සඟ සමුළුව..
පෙබරවාරි 20 දා පවත්වන්නට සුදානම් කර ඇති සඟ සමුළුව සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමි උන්වහන්සේගේ සමාජමාධ්‍ය ගිනුමේ තබා ඇති සටහනක් පහළින්..
"පෙබරවාරි 20 දා පවත්වන්නට සුදානම් කර ඇති සඟ සමුළුවෙන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට විදුලි සැර වැදී ඇති අයුරු සිවුරට එරෙහිව ඔවුන්ගේ මුර බල්ලන් මුදාහැර ඇති ආකාරයෙන් පෙනේ. එහෙත් මෙවැනි සඟ සමුළුවක් යුගයේ අවශ්‍යතාවකි. සිංහල බෞද්ධ උරුමයන්, එහි වටිනාකම්, හර පද්දතීන් පිළිබඳ කිසිදු වගතුගක් නැති වනචාරී පිරිසකට බලය ලැබීමේ විපාකය දැන් බොහෝ භික්ෂුන්ට වැටහෙමින් තිබීම සාධනීය ලකුණකි. සිංහල බෞද්ධ වචන දෙක සහ ජාතිකත්වය ගැන කතා කරන භික්ෂුන්ට ඉතාම සංවිධානාත්මකව කැත පන්නයේ මඩ අවලාද නගමින් පහරදෙන අකාරය තේරුම් යමින් තිබීම ද මෙවැනි සමුළුවක් ඉක්මන් කිරීමට හේතු විය. ජාතික ආරක්ෂාව හෝ බෞද්ධ උරුමය වෙනුවෙන් හඬක් නැගූ සැණින් ඔවුන්ට "රාජපක්ෂ ගැත්තන්" යැයි ලේබල් ගසා නිහඩ කරවීමේ මානසික මෙහෙයුමට නොබියව අභියෝග කළ යුතුය. ධර්මපාලතුමා අනාවැකි පළ කළ පරිදිම අද මේ රටේ පාලනය 'කළු සුද්දන්' පිරිසකට පත්ව තිබේ. ඔවුන්ට රට, ජාතිය, ආගම අබිං ය. ආපේ භාෂාව, සිරිත් විරිත්, සංස්කෘතික වටිනාකම් ගැන කතා කිරීම පස්ස පැත්තේ කහඹිලියා ගෑමට සමානය. එනිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාජ මුහුණුවරින් එන මේ රටේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමීමේ උපායමාර්ග ගැන භික්ෂුව අන් කවරදාටත් වඩා අවදියෙන් සිටිය යුතු කාලයක් පැමිණ තිබේ. එනිසා මේ සඟ සමුළුවෙන් ආණ්ඩුවට දෙන සංඥාව වැදගත්ය. රාජ්‍ය අනුග්‍රහය ලබන කල්ලතෝනින්ගේ මඩ අවලාද චරිත ඝාතන තුළින් භික්ෂුවගේ උරුමයත්, සිංහල බෞද්ධ බලයත් විනාශ කළ නොහැකි බව මේ මිසදුටු පාලකයන්ට මතක් කරදීම යහපත්ය."
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්