News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම ෆේල්...!!!

Jan 6, 2026 at 10:01 AM
|

🔴 ජනාධිපති අනුර කුමාර දිසානායක - ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ ඇත.
◼️ඉන්දියාව සහ ඇමරිකාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් තවමත් අභිරහසකි.
◼️ශ්‍රී ලංකා රේගුව පවතින්නෙ මුදල් අමාත්‍යාංශය යටතේය. ඔහු මුදල් ඇමති වී මාස 06 ක් යාමට පෙර ඉන් කන්ටේනර් 323 ක් හොරෙන් පැන්නු අතර ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව හංගාගෙන ඇත.
◼️2024 වසරේදි 5% ක තිබූ ආර්ථික වර්ධන වේගය 4% ආසන්නයටද,
◼️බිලියන 6.5 ක තිබූ ඩොලර් සංචිතය බිලියන 6.21 ටද,
◼️රුපියල් 290 ට තිබූ ඩොලරයෙ අගය රුපියල් 313 ටද,
◼️සෘණ 0.2% ක් තිබූ උද්ධමනය 2.1% දක්වා ද,
◼️ඩිජිටල් ආර්ථික ඇමතිවරයා ලෙස ඩිජිටල් හැඳුම්පත් මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාව සතුවන බවත්, එය පරිපාලන කලමණාකරනය ඉන්දියානු සමාගමකට පවරන බවටද චෝදනා ඇත.
◼️ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ කාලගුණ දෙපාර්තමේන්තුව පවතින්නේද ජනාධිපතිවරයා යටතේය. එම දෙපාර්තමේන්තුවල පසුගිය කාලයේ සිදු වූ අකාර්යක්ෂමතා නිසා සිදු වූ සමූහ මිනිස් ඝාතනයන් සියල්ලන්ම දනී..
◼️ රටේ සංවර්ධනය සඳහා අය වැයෙන් යෙද වූ ප්‍රාග්ධන වියදම් වලින් 60% ක් නැවතත් භාණ්ඩාගාරයට..
🔴 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය.
◼️නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් ඉවත් කරමින්, දරුවන්ගෙ පාසල් පෙළපොත් තුළට සමලිංගික අසැබි වෙබ් සයිට් ඇතුළු කළ බවට ඇය විවිධ චෝදනාවන්ට ලක්ව ඇත.
◼️ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6% ක් වෙන් කරන ලෙස විපක්ෂයෙ සිටියදි ඇය සටන් කළ අතර 2026 අය වැයෙන් එය 1.5% දක්වාවත් වැඩි කිරීමට ඇය අපොහොසත් විය.
◼️ගුරු විදුහල්පති වැටුප් විෂමතා, විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළු වලදී ඇය සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇත.
🔴 විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය.
◼️ ජනාධිපතිවරයා සමග විදෙස් සංචාර 08 කට පමණ සහභාගී වී ඇතත් ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන ගෙන ඒමට ඔහු අසමත්ව ඇත.
◼️ගංවතුර ආපදා අවස්ථාවේදි ඩොලර් බිලියන 01 කවත් විදේශ ආධාර ලබා ගැනීමට සම්බන්ධිකරණය කිරීමට ඔහු අසමත් විය.
◼️විදේශ රැකියා ක්ෂ්‍රේත්‍රය ගත්තත් එහි වර්ධනයක් නැත. නව රැකියා වෙළෙඳපොළවල් සොයා ගොස් නැත.
◼️සංචාරක ඇමතිවරයා ලෙස ඉතිහාසයෙ වැඩිම සංචාරකයන් ගෙන ආවායැයි පම්පෝරි ගැසුවත් එය සංචාරකයන් ඉලක්කයෙන් 80% කි. ඉලක්කය සංචාරකයන් මිලියන 03 ක් වූ අතර එහෙත් පැමිණි සැබෑ සංචාරකයින් ප්‍රමාණය සංඛ්‍යාව මිලියන 2.36 කි. එයිනුත් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 04 ක් වුවත් ලැබූ සැබෑ ආදායම ඩොලර් බිලියන 3.2 කි.
🔴 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
◼️ගත වූ වසර තුළ රටට වැඩදායක කිසිම පනතක් අලුතින් ගෙන ඒමට ඔහු අසමත් වූ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ පොරොන්දු හමස් පෙට්ටියට දමා ඇත.
🔴 කේ. ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යය.
◼️ගොවියාට වී වලට අල වලට, බී ළූණු වලට, එළවළු වලට, නියමිත මිලක් නොමැතිව අසරණ විය.
◼️ගොවි සහනාධාර, පොහොර ටික නිසි කලට වේලාවට ලැබුනේ නැත.
◼️කෘෂිකර්මය සම්බන්ධයෙන් දිගුකාලීන යෝජනා කිසිවක් නැත.
◼️කළ එකම දෙය වඳුරු සංගණනය පමනක් වූ අතර එය සම්පූර්ණයෙන්ම අසාර්ථකයැයි ඔහුම පිලිගත්තේය
🔴 අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යය
◼️නිවාස 100 ක් අලුතින් සදන්නට ඔහු අසමත්ව ඇත.
🔴 සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
◼️බලයට ඒමට පෙර කර්මාන්ත අමාත්‍යාංශය මගින් සිදු කරනවා යැයි කියූ මහා විප්ලවය එනම් මිනිරන් වලින් ග්‍රැෆයිට් සෑදීම, මුහුදු වතුරින් සල්ෆියුරික් සෑදීම වැනි ව්‍යාපෘති ගැන දැන් කතාවක්වත් නැත.
◼️ඔහු නිසා ජාත්‍යන්තර සමුළු කිහිපයකදීම ශ්‍රී ලංකාව අපහසුතාවයට සහ හාස්‍යයට ලක් විය.
🔴 ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
◼️දවසේ වෙඩිල්ල ජනප්‍රිය මාතෘකාවක් වූ අතර අදටත් පාතාල ක්‍රියා මර්දනය කිරීමට ඔහූ අසමත් විය.
◼️කුඩු සහ අයිස් සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශන පැවැත් වූ අතර තමන්ගෙ පාක්ෂිකයන් ඒ සම්බන්ධයෙන් චෝදනා ලබන විට එම මෙහෙයුම් වලට වෙච්ච දෙයක් නැත.
🔴 බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
◼️2025 අයවැයෙන් රුපියල් මිලියන 20000 ක් වෙන් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඔහු යටතේ තවත් මිලියන 7900 ක් පාඩු ලැබීය. ඒ 2024 වසරෙ මිලියන 3700 ක් ලාබ ලැබූ තත්වයක් යටතේය.
◼️එකදු අධිවේගී මාර්ග කිලෝමීටරයක්වත් ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එකතු කිරීමට ඔහු අසමත් විය.
◼️වරායෙ කන්ටේනර් තදබදය සම්බන්ධයෙන් කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැත..
🔴 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
◼️බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් මොහුගෙ නිද්‍රාශීලී ක්‍රියාකලාපය නිසා ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධිය, දෙහිවල ගල්කිස්ස නගර සභා බුදු පිළිම සිද්ධිය, යාපනෙ තිස්ස විහාරය සම්බන්ධ සිදුවීම් සියල්ලම වර්ධනය විය.
🔴 වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
◼️රජයෙ රෝහල් වල ඖෂධ නැති චෝදනා නැවතත් කරලියේය.
◼️ඔන්ඩන්සෙට්‍රොන් (Ondansetron) ඖෂධ නිසා ඇති වූ මරණ සම්බන්ධයෙන් සෘජුවම ඔහුට චෝදනා එල්ල වෙමින් ඇත.
◼️බාල ඉන්දියානු ඖෂධ මාෆියාවක් මෙරට තුළ ඇති කරන බවට විවිධ පාර්ශවයන් චෝදනා කරති.
🔴 සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
◼️කල වැවිල්ලක් නැත. කටින් බතල කොළනම් සෑහෙන වවමින් ඇත.
🔴 වසන්ත සමරසිංහ මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
◼️සහල්, ලුණු, බී ළූණු, අල ආනයනයේදි සිදු වූවා යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විශාල චෝදනා රැසක් ඔහු සතුව ඇත.
◼️අයථා ලෙස ඉපයූ වත්කම් සම්බන්ධයෙන්ද සමාජයෙ කතිකාවක් නිර්මාණය විය.
◼️මොහුට විරුද්ධව මේ වනවිටත් අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිලි කිහිපයක්ම යොමු කර ඇත.
🔴 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය
◼️විදුලි බිල සම්බන්ධයෙන් ඔවුන් පොරොන්දු වූ ආකාරය සහ සැබෑ විදුලි බිල අතර විශාල පරතරයක් ඇත.
◼️විදුලිබල මණ්ඩලය මේ වනවිටත් ඈවර කිරීමට සියල්ල සූදානම්ය.
මේ වර්තමාන ආණ්ඩුවෙ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුගෙ පසුගිය වසරේ ඇගැයීම් වාර්තායි ( Evaluation Report) සමස්තයක් ලෙස ගත් විට සියළුම දෙනා ෆේල්ය..
එහෙත් ඉතිහාසය පුරාවටම කටින් පාස් වූ මෙවැනි ආණ්ඩුවක් තිබී නැත.
නිලන්ත සත්සර ගමගේ ✍️
(මුහුණුපොතින්)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.