News Category
From Date
To Date
Maximum Number of Result

මොඩියුල් විහිළු පිටුපස ඇහි ඇක්ටිවේට් අන්තවාදයේ කතාව..

Jan 5, 2026 at 07:09 AM
|

👉 මේ වන විට මොඩියුලවල විවිධ කොටස් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබෙනවා. 

👉 වාහනවලින් පිටවෙන දුම, කේතලේක දුම, බීම ජලජ ශාකයක වායු බුබුළු වගේ දේවල් මේකට උදාහරණ බවත්,  මේක කලින් සිටම තිබුණු ක්‍රියාකාරකමක් බවත් සමහරු පවසා තිබුණා. 

👉 කොහොම වුණත් මේ සටහන ලියන්නේ මේවා වායු වර්ගද? නැද්ද? කියන එක පැහැදිලි කරන්න නෙමෙයි, මේක පිටුපස තිබෙන සංකල්පීය ගැටලුවක් ගැන පෙන්වා දෙන්න. 

👉 මොකද මතුපිටින් විහිළුවට ලක් වන මේ දේවල් පිටුපස මේ අධ්‍යාපන වෙනස්කම්වලට පදනම් වූ බරපතළ සංකල්පීය අර්බුදයක් පවතිනවා. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේ නැහැ. 

👉 ඒ නිසා වායු වර්ග ගැන කතාවට සීමා නොවී ඉවසීමෙන් මේ කෙටි සටහන කියවන්න. 

👉 මුලින්ම ඉතාම සරලව ගත්තොත් මේක හය වසරේ ළමයින්ට හදපු මොඩියුල් එකක්. 

👉 එතකොට හය වසරේ ළමයි කියන්නේ අවුරුදු 10ක් මේ පරිසරයේ ජීවත් වුණු ළමයි මිසක් ඝන, ද්‍රව, වායු නොදන්නා දිව්‍ය ලෝකයකින්, බ්‍රහ්ම ලෝකයකින් ආපු අය නොවෙයි. 

👉 ඒ අනුව 6 වසරේ ළමයින්ට ඝන, ද්‍රව, වායු හඳුන්වා දෙන්න ඉස්කෝල වත්ත වටේ ඇවිද ඇවිද කාලය නාස්ති කරන්න දෙයක් නැහැ. ඒක විනාඩි පහකින් පැහැදිලි කරන්න පුළුවන් සරල සංකල්පයක්. හැබැයි මේ මොඩියුල් ඇතුළේ ඒකටත් වෙනම ඇක්ටිවිටි එකක් හඳුන්වා දෙනවා. 

👉 ඇත්තටම මේක මෙතැනට සීමා වුණු දෙයක් නෙමෙයි. මොඩියුල් ක්‍රියාවලිය පුරාම තිබෙන අර්බුදයක්. 

👉 මොකක්ද මේ අර්බුදය? සැකෙවින් කිව්වොත් එහි මූලික කාරණා තුනක් හඳුනාගන්න පුළුවන්. 

💥 එකක් තමයි න්‍යායිකව ඉගෙන ගත යුතු සියලු දේවල් බලාත්කාරයෙන් ඇක්ටිවිටි බවට පත් කරන්නට යාම, 

💥 අනෙක තමයි ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ගුරුවරයා මඟ පෙන්වන්නෙකු මිස දේශකයෙකු නොවිය යුතුය කියන මතය, 

💥 අනික තමයි ගුරුවරයා පඹයෙකු කිරීමට සමගාමීව ශිෂ්‍යයා වීරයෙකු කිරීමේ ශිෂ්‍ය කේන්ද්‍රිය නාඩගම. 

👉 මේ තුනම අධ්‍යාපනයට හානිකර ලෙස බලපෑ හැකි කාරණා වුණත් අවාසනාවට මේ අධ්‍යාපන වෙනස්කම්වල පදනම බවට පත් වී ඇත්තේ මෙවැනි දේවල් මිස වෙනත් වැදගත් කිසිවක් නොවෙයි.

👉 විභාගවලින් සියලු දෙනා සමතුන් විය යුතුයි කියන එක තවත් එවැනි කාරණයක්. ඒ ගැන පසුව කතා කරන්න ඉඩ තියලා දැන් මේ කලින් කියපු මූලික කාරණා ගැන ටිකක් විමසා බලමු. 

👉 ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ශිෂ්‍ය කේන්ද්‍රිය ලෙස කළ හැකි දේවල්, ක්‍රියාකාරකම් මඟින් කළ හැකි දේවල්, ගුරුවරයා මූලික නොවී කළ හැකි දේවල් තිබෙන බව ඇත්ත. ඒ දේවල් ඒ විදිහට ක්‍රියාත්මක කිරීම කිසිම ගැටලුවක් නැහැ. එය කළ යුතුයි. හැබැයි එහි බොහෝ සීමාකම් තිබෙනවා. 

👉 නාට්‍යයක් රඟපාන විදිහ ළමයින්ට ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි නාට්‍ය කලාවේ ඉතිහාසය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න බැහැ. 

👉 උද්භිද උද්‍යානෙක තියන ශාකවල විවිධත්වය ළමයින්ට ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ශාක සෛලයක ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න බැහැ. 

👉 ඒ වගේම සහසංයුජ බන්ධන ගැන අයනික බන්ධන ගැන ඇක්ටිවිටිවලින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 භාෂාවක ව්‍යාකරණ නීති රීති ගැන ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 වර්ගජ සමීකරණ, ජ්‍යාමිතියේ ප්‍රමේය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 මේ කිසි දෙයක් ඇක්ටිවිටිවලින් ඉගෙන ගන්න බැහැ. මේ කිසි දෙයක් ශිෂ්‍ය කේන්ද්‍රියව ඉගෙන ගන්න බැහැ. මේ සියල්ලට ගුරුවරයාගේ මූලිකත්වය අවශ්‍යයි. 

👉 ඒ වගේම වගේමයි මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඉතා සරලව පැහැදිලි කළ හැකි දේවල්වලට පවා අනවශ්‍ය ඇක්ටිවිටි කරන්නට යාම නිකරුණේ කාලය, ශ්‍රමය නාස්ති කිරීම.

👉 ඇත්තටම ප්‍රායෝගිකව ගත්තාම අධ්‍යාපනය තුළ වැඩි ප්‍රමාණයක් සීයට අසූවක් අනුවක් විතර තියෙන්නේ ගුරුවරයාගේ මැදිහත් වීමෙන්, න්‍යායිකව ඉගෙන ගත යුතු දේවල් මිස, ගුරුවරයා පඹයෙකු කර, ඊනියා ශිෂ්‍ය කේන්දිය ඇක්ටිවිටි මඟින් ඉගෙන ගත හැකි දේවල් නොවෙයි. ඒක තමයි ඇත්ත. 

👉 හැබැයි මේ මොඩියුල තුළ මේ සරල මූලික කාරණය අමතක කොට න්‍යායිකව ඉගෙන ගත යුතු සියලු දේවල් බලාත්කාරයෙන් ඇක්ටිවිටි බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරා තිබෙනවා. 

👉 ඒ අනුව බොහෝ දේවල් ඉගෙන ගන්න ඕන ඇක්ටිවිටිවලින්. 

👉 ලකුණු දීමේදීත් ඇක්ටිවිටිවලට වැඩි තැනක් හිමිවෙනවා. 

👉 විභාග අහෝසි කොට සියලු දෙනා සමත් කරවන බව කියන මේ මැජික් ක්‍රමයේ පදනම වෙන්නේම ඇක්ටිවිටි. 

👉 කෙටියෙන්ම කිව්වොත් මේක ඇත්තටම ඇක්ටිවිටි අන්තවාදයක්. කිසිසේත්ම ප්‍රායෝගික නොවන විකාරයක්. භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි අනතුරුදායක අත්හදා බැලීමක්. 

👉 තාරේ සමීන් පර් වගේ අමීර් ඛාන්ගේ ෆිල්ම් බලලා රටක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න පුළුවන් කියලා හිතන ළාමක මනසක් තියන අයට මිසක් වෙන කාටවත් මේ ප්‍රලාප අනුමත කරන්න බැහැ. 

👉 හැබැයි මේ ඊනියා ඇක්ටිවිටි නිසා ළමයින්ගේ මොනවාදෝ නිර්මාණශීලී හැකියාවන් අවදිවෙලා ඔවුන් මහා බලසම්පන්න විද්වතුන් වෙනවා වගේ රොමාන්තික් අදහසක් බොහෝ දෙනා තුළ තිබෙනවා. 

👉 අපේ රටේ නැති, වෙන රටවල ඇති මේ මැජික් ක්‍රමවේද නිසා වෙන රටවල දරුවන් කිසිම පීඩනයක් නැතුව ටොපි කනවා වගේ සතුටින් ඉගෙන ගන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. 

👉 ඒ අදහස් මොන තරම් පදනම් විරහිතද කියන එක මේවා ප්‍රායෝගිකව මාස කීපයක් ක්‍රියාත්මක කිරීමෙන් පසු කාට වුණත් අවබෝධ කරගත හැකි වේවි. 

👉 අද ක්‍රියාත්මක කිරීමට පෙරම මේ දේවල් මේ විදිහට විහිළුවට ලක් වෙන්න පටන් අරගෙන නම් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඇති වන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 

👉 ඒ නිසා හුදු විහිළු කිරීමෙන් හෝ දේශපාලන විරෝධය පෑමෙන් ඔබ්බට ගොස් අප මේ පිටුපස ඇති සංකල්පීය අර්බුදය හඳුනාගත යුතුයි.

(අන්තර්ජාලයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

සාම්ප්‍රදායිකව හෘද රෝග විශේෂඥයන් බටහිර බෙහෙත් වට්ටෝරු නියම කළද ආහාර රටාව වෙනස් කිරීම මගින් රෝගී තත්ත්වයන් අවම කිරීමට හැකි බව පෙන්වා දෙන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා එලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන වීඩියෝවක් පහතින් දැක්වේ.
අතීත හෙළයන් යනු භූමියට පමණක් නොව, මහා සාගරයටත් එකසේ බලය පැතුරූ, ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ අතිශය දියුණු ජාතියක්! අපේ ඉතිහාස පොත්වල මේ ගැන සවිස්තරාත්මකව නොතිබුණත්, ලෝකයේ පැරණි ඓතිහාසික වාර්තා, විශේෂයෙන්ම චීන සහ ග්‍රීක ජාතිකයන්ගේ ලියවිලි පරීක්ෂා කිරීමේදී අපට අපේ මුතුන්මිත්තන්ගේ නාවික තාක්ෂණය ගැන අදහාගත නොහැකි තරම් අභිමානවත් තොරතුරු රැසක් අනාවරණය වනවා.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
පසුගිය මැයි 28 වැනිදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ. වසර 32ක කාලයක් තිස්සේ වුෂු ක්‍රීඩාවේ පරිපාලනය හසුරුවන නිලධාරී පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය හා අයවැය වාර්තාවල පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් සභාව තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
රෙදි උස්සගෙන, මෙන්නෝ කපිල මුස්ලිම් මුඩුක්කු කාරයො දෙන්නෙක් දාල ඇප තියලෝ ඒ නිසා රංග උත්තමයා මැදිහත්වෙලා උසාවියෙන් ඇප අවලංගු කරලෝ, මෙන්න කපිල චන්ද්‍රසේන තව හොරයක් කරලා මාට්ටු වෙලෝ කියල මැයි හය, හත් වෙනිද රෙදි උස්සගෙන කෑගහපු තරිඳු උඩුවර ගෙදර සහ ෆසීර් කියල යූ ටියුබර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝකයම කතා වෙන ජපානයෙන් ඇහෙන කතාව මේකට හොඳම උදාහරණයක්.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.