නීතිපති දෙපාර්තමේන්තුව දෙකට බෙදේ.. රනිල් බැරි උනොත් නාමල් ද?
රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මුදල් අවභාවිත කළ බවට අධිචෝදනා ගොනු කිරීමට ගැන නීතිපති දෙපාර්තමේන්තුව අභ්‍යන්තර බෙදීමක් තිබෙන බව Sunday Times වාර්තාව අනුව හැගෙනවා.
ඒ රනිල්ට විරුද්ධව, ශානි ගේ සීඅයිඩි ය කල විමර්ශන අනුව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතීද නැද්ද යන්න ගැන තියෙන පරස්පර අදහස් නිසා.
පුවත්පත් වාර්තාව අනුව විමර්ශන කටයුතු අධීක්ෂණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේර මහතා,මතුව ඇති අදහස් ගැටුම් හේතුවෙන් එම වගකීම්වලින් ඉල්ලා අස්වී තිබෙනවා
ඒ සංචාරය ගැන කිසිවෙකුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් අනාවරණය වී නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ අදහසයි.
ප්‍රධාන චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නොමැති පසුබිමක, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව පෙන්වා දෙමින් වසන්ත පෙරේරා මහතා නීතිපති පරින්ද රණසිංහ මහතා වෙත පිටු හයක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇතැයිද පුවත්පත කියනව.
පුවත්පත කියන විදියට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට වෙනස් මතයක් ඉදිරිපත් කර තිබෙනවා.
නමුත් පෞද්ගලික ඉතාම විශ්වසනීය තොරතුරක් අනුව දැනගන්නට ලැබුනේ මෙම නඩුවට සම්බන්ධවීම තුලින් සිය ප්‍රතිරූපය දැඩිලෙස හානි සිදුවීම ගැන දිලීප පීරිස් ඉතා කනස්සල්ලට පත්ව තියෙන බවයි
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයෙන් එවූ බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා එංගලන්තයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම, 'අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත' යටතේ නිසි අවසරයක් ලබා නොගැනීම පිළිබඳව ද වසන්‍ත පෙරො ප්‍රශ්න කර තිබෙන බව පුවත්පත් වාර්තාව පවසනවා.
එම අවසරය නොමැති වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් නිල ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන කණ්ඩායමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍යයට ගිය විමර්ශන කණ්ඩායම සිදුකළ වැඩිදුර විමර්ශන වාර්තා ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද වැඩිදුරටත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
📌නීතිපති දෙපාර්තමේන්තුවේ හිතවතෙක් පැවසූයේ ශානි අබේසේකරට බලය ලැබුන සැම විටම අනවශ්‍ය කලබලයකට ගොස් නිසි පරිදි චෝදනා ගොනුකර වාර්තා සකස්නොකරන බවටයි. ඔහු ජනමාධ්‍ය කල්ලියකගේ අවශ්‍යතා අනුව නැටවෙන රූකඩයක් බවයි ඒ හිතවතා කිව්වෙ
📌මට මතක විදියට මංගල 2017 මැයි මාසෙ ජනමාධ්‍ය, මුදල් අමාත්‍යාංශය දෙකම බාරගන්නවා යහපාලන ආන්ඩුවේ.
කාවන් රත්නායකව අයින් කරල එතනට ක්‍රිෂාන්ත කුරේව ගේන්නෙ මංගල . කුරේ දරීෂා බැස්ටියන්ව ගේනවා ඔබ්සවර් පත්තරේ කතෘ කරලා.රැස පත්තරේ පටන් ගන්නෙ ඒ කාලෙ. රාවයෙ හිටපු , ලංකාදීපෙ හිටපු ,තරුණ , පෙනුමට රැඩිකල් මාධ්‍යයවේදීන් සෙට් එකක් ඔය කාලෙ ෆන්ඩ් වෙනවා.
එයාල තමා අදටත් ජනමාධ්‍යය තුල විවිධ තැන්වල ඉදගෙන ශානිව ෆෝම් කරලා වැඩේ කරන්නෙ කියල මම හිතනවා
එදා යහපාලනයේ ලයින් එක අදත් එහෙමමයි. ජනාධිපති ගාවම ක්‍රිෂාන්ත කුරේ ඉන්නව.එදා සීඅයිඩි ලොක්ක රවී සෙනවිරත්න අද පොලිසිය බාර අමාත්‍යාංශය ලේකම්- එදා ඩිරෙක්ටර් ශානි අද හෙඩ් CID - එතනින් එන නිව්ස් ටික ගාන්න අර මුලින් හිටපු ෆන්ඩඩ් මාධ්‍යය ටීම් එක පොඩ්ඩක් අඩු වැඩි වෙලා බිමේ මතය පැල කරන්න් හදනව.
කොහොම හරි රනිල් ගෙ නඩුව පෙරලුනොත් ඒකෙ ඩැමේජ් එක වහගන්න පෙබරවාරියේ නාමල්ගෙ නඩුව අනිවාර්යයෙන් හරියටම කරන්න කියල ලොකුම තැනින් ලගකදි දැඩි තරවටුවක් එක්ක ශානිට උපදෙස් ලැබුන එකනම් ඇත්ත කතාවක්.
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..