වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක්..
(නන්දන ගුණතිලක සහෝදරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ පසු එහිදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ රාළ තැබූ සටහනකි)
Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම " නමින් පළවුන ලිපියේ නන්දන ගුණතිලක සහෝදරයාගේ අසනීප තත්වය සහ ප්‍රතිකාර කිරීමට සජිත්ගේ මැදිහත්වීම ගැන කතා කරලා තිබ්බා. ඇත්තටම ඒ ප්‍රශ්නය ගැන කතා කිරීම රටේ රාළ ටිකක් කල්දාලා තිබුණේ.ඒත් දැන් ප්‍රශ්නය ගැන කතා කරන නිසා රටේ රාළටත් කට අරින්න සිද්ධවෙනවා.
ඇත්තටම නන්දන ජපුර රෝහලට ඇතුල් වෙන්නේ ලොකු ලෙඩක් කියලා හිතාගෙන නෙවෙයි.
දවස් දෙක තුනකින් යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.නමුත් බඩේ තරලයක් එකතු වීම සහ මුත්‍රා පිටවීමේ අවුලක් එක්ක නන්දනගේ වකුගඩු සහ අක්මාවේ ආසාධිත තත්වයක් තියන බව වැටහීමෙන් රෝහලේ ඉන්න දිනන ගනන වැඩි වෙනවා.රටේ රාළට මේ පණිවිඩය දෙන්නේ ජවිපෙ හිටපු කෙනෙක්.එයා දැනගෙන හිටියේ ජපුර ඉන්නවා කියලා විතරයි.ඊට පස්සේ රටේ රාළ කතා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩට.
ජාගොඩ ඒ වෙනකොට විස්තරය දැනගෙන හිටියා සහ එයා අවස්ථා කීපයක් නන්දන බලන්න ගිහින් තිබුණා.ඒ අතරතුර එක දවසක් නන්දන රටේ රාළටත් කතා කළා.මේ අතර විමල්ලුත් ඇවිත් නන්දනව බලලා ගිහින් තිබ්බා.ඔය අතර තුර නන්දන රාගම රෝහලට මාරු කරලා යවන්න තීරණය කරනවා.ඒ වෙනකොටත් ජපුරේ වකුගඩු සහ අක්මාව ආශ්‍රිත විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් යටතේ නන්දන අධීක්ෂණය වෙමින් තිබුණා.
ජපුරෙන් ට්‍රාන්සර් කළත් බිල ගෙවන්නේ නැතිව යන්න දෙන්නේ නෑ.නන්දන රාගමට ට්‍රාන්සර් කරන කතාව ආවම රටේ රාළ ජාගොඩගෙන් අහුවා කවුද බිල ගෙවන්නේ කියලා.ජාගොඩ කිව්වා RW ගෙවනවා කියලා.ඊට පස්සේ හොයලා බලද්දී තමයි ටච් වෙන්නේ රනිල් බිල ගෙවන්න වජිරට පවරාලා කියලා.ඒක නන්දන දැනගෙන හිටියා වගේ ට්‍රාන්ස් එකට ඉස්සෙල්ලා දවසේ නන්දන වජිර කතා කරලා තිබුණා.
රාගමට ට්‍රාන්සර් කරන දවසේ 9.30 ට ජපුරේ බිල ආවා.බිල ලක්ෂ හතරයි ගාණක්.පහටම කිට්ටුයි. ඒ වගේම ජපුරේ නිර්දේශයේ තිබුණා ලංකා හොස්පිටල් එකට ගිහින් MRI එකක් කරගෙන රාගමට යන්න.කොහොමත් එදා ලංකා හොස්පිටල් එකෙන් ඒක කරන්න බැරි නිසා කෙලින්ම රාගම යන්න තීරණය කරනවා.කොහේ යන්නත් බිල ගෙවන්න ඕනි.වජිරත් නෑ බිල ගෙවන්න කවුරුත් එන්නෙත් නෑ.වජිර රනිල් එක්ක අනුරාධපුරේ.
අනුරාධපුරේ නෙවෙයි ලෝකේ කොහේ හිටියත් සල්ලි ට්‍රාන්සර් කරන්න පුළුවන්.ලංකාවේ ලිබරල් කදවුරේ තෝතැන්න තමයි එජාපය.හැබැයි එජාප සභාපති දන්නේ නෑ එහෙම සල්ලි ට්‍රාන්ස් කරන්න පුළුවන් කියලා.දැන් ගමේ ගොඩේ ජෙප්පොත් ඕවා දන්නවා.කොහොම හරි පැය ගාණක් ලෙඩා ගන්න බෑ.ප්‍රතිකාර නෑ.රටේ රාළ ජාගොඩ කතා කරනවා.ඒ මනුස්සයත් පට්ට අසරණවෙලා.
අන්තිමට ශතෙන් සතේ රුපියලෙන් රුපියල් එකතු කරලා ගෙවනවා වගේ නන්දනගේ නංගී බිල ගෙව්වා.බිල ගෙවන තැන හිටිය රටේ රාළ යාලුවෙක් මැසේජ් එකක් දාලා තිබුණා.ඇය අමාරුවෙන් බිල ගෙව්වා කියලා.අන්තිමට රාගම ගෙනියනකොට හොඳම හවස් වුනා.වජිරට කළේ බලු වැඩක්.ඒකට හරියන වචනය ඒක තමයි. මේක මිනිහෙක්ගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. රනිල් මේක දන්නේ නැතිව ඇති.හැබැයි රටේ රාළ මේක ලියන්නේ රනිල්ට දැනගන්නත් එක්ක.
ඔය වගේ තක්කඩි නං රනිල් ලග ඉන්නේ නන්දනට විතරක් නෙවෙයි රනිල්ටත් දෙයියන්ගේම පිහිටයි.පස්සේ තමයි රටේ රාළ " නන්දන වෙනුවෙන් අපි " කියන WhatsApp group එක හදලා ජනතාවගෙන් උදව් ඉල්ලන්නේ. ඇත්තටම ඒකෙන් තමයි නන්දන ලෙඩවෙලා සහ උදව් ඕනි කියලා රට දැන ගන්නේ.වජිරලා වගේ තුට්ටු දෙකේ වැඩ කරන මිනිස්සු අතර මනුස්සයෝ කොච්චර ඉන්නවද කියලා ඒ group එකට ආවම හොඳට බලා ගන්න පුළුවන්.වජිර සහ ජෙපාපෝ අතර කිසි වෙනසක් නෑ.
රටේ රාළට මෙහෙම හිතුනා.නන්දනට අක්මාවේ ප්‍රශ්නයට දිගටම ඇල්බියුමින් දුන්නා.ඒක පැය ගානක් නතර වෙලා තිබුණේ බිලේ ප්‍රශ්නයත් එක්ක.අනික රාගමට ගෙනියන්න පරක්කු වීමත් නන්දනට බලපායිද කියලා.නන්දන වෙනුවෙන් ජපුර රෝහලෙන් කරපු treatment ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන්.මේ අතර මේක ජනගත වෙනවත් එක්ක රටේ රාළගේ යාලුවෙක් කතා කරලා කිව්වේ සජිත් ප්‍රේමදාස නන්දනගේ නංගිගේ phone number එක ඉල්ලනවා කියලා. මම එයාට නම්බරය දිලා අක්කට මැසේජි එකක් දැම්මා Sajith will call you කියලා.
ඒ සැනින් සජිත් අක්කට කෝල් එක අරන් තිබුණා.ඒ වගේම රාගම රෝහලේ ඩිරෙක්ටර් කොන්ෆරන්ස් කෝල් එකට අරන් තිබුණා.අක්කා ඉල්ලලා තිබුණා මට රෝහලේ ඉන්න අවසර දෙන්න කියලා.ඒකට අධ්‍යක්ෂ ok කරලා එන්න කියලා තිබුණා.අක්කා එහෙන් පිටත් වෙද්දී සජිත් රාගමට ඇවිත්.සජිත් එනකොට ප්‍රතිකාර යම් පමණකට පටන් අරන්.එතකොටත් නන්දන රාගම HDU එකට මාරු කරලා තිබුණේ.සජිත්ගේ මැදිහත්වීමත් එක්ක සියලුදේ වේගවත් වුන බව කියන්න ඕනි.
ඇත්තටම සජිත් එච්චර සංවේදී කෙනෙක් කියලා රටේ රාළ හිතුවේ නෑ.සජිත් එක්ක දේශපාලන මත ගැටුම් තියනවා.ඒත් මේ විශිෂ්ඨ මනුස්සත්වය අගය කරන්න රටේ රාළ කිසිසේත් පසුබට වෙන්නේ නෑ.හදවතින්ම ස්තුතියි සජිත්.ඒ වගේම මේ ප්‍රශ්නයේදී රටේ රාළත් එක්ක දිගටම කතා කරපු අය හිටියා.චම්පික,උදය ගම්මන්පිල,දිලිත් ජයවීර,රාජිත,කරූ ජයසූරිය,නවින් දිසානායක, මහාචාර්ය චන්න ජයසුමන නිතර කතා කළා. අවශ්‍ය උදව් කියන්න කිව්වා.ඊට අමතරව රවී කරුණානායක නන්දනගේ නංගිත් එක්ක අවශ්‍ය මැදිහත්වීම් කරලා තිබුණා.
ඇත්තටම මෙතනදී විමල් සහ ජයන්ත සමරවීර නන්දනගේ තත්වය සම්බන්ධව හොයලා බලමින් මැදිහත් වුනා.ඒ වගේ ජාතික නිදහස පෙරමුණේ සාමාජිකයන් " නන්දන වෙනුවෙන් අපි " group එක හරහා මුදල් ආධාර කරලා තිබුණා.ඒ සියලු දෙනාටම රටේ රාළ ස්තුති වන්ත වෙනවා.ඒ වගේම ලංකා නිව්ස් වෙබ් එකේ පලවුන පුවතේ වජිර බිල ගෙව්වා කියන එක බොරුවක්.සජිත්ගේ මැදිහත්වීම ගැන කියපු කතාව හරි.මේ ලිපිය ලියන මොහොත වෙද්දිත් වජිර ඒ මුදල් ලැබෙන්න සලස්වලා නෑ.
ඇත්තටම හරි නං දැන් වජිර ඒ මුදල දුන්නත් ගන්න හොඳ නෑ.
ඒත් ඉතින් එයාලා වෙචිචි අපහසුතා සහ ණය උනේ කාටද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.මේ ලිපිය Lanka News Web එකේ පල කරන්න කියලා ඉල්ලනවා.ඒ වගේම මේ ගැන රනිල්ගේ අවධානය යොමු කරන්න එජාප සාමාජිකයෙකුට පුළුවන්.රනිල් ඔය වගේ තුට්ටු දෙකේ වැඩක් කරයි කියලා රටේ රාළ කීයටවත් හිතන්නේ නෑ. හැබැයි ඉතින් ඒ වගේ වැඩ නොකලත් ඔය වගේ තුට්ටු දෙකේ වැඩකරන දේශපාලන තක්කඩ් ලග තියාගැනීමෙන් රනිල්ටයි එජාපයටයි දෙකටම දෙයියන්ගේම පිහිටයි.
රටේ රාළ කියන්නේ බොරුවක් නං වජිරටත් පුළුවන් CID එකට පැමිණිල්ලක් දාන්න එයාගේ කීර්තිනාමයට හානි කළා කියලා.ඒකට මේ කෑල්ලත් එකතු කරගන්න.ඇත්තටම වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ,
(රටේ රාළගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..