News Category
From Date
To Date
Maximum Number of Result

1972 සිදුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය..

Jan 19, 2026 at 06:51 AM
|

බෙහෙවින් මතභේදයට තුඩු දුන් හය වැනි වසර නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල රජය තාවකාලිකව  අත්හැර දැමුවා ...

නිසි අධ්‍යයනයකින්,

 සැබෑ අරමුණකින් තොරව,

 ජනතාවගේ සිතේ සැක සංකා ඇතිවන ආකාරයේ සිදුවීම් සහිතව,

  කඩිමුඩියේ කරන කටයුතු  සාර්ථක නොවන බවට තවත් උදාහරණයක් ලෙස එය ඉතිහාසයට එක් වුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට නිදහසින් පසුව ප්‍රථම වතාවට මෙරට

පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුළ සිදු වූ විශාලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පාසල් ශිෂ්‍යයන් වශයෙන් ප්‍රථම වරට මුහුණ දීමට සිදු වූයේ අපටයි..

ඒ 1972  වසරේ හයවැනි ශ්‍රේණියේ...

එතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය අනුව දහවැනි ශ්‍රේණියේදී මුහුණ දුන් අපොස සාමාන්‍ය පෙළ

G C E (O/L) / General Certificate of Education Ordinary Level විභාගය වෙනුවට  09 වැනි  ශ්‍රේණිය අවසානයේදී මුහුණ දෙන ජාතික පොදු අධ්‍යයන සහතික පත්‍ර National Certificate of General Education ( N C G E ) විභාගය වෙනුවෙන්..

නව විෂය නිර්දේශය  වසර දෙකක් තිස්සේ සාකච්ඡා කර ඇරඹූ එකක්..

එතෙක් සාමාන්‍ය පෙළට විද්‍යා විෂය  තුනට කඩා ඉගැන්නුවත්, Physics Chemistry Biology ,

නව ක්‍රමය යටතේ 09 වැනි ශ්‍රේණිය අවසානයේ පෙනී සිටින ප්‍රධාන විභාගයේදී,

 එම විෂයන් තුනම එක්කර විද්‍යාව Science යනුවෙන් වූ විෂයේ  ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිදුවුණා..

එමෙන්ම ඉතිහාසය භූගෝලය ප්‍රජාචාරය වැනි විෂයන් එකට එක්කර සමාජ අධ්‍යයනය විෂය  නිර්මාණය කර තිබුණා.

සමාජ අධ්‍යයනය විෂය තුළ  ඉතිහාසයට ඇති තැන අඩුකර තිබුණේ නැහැ..

එහි වැඩිම කොටස වෙන්කර තිබුණේ ඉතිහාසයටයි..

එමෙන්ම එම විෂය ඉගෙනීමේදී වඩාත් සිත් ගන්නා සුළු ආකාරයට 

දරුවන්ගේ සිතට ඇතුල්වීම සඳහා ප්‍රායෝගික 

වැඩසටහන් ඇතුළත් කර තිබුණා..

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ පරිසරය සහ සමාජය වෙත ගොස් ඉගෙන ගැනීම සඳහා පාඩම් රැසක් එයට අන්තර්ගතව තිබුණා..

මට මතක විදියට එම විෂය අපේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා...

( ඉන් වසර නවයකට පසුව 1984 වසරේ ගුරු වෘත්තියට පිවිසි මම,

මගේ පත්වීම විද්‍යා ගුරු පත්වීමක් වුවත්,

 මා එවකට සේවය කළ අම්පාරේ දුෂ්කර ප්‍රදේශයක පාසලේ සමාජ අධ්‍යයනය ගුරුවරයෙක් නැති කාල සීමාවකදී,

ස්ව කැමැත්තෙන්ම එම එම විෂය භාරගෙන ඉගැන්වීම් කටයුතු කළේ විෂයට පාසල් ජීවිතයේ තිබුණු ඇලුම් බව නිසාම වන්නට ඇති..

එමෙන්ම එවර එම පාසලේ හොඳම ප්‍රතිඵලය සඳහන් වූයේ එම විෂය වෙනුවෙන් ) 

එමෙන්ම නවවැනි ශ්‍රේණියේදී මුහුණ දෙන  විභාගයට විෂයයන් දහයක් ඇතුළත් වූ අතර  ප්‍රාග් වෘත්තීය විෂය එක සහ දෙක යනුවෙන් අලුත් විෂයන් දෙකක් ඇතුලත් කර තිබුණා..

එම විෂයන් දෙකට කෘෂිකර්ම කර්මාන්ත  ක්ෂේත්‍රයන් ඇතුලත් වන පරිදි විෂයන් ගණනාවක් තිබූ අතර එයින් දෙකක් තෝරා ගත යුතුව තිබුණා..

කෘෂිකර්මය යටතේ ප්‍රායෝගිකව අනිවාර්යයෙන් කළ යුතු වැඩ කොටසක් එයට අන්තර්ගත වුණා..

ඒ සඳහා ප්‍රදේශයට ගැලපෙන පරිදි තෝරා ගත යුතු  වගාවන් නම්කර තිබුණා..

එමෙන්ම අනෙක්  ප්‍රාග් වෘත්තීය විෂයට ශිෂ්‍යයන්ට  සමාජයේ යම් රැකියා ක්ෂේත්‍රයකට අදාල කර්මාන්තයක් ,

ප්‍රදේශයට අදාළ කර්මාන්තයක්,

 ප්‍රායෝගිකව ඉගෙන ගැනීම සඳහා විෂය නිර්දේශය සකස් කර තිබුණා..

උදාහරණයක් වශයෙන් කොහු කර්මාන්තයට අදාළ පාපිසි නිපදවීම අපේ ගම් ප්‍රදේශයේ පාසලක් විසින් කරා මට මතකයි..

පොල් ලෙලි තලා කොහු ලබා ගැනීමේ සිට ලණු අඹරා එම ලණුවලින් පාපිසි නිර්මාණය කිරීම දක්වා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම කටයුත්තේ එදා නිරත වුණා..

එම කොහු වලට ඩයිවර්ග දමා විවිධ වර්ණ සහ රටා තුළින් අපූරු පාපිසි නිර්මාණය කර තිබුණා මට මතකයි..

ඒවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තරම් හොඳ තත්ත්වයේ නිර්මාණ වුණා..

සමහර පාසල් වල රේඩියෝ අලුත්වැඩියාව  කාර්මික කටයුතු වඩු කර්මාන්තය වැනි දේ ද එම විෂය තුළට ගොනුකරගෙන කටයුතු කළ බව මතකයි..

එම විෂය නිර්දේශය යටතේ 1975 වසරේ දී NCGE විභාගයට අපට පෙනී සිටීමට සිදුවුණා..

එම විභාගයට පෙනී සිට සමත් වෙන අයගේ උසස් පෙළ විෂය නිර්දේශයද වෙනස් කර තිබුණා..

GCE (A/L) වෙනුවට Higher Natural Certificate of Education ( HNCE) විභාගයට සරසවි ප්‍රවේශය සඳහා පෙනී සිටීමට සකස් කර තිබුණා..

උසස්  පෙළ ඉගෙන ගැනීමේ දී පළමු වසරේ දී විද්‍යා අධ්‍යාපනය විෂය ධාරාව හැදෑරීමේදී ගණිත, ජීව විද්‍යා ශිෂ්‍යයන් එකම විෂය නිර්දේශයක් ඉගෙන ගත් අතර ඊළඟ වසර දෙකේදී ධාරා දෙක වෙනම බෙදී ඉගෙන ගැනීමට සකස් කර තිබුණා..

ඒ තිබුණු තවත් සුවිශේෂත්වයක් නම් විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද 

මව් බස ඉංග්‍රීසි සහ සංස්කෘතික උරුමය යන විෂයන් තුනට අනිවාර්යයෙන් පෙනී සිටීමට සිදුවීමයි...

ඒ අනුව උසස්පෙළ කවර විෂය ධාරාවක් ඉගෙන ගත්තත් සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස යන විෂයන් එම විෂය නිර්දේශයට ඇතුල්වී තිබුණා.

සංස්කෘතික උරුමය යටතේ මෙරට ඉතිහාසය සහ රටට දරුවෙකුට ඇලුම් කරන මනසක් ඇතිවිය හැකි ආකාරයට විෂය නිර්දේශය සකස්වී තිබුණා..

එමෙන්ම උසස් පෙළ කවර විෂය ධාරාවක් යටතේ ඉගෙන ගත්තත් ව්‍යාපෘති විෂය නැමැති විෂයද අනිවාර්ය කර තිබූ අතර ව්‍යාපෘති විෂයට සතියේ එක් දිනක එක ළඟ කාල පරිච්ඡේද හතරක් වෙන් කර තිබූ අතර,

  විදුහල පැවති ප්‍රදේශයේ යම් සමාජ සේවා හෝ සංවර්ධන කටයුත්තක් ව්‍යාපෘතියක් ලෙස තෝරා ගෙන වසර දෙකක් තුළදී නිම කිරීමට ඒ සැලසුම් කර තිබුණා..

අප ඒ සඳහා තෝරා ගෙන කටයුතු කළේ ,

රිච්මන්ඩ් විදුහලට සැතපුම් දෙකක් තුනක් පමණ  ඈතින් පිහිටි වටරැක ග්‍රාමයේ ඒ වන විට තිබුණු බරවා රෝගය මර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්..

ගාල්ල සෞඛ්‍ය අධිකාරි කාර්යාලය සමඟ එක්ව  අප විසින් සකස් කරනු ලැබූ වැඩසටහනක් යටතේ එම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ලෙස කරගෙන ගිය බවද මතකයි.

එම විෂය භාරව කටයුතු කළ  බණ්ඩාර සර් ඒ සඳහා අපට මග පෙන්වීම සහ මෙහෙයවීම කළ ආකාරයද විශිෂ්ට බව සඳහන් කළ යුතුයි..

ඔහු අපේ සංස්කෘතික උරුමය විෂය භාර ගුරුවරයා ලෙසද ඉතාමත් හොඳින් හිතට දැනෙන්න එන විෂය ඉගැන්නුවා.

( මංකොල්ල කරුවෙකු විසින් මගේ අත බැදි ඔරලෝසුව  කඩා ගත්තේ ද එම ව්‍යාපෘති විෂයට වට රැක යන ගමනකදී බව සඳහන් විස්තරයක් මම මීට පෙර මුහුණු පොතටද කර තිබුණා)

ව්‍යාපෘති විෂයේ සහ සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස විෂයන්හි ලකුණු සරසවි පිවිසුමට කෙලෙස අදාල වේදැයි අපට හරියටම අද කිව නොහැක්කේ,

 එම අධ්‍යාපන ක්‍රමය 1977 වසරේ බලයට පත් වූ රජය විසින් නැවත වෙනස්කර ය පැරණි ක්‍රමයට සමාන ක්‍රමයකට යාම නිසයි..

ඒ නිසා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් බලාපොරොත්තු ඉලක්කය කරා එදා පරපුරට  යෑමට නොහැකි වුණා..

වසර පහක් කිසිදු ගැටලුවකින් තොරව එම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පැවතුනා.

ඒ 1977 නැවතත් වෙනස් වීමේ හේතුවෙන් අපේ උසස් පෙළ කාලය වසර තුනහමාරක් පමණ දිගට ඇදී ගියා..

අතරමගදී වෙනස් වූ විෂය නිර්දේශය නිසා අපට නැවතත් පැරණි ක්‍රමයට උසස් පෙළට මුහුණ දීමට සිදුවුණා..

ඒ නිසා 1979 වසරේ අපොස උසස් පෙළ විභාග දෙකක් පැරණි දේශය සහ අතුරු නිර්දේශය වශයෙන් පැවතිය අතර  සරසවි වලට සිසුන් බදවා ගැනීමේ දී යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවුනා...

කෙසේ වෙතත් එය  කණ්ඩායම් දෙකටම සාධාරණයක් වන පරිදි අවසානයේ විසඳා ගත් බවද මතකයි..

එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී  අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේ ද නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියේද ගුරු වෘත්තියෙන් සිය ජීවිතය ඇරඹූ  නිහතමානී සරල මිනිසුන් දෙදෙනෙක්..

අධ්‍යාපනය අමාත්‍ය ධුරය දැරූ 

ආචාර්ය  අල්ලාහජ් බදුර්දීන් මහමුද් මහතා ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබූ අතර ,

මාතර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි  නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ බී.වයි .තුඩාවේ මහතා ද ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරබූ කෙනෙක්.....

විශේෂයෙන්ම මෙහිදී මට අද හිතෙන දෙයක් තිබෙනවා..

ආචාර්ය බර්දුදින් මහමුද් මැතිතුමා මුස්ලිම් ජාතිකයෙක්..

රටක අනාගතයේ තීරණය වන අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනස් කළේ ඔහු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන්..

එහෙත් ගැටලුවක් ඇති නොවන පරිදි සියලු දෙනාගේ සිත් දිනාගෙන,

අත්දැකීම් වලින් සපිරි සිය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟින්,

 අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් බොහෝ දෙනා සමගින් සාකච්ඡා කරමින්,

 ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගනිමින් ,

 කෙතරම් දක්ෂ ලෙස එම කටයුත්ත ඉටුකරනු ලැබුවාද යන කරුණ  වර්තමානයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් සමඟ සිහියට නැගෙනවා..

ඔවුන් සැබෑ ශ්‍රී ලාංකිකයින්....

සමාජයට අනාගතයට තදින් බලපාන, 

යම් සුවිශේෂී කටයුත්තක් කරන විට ,

එය සාර්ථක වීමට ,

එයට මූලිකත්වය ගන්නා පුද්ගලයන් පිළිබඳව, සමාජයේ තිබෙන විශ්වාසය ඉතාමත් වැදගත් වෙනවා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ ආචාර්ය බදු දීන් මහමුද් මහතාත්  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි පෙළ නායකයෙකු වූ  බි වයි තුඩාවේ මහතාත්

එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්,

මව්බිමටත්,

 එම මව්බිමේ  ඓතිහාසික සංස්කෘතික හර පද්ධතීන්ටත් අහිතක් නොකරන අය බවට එදා ජනතාව තුළ විශ්වාසයක් තිබුණා.

මෙම කටයුත්තේදී රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් එයට නායකත්වය දුන් ,

එවකට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරය හෙබවූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා ද විශිෂ්ට අධ්‍යාපනඥයෙක්..

... ලාල් ද අල්විස්....

(මුහුණුපොතින් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.