News Category
From Date
To Date
Maximum Number of Result

කැබිනට් තීරණය නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? - අජිත් අමරසිංහ

Jan 30, 2026 at 06:07 AM
|

නව වසර උදාවත් සමඟම  “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ  05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා  අංක 05 වෙනි තීරණ  කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි  බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීමයි.

විප්ලවීය තීරණ

බැලූ බැල්මට ජනතා සුවසෙත සඳහා ගනු ලැබ ඇතැයි වැටහීමට ඉඩඇති මේ තීරණ දෙකෙහි මුල් තීරණය රජයේ රෝහල්වල සිදුවන රෝග පරීක්ශණ පිලිබඳවයි.  මෙයට අනුව  සී.ටී ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර්, ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍ර මිලදී ගැනීමට හා හෘද රෝග චිකිත්සක ඒකක, ස්වයංක්‍රීය රුධිර පරීක්ෂණ ඒකක පිහිටුවීම සඳහා රජයට අරමුදල් හිඟයක් ඇත. එසේම මේ උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වැඩිය. එනිසා මේ පහසුකම් රජයේ රෝහල්වල හිඟවීම හේතුකොට ගෙන, රජයේ රෝහල්වල පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රමාදයන් සිදුවේ. මෙයට විසඳුමක් ලෙස මේ පරීක්ශණ පුද්ගලික අංශය විසින් සපයනු ලබන යන්ත්‍ර හෝ ඒකක මගින් සිදුකොට, ඒ සඳහා ගෙවීම් රජය විසින් පුද්ගලික අංශයට කරනු ඇත.මේ ගෙවීම් සිදුකරණු ඇත්තේ පිළිගත් ක්‍රියාපටිපාටියක් ඔස්සේය. මෙය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුල සිදුකෙරෙනු ඇත.

“කැබිනට් අනුමැතිය ලද මේ යෝජනාවල මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පැවති දිශානතිය මුළුමනිමන්ම වෙනස් කෙරන භයානක මූලධර්මයන් ගැබ්ව ඇත.”

දෙවෙනි තීරණය දැනට රජයේ රෝහල් 80 ක ඇති වකුගඩු රෝග සඳහා ඇති  කාන්දුකරණ ඒකක පිළිබඳවයි. මින් ඉදිරියට කාන්දුකරණ යන්ත්‍ර සැපයීමේ සිට, ඒ යන්ත්‍රවලට අවශ්‍ය උපාංග සැපයීම, කාන්දුකරණ දියර මිලදී ගැනීම දක්වා සියලු කටයුතු පුද්ගලික අංශය විසින් සිදුකරනු ලැබේ. මෙහිදී මේවාට මුල්‍යමය ආයෝජනයද, ඒවා පවත්වාගෙන යාමද පුද්ගලික අංශය විසින් කරනු ලබන අතර, රජය විසින් ඒ ඒකක පවත්වාගෙන යාමට යටිතල පහසුකම් හා සායනික උපදේශක සේවාවාන් සපයනු ලැබේ. රජය පුද්ගලික අංශයෙන් සපයන සේවාවන් සඳහා පුද්ගලික අංශයට ගෙවීම් කරනු ඇත. මෙයද රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුල සිදුකෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ නිදහස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පදනම

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට රාජ්‍ය බටහිර වෛද්‍ය සේවාව ආරම්භ වූයේ මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙසය.1930 ගනන් වල මැලේරියා වසංගතය නිසා ලංකාවේ මුලු ජනගහනයෙන් 10% පමණ මියයෑමෙන් පසු මේ සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් කිරීම අවශ්‍යවූ අතර, මේ වනවිට මුලු බාහිර රෝගීන්ගෙන් 50% ක්ද, නේවාසික රෝගීන්ගෙන් 95% කට අධික ප්‍රමාණයක්ද ප්‍රතිකාර ගන්නේ, රාජ්‍ය සෞඛ්‍ය සේවයෙනි. මේ දැවැන්ත සෞඛ්‍ය සේවය මේ දක්වා මුලුමනින්ම පවත්වාගෙන යනු ලැබුවේ රජයේ මූල්‍ය දායකත්වයෙනි. සාමාන්‍ය ජනතාව නොදැන සිටියත්, රජය වැයකරන මුදලට සාපේක්ශව ජනතාව ලබන ප්‍රතිලාභ අතින් ලොවේ විශිෂ්ඨතම වෛද්‍ය සේවාවක් ලෙස ලංකාවේ සෞඛ්‍ය සේවය ලෝක බැංකුවේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම් ලබා ඇත.මේ දක්වා කිසිවිටකත් පුද්ගලික අංශය, රාජ්‍ය සෞඛය සේවයට ප්‍රාග්ධන දායකයෙකු ලෙස හවුල්වී නොමැත.

මෙයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පවතින්නේ ජනතාවට සේවය සපයන සේවාවක් ලෙසයි. එනිසා ඒ සෞඛ්‍ය සේවයට රජය කරන ආයෝජනයට කෙටිකාලීන මූල්‍යමය ප්‍රතිලාභයක් කිසිසේත් රාජ්‍යය බලාපොරොත්තු නොවේ. රාජ්‍යයේ මූලික පරමාර්ථය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් තැනීමයි. මෙයට ප්‍රතිවිරුද්ධව පුද්ගලික අංශය විසින් සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී රෝගීන්ට සපයන සේවාවන්ගෙන් කෙටිකාලීනව මූල්‍යමය ප්‍රතිලාභ ලැබීම ඒ අංශයේ මූලික පරමාර්ථය වේ.

යා දෙක නොරත රත

මෙවන් ප්‍රාථමික වෙනස්කමක් තිබෙන ක්‍රම දෙකක් බද්ධ කිරීමට යාමේදී බරපතල ගැටළු රැසක් ඇතිවේ. පුද්ගලික අංශය රජය වෙනුවෙන් හෝ යම් ආයෝජනයක් කරනුයේ ඒ ආයෝජනය සඳහා මූල්‍යමය ප්‍රතිලාභ ලැබීමේ අරමුණෙනි. එනිසා ලාභය නොව සේවාව මුල්කොට පවතින ක්‍රමය විශාල අවුලකට යයි. පුද්ගලික අංශය තමන් කරන සේවාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම නොවෙනස්වන සුලු හෝ අවම ආදායමක් හෝ නිශ්චිත කාලසීමාවක් තුල බලාපොරොත්තුවේ. මේ මුදල ලබාදීමට රජය බැඳී සිටින අතර යම් හෙයකින් ඒ ගෙවීම රජයට කලනොහැකි නම් එවිට සිදුවනුයේ පුද්ගලික සමාගම තමන් සපයන සේවාවන් සීමා කිරීමයි. එවිට දුක් විඳින්නේ මේ සේවාවන් ලබාගත නොහැකි වන රෝගී ජනතාවයි.

මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව විනාශකල අයුරු

මෙවැනි පුද්ගලික අංශයේ මූලධර්ම එතෙක් රජය විසින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට එක්කර, එය අද වනවිට මුලුමනින්ම විනාශකිරීමට මග පෑදුවේ අන්ත දක්ශිණාංශික බ්‍රිතාන්‍ය අගමැතිනියකවූ මාග්‍රට් තැචර්ය. ඇය මෙවන් රාජ්‍ය-පුද්ගලික හවුල් ක්‍රියාකාරිත්වයන්ද, පුද්ගලික අංශයේ සංකලපද බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට හඳුන්වාදුණි. අද වනවිටත් එය මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙස එය පැවතියත්, එයින් ජනතාවට ලැබෙන සේවාව අන්ත දුර්වලය. බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ශල්‍යකර්මයක් කරගැනීමේ පොරොත්තු කාලය වසර කිහිපයකි. සති අන්තවල රෝගීන් වෛද්‍යවරුන් නැතිව අසරණය. හදිසි රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහලකට යන රෝගියෙකුට වෛද්‍යවරයෙකු මුන ගැසීමට පැය 12 කට වැඩි කලක් රස්තියාදුවීමට සිදුවන අවස්ථා අපමණය.

මෙසේ රෝග සත්කාර සේවා දුර්වල වුවත්, පුද්ගලික අංශයේ මූලධර්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවට හඳුන්වාදීමෙන් පසු එහි රජයේ සෞඛ්‍ය වියදම් අහස උසට නැඟ ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම ඩොලර් 6025 ක් වන අතර ලංකාවේ එය ඩොලර් 260 කි. මෙය සිදුවූයේ කෙසේද යන්නත්, ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවයට මාග්‍රට් තැචර්ගේ භයානක සංකල්පය හඳුන්වාදීමෙන් එය වලපල්ලට යෑමේ ක්‍රියාදාමය ආරම්භවන්නේ කෙසේද යන්නත්, මෙයට වඩා දීර්ඝව පැහැදිලි කලයුතුය. එය ඉදිරියේදී ලිපි පෙලකින් සිදුකෙරනු ඇත.

මහනුවර කාන්දුකරණ  ඒකකයට යන්ත්‍ර  ගත්තේ කෙසේද?

මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් අන්දමට මෙසේ පුද්ගලික අංශයේ මුදල් යොදා ගත යුත්තේ  රජයට මේ උපකරණ මිලදී ගැනීමට අරමුදල් නැති නිසාය. මෙය අමූලික අසත්‍යයකි. 2025 වසරේ රජය සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කල මුදල් වලින් 80% ක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නැවත භාණ්ඩාගාරයට ලැබී ඇත. එසේම මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වන්නේ යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ නිසා, ඒවා සැපයීම පුද්ගලික අංශයට භාරදෙන බවයි. මෙයද නොදැනුවත්කම නිසා කරන ප්‍රකාශයකි. යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියට වඩා පුද්ගලික අංශයෙන් තාක්ශණික සේවාවක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතිශයෙන්ම සංකීර්ණය. එනිසාම එය දූෂණයට මගපාදනු ඇත.

මේ පදනම මත පුද්ගලික අංශය විසින් සවිකරන ලද කාන්දුකරන යන්ත්‍ර මහනුවර ශික්ෂණ රෝහලේ ඇතිබව මේ කැබිනට් ප්‍රතිකාවේ සඳහන්ව ඇත. කුප්‍රකට දූෂිත හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකුගේ නිජබිම වන මහනුවර මේ පදනම මත යන්ත්‍ර සවිකර ඇත්තේ නම් වහා කලයුතුව ඇත්තේ එසේ සවිකිරීමට සම්බන්ධවූ නිලධාරීන් එයට පෙර නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර එසේ කලේදැයි, විගණන පරීක්ශණයක් පවත්වා සොයා බැලීමයි. එසේ  නැතිනම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමයි.

ලංකාවේ තැචර්ගේ හොල්මන

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මෙවන් භයානක සංකල්ප මගින් වලපල්ලට යවා ඒ නිසා මහ ජනතාවත්, රෝගීනුත්, රෝහල් සේවානනුත්, සේවකයනුත් අනතුරේ හෙලූ මාග්‍රට් තැචර් මියගොස් දැනට වසර  ගනනාවක් ගතවී ඇත. එහෙත් ඇයගේ පිරිමි අවතාරය රතු කමිසයකින් හා රතු තොප්පියකින් සැරසී ලංකාවෙන් මතුව ඇත. මේ අවතාරය පෙනුණු සැනින් එයට විරුද්ධවීම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීම පරමාර්ථය කරගත් සියලුදෙනා විසින් වහා කල යුතුය. කැබිනට් පත්‍රිකාවේ සඳහන් මේ භයානක යෝජනා වහා ඉවත්කර නොගතහොත්, ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ මළබෙරය එයම වනු ඇත.

- අජිත් අමරසිංහ

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ මනිපාල් විශ්ව විද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිලිබඳව එම්. බී .ඒ උපාධියක් ලබා ඇත.)

(Sri Lanka Brief)


සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.