News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ඉස්ලාමීය නොවන පාලනයකට ලෝකයේ ප්‍රබල රටවල් බය ඇයි?

Jan 3, 2026 at 01:35 PM
|

අපි කලින් ඉරාන ජල අර්බුදය ගැන කලින් කතා කළා, දැන් එහි සෑබෑ ගැටළුව විදි වලට ඇවිත්! කොහොමත් මැදපෙරදිග දේශපාලනය කියන්නේ හරියට චෙස් පුවරුවක් වගේ. එක ඉත්තෙක් එහා මෙහා වෙද්දී මුළු ක්‍රීඩාවේම ස්වරූපය වෙනස් වෙනවා. පසුගිය කාලය පුරාම ඉරානය ඇතුළතින් වගේම පිටතිනුත් "පාලන තන්ත්‍රයේ වෙනසක්" ගැන කතාබහ මතු වුණා. වීදි බැස උද්ඝෝෂණය කරන සාමාන්‍ය වැසියන්ගේ හඬ අපි  මාධයෙන් ඇසුවා. නමුත්, ලෝක දේශපාලන සිතියම දෙස බැලූ විට අපට පෙනෙන අමුතු ඇත්තක් තිබෙනවා. ඒ තමයි, ඉරානයේ වත්මන් "මුල්ලා පාලනය" බිඳ වැටෙනවාට ලෝකයේ ප්‍රබල රටවල් සහ කණ්ඩායම් රැසක් ඇත්තටම අකමැති බව! 

ඉතින් ඇයි ඔවුන් ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ඉස්ලාමීය නොවන පාලනයකට බය? 'මුල්ලා පාලනය' බිඳ වැටෙනවාට සැබවින්ම අකමැති කවුද? බල දේශපාලනයේ ඒ සැඟවුණු කතාව අද මේ ලිපියෙන් ගැඹුරින් සොයා බලමු.

අපි ඉරානය ගැන කතා කරද්දී 1979 වසර අමතක කරන්න බැහැ. ඊට කලින් ඉරානය පාලනය කළේ "ෂා" රජු . ඒ කාලේ ඉරානය කියන්නේ බටහිර පන්නයේ ඉතාමත් නවීන රටක්. කාන්තාවන්ට නිදහස තිබුණා, විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනයක් තිබුණා. නමුත් "ඉස්ලාමීය විප්ලවය" සමඟ සියල්ල වෙනස් වුණා. ආගමික නායකයින් හෙවත් 'මුල්ලා'වරුන් රටේ පාලනය අතට ගත්තා. එතැන් පටන් ඉරානය ලෝකයේ 'බටහිර විරෝධී' කඳවුරේ ප්‍රධානියෙක් බවට පත් වුණා. අද අපි දකින දේශපාලන අර්බුදය නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආගමික පාලනය සහ නූතන ලෝකය අතර ඇති වන ගැටුම නිසයි.

රුසියාව!

ඉරාන පාලනය ආරක්ෂා විය යුතු බවට වැඩිපුරම ප්‍රාර්ථනා කරන රට රුසියාවයි. ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට මැදපෙරදිග කලාපයේ සිටින ශක්තිමත්ම සහ විශ්වාසවන්තම සහකරු තමයි ඉරානය. බටහිර සම්බාධක හමුවේ රුසියාව හුදකලා වෙද්දී, ඉරානය ඔවුන්ට යුදමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද විශාල සහයක් ලබා දෙනවා. විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධයේදී ඉරාන 'ෂහීඩ් 136' ඩ්‍රෝන යානා රුසියාවට මොන තරම් වටිනාකමක් එකතු කළාද යන්න රහසක් නෙවෙයි. 

රුසියාවට ඉරානය කියන්නේ තමන්ගේ යුදමය උපකරණ පරීක්ෂා කරන පිටියක් වගේම, බටහිරට එරෙහිව තිබෙන 'දෙවන පෙරමුණක්'. ඉරානයේ පාලනය වෙනස් වී, එහි බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන  රජයක් පිහිටුවනු ලැබුවහොත්, රුසියාවට මැදපෙරදිග තිබෙන බලය සහ යුදමය සහයෝගය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. රුසියාවට ඉරානය කියන්නේ හුදෙක් රටක් නෙවෙයි, එය බටහිර බලයට එරෙහිව තිබෙන ශක්තිමත් පවුරක්.

ඉරාකය!

ඉරාකයේ දේශපාලනය දෙස බැලූ විට, එහි ඉරාන හිතවාදී ෂියා කණ්ඩායම් ඉතා ප්‍රබලයි. ඉරානය සහ ඉරාකය අතර පවතින්නේ ආගමික මෙන්ම දේශපාලනික බැඳීමක්. ඉරාකයේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ඉරානයේ සහය මතයි.

සිතා බලන්න, ඉරාකය තුළ ක්‍රියාත්මක වන 'හෂ්ද් අල්-ෂාබි' වැනි සන්නද්ධ කණ්ඩායම් වලට පුහුණුව සහ මුදල් දෙන්නේ ඉරානයයි. ඉරානයේ මුල්ලා පාලනය බිඳ වැටුණොත්, ඉරාකයේ සිටින මෙම කණ්ඩායම් අනාථ වෙනවා. මෙය ඉරාකය තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති කිරීමට පවා හේතු විය හැකියි. එම නිසා, ඉරාකය සැමවිටම කැමති තමන්ගේ අසල්වැසියා වන ඉරානය ශක්තිමත් ආගමික පාලනයක් යටතේ පවතිනවාටයි.

තුර්කිය!

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන්ගේ දේශපාලන දර්ශනය සහ ඉරානයේ මුල්ලා පාලනය අතර මතවාදී ගැටුම් තිබුණත්, ඔහු ඉරානයේ බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන පාලනයකට දැඩි ලෙස බිය වෙනවා. මෙහි තවත් පැත්තක් තිබෙනවා. ඒ තමයි කුර්දි  ජනතාවගේ ප්‍රශ්නය. ඉරානයෙත් තුර්කියෙත් කුර්දි ජනතාව ජීවත් වෙනවා. ඉරානයේ පාලනය බිඳ වැටී අස්ථාවර වුවහොත්, එය තුර්කියේ සිටින කුර්දි බෙදුම්වාදීන්ට ශක්තියක් විය හැකි බව එර්ඩොගන් දන්නවා. අනෙක් අතට, ඉරානයේ නව පාලනයක් ඊශ්‍රායලය සමඟ සමීප සබඳතා පැවැත්වීමට ඉඩ ඇති අතර, එය තුර්කියේ කලාපීය බල ව්‍යාපෘතියට තර්ජනයක්.

සෞදි අරාබිය! 

සෞදි අරාබිය සහ ඉරානය කියන්නේ දශක ගණනාවක පසමිතුරන්. නමුත් තර්කානුකූලව බැලූ විට, සෞදි අරාබිය වඩාත් කැමති "දුර්වල මුල්ලා පාලනයක්" සහිත ඉරානයකට මිස, "ශක්තිමත් බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන" ඉරානයකට නෙවෙයි.

"ඇයි ඒ?"

ඉරානය බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවහොත්, ලෝකයේ ආයෝජන සහ අවධානය වේගයෙන් ඉරානය දෙසට ගලා එනු ඇත. ඉරානය සතු ඉන්ධන සම්පත සහ ස්වභාවික වායු නිධි ලෝකයේ විශාලතම ඒවා අතර තිබෙනවා. ඉරානය සම්බාධක වලින් මිදී නිදහස් වුවහොත්, ඔවුන් සෞදි අරාබියේ තෙල් වෙළඳපොළ ආක්‍රමණය කරනු ඇත. එවැනි ශක්තිමත් ආර්ථික ඉරානයක් සෞදි අරාබියේ නායකත්වයට විශාල අභියෝගයක්.

පලස්තීනය!

බොහෝ පලස්තීනුවන් (විශේෂයෙන් හමාස් වැනි කණ්ඩායම්) ඉරාන පාලනයට සහය දක්වන්නේ ඊශ්‍රායලයට එරෙහිව ඉරානය දක්වන දැඩි ස්ථාවරය නිසායි. ඉරානයේ මුල්ලා පාලනය තමයි ඔවුන්ට මූල්‍ය සහ යුදමය සහය ලබා දෙන ප්‍රධානතම පාර්ශවය. උදාහරණයක් ලෙස, ඉරානය සපයන රොකට් තාක්ෂණය නොමැතිව හමාස් සංවිධානයට ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීම අපහසුයි. ඉරානයේ පාලනය වෙනස් වුවහොත්, නව රජය ඊශ්‍රායලය සමඟ සාමකාමී වනු ඇතැයි ඔවුන් බිය වෙනවා.

වාමාංශිකයන්ගේ ස්ථාවරය?

පුදුමයකට මෙන්, ජෙරමි කෝබින් වැනි බටහිර වාමාංශික නායකයන් සහ ඇතැම් ලිබරල් කණ්ඩායම් ඉරාන පාලනය කෙරෙහි යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මෙයට හේතුව ඔවුන් තුළ පවතින දැඩි "ඇමරිකානු විරෝධය" යි. ඔවුන් විශ්වාස කරන්නේ ලෝකයේ ඇමරිකානු ආධිපත්‍යය බිඳ දැමීමට නම් ඉරානය වැනි රටවල් ශක්තිමත් විය යුතු බවයි. එහිදී ඉරාන කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් හෝ මානව හිමිකම් කඩවීම් ගැන ඔවුන් බොහෝ විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ "අධිරාජ්‍ය විරෝධය" තම පරම අරමුණ කරගත් නිසයි.

චීනය!

ඉරාන පාලනය රැක ගැනීමට වඩාත්ම උනන්දු වන තවත් ප්‍රබල රාජ්‍යයක් වන්නේ චීනයයි. චීනය සහ ඉරානය අතර වසර 25ක දැවැන්ත උපායමාර්ගික ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. චීනයට ඉරානය වැදගත් වන ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා, සම්බාධක නිසා ඉරානයට තම තෙල් විකුණා ගැනීමට අපහසු වී ඇති මොහොතක, චීනය ඉතාමත් අඩු මිලට ඉරාන තෙල් විශාල වශයෙන් මිලදී ගන්නවා. මෙය චීනයේ වේගවත් ආර්ථිකයට විශාල ශක්තියක්.

'එක් තීරයක් - එක් මාවතක්' නම් චීන ගෝලීය වෙළඳ ව්‍යාපෘතියේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස ඉරානය පිහිටා තිබෙනවා. ඒවගේම චීනය සහ ඉරානය බොහෝ විට තෙල් වෙළඳාමේදී ඇමරිකානු ඩොලරය වෙනුවට 'යුවාන්' භාවිත කිරීමට උත්සාහ කරනවා. එහෙත් ඉරානයේ පාලනය වෙනස් වී බටහිර හිතවාදී රජයක් ආවොත් චීනයට මේ සියලු වාසි අහිමි වෙනවා.

අවසන් විග්‍රහය..

ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් වීම යනු හුදෙක් එක් රටක අභ්‍යන්තර කටයුත්තක් පමණක් නොව, එය මුළු මැදපෙරදිගම සහ ගෝලීය බල තුලනයම උඩුයටිකුරු කරන්නකි. දේශපාලන වාසි, ආර්ථික ලාභ සහ කලාපීය බලය වෙනුවෙන් බොහෝ රටවල් ඉරානයේ වත්මන් තත්ත්වය එලෙසම පවතිනවාට කැමතියි.

නමුත් මේ සියල්ල මැද දුක් විදින්නේ ඉරානයේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන් පතන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය බලවතුන්ගේ "භූ-දේශපාලනික ක්‍රීඩාවේ" උකස් කරනු ලැබ තිබෙනවා. ඔබේ අදහස කුමක්ද?  ඉරාන අරගලය ඔබ දකින්නේ කෙසේද?

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.