News Category
From Date
To Date
Maximum Number of Result

රෝහණ විජේවීර රුසියාවේ අධ්‍යාපනයට යැවූ ඊලියන් නානායක්කාර

Jan 28, 2026 at 09:38 AM
|

කඹුරුපිටිය ආසනයේ ඇති දිගම පාසල් ගොඩනැගිල්ල යටියන මහා විද්‍යාලයට ලබාදීම කළ ඊලියන් නානායක්කාර

අප කඹුරුපිටියේ  ඊලියන් නානායක්කාර නමැති දේශපාලනඥයා පිළිබඳව අසා තිබුණි. දේශපාලනයට පිවිසීමට පෙර මාතර උසාවි වල නීතිඥ වෘත්තියේ යෙදී සිටි ඊලියන් මහානාග නානායක්කාර මහතා මෙලොව එළිය දුටුවේ 1922 සැප්තැම්බර් 18 වැනි දිනය. ඒ ගිරුවා පත්තුවේ නාකුළුගමුවේදීය. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහුට දෙවැනි ලෝක මහා සංග්‍රාමය පටන් ගැනීම නිසා දෙටු පෙළ විභාගයට පෙනී සිටීමට ඔන්න මෙන්න කියා තිබියදී කොළඹට බෝම්බ දමයි යන බියෙන් ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඔහු ඉවත් කර ගැනිණි.

ඉන්පසුව ඔහු පන්නිපිටිය ධර්මපාල විදුහලටත්, මාතර රාහුල මහා විද්‍යාලයටත් ඇතුළත් කෙරුණු අතර අවසානයේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී සිය දෙටු පෙළ විභාගය සහ මෙට්‍රි කියුලේෂන් විභාගය ද ඉහළින් සමත් විය. 1945 දී නීති විද්‍යාලයට ඇතුළත්වී එහි අධ්‍යාපනය හමාර කළේ ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක්ද සහිතවය. නීතිඥ විභාගය සමත් වුවද වාමාංශික දේශපාලනයට එක්වීම නිසා නීතිඥයකු ලෙස දිවුරුම් දීමට හැකි වූයේ 1949 දීය. තම වෘත්තියේ යෙදීමට තමා උපන් ගම් ප්‍රදේශයම තෝරාගත් අධිනීතිඥ ඊලියන් නානායක්කාර මහතාට මාතර උසාවියේ ප්‍රමුඛ පෙළේ නීතිඥයකු වීමට ගතවූයේ ඉතාමත් සුළු කාලයකි. වයෝවෘද්ධ වීම හා අසනීප වීම හේතුකොට මාතර උසාවි සංකීර්ණය හැර යන තෙක්ම කවර නගරයක, කුමන උසාවියක පෙනී සිටියද සිය වෘත්තියේ යෙදීමේදී ඔහුට සුවිශේෂී තත්ත්වයක් තිබූ බව නොකියාම බැරිය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ දේශපාලනයට හිරිමල් වයසේදීම එක් වූ නානායක්කාර මහතා කොමියුනිස්ට් පක්ෂය ජනතාව අතරට ගෙන යන්නට කැපවී ක්‍රියා කළේය.  අප කුඩා කලම ඔහු ගැන දැන ගත්තේ ඔහුගේ මෙම වාමාංශික දේශපාලන වැඩ කටයුතු හේතුවෙනි. රාජ්‍ය මන්ත්‍රණ සමයේ සිටම වාමාංශික හා මාක්ස්වාදී දේශපාලනය දකුණෙන් මාතර දිස්ත්‍රික්කය දක්වාත්, දිවයිනේ ඉතාම නොදියුණු මට්ටම පැවැති කැලණිවැලි මිටියාවතහා බිබිල වැනි ප්‍රදේශ දක්වාත් ව්‍යාප්ත වී තිබුණි. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා හැරුනු විට ප්‍රේමලාල් කුමාර සිරි, ඩොරින් වික්‍රමසිංහ, හැරී අභය ගුණවර්ධන, මහානාම සමරවීර, පර්සි වික්‍රමසිංහ, බී.වයි. තුඩාව, සරත් මුත්තෙට්ටුවේගම, ඊලියන් නානායක්කාර යන අයත්, පසුව ඊ. ඒ. සමරසිංහ,චන්ද්‍රසිරි ගජධීර.විරසුමන වීරසිංහ  ඉන්දික ගුණවර්ධන වැනි අයත්, කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර අනෙක් ප්‍රධාන වාමාංශික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය කොළඹ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, මොනරාගල, කළුතර, ගම්පහ ආදී දිස්ත්‍රික්කවල ආසන බොහොමයක් දිනා ගත්තේය.

කඹුරුපිටිය ආසනයේ ඇති දිගම පාසල් ගොඩනැගිල්ල යටියන මහා විද්‍යාලයට ලබාදීම, තම ආසනයේ බොහෝ ප්‍රදේශවල මහා මාර්ග විදුලිය ලබාදීම වැනි කටයුතු මගින් තම ප්‍රදේශයේ අධ්‍යාපනය නගා සිටු වීමට ඔහු කළ සේවය කිසිදා අමතක නොවේ. 

අප බිරිඳත් කුඩා දියණියන් තිදෙනාත් සමග උත්සවයකට සහභාගි වීමට යමින් සිටියදී මාතර නගරයට පිවිසීමට පෙර හදිසියේ පාර හරහා දිවගිය හරකකුගේ ඇකේ හැපීමෙන් මගේ මෝටර් රථයේ ඉදිරිපසට හානි සිදුවූ අතර වාහනයේ එන්ජිම සිසිල් කිරීමට ඇති වතුර රඳවනය කැඩියාමෙන් නිතර වතුර වත් කරමින් වාහනය පැදවීමට මට සිදු විය. මේ අවස්ථාවේදී අපට පිහිටට ආවේ එතෙක් කවදාවත් දැක හෝ දැන නොසිටි ඊලියන් නානායක්කාර මහතාය. කිසිදු දැන හැඳුනුම්කම් අපට ඒ වනතෙක්ම ඔහු සමග නොවීය. අබලන්ව තිබූ මගේ රථය වෙනුවට එතුමාගේ බෙන්ස් රථය අපට දුණි. එතුමාගේ රථයෙන් ගොස් මඟුලට සහභාගි වී එන විටත් මගේ රථය අලුත්වැඩියා කිරීම අවසන් කර නොතිබුණෙන් අපේ පවුලේ අයටත්, මා සමග එම මංගල්‍යයට සහභාගි වීමට ගිය මගේ සොයුරාටත් එදින රාත්‍රී නවාතැන් හා කැම බීම සැපයීමද ඊලියන් නානායක්කාර මහතා අතින් සිදුවිය. පසුදා වාහනය අලුත්වැඩියා කර අප වෙත ලැබුණු අතර කොළඹට පිටත් වීමට පෙර අප නිසා වැයවුණු අධික මුදලට තිසියම් සම්මාදමක් වීමට සැරසෙද්දී ඊලියන් නානායක්කාර මහතා එය ද එක හෙළා ප්‍රතික්ෂේප කළේය.

1960 මාර්තු මැතිවරණයේදී දෙවිනුවර අසුනට තරග කර සාර්ථකත්වයට පත්විය නොහැකි වුවත් 1970 මහ මැතිවරණයේදී කඹුරුපිටිය ආසනයට ශ්‍රී කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කොට ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින්

ආසනය ජයගත් ඊලියන් නානායක්කාර මහතා මෙතෙක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබුණු දක්ෂතම, බුද්ධිමත් හා උගත් දේශපාලඥයන්ගෙන් සමන්විත වූ 1970 දශකයේ මහජන නියෝජිත සභාවල මන්ත්‍රීවරයකු වන්නට වාසනාවන්ත විය.

1977 දී ලද දරුණු පරාජයෙන් පසුව නැවතත් කොමියුනිස්ට් පක්ෂත්, වාමාංශයත් ගොඩ නැගීමට උරදුන් නානායක්කාර මහතා පළාත් සභා ආරම්භක මැතිවරණයට පෙනී සිට දකුණු පළාත් සභාවට තේරී පත්විය. ප්‍රතිපත්ති ගරුක, අවංක දේශපාලනඥයන් අතහැර දමමින් ඉන්පසු මැතිවරණ වලදී ජනතාව බොරු ශොභනකාරයන් වෙතට හැරෙද්දී 1993 න් පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් වෙන්වී ගියත් ඊලියන් නානායක්කාර මහතා කොමියුනිස්ට් පක්ෂයේ දිගටම රැඳී සිටියේය.

කඹුරුපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සිටියදී විශේෂයෙන් තම ආසනයටත්, පොදුවේ දකුණු පළාතට රටටත් ප්‍රයෝජනවත් සේවා වලට අත හිත දුන් ඊලියන් නානායක්කාර මහතා කඹුරුපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය රටේ ප්‍රමුඛ පෙළේ සමිතියක් බවට දියුණු කිරීමට කටයුතු කළේය. විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියා විරහිතව සිටි උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ලා ඔහු විශිෂ්ට සේවාවක් ඉටු කළේය. එදා රැකියාවක් නොමැතිව සිටි  පසුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වූ  එස්. බී. දිසානායක මහතාට පවා කඹුරුපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ රැකියාවක් ලබාදීමට ඊලියන් නානායක්කාර මහතා

ක්‍රියා කළේය. 1980 දශකයේ ජ.වී. පෙ. සාමාජිකයකු ලෙස කටයුතු කළ හිටපු  වෘත්තීය පුහුණු කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාටද, නොයෙක් අවස්ථා වලදී ඊලියන් නානායක්කාර මහතාගේ සහාය ලැබුණි. ජනතා විමුක්ති පෙරමුණු නායක රෝහණ විජේවීර මහතා රුසියාවට යවා අධ්‍යාපන කටයුතු කිරීමට මුල් වූයේද ඔහුය. සටන්කාමීන් ලෙස පෙනී සිටි වාමාංශික දේශපාලඥයන්ගෙන් පන්නරය ලැබූ මහින්ද විජේසේකර හා එස්. බී. දිසානායක වැන්නන්  එදා සිටි දේශපාලනයේ නොසිටියත් ඔවුන්ට මෙන්ම මංගල සමරවීර, ඩලස් අලහප්පෙරුම, ඊ. ඒ. සමරසිංහ, ඩැනී හීත්තැටියගේ වැනි දේශපාලනඥයන්ට ද කිසියම් හෝ මග පෙන්වීමක් ඊලියන් නානායක්කාර මහතාගෙන් ලැබුණු බව නොරහසකි.

1993 දී පළාත් සභාවට තරග කිරීමද නතර කළ ඔහු දේශපාලනයෙන් සම්පුර්ණයෙන්ම ඈත්වී පසුව රුහුණු විශ්ව විද්‍යාලයීය පාලක සභාවේ සාමාජිකයකු ලෙසත්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයකු ලෙසත් සේවය කළේය.

ඔහුට නිවන්සුව පතමු

හිටපු පුවත්පත් කොමසාරිස්

එස්. දම්මුල්ල තැබූ සටහනක් ඇසුරෙන් 


සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.