මියගිය නීතිඥවරයා තැබූ ෆේස්බුක් සටහනක්..
මේ මියගිය නීතිඥවරයා තැබූ ෆේස්බුක් සටහනක්.
එනම් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට ඉගැනීමට බොහෝ දේ ඇතැයි ඔහු කියනවා.
ඔහු ඉතාම අවංකවම මේ කාරණය විශ්වාස කළ බව පැහැදිලියි.
එමෙන්ම ඔවුන් එසේ නැත්නම් පොදුවේ නීතිඥවරයන් වැඩ වරද්දාගත් තැනත් මෙතැන.
අරගලය මොහොතේ නීතිඥවරුන් සීමාවෙන් එහා ගොස් එයට සක්‍රීයව දායක වුණා.
අවශ්‍ය නම් ඔවුන්ට සිවිල් අයිතීන් රකින සීමාවේ සිට අරගලයට යම් සහයක් ලබා දෙන්නට තිබුණා.
නමුත් ඔවුන් තමන්ගේ සීමා, න්‍යයාන් බිඳ දමමින් රටේ පද්ධති බිඳින්න උත්සාහ කළා.
ඔවුන් ආරක්ෂා කිරීමට දිවුරුම් දුන් 'ව්‍යවස්ථාව' කඩා බිඳ දැමීමට උත්සාහ කළා.
සමාජයේ හුදී ජනයා ඉදිරියේ 'හොඳ' වීමට ගියා.
බෝක්කු උඩ ගංජා ගහපු, ත්‍රාඩයො, කාගේ හෝ නිවසකට පහර දී අධිකරණයට ගෙන ආ විට අධිකරණයේ දී අත්පොළොසන් දුන්නා.
තමන්ගේ වෘත්තීය ගරුත්වය පාවා දුන්නා.
මොන තරම් අබුද්ධික ක්‍රියාවක් ද ?
දැන් මොකද වෙලා තියෙන්නේ ?
දැන් හුදී ජනයා නීතිඥයාගෙන් තවමත් වෘත්තීය සීමා ඉක්මවමින් 'හොඳ' වීම බලාපොරොත්තු වෙනවා.
ඊයේ නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ජනමාධ්‍යවේදියෙක් ප්‍රසිද්ධියේම ප්‍රශ්න කළා.
'ඇයි ඔබ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ ?'
ඒ ප්‍රශ්නය තුළම නීතිඥ ප්‍රජාවත් 'නරක' , 'වැරදි' කණ්ඩායමක් කියන ප්‍රශ්නය තිබුණා.
කොමෙන්ට් තීරුවේ සාමන්‍ය හුදී ජනයා ඒ අදහස අනුමත කරලා තිබුණා.
නීතිඥ වෘත්තිය කියන්නේම ඒක ය, එයට සීමාවක් නැති ය කියලා අර ජනමාධ්‍යවේදියා දන්නේ නෑ. මිනිස්සු දන්නෙත් නැහැ.
චූදිතයෙකු වැරදිකරුවෙකු වන තුරු නිවැරදි ය, ලංකාවේ පොලීසිය ඕනෑ තරම් ගොරකා දඩමස් කරනවා ය, නීතිඥවරුන් අත්‍යවශ්‍ය වන්නේ ඒක ය කියලා මිනිස්සු දන්නේ නැහැ.
ඒකට හේතුව අරගලය කාලේ ඒ පණිවිඩයම කියපු සාලිය පීරිස් ඇතුළු නීතිඥ ප්‍රජාව.
ඔවුන් මහ සමාජයේ 'හොඳ' වෘත්තිකයන් වීමට ගියා.
මෙතැන කියනා ලෙසම ඔවුන්ට වෛද්‍යවරුන්ට හෝ වෙනත් වෘත්තිකයන්ට වඩා 'ජනතා ආදරය' උවමනා වුණා.
'හොඳ මිනිස්සු' වීමට අවශ්‍ය වුණා.
නමුත් අරගලය අවසන් වූ පසුවත් මහා සමාජය බලාපොරොත්තු වෙන්නේ පාතාල සාමාජිකයන්ට, කුඩ්ඩන්ට, ස්ත්‍රී දූෂකයන්ට, මිනිමැරුම් චෝදනා එල්ල වූවන්ට පෙනී නොසිටින 'හොඳ' නීතිඥ ප්‍රජාවක්.
එමෙන්ම එදා නීතිඥවරුන්ගෙන් අත්පොළොසන් ලැබූ ත්‍රාඩයන්, අදත් නීතිඥයන්ගේ අත්පොළොසන් බලාපොරොත්තු වෙනවා.
හැබැයි එහෙම නීතිඥ ප්‍රජාවක් නැහැ.
දැන් මහ සමාජය ඉදිරියේ ඔවුන් 'නරක' මිනිස්සු.
අනෙක් අතට වෛද්‍යවරු එවැනි මොහොතක පවා ඉතා බුද්ධිමත්ව හැසිරුණා.
මැයි 9 පහර කෑ දෙපාර්ශවයම රෝහල් තුළ දී වෛද්‍යවරු ආරක්ෂා කළා.
එය ඉතාම ශිෂ්ඨ සහ දියුණු ආකාරයෙන් වෘත්තීමය සදාචාර ආරක්ෂා කිරීමක්.
ඒ මොහොතේ තිබූ පීඩනය ඉදිරියේ අදහාගත නොහැකි පෞරුෂයක්.
අදටත් වෛද්‍යවරුන්ගේ සහ GMOA සමාජ බලය අඩු නොවීමට ප්‍රධානතම හේතුව එය.
'හුදී' ජනතාව ඉදිරියේ තමන්ගේ 'ගෞරවය' පාවා දුන්නේ නැහැ.
එම නිසා ගුණරත්න වන්නිනායක නීතිඥවරයාට අත් වූ ඉරණම වෛද්‍යවරයෙකුට අත් වූයේ නැහැ.
මා මෑතක දී ශ්‍රී ලංකාවේ සැසඳු විට වෘත්තිකයන් අතරින් වඩාත්ම දේශපාලන සාක්ෂරතාවයක් සහ කියවීමක් ඇත්තේ වෛද්‍යවරුන්ට බවත්, එය තරමක පුදුම සහගත බවත් ලිව්වා.
වෛද්‍යවරුන්‍ට තිබූ කියවීම නීතිඥ ප්‍රජාවට තිබුණා නම්, අද ඔවුන්ට මෙලෙස රැකියාව සිදු කිරීම සමාජ අපවාදයක් එල්ල වන, ඔවුන් ඝාතනය වූ විට පවා සමාජය අනුකම්පා නොකරන, සමාජයේ 'නරක' පිරිසක් ලෙස හුදී ජනතාවගෙන් අපවාද ඇසීමට සිදුවන්නේ නැහැ.
- සචින් රත්වත්තේ
(මුහුණුපොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්