‍රීය විය. එක ම කාලයේ ඉහල PISA ප්‍රතිඵල හා ශිෂ්‍ය කේන්ද්‍රීය නව ප්‍රතිසංස්කරණ යන දෙක දුටු බොහෝ දෙනා වැරදි ලෙස මේ ප්‍රතිඵල නව ප්‍රතිසංස්කරණවල විශිෂ්ටත්වය ලෙස පටලා ගත් හ. ඇත්තෙන් ම 2006 වසරෙන් පසු ෆින්ලන්තයේ PISAහි කාර්යසාධනය කඩා වැටෙමින් පවතී. ෆින්ලන්තයේ 2004 ප්‍රතිසංස්කරණයේ අසාර්ථකත්වය මේ මතවාදවල අසාර්ථකත්වයට උදාහරණයකි. අවාසනාවට අධ්‍යාපනඥයන් කියාගන්නන් තවමත් කරේ තියාගෙන යන්නේ ෆින්ලන්තය පිළිබඳ මිථ්‍යා ප්‍රබන්ධයයි.

වැඩිදුර විස්තර සඳහා 2022 PISA සමාලෝනයේ ෆින්ලන්තය ගැන සටහන බලන්න

සබැඳිය:  https://www.oecd.org/.../pisa.../finland_6991e849-en.html...

ෆින්ලන්ත අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයේ Bildung සමාලෝචනය

(මෙය ඇත්තේ ෆිනිෂ් භාෂාවෙන් නමුත් ඔබට මෙහි සාරාංශ පරිවර්තන සොයා ගත හැකි ය. එම අමාත්‍යංශ වෙබ් අඩවිය මෙසේ දක්වයි. 

https://okm.fi/.../the-bildung-review-describes-the...  )

නිර්මාණවාදී අධ්‍යාපන ක්‍රමවේද ගැන කෙරුණු ආනුභවික පරීක්ෂා අධ්‍යයන

මීළඟට අපි මේ නිර්මාණවාදී අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳ කෙරුණු ආනුභවික පරීක්ෂාවන් විමසා බලමු. මේ සම්බන්ධ ඉතා ම ඉහල ගණයේ පාර-අධ්‍යයන (meta-analysis) මොනවා දැයි සොයා බලමු.

කර්ෂ්නර්, ස්වෙලර් හා ක්ලාක් 2006 දී පළ කළ Why Minimal Guidance During Instruction Does Not Work: An Analysis of the Failure of Constructivist, Discovery, Problem-Based, Experiential, and Inquiry-Based Teaching නම් අධ්‍යයනය මේ ක්‍රමවල අසාර්ථකත්වය ආනුභවික පරීක්ෂාවන් විග්‍රහ කරමින් ඉතා තීරණාත්මක ලෙස පෙන්වා දෙයි.

ක්ලාර් හා නිගම්ගේ The equivalence of learning paths in early science instruction නම් අධ්‍යයනය පාලිත පරීක්ෂාවක් මඟින් ගවේෂණ ඉගෙනීමට වඩා ඍජු උපදේශනය සාර්ථක බව පෙන්වා දෙයි.

මේයර්ගේ Should there be a three-strikes rule against pure discovery learning? යනු තවත් එවත් සමාලෝචන අධ්‍යයනයකි.

මෙහි දී අප විශේෂයෙන් නවසීලන්ත අධ්‍යාපනඥයකු වන ජෝන් හටී මහතාගේ Visible Learning: A synthesis of over 800 meta-analyses relating to achievement නම් දීර්ඝ හා සංවිධිත පාර-අධ්‍යයන පර්යේෂණ වාර්තාව වෙත යොමු විය යුතු ය.

හටී මහතා අධ්‍යාපනය කෙරෙහි බලපාන ව්‍යුහමය හා ව්‍යුහමය නොවන බොහෝ සාධක ප්‍රමාණයක් සලකා බලන අතර ඔහු අපට පෙන්වන්නේ මාධ්‍යවල නිතර දෙවේලේ අධ්‍යාපනය ගැන කතා කරන බොහෝ මාතෘකා අධ්‍යාපනය සඳහා බලපෑම ඉතා ම අඩු බව ය. 

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලකූ විට මෙහි කාරණා දෙකක් ඉස්මතු කළ යුතු ය.

එනම් ශිෂ්‍ය කේන්ද්‍රීය හා නිර්මාණවාදී ක්‍රමවලට වඩා ගුරුවරයා පාදක වූ ඍජු ඉගැන්වීම් ක්‍රම වඩා වැඩියෙන් සඵලදායී බව කැපී පෙනෙන ලෙස සලකුණු වී ඇති බවයි.

අනෙක නම් රූපවාහිනිය හා පරිගණක ආශ්‍රිත ඉගෙනුම් ක්‍රම තවමත් සාම්ප්‍රදායික ක්‍රමවලට සාපේක්ෂව ඉතා අකාර්යක්ෂ්ම බවයි.

හොඳින් ආනුභවික සාක්ෂ්‍ය ඇත්තේ කුමන ආකාරයේ ක්‍රමවේදවලට ද?

මේ කාලය වන විට සිදු කොට ඇති ආනුභවික පරීක්ෂාවලින් ඉතා හොඳින් සාධක හමුවී ඇත්තේ පහත සඳහන් ඉගැනුම් ඉගැන්වීම් ක්‍රම මතවාද සඳහා ය.

* Cognitive Load Theory

* Multimedia Learning Theory

* Direct Instructions (රෝසන්ෂයින්ගේ)

* ICAP framework

* Retrieval theory 

* Desirable Difficulty 

* Spacing and interleaving 

මේවා දීර්ඝ වශයෙන් විස්තර කරමින් මේවාට ඇති සාක්ෂ්‍ය විස්තර කිරීම මේ ලිපියේ අරමුණ නො වේ. එහෙත් මේවායේ සමස්ත අදහස් කෙබඳු ආකාර දැයි කෙටියෙන් ඡේදයකින් දක්වමි.

ඉගෙන ගන්නා අතරතුර ක්‍රියාකාරී මතක ධාරිතාවය කුඩා ය. දිගුකාලීන මතකය සමස්ත චිත්‍ර හෙවත් ස්කිමාවන් (schema) මත රඳා පවතී. ඉගෙනීමේ යනු මේ ස්කිමාවන් ගොඩනැංවීම ය. මේ සඳහා, අත්‍යවශ්‍ය විෂය බර පමණක් ක්‍රියාකාරී මතකයට ලබා දෙමින් අමතර බර හැකිතාක් ඉවත් කළ යුතු ය. මේ අත්‍යවශ්‍ය විෂය බර ලබා දීමේ දී ද හැකිතාක් ඒවා කුඩා කොටස්වලට බෙදා ගුරුවරයා විසින් උපකාරක උදාහරණ සපයමින් කියා දෙනු ලැබිය යුතු ය. මේ සඳහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය දෙක ම භාවිත කළ යුතු නමුත් එහි දී අමතර බරක් ලබා දීමෙන් තොරව මෙය සිදු කළ යුතුයි. ගුරුවරයා ඍජුව ස්කිමාවන් හා මූලික කරුණු කියා දිය යුතුයි. යම් ක්‍රියාකාරකම් හා අන්තර්ක්‍රියා සඳහා යොමු කළ යුත්තේ මූලික විෂය කොටස් ග්‍රහණය කොට ගත් පසු පමණි. ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම යනු හුදෙක් උගත් දේ මැන බැලීමේ ක්‍රමයක් පමණක් නො වේ. ඉගෙන ගත් දැනුම ප්‍රතිග්‍රහණය (retrieve) කිරීම නිසා ම මතකය වර්ධනය වේ. මේ ප්‍රතිග්‍රහණය යම් තරමකින් දුෂ්කර තත්ත්ව යටතේ කිරීමෙන් හා ඉගෙනීමෙන් යම් කාලයකට පසු සිදු කිරීමෙන් හා විෂය කොටස් මිශ්‍රව ප්‍රතිග්‍රහණය කිරීමෙන් දිගුකාලීන මතකයට එක් වීම වැඩි ය. මේ මතවාදවලට ඉතා ප්‍රභල ආනුභවික සාක්ෂ්‍ය ඇත.

පැරණි නිර්මාණවාදී අධ්‍යාපන මත අසාර්ථක වීමෙන් පසු අලුතෙන් නිර්මාණවාදීන් යෝජනා කරන්නේ මුලින් ම ගුරුවරයා විසින් විෂය උගන්වා ඉන්පසු පමණක් දැඩි අධීක්ෂණය යටතේ ගවේෂණ පාදක ඉගෙනීම කළ යුතු බවයි (guided discovery) මෙම නව මතය සඵලදායී ද නැති ද යන්න ඉදිරියේ දී පර්යේෂණවලින් බලාගත හැකි වනු ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ද පිටුපසට ද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදුවන්නේ ගවේෂණ ක්‍රමවේදය ආදී නිර්මාණවාදී මතවාද පෙරදැරිව බව ඉතා පැහැදිලි ය. මාධ්‍ය හමුවක දී විද්‍යාව මොඩියුලයේ ඝන, ද්‍රව, වායු සම්බන්ධ අභ්‍යාසය පිළිබඳ විග්‍රහ කළ නිලධාරීන් හා ඇමතිවරුන් ඍජුව කීවේ සිසුන් ගොස් සොයා බලා කියන දෙයින් සාකච්ඡාවක් ගොඩනඟා සාකච්ඡාවෙන් ඉගැන්වීම අපේක්ෂිත බවයි. මොඩියුල පොත් හා ගුරු මාර්ගෝපදේශ විමසා බැලීමෙන් ද මෙය පැහැදිලිව පෙනේ. ඒ අතරතුර බොහෝ සෙයින් සිසුන් අන්තර්ජාල අන්තර්ගතයන් වීඩියෝ, හඬපට වෙබ් අඩවි වෙත යොමු කිරීම ද පෙනෙන්නට තිබේ. එමෙන් ම කණ්ඩායම් ක්‍රියාකාරකම් පොත් පිංච, පෝස්ටර් නිර්මාණට ආදී දේ වෙත වැඩි බරක් ලැබී ඇත.

මෙය හොඳින් සාක්ෂ්‍ය ලැබී ඇති ශක්තිමත් අදහසක් වන සංජානනීය භාර ප්‍රවාදයට (cognitive load theory) ඉඳුරා ම විරුද්ධ වෙයි. මේ ප්‍රතිසංස්කරණය සිසුන්ට අදාළ විෂය දැනුම ඉගෙන ගැනීමට වඩා අමතර වූ නොමනා බරක් සිසුන් වෙත ඉගෙනීමේ ක්‍රියාවලියේ දී ලබා දෙයි. 

උදාහරණ ලෙස නව ගණිත මොඩියුලයේ ගණිතය පාඩමක ක්‍රියාකාරකමක් ලෙස තෝරාගෙන ඇත්තේ ඉඟුරු වගාවයි. එහි ගණිතයට වඩා වැඩි කාල වේලාවක් වැය කරන්නේ ඉඟුරු වගාව ගැන වීඩියෝ බැලීමත්, එහි නියැලෙන පුද්ගල කාණ්ඩ ගැන සොයා බැලීමටත්, ඉන්පසු පෝස්ටර් සැකසීම ආදී ක්‍රියාකාරකම් වෙතටත් ය. මේ සියල්ල විෂයයට අමතර බර හෙවත් විෂය තේරුම් ගැනීමට බාධාකාරී වන දේ ය. මේවා ඉතා විශාල ලෙස වැඩි කොට ඇත. මැක්කාගේ රචනාව සේ ගණිතය පසෙක තබා වෙන වෙන දේ සාකච්ඡා කරන ස්වභාවයක් පෙනෙන්නට ඇත. 

විෂයයේ සමස්ත චිත්‍රය වටහා ගැනීමට මේවා බාධාකාරී ය. අනෙක් අතට මේ පෝස්ටර් ආදියට ලකුණු දෙන්නේ සම්පූර්ණයෙන් ම දෘශ්‍ය නිර්මාණකරණ මූලධර්මවලට පවා විරුද්ධ ආකාරයකිනි. මේවා නිසා සිදුවන්නේ සිසුන් ගණිතය පසෙක තබා පෝස්ටර් සාදමින් සිටීමත් අඩු තරමින් හරියට පෝස්ටරයක් සාදන්නවත් නො දැන ගැනීමත් ය.

ශිෂ්‍ය සහභාගීත්වය හා ක්‍රියාකාරකම්වල උනන්දුවෙන් නියැළීම (engagement) යනු හොඳින් ඉගෙන ගන්නා බව ම නො වේ. මේ දෙකකි. නව අධ්‍යාපන ක්‍රමයේ නියැළෙන සිසුන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙනු පුටුවක වාඩි වී ඒ දෙස බලා සිටින්නකුට සුන්දර දසුනක් සේ දිස්වීමෙන් එම සිසුන් මනා ඉගෙනීමක් ලබන බව ඇඟවෙන්නේ නැත.

අනෙක් අතට මේ ප්‍රතිසංස්කරණය ඉගැන්වීම අතරේ ම කෙරෙන අඛණ්ඩ ඇගයීම්වලට අධික බරක් තබා වාර විභාග වැනි සමස්ත ඇගයීම් ක්‍රම විස්ථාපනය කරමින් ඒවාට අඩු බරක් හා අඩු අවධානයක් දී ඇත. ඉහත කී ලෙස ප්‍රතිග්‍රහණය, එය යම් දුෂ්කර තත්ත්වයක් යටතේ කිරීම, ඉගෙනීමෙන් යම් කාල පරතරයකට පසු ඇගයීම් කිරීම යනාදියේ ඇති කාර්යක්ෂමතාව මේවායින් නො ලැබේ.

එහෙයින් අපට පෙනෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපනවේදීන් යැයි කියාගන්නා අය වපුරන මිථ්‍යාවන් මත පදනම් වී ඇති බවත් ලෝකයේ අසාර්ථක වූ පැරණි ක්‍රමයක් වෙත මවාගත් නවතාවයකින් යුතුව පියමැනීමක් ලෙස ය. එනම් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ආපස්සට ය.

- තමලු මලිත්ත පියදිගම 

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.