ලංකාවේ නාලන්දා සිදුවීම හා අමෙරිකාවේ කෝල්ඩ් ප්ලේ නාඩගම..
👉 පසුගිය දිනවල කොළඹ නාලන්ද විද්‍යාලයේ සිදුවීමක් සම්බන්ධව මෙරට සමාජ මාධ්‍ය ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරෙන ආකාරයද අප දුටුවෙමු. මිනිසා තුළ ඇති ජාගර මානසිකත්වයේ තරම පෙන්වන ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ.
👉 මේ අතර මෙවැනි හැසිරීම් හුදු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේ ලෙස හුවා දක්වමින්, එහි වරද සුපුරුදු ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය මත පටවමින්, ඊට සමගාමීව ලිංගික නිදහස ඇති, අනුන්ගේ ඕපාදූප නොසොයෙන බටහිර ශිෂ්ට රටවල් ගැන සුපුරුදු රැඩිකල් වර්ණනාද අසන්නට ලැබිණි.
👉 මේ ලිපියේ අරමුණ අමෙරිකාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක්තරා සිදුවීමක් පදනම් කරගනිමින් මේ රැඩිකල් ප්‍රලාපවල ඇත්ත නැත්ත විමසා බැලීමය.
👉 2025 ජූලි 16 වැනිදා අමෙරිකාවේ බොස්ටන් නගරයේ කෝල්ඩ්ප්ලේ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබිණි. ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ එකිනෙකා වැළඳගෙන සිටි එක්තරා යුවලකගේ දසුනක් අහම්බෙන් කැමරාවකට හසුවිය. මේ සිදුවීමෙන් අදාළ යුවල අනපේක්ෂිත ලෙස කැළඹීමට පත් වූ බව පැහැදිලිව පෙනිණි.
👉 මෙසේ කැමරාවට හසු වූ පිරිමියා ඇන්ඩි බයිරන්ය. ඔහු අමෙරිකාවේ ප්‍රමුඛ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියාය. කාන්තාව වූ ක්‍රිස්ටීන් කැබොට් එම ආයතනයේම මානව සම්පත් කළමණාකාරවරියකි. මේ දෙදෙනාම විවාහ වී දරුවන් ලැබූ අය වන අතර, ඔවුන්ගේ අමුතු කලබලයට හේතුව වූයේ මේ දෙදෙනා අනියම් පෙම් යුවලක් වීමය.
👉 මේ සිදුවීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුළත ඔවුන් දෙදෙනාගේ හැසිරීම පෙන්වන වීඩියෝව සමාජ මාධ්‍ය දෙවනත් කරන්නට පටන් ගත්තේය. බටහිර සමාජය මෙයට ප්‍රතිචාර දක්වන ලද්දේ ලෝකයේ එකම හා පළවෙනි අනියම් සම්බන්ධය හෙළිදරව් වූ පරිද්දෙනි. සමාජ මාධ්‍යවල පමණක් නොව බටහිර ප්‍රධාන මාධ්‍යවලද මේ පුංචි සිදුවීම මහා ප්‍රවෘත්තියක් බවට පත් විය.
👉 ඒ සමඟම ඇස්ට්‍රොනොමර් සමාගම මේ දෙදෙනාව අනිවාර්ය නිවාඩු යවා ඔවුන් සම්බන්ධව පරීක්ෂණයක් ඇරඹීය. ඒ අතරේ ඇන්ඩි බයිරන් වරද පිළි අරගෙන සිය තනතුරින් ඉල්ලා අස්විය. මේ අතරේ මේ සිදුවීම නිසා ඇන්ඩිගේ බිරිඳ ඔහුගෙන් දික්කසාද වීමට පවා තීරණය කළ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි.
👉 මීළඟට මේ සිදුවීමට බටහිර සමාජය දැක්වූ ප්‍රතිචාරවල ස්වභාවය වැඩි දුරටත් විමසා බලමු.
👉 මේ අනුව පළමු කාරණය නම් අනෙකාගේ ගරුත්වය, පෞද්ගලිකත්වය ගැන සියලු මානව ආචාර ධර්ම පසෙක තබා හුදු සරල විනෝදය වෙනුවෙන් මේ සිදුවීම තලු මැරීමට මිලියන ගණනක් දෙනා කටයුතු කිරීමය. කෙටි කාලයක් තුළ අදාළ වීඩියෝව අනුකරණය කරන පැරඩි වීඩියෝ, කොමඩි වීඩියෝ, මීම්ස් දහස් ගණනක් නිර්මාණය වූයේ ඒ අනුවය.
👉 දෙවැන්න නම් දැඩි සමච්චල් සහගත ආකාරයෙන් මේ යුවලගේ පෞද්ගලික අනන්‍යතාව හෙළි කිරීමට බොහෝ දෙනා පෙළැඹීමය. ඔවුන් දෙදෙනාගේ නම් ගම්, සේවා ස්ථානය, පවුල්වල විස්තර පමණක් නොව දරුවන්ගේ ඡායාරූප පවා සමාජ මාධ්‍යවල පළ කරමින් ඔවුන්ට සමච්චල් කිරීමට බොහෝ දෙනා පෙළැඹී තිබිණි.
👉 මීළඟ කරුණ මෙකී අනියම් සම්බන්ධය බරපතළ වරදක් හා දෙවියන්ගෙන් දඬුවම් ලැබිය යුතු පාපයක්ය යන අදහසද ප්‍රබලව මතු වීමය. බොහෝ දෙනෙක් මේ දෙදෙනාගේ නීත්‍යානුකූල බිරිඳ සහ සැමියා වෙනුවෙන් තම කනගාටුව පල කරමින්, ඔවුන් වහා දික්කසාද වීම සුදුසු යැයි හඬ නැගූහ.
👉 මීළඟ වැදගත්ම කාරණය වන්නේ බටහිර රටවල්වලින් ලංකාවේ රැඩිකල් චරිත අපේක්ෂා කරන ආකාරයේ ප්‍රතිචාර මේ අතර විරල වීමය. ඒ අනුව ඒක එයාලාගේ පුද්ගලික දෙයක්... ඒක ඒ දෙන්නාගේ කැමැත්ත... ආදරයේ නිදහස... අනුන්ගේ ඕපාදූප වැඩක් නෑ... අනියම් සම්බන්ධතා කොච්චර සුන්දරද? ආදරයට සීමා මායිම් නෑ... මිනිස්සු ජීවිතේ විදින්න ඕන නැද්ද? පවුල හිරගෙයක්... ජඩ මාධ්‍ය කුණු හොයනවා... රෙද්දේ සංස්කෘතිය... වැනි ප්‍රතිචාර බටහිර සමාජය තුළින් අසන්නට නොලැබුණු තරම්ය. ලැබුණේ නම් ඉතා අල්ප වශයෙනි.
👉 Instaagraac නම් ටික්ටෝක් ගිණුමේ පමණක් මේ සිදුවීමට අදාළ තප්පර 16ක වීඩියෝව, මිලියන 132ක් නරඹා තිබිණි. එයට කැමැත්ත පළ කර තිබූ සංඛ්‍යාව මිලියන 11කි. ප්‍රතිචාර සංඛ්‍යාව 58000කි.
👉 “මගේ මිනිහා මෙහෙම වෙන ගෑනියෙක් එක්ක මියුසිකල් ෂෝ එකක හුරතල් වෙවී ඉන්නවා දැක්කා නම් මාව මානසික වාට්ටුවකට යවන්න වෙනවා”
මේ එහි එක් කාන්තාවක් පළ කර තිබූ කමෙන්ටුවකි. ලක්ෂ පහකට ආසන්න පිරිසක් ඒ අදහස ලයික් දමමින් අනුමත කර තිබිණි.
👉 ඔන්න අහගනිල්ලා... මේ දෙන්නාම කසාද බැඳලා. ළමයි ඉන්නවා. අහවල් තැන දෙන්නා වැඩ කරන්නේ. ඔය පැත්තක හිනාවෙවී ඉන්න කෙල්ලත් ඒ ඔෆිස් එකේ. මේ දැන් මේ මිනිහාගේ වයිෆ් එයාගේ ෆේස්බුක් එකේ තියන විවාහක නමත් වෙනස් කරලා. සේරටම දැන් .......
අසභ්‍ය වචනද සහිත මේ අදහසට ලක්ෂ හතර හමාරක තරම් විශාල පිරිසක් කැමැත්ත පළ කර තිබිණි.
“මේ කැමරාකාරයා මේ දෙන්නාගේ පවුල්වල අයට ලොකු සේවයක් කරලා තියෙන්නේ” යන අදහස ලක්ෂ තුනකට වැඩි පිරිසක් අනුමත කර තිබිණි.
“පාවා දෙන අය දිහා දෙවියෝ බලාගෙන ඉන්නවා කියන්න මේක හොඳ උදාහරණයක්” ආගමික අර්ථයක්ද සහිත මේ ප්‍රතිචාරයට එක් ලක්ෂ විසි දෙදාහක් අනුමැතිය පළ කොට තිබිණි.
“කවදාවත් පිරිමි කෙනෙකුට ඔබව මේ තරම් පහත් තත්ත්වෙකට දාන්න ඉඩ දෙන්න එපා.”
“අයියෝ එයාගේ අසරණ බිරිඳ”
“මෙච්චර සෙනඟ ගොඩක් ඉන්න තැනක මේ දෙන්නාවම කැමරාවට අහුවුණේ අනිත් අයව රවට්ටන මිනිස්සු ගැන දෙවියෝ බලාගන්න නිසා.”
👉 මේ ආදි වශයෙන් වූ දහස් ගණනක් ප්‍රතිචාරවලට දහස් ගණනින් හෝ ලක්ෂ ගණනින් අන් අයගේ අනුමැතියද ලැබී තිබිණි. මේවායින් අපට පෙනී යන්නේ කුමක්ද?
👉 බටහිර සමාජයේ අසීමිත ලිංගික නිදහසක් ඇති බවත්, ඔවුන්ට අනියම් සම්බන්ධතා ඉතා සාමාන්‍ය දේවල් බවත් ලංකාවේ බොහෝදෙනා විශ්වාස කරති. එමෙන්ම බටහිර සමාජයේ පුදුමාකාර පෞද්ගලික නිදහසක් ඇති බවත්, අනෙකාගේ ඕපාදූප සෙවීමට ඔවුන් නොපෙළඹෙන බවත්, අපේ රටේ ජනයා අතර ජනප්‍රිය මතයකි.
👉 සුද්දන්ට සෙක්ස් මැජික් නෙමෙයි... සුද්දන්ට සෙක්ස් ඇරියස් නෑ... අනිත් මිනිස්සුන්ගේ ගරුත්වය ගැන සුද්දෝ හරියට හිතනවා... ලංකාවේ ගෝත්‍රිකයෝ වගේ සුද්දෝ අනුන්ගේ කුණු හොයන්නේ නෑ... මේවා සුද්දන් ගැන කතා කිරීමේදී නිතර රැඩිකල් ලාංකිකයන් වෙතින් අසන්නට ලැබෙන වර්ණනාය. ලෝකය ගැන කිසිවක් නොදන්නා සාමාන්‍ය මිනිස්සු සමාජ මාධ්‍යවල පළවන මෙවැනි විකාරරූපී අදහස් සාදරයෙන් වැළඳ ගනිති.
👉 එහෙත් බටහිර රටවල ඔය කියන තරමේ ලිංගික නිදහසක් තිබුණේ නම් සිදු විය යුත්තේ කිසිවෙකු මේවා සතපහකට මායිම් නොකර ඉවත බලාගැනීමය. එසේ වුවද මේ සිදුවීම නිසා මහා සමාජ කැළඹීමක් ඇති වූවා පමණක් නොව අදාළ පුද්ගලයන්ගේ රැකියා, විවාහ ජීවිත ආදියටද එය දරුණු බලපෑමක් ඇති කළේය.
👉 අනියම් සම්බන්ධතා ලෝකයේ කොතැනත් අමුතු දෙයක් නොවුණද මෙහිදී පෙනී ගිය වැදගත් කාරණය වන්නේ ලංකාවේ රැඩිකල් චරිත මෙන් බටහිරයන් ඒවා කථිකාමය වශයෙන් උත්කර්ෂයට නැංවීමට කටයුතු නොකිරීමය. ඒ වෙනුවට කුහක යැයි කියන සදාචාරය ගැන පමණක් නොව ආගමික වටිනාකම් ගැනද ඔවුන් මෙහිදී අදහස් පළ කොට තිබේ.
👉 ලිංගිකත්වය සම්බන්ධව විවිධ සංස්කෘතින්වල ඇති ප්‍රතිචාර වෙනස් විය හැකි වුවද, අප සිතන ආකාරයේ පරම උත්තරීතර ලිංගික නිදහසක් ලෝකයේ කිසිදු සංස්කෘතියක නැති බවට මෙය කදිම නිදසුනකි.
👉 අන් සෑම තැනකම මෙන් බටහිර රටවල ජීවත් වන්නේද, අනුන්ගේ ලිංගික ප්‍රශ්න ආදි ඕපාදූප ගැන හොයන, අනුන්ට හිනාවෙන, සමච්චල් කරන, අනෙකා බරපතළ අපහසුතාවට පත් කොට තමන් එයින් වින්දනයක් ලබන, අනෙකාගේ විපත තළු මරමින් රස විඳින, ලිංගික ඊර්ෂයාවෙන් දැවෙන ජාගර මනසක් සහිත මිනිසුන් මිස දෙවි දේවතාවුන් නොවේ. එය හුදු සංස්කෘතිය ගැන ප්‍රශ්නයකට වඩා මිනිසාගේ ජාගර මානසිකත්වය සම්බන්ධ ප්‍රශ්නයකි.
👉 සංස්කෘතිය ගැන සලකා බැලුවද මේ සිදුවීමට බටහිර සමාජය ප්‍රතිචාර දක්වන ලද්දේ ගෝත්‍රික යැයි කියන ලංකාවේ මිනිස්සුන්ටත් වඩා දරුණු හා අශීලාචාර ආකාරයෙනි.
👉 මේ සියල්ල පසෙක තබා මෙය හුදු අහඹු සිදුවීමක් යැයි තර්ක කරන අයට කිව හැක්කේ මේ ආකාරයේ එකම සිදුවීම මෙය නොවන බවය. එවැනි තව බොහෝ සිදුවීම් තිබේ. එක් සිදුවීමක් වුවද එයට මිලියන ගණනක් ජනයා දැක්වූ ප්‍රතිචාර ඔස්සේ අපට ලැබෙන පණිවුඩය කිසිසේත්ම සරල එකක්ද නොවේ.
👉 ඒ අනුව මෙහි අරමුණ බටහිර ලෝකයේ සියල්ල නරක බව හෝ අපේ සංස්කෘතිය ඇතුළු අපේ සියලු දේවල් හොඳ බව කියමින් ලෝකය කළු සුදු වශයෙන් දෙකට බෙදීම නොවේ.
👉 එසේ වුවද ලංකාවේ බොහෝදෙනා බටහිර ලෝකය අතිශය ශිෂ්ට දියුණු සහ පරමාදර්ශී එකක් යැයි සලකමින්, අපේ සංස්කෘතිය පමණක් අතිශය ගෝත්‍රික නොදියුණු එකක් ලෙස සලකමින් ඊට ගැරහීමට පුරුදුව සිටිති.
👉 එහෙයින් මේ ලිපියේ අරමුණ ඒ පටු බෙදීමට එරෙහිව ඒ රටවල සැබෑ තත්ත්වය කරුණු සහිතව පැහැදිලි කිරීම මිස, බටහිර සියලු දේ නරකය වැනි පැතලි අදහසක් සමාජගත කිරීම නොවේ.
👉 ඒ අනුව අප කළ යුත්තේ සෑම සංස්කෘතියකම ඊට අනන්‍ය ප්‍රබලතා දුබලතා ඇති බවත්, සෑම සංස්කෘතියකම සාධනීය නිෂේධනීය දේවල් පවතින බවත් පිළිගනිමින්, මිනිසාගේ ජාගර මනසේ ස්වභාවයද මැදහත්ව හදුනාගැනීමය. ඒ සඳහා මේ සිදුවීම් දෙක අපට කදිම පිටුබලයක් සපයා දෙයි.
(සති අග අරුණ පුවත්පතේ පළ වූ ලිපියක සාරාංශයකි. ඡායාරූපයේ දැක්වෙනුයේ ඇන්ඩි රැකියාවෙන් ඉවත් වූ පුවත එරට පුවත්පතක් ඉතා අශෝභන ලෙස මුල් පිටුවේම පළ කර තිබූ ආකාරයයි.)
ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්