පාසල් වල විභාග ඔක්කොම නැති කරලා 6 ශ්‍රේණියෙ ඉඳලා ඉහළට දරුවන්ට විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එක...
මේ තමයි, 6 ශ්‍රේනියෙ ඉඳලා ඉහළට පාසල් වල විභාග ඔක්කොම නැති කරලා, දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එකේ ලකුණු වගුව.

❌ ඔය තුන්වෙනි තීරුවේ තියෙන ජී.පී වී අගය හැදෙන්නේ, පන්ති කාමරයේ ළමයා වැඩ කරන විදිය අනුව 70%කුත්, එක මොඩියුල් එකක් අවසානයේ තියෙන මාසික පරීක්ෂණය වගේ සුළු ඇගයීමකින් 30%ක් වශයෙන් ලකුණු එකතුවෙලා.
❌ අධ්‍යාපනයේ විභාග තරගකාරී බව අඩුකරන්න, පාවිච්චි කරන්න යෝජනා කරපු ක්‍රමය තමයි විභාග සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක.
හය වසරෙන් පස්සේ ටෙක්නිකලි ඕ ලෙවල් වෙනකන් තියෙන සියලු විභාග අවලංගු වෙනවා මේ ක්‍රමයට අනුව.
❌ පාසල් වල මේ වෙනකොට තියෙන්නේ Exam Based ranking එකක්. අඩුම ගානේ තමන්ගේ පළාත් සභාවෙන්වත් එවන standard Test paper එකක් තමයි හැම ළමයෙකුටම ලැබෙන්නේ.
ඒ කිව්වේ ඒක ගුරුවරුන්ටවත් විදුහල්පතිටවත් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයටවත්, දෙමව්පියන්ටත් පහසුවෙන් බලපෑම් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෙවෙයි. බලපෑම් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ, බලපෑම් කරන්න තියෙන අවස්ථාව අඩුයි කියලා.
❌ මේ ස්වාධීන (Objective) ක්‍රමය අයින් කරලා, විභාග ටික දිය කරලා දාලා, GPV ලකුන, ඉතා පහසුවෙන් පක්ෂග්‍රාහී විදියට වෙනස් කරන්න පුළුවන් තැනට පහල දාන එකේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි නෑ.
❌ අපේ රටේ පාසල් පද්ධතිය සහ ඒවගේ ෆේවරේෂන් වෙන හැටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ වගේ සිස්ටම් එකකට කැමති වෙන්න හේතුවක් නෑ.
❌ මේ විසඳුමෙන් වෙන්නේ, ප්‍රශ්නය විසඳෙන එක වෙනුවට ප්‍රශ්නය විස්ථාපනය වෙන එක.
ඒ කිව්වේ, දැන් ටියුෂන් ගිහිල්ලා උත්සාහ කරලා විභාගයෙන් වැඩි ලකුණක් ගන්න ක්‍රමය, වඩා සරල කරලා ඒ බලය ගමට, පාසලට දෙමව්පියන්ගෙ අතට බෙදලා දීපු එක තමයි මේ වෙලා තියෙන්නේ.
දැන් දරුවා ටියුෂන් යවලා මහන්සි වෙන්න අවශ්‍ය නෑ, ඉතා පහසුවෙන් පාසලට අල්ලස් දීල ළමයගේ ජී.පී වී එක වැඩි කරගන්න පුළුවන්.
ඒක විභාගයකින් ලකුණු ගන්නවට වඩා ලේසියි. මේවට කියන්නෙ Subjective Assessment methods කියලා. අන්ත දූෂිත ක්‍රම.
❌ අමතක නොකර සඳහන් කරන්න ඕන කාරණය තමයි, ඉස්කෝලෙන් අස් වෙනකොට දෙන අස්වීම් සහතිකේ පවා මේ GPV, GPA අගයන්, වසරෙන් වසර සහ විෂයගෙන් විෂයට වෙනම සඳහන් කරනවා කියලා තියනවා.
ඒ කියන්නේ රස්සාවකට යනකොට, කොතැනක හෝ තරගකාරී තේරීමක් තියෙන තැනකදි මේ ගන්න ජී.පී.ඒ අගය ජීවිත කාලය පුරාම හොල්මන් කරනවා.
❌ අපි වගේ ඉතාම සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න දෙමව්පියෝ නොකරන දෙයක් නෑ. (Parents go any length)
ඉතින් ඔයාලට ඉස්සරහට, බොහෝ විට ටියුෂන් ක්ෂේත්‍රය ක්ශය වෙලා යනවා බලන්න පුළුවන් වගේම, විවිධ ආකාරයේ අල්ලස් පාසල් පද්ධතිය ගිල ගන්න හැටිත් බලාගන්න පුලුවන් වෙයි.
❌ ලෝකයේ නවෝත්පාදන අඩු, වේගවත් ආර්ථික වර්ධනයක් නැති, ස්වභාවික සම්පත් අඩු රටක තරගකාරී නොවන අධ්‍යාපන ක්‍රම පවතින්නෙ නෑ.
පින් ලන්තයේ, ස්වීඩනයේ වගේ උතුරු යුරෝපීය රටවල්වල තියෙන කැඳයො හදන ඉන්හෙරිටන්ට්ලි ඔතෑනි අසාර්ථක අධ්‍යාපන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ.ඒ ගැන වෙනම දවසක කතා කරමු.
ඉලක්ක, කඩයිම්, තරඟ විභාග නැති උනාම වෙන්නේ අනාගත පරම්පරාව මෝඩයෝ වෙන එක විතරයි. (Good times create weak men).
❌ අපි කැමැති උනත් අකමැතිි වුණත්, මේ ලෝකය කියන්නේම තරඟයක් තමයි. පාසල්වල විභාග ඒකෙ කොටසක්.
❌ කරුණාකරලා,මේ කන්සෙප්ට් පේපර් එක කියවලා වෙන අවශේෂ කුණුහරුප නැතුව, මේ මාතෘකාව කතා කරන්න
කුනුහරුප වෙබ් සයිට් වත්, ධර්ම චක්‍රයේ හැඩයවත් නෙවෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ගැඹුරු ප්‍රශ්නය. කරුණාකර ප්‍රශ්නය නිවැරදිව ග්‍රහණය කරගන්න.
එහෙම නැත්නම්, තව අවුරුදු දහයක් විතර ගිහිල්ලා, මේ වගේ ප්‍රතිඵල රටක් විදියටම විඳින්නත් අපි හැමෝම හිත හදාගන්න. 🙏
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..