රාජා.... හෝ.... මා හෝ.... ගංගා හෝ
"රාජා.... හෝ.... මා හෝ.... ගංගා හෝ.... යන්න මන්තරයක් නොවේ. එහි අදහස "එක්‌කෝ රාජාට සැනසිල්ලක් ලැබී නින්ද යයි. එසේ නොවුණහොත් රජු අතින් මා මිය යයි. නැතිනම් ගඟ පිටාර ගලා අප දෙදෙනාම ගසාගෙන යයි"
අතුරු මිතුරු දඹදිව තුරු
රාජකපුරු සෙට්‌ටියා
විවිධ ගුරාලා, කට්‌ටඬියෝ, කපුවෝ පිළිබඳ පුවත් අද නිතර ජනමාධ්‍යවලින් වාර්තා වේ.
ඉතිහාසය හා සම්බන්ධ එවැනිම ගුරෙක් පිළිබඳ කතාවක් ඔබට ගෙනහැර පෑමයි. මේ ගුරා නිසා අපේ රාජධානියක් පවා බිඳ වැටී සිංහල ජනයා මහත් ඛේදවාඡකයන් ඉරණමකට පත් විය.
දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල්ය. මොහු ඇතුළු පිරිස සෙට්‌ටි, හෙට්‌ටි ආදී නමින් හඳුන්වන ශිව ආගම අදහන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ ආඬි ගුරාලාය.
නමුත් ඇත්තෙන්ම
👉අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් නම් හෙට්‌ටියා යන්ත්‍ර මන්ත්‍ර හෝ ගුප්ත විද්‍යාවද හරියට නොදනී. මොහු ලංකාවට පැමිණියේ සීතාවක රාජසිංහ රජ සමයේය.
මෙකල ලංකාවට පෘතුගීසින්ගෙන් බොහෝ අඩම්තේට්‌ටම් එල්ල වූ අවධියකි. සීතාවක රාජසිංහ රජුද ලංකාද්වීපය පෘතුගීසි ග්‍රහණයෙන් මුදා ගැනීමට නොනිමි අරගලයක නිරතව හෙම්බත්ව සිටියේය.
නිරන්තර හැල හැප්පීම් නිසාත්, සතුරන් කෙරෙහි වූ අසීමිත වෛරය නිසාත් චිත්ත පීඩාවට පත්ව සිටි යුදකාමී, රණශූර රාජසිංහයෝ මානසික සහනයක් පතා වෙන්ඩුපෙරුමාල්ගේ බසට නැඹුරු විය. 👉ඔහුගේ ඉගැන්වීම අනුව රජු බුදු දහම අතහැර ශිව ආගම වැළඳ ගත්තේය.
කැලණි ගඟ මත තැනූ මණ්‌ඩපයක රජු වෙනුවෙන් යාගයක් පැවැත්වීමට සැලසුම් කළ ඔහු එහිදී මන්තරය ලෙස ජප කළේ රාජා.... හෝ.... මා හෝ.... ගංගා හෝ.... යන්නයි. නමුත් එය මන්තරයක් නොවේ. එහි අදහස "එක්‌කෝ රාජාට සැනසිල්ලක් ලැබී නින්ද යයි. එසේ නොවුණහොත් රජු අතින් මා මිය යයි. නැතිනම් ගඟ පිටාර ගලා අප දෙදෙනාම ගසාගෙන යයි" යන අදහසයි.
👉චිත්ත පීඩාව නිසා දින ගණනක් නින්ද නොගිය රජුට මේ ශාන්ති කර්මය අවස්‌ථාවේ හොඳින් නින්ද ගියේය. එය වෙන්aඩුපෙරුමාල්ට වාසනාවක් විය.
මේ නිසා ඔහු කෙරෙහි පැහැදුනු රජු ඔහු කියන කියන තාලයට වැඩ කරන්නට විය.
👉වෙන්ඩුපෙරුමාල්ද රජු නොමඟ යවමින් බිලි පූජා දෙමින් තව තවත් රජුට සමීප විය. රාජධානියේ උසස් තනතුරු, නිලතල සියල්ල ඔහුට හිමිවිය.
දැන් රජුට ඔහුගෙන් තොර ලෝකයක් නැත. රජුගේ සමීපතම මිතුරා හා විශ්වාසවන්තයා ඔහු විය.
මේ අතුරු මිතුරුකම නිසා අවංකව රජුට සේවය කළ අයට රාජධානියේ තැනක් නැති විය.
👉දඹදිවින් පැමිණි මේ අතුරු මිතුරා රාජධානියේ අභ්‍යන්තර කටයුතුවලට අත දමමින් රාජ්‍ය පාලනයේ අවුල් වියවුල් ඇති කළේය.
👉කුකුළන්ගේ බෙල්ල කැපීම වැනි බිලි පූජා නිසා බෞද්ධ සංඝරත්නයත්, බෞද්ධ ජනතාවත් රජුගෙන් දුරස් විය. රජුට සමීපව සිටි අය රජුගෙන් දුරස් විය.
මෙය සීතාවක රාජධානියේ පිරීහිමට ප්‍රබල ලෙස බලපෑවේය. උඩරට සමඟ සටනින් පැරදී
👉පෙතංගොඩ උයනට ආ සීතාවක රාජසිංහ රජුගේ පාදයේ උණ කටුවක් ඇනුණු අවස්‌ථාවේ වෙන්ඩුපෙරුමාල් රාජකීය වෛද්‍යවරුන්ට රජුට ප්‍රතිකාර කිරීමට ඉඩ නොදී තමා එය මන්තර බලයෙන් සුව කරන බව පැවසීය.
👉එසේ කියා ඔහු රාත්‍රි කාලයේ රජුගේ තුවාලයට අශ්ව බෙටි දියකර වක්කළේය. මේ නිසා විෂ බීජ ශරීරගත වූ රජු පිටගැස්‌ම සැදී මරණයට පත් විය.
ඔහු එසේ කළේ රජු මියගිය විට සීතාවක රාජ්‍යයේ බලය තමාට පවරා ගැනීමටය.
එහෙත් රජු මියගොස් නොබෝ දිනකින් පෘතුගීසින් සීතාවක අල්ලා ගත්තේය. ඉතා සටකපට අවස්ථාවාදියෙක් වූ මේ ආඬිගුරා එතැන් පටන් පෘතුගීසින්ට එක් වී ජයවීර බණ්ඩාර නමින් පෙනී සිටියේය. මේ අතර උඩරට විමලධර්ම රජු යෙද වූ උපායක ප්‍රතිඵලයක් ලෙස මේ පුද්ගලයා පෘතුගීසින් විසින්ම මරා දමනු ලැබීය.
මෙසේ සීතාවක රාජධානිය විනාශ මුඛයට ඇද දැමූ මේ ආඬිගුරාට ඇතැමුන් සරදමට මේ වැකිය කියූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම කවියෙන් කියවුණෙ
"මේ හෙට්‌ටියාට සීතාවක රාජධානියේ වැඩවලට අත දාන්න එපා" යන්නයි.
අතුරු මිතුරු දඹදිව තුරු
රාජකපුරු සෙට්‌ටියා
අලුත ගෙනා මනමාලිට
හාල්පතක් ගරාලා
ඉහළ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා
කුකුළ කපල ගේ මුල්ලේ
කිකිළි කපලා දොරමුල්ලේ
අතක් ගනින් හෙට්ටියෝ
- Indu Abenayake -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?