අනුරාධපුරෙන් එහා “තහනම් භූමිය” කියූ ප්‍රභාකරන්ගේ වාදය අද වෙනත් ස්වරයකින් නැවත....
ඉතිහාසය මතක නැතිව කතා කරනවද?
නැත්නම් ඉතිහාසය දැනගෙනම අමතක කරනවද?
කාලයක් තිබුණා
වේලුපිල්ලෙයි ප්‍රභාකරන් කියා සිටියේ
👉 අනුරාධපුරෙන් එහා තියෙන්නේ “දෙමළ නිජ භූමිය”
👉 එතැනින් එහාට සිංහල ජනතාවට තහනම් කියලා.
ප්‍රබාකරන්ට
🔻 රට බෙදන්න
🔻 ආගමික සංස්කෘතික උරුමය මකා දාන්න
🔻 උතුරුකරයේ බෞද්ධ ඉතිහාසය අහිමි කරන්න
නඩත්තු කළ ඊලාම් ව්‍යාපෘතියේ මූලික දේ උනේ එයයි.
ඒ සිහින රාජ්‍යය
👉 යුද්ධයෙන්ම බිඳ වැටුණා.
👉 රට එක්කොට තබාගත්තේ සිංහල , දෙමළ , මුස්ලිම් සියලු ජනතාවගේ ලේ හා දුක් වේදනාවෙන්.
❗ අද අහෙන්නෙ වෙනස් වචන – නමුත් අර්ථය එකමද?
පසුගිය දිනක යාපනයේදී
අනුර කුමාර දිසානායක
කළ බවට වාර්තා වූ ප්‍රකාශ සම්බන්ධයෙන්
බොහෝ පුරවැසියන් තුළ ඇතිවුණේ බරපතල සැකයක්.
👉 “පෝයට සිල් ගන්න ශ්‍රී මහා බෝධිය පහුකරගෙන යාපනේට යන එක සීලය නෙවෙයි” වගේ අදහස්
👉 “එන අයට ඒ අවට ඉඩම් තියෙනවද හොයන්න” වගේ ප්‍රකාශ
මෙවැනි කතා
🔴 රටේ ජනාධිපතිවරයෙකුගේ මුඛයෙන් එනකොට
🔴 ඒවා සරල දේශපාලන කතා නෙවෙයි
🔴 ඒවා ජාතික අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් වෙලා.
🛕 බෞද්ධයන්ට සීමා දාන්න පුළුවන් කවුද?
ශ්‍රී ලංකාව කියන්නේ
👉 එක ආගමකට හෝ එක ජාතියකට වෙන් කළ රටක් නෙවෙයි
👉 නමුත් සිංහල බෞද්ධ ඉතිහාසය මකා දාන්න පුළුවන් රටක්ද නෙවෙයි
බෞද්ධයන්ට
✔️ පෝයට සිල් ගන්න
✔️ පන්සලකට යන්න
✔️ උතුරු – දකුණු – නැගෙනහිර – බස්නාහිර
👉 ඕනෑම තැනකට යන්න අයිතිය තියෙනවා
ඒ අයිතිය
🔻 ජනාධිපතිකමෙන් ලැබුණු එකක් නෙවෙයි
🔻 දේශපාලන බලයෙන් දුන් එකක් නෙවෙයි
👉 අවුරුදු 2500ක ඉතිහාසයෙන් උරුම වූ අයිතියක්.
⚔️ විනාශ වුණාට උරුමය අහෝසි වෙන්නේ නෑ
චෝල – පාණ්ඩ්‍ය ආක්‍රමණ
ඊලාම් යුද්ධය
දශක ගණනාවක භීෂණය
👉 උතුරුකරයේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ වුණා
👉 නමුත් ඒවායේ නාමය, ඉතිහාසය, අයිතිය විනාශ වුණේ නෑ
ඒ නිසා
🛕 තිස්ස රාජමහා විහාරය
🛕 නාගදීපය
🛕 දඹකොල පටුන
👉 මේවා “අනවසර” නෙවෙයි
👉 රටේ මූලික ඉතිහාසයේ කොටස්.
🇱🇰 ජනාධිපතිවරයෙකුට මතක් කළ යුතු දේ
ඔබ
👉 එක කොටසක ජනාධිපති නෙවෙයි
👉 මුළු ශ්‍රී ලංකාවේම ජනාධිපති
ඡන්ද ගණන්, තාවකාලික දේශපාලන ගණන්
👉 රටේ ඉතිහාසයට වඩා
👉 ජනතාවගේ ආගමික අයිතියට වඩා
👉 උරුමයට වඩා වැඩි වෙන්න බෑ.
අනුරාධපුරෙන් එහා “තහනම්” කියූ
ප්‍රභාකරන්ගේ වාදය
👉 ඉතිහාසයේ සදාකාලිකව පරාජය වුණා.
එය වෙනත් වචන වලින් වෙනත් වේදිකාවක වෙනත් පුද්ගලයෙකුගෙන්
නැවත එනවා නම්
👉 ඒක ප්‍රතික්ෂේප කිරීම
👉 සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව
👉 ශ්‍රී ලංකාවට ගරු කරන සියලු පුරවැසියන්ගේ වගකීමයි.
🇱🇰 මේ රටේ උතුරු දකුණු කියලා බෙදලා ආගමික අයිතිවාසිකම් සීමා කරන්න කාටවත් අයිතියක් නැහැ. එහෙම උනොත්
අනුරාධපුරෙන් එහා “තහනම්” කියූ
ප්‍රභාකරන්ගේ කතාව වගේ එහෙම කියන අයත් සදාකාලිකව පරාජය වේවී.
(මුහුණු පොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..