පාසල් පවත්වන වෙලාව දීර්ඝ කිරීමේ තීරණය ආණ්ඩුව හකුලාගෙන.. ඒත් එක කාලච්ඡේදයක කාලය විනාඩි 40 සිට 45ට වැඩි කරලා දවසක පීරියඩ් ගණන 7ක් කරලා... විෂය නිර්දේශ කරන්නේ කොහොමද?
පාසල් පවත්වන වෙලාව දීර්ඝ කිරීමේ තීරණය ආණ්ඩුව හකුලාගෙන තිබුනද, එක කාලච්ඡේදයක කාලය විනාඩි 40 සිට 45ට වැඩි කිරීමෙන් දවසක කාලච්ඡේද ගණන 7ක් බවට පත්කර ඇති බවත්, එමගින් සතියක දී කාලච්ඡේද 5ක් අඩුවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩමහතා සිට මුහුණු පොතේ සටහනක් තබමින් පෙන්වා දෙයි.
එම සටහන පහළින්..
පාසල් පවත්වන වෙලාව දීර්ඝ කිරීමේ තීරණය ආණ්ඩුව හකුලාගෙන.
නමුත් එක කාලච්ඡේදයක කාලය විනාඩි 40 සිට 45ට වැඩි කරලා දවසක පීරියඩ් ගණන 7ක් කරලා.
ඒ කියන්නේ සතියට පීරියඩ් 5ක් අඩු වෙනවා.
විෂය නිර්දේශය වෙනස් කළේ 1 සහ 6 වසර වල පමණයි. අනෙකුත් වසර වල කෙරෙන්නේ පරණ එකමයි. ඒවා සැලසුම් කර තිබෙන්නේ පීරියඩ් 40ක වැඩ සතියක් ඉලක්ක කරගෙන. පීරියඩ් 35කට සතිය අඩු වෙද්දී මේ විෂය නිර්දේශ කරන්නේ කොහොමද?
හරිනි කා සමගවත් කතා නොකර කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනාවා. ඒක හදිසියේ කරන නිසා වැරදි ගොඩයි. වැරදි දකිද්දී ආයේ ඒවාට කඩිකුලප්පු උත්තර හොයනවා. ඒ උත්තර වෙන ප්‍රශ්න හදනවා. හොඳම නිදසුන පීරියඩ් ගණන වෙනස් කළ විදිය.
මේ වගේ ගොං වැඩ නොකර, සමස්ත කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අත්හිටුවා, පුළුල් ජන සහභාගී සංවාදයකින් අනතුරුව විධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සකස් කරනු!
ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 200 නොව, දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම භාරගනු!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..