නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එකහෙලා විරුද්ධ විය යුත්තේ ඇයි?.. මේ ප්‍රතිසංස්කරණ වුවමනා කාටද?
ගමේ පාසලකින් අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පළමු පෙල සාමාර්ථයක් සහිතව සමත්ව, ලන්ඩනයේ ඉම්පිරියල් කොලේජ් වලින් ආචාර්ය උපාධිය ලබා, එංගලන්තයේ විශ්වවිද්‍යාල පහක, ඇමරිකාවේ විශ්වවිද්‍යාල තුනක, ජපානයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක, චීනයේ RCEES ආයතනයේ, ජර්මනියේ බහුඅවයව විද්‍යාව සඳහා වන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ, නෝර්වේහි බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේත් සේවය කරපු කෙනෙක් වශයෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දශක හතරකටත් වඩා ආචාය්‍ය, මහාචාය්‍ය, ජේෂ්ඨ මහාචාය්‍ය වශයෙන් කටයුතු කරපු හා තවදුරටත් සේවය කරන කෙනෙක් විදිහටත් මට ගම ගැනත්, නගරය ගැනත්, රට ගැනත්, ලෝකය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා.
ඒ ඒ රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි ගැනත් ප්‍රායෝගික දැනුමක් තියෙනවා.
ලෝකයේ කිසිම රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොර රහසේ, කඩිමුඩියේ, මාස කිහිපයකින් හදලා පාසල් පද්ධතියට දාලා නැහැ.
ඒ වගේම ඒ ප්‍රතිසංස්කරණවල මෙවැනි මූලික වැරදි දක්නටත් නැහැ.
එහෙම නම්,
මේ ප්‍රතිසංස්කරණ වුවමනා කාටද?
ඇයි මේ වගේ වැරදි දේවල් ඒවට ඇතුළත් කරන්නෙ?
අදත් ගමේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට
කොම්පියුටර් තියෙනවද?
ටැබ් තියෙනවද?
ස්මාර්ට් ෆෝන් තියෙනවද?
QR Code scan කරන්න ඔවුන්ට හැකියාව තියෙනවද?
රජයෙන් මේ පහසුකම් ලබා දීල තියෙනවද?
අද රටේ 52%ක් ජීවත් වෙන්නේ
පිනට දෙන සොච්චමෙන්.
එහෙම අයට තම දරුවන්ට
කොම්පියුටර්, ටැබ්, ස්මාර්ට් ෆෝන් අරගෙන දෙන්න පුළුවන්ද?
මේ ක්‍රමයෙන් දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය
කඩාකප්පල් වෙන්නෙ නැද්ද?
මට නම් මේක පේන්නෙ, දුප්පත්–පෝසත් බේදය තවත් ගැඹුරු කරලා, දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න
හදපු උප්පරවැට්ටියක් වගේ.
අන්න ඒ නිසා අප මේ ප්‍රතිසංස්කරණ වලට එකහෙලා විරුද්ධ විය යුතුයි.
(මහාචාර්ය ගාමිණී රාජපක්ෂ ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..