පිටරටවල පාසල් සිසුන් ඔය කියන විදියට AI ඉගෙන ගන්නේ නැහැ.. AI පාවිච්චි කිරීම කියන්නේ පාසලෙන් ඉගෙන ගන්න තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි..
.
* පිටරටවල පාසල් සිසුන් ඔය කියන විදියට AI ඉගෙන ගන්නේ නැහැ. AI පාවිච්චි කිරීම කියන්නේ පාසලෙන් ඉගෙන ගන්න තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි.
* විශ්ව විද්‍යාල වල නම් පරිගනක විද්‍යාව ආශ්‍රිතව AI, මැෂින් ලර්නිංග්ස්, කැල්කියුලස් සහ ඒ ආශ්‍රිත විෂයන් උගන්නනවා. ලංකාවෙත් විශ්ව විද්‍යාල වල ඒවා උගන්නනවා.
* කිසිම රටක ඉස්කෝලෙක ඔය කියන විදියට ග්‍රහලෝක තරණය කරන්න උගන්නන්නේ නැහැ.
* වලගම්බා කියලා කියන්නෙ ඇත්තටම ඉඳපු රජකෙනෙක්. හැබැයි එංගලන්තයේ පාසල් දරුවන්ට මිත්‍යාවක් වන ආතර් රජු සහ කඩුව ගැන උගන්නනවා.
මහත්වරුණි, ඔබලාගේ ජාන වලින්ම එන (ඉතාම සාධාරණ හේතුවක්) සුදු හමට බිය වීම අත්හරින්න.
හැම සුද්දම අයිසැක් නිව්ටන් කෙනෙක්, අයින්ස්ටයින් කෙනෙක් නෙවෙයි.
හැම සුද්දම පරිගනක විද්‍යාව කාලා ඉන්න, නාසා එකේ වැඩ කරන අය නෙවෙයි. පරිගනකයක් ඔන් කරගන්න නොදන්නා සුද්දො ඕන තරම් ඉන්නවා.
ඇවරේජ් සුද්දො සෑහෙන ඉන්නවා ලෝකයේ ඇමෙරිකාව තියෙන තැන නොදන්නා.
ඇවරේජ් සුද්දො සෑහෙන ඉන්නවා චක්කරය බැරි.
ඇවරේජ් සුද්දො සෑහෙන ඉන්නවා යුරෝපය කියන්නේ රටක් කියලා හිතන.
ඇවරේජ් සුද්දො තමයි ඔය ලංකාවට ඇවිල්ලා බෑග් උස්සන් බස් වල කෝච්චි වල යන්නේ.
ඒ ගොල්ලො එක්ක AI , ග්‍රහලෝක තරණය ගැන කතා කරලා බලන්න.
ඇන්ග්ලො සැක්සන් , ඉන්දු යුරෝපියන් සංස්කෘති වලින් ලෝකයට දැනුම බිහිවුණා. ඒක ඇත්ත. ඒවා සංස්කෘතිමය, ජානගත කාරනා.
ඉන්දියාවෙන් සහ ආසියාවෙන් බිහි වූ දැනුම ඔවුන්ගේ සංස්කෘතියට සාපේක්ෂයි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ දැනුම අපේ සංස්කෘතිමය අවශ්‍යතා මත ඇති වූ දැනුම්. වැවක් හදන්නේ කොහොමද, චෛත්‍ය හදන්නේ කොහොමද වගේ කාරණා.
අපිට සහ ලෝකයේ බොහෝ රටවල් වලට දැනුම නිපදවීමෙන් ඊලග අදියරට පරිණාමය වෙන්න කළින් අපි යටත් විජිත වුණා.
ඒ චින්තන රටාව අපි කොතරම් උත්සාහ කළත් ගන්න බැරි දෙයක්. එයට හේතුව ජානගත සහ සංස්කෘතිමය චින්තන රටාවේ වෙනස.
ඕක හරියට ජැමෙයිකාවේ පොඩි දරුවන්ට පොඩි කාලේ ඉඳලම මීටර් 100 උගන්නනවා. අපිත් පොඩි උන්ට මීටර් 100 උගන්නලා උසේන් බෝල්ට් කෙනෙක් හදන්න ඕන කියනවා වගේ වැඩක්.
ඒක හරියට ඉතියෝපියාවේ පොඩි උන්ට පොඩි කාලේ ඉඳලම මැරතන් දුවන්න උගන්නනවා. අපේ දරුවන්ටත් පොඩි කාලෙම දුර දිවීම උගන්නන්න ඕන. අපේ දරුවන් මැරතන් සහ දුර දිවීමෙන් ඔලිම්පික් පදක්කම් ගේවි කියනවා වගේ වැඩක්.
උත්සාහ කරලා බලන්න.
(මුහුණුපොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..