News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමා ආණ්ඩුවේ මහා සෞඛ්‍ය මංකොල්ලය..

Jan 2, 2026 at 05:11 PM
|

අනතුරු ඇඟවීම් තිබියදීත් කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් ඇතුළු 700 කට ආසන්න සංඛ්‍යාවක් පණපිටින් වැළලී යන්නට ඉඩ ඇරපු මාලිමා ආණ්ඩුව අනාගතයේදී තවත් සමූලඝාතනයකට එහා ගිය අපරාධයකට සූදානම් වන බව සමාජ මාධ්‍යවල කතා බහක් යනවා.

ගං වතුරෙන් අනාථ වූ අයට, නාය යෑමේ තර්ජන තවමත් තිබියදී ආරක්ෂිත මධ්‍යස්ථානවලින් එළියට ඇද දමන බව, ඔවුන්ට නැවත තමන්ගේ ගෙවල්වලට යන්න යැයි බල කරන බව අසන්නට ලැබෙද්දී, ආධාර දෙනවා යැයි කියා ගමට එන අය, ආධාර ගසාකමින් අසරණ මිනිසුන්ට සත පහක් නොදී මාධ්‍ය සංදර්ශන දමද්දී ඒවා ගැන නොලියා මේ ගැන ලියන්න වෙලා තියෙන්නේ මේක මේ වෙලාවේ ලංකාව මුහුණ දීලා තියෙන ආපදාවට වඩා වැඩි විනාශයක් නිසයි.

මේක ස්වභාවික ආපදාවක් නෙවෙයි. මේකත් 2025 නාය යෑම වගේම මෑන් මේඩ් ඩිසාස්ටර් එකක්. මේක සෞඛ්‍ය අංශය තුළ මාලිමාව විසින් ක්‍රියාත්මක කරන ඓතිහාසික ගණයේ මෑන් මේඩ් ඩිසාස්ටර් එකක්.

මේක ප්‍රතිපත්තිමය වැරැද්දක් නෙවෙයි. වැඩක් කරන්න නොදන්නාකමත් නෙවෙයි. කොටින්ම මේක පහුගිය ආණ්ඩුවලට වැරැද්ද දාලා අත පිහදාගන්න පුලුවන් දේකුත් නෙවෙයි. මේක හිතාමතාම ගත්ත කූට තීරණයක්. මේ තීරණය විසින් මේ රටේ නූපන් දරුවන්ගේ ඉඳලා ගැබිණි මව්වරුන්ගේ ඉඳලා වැඩිහිටියන්ගේ, රෝගීන්ගේ වගේම සෞඛ්‍යසම්පන්න අයගේ පවා ජීවිත අනතුරේ දාන වැඩක්.

මාලිමා රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ 350 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා මිල පාලනයක් පනවන්න කටයුතු කරමින් ඉන්නවා. සාමාන්‍ය ජනතාව අතරේ "ෂා මේක නියම වැඩක්. බෙහෙත් මිළ අඩු කරන එක ඉතා හොඳ වැඩක්" කියල මතයක් නිර්මාණය කරන්න කැම්පේන් එකකුත් මාලිමාව විසින් පටන් අරගෙන ඉවරයි. නමුත් මේ කතාවේ කවුරුත් නොකියන ඇත්ත කතාව ඊට වඩා හුඟක් ගැඹුරුයි. භයානකයි.

වර්තමානය වෙනකොට ශ්‍රී ලංකාව විවිධ ඖෂධ 7,300 ක් පමණ ආනයනය කරන අතරම තවත් කීපයක් දේශීයව නිෂ්පාදනය කරනවා. මේ හැම ඖෂධයක්ම දැඩි නියාමන ප්‍රමිතීන් සපුරන්න ඕනෙ. ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම්කරුවෙකු වීම කොහෙත්ම පහසු දෙයක් නෙවෙයි. මොකද අපේ ජීවිත, ඖෂධවල ගුණාත්මකභාවය මත රඳා පවතින නිසා.

මේ දක්වා ශ්‍රී ලංකාව ඩිමාන්ඩ් කළේ: 

- FDA අනුමත (USA) ඖෂධ,

- බ්‍රිතාන්‍ය ඖෂධ සංස්ථාව (BP) හා ඊට අනුකූල වන ඖෂධ,

- හෝ යුරෝපීය ප්‍රමිතීන් විතරයි.

ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක බොහෝ ධනවත් රටවලට වඩා ඉදිරියෙන් තියෙන්නෙ. ශ්‍රී ලංකාවේ ළදරු මරණ බොහෝ දියුණු රටවල්වලට වඩා අඩු වෙන්නෙත් ඒ නිසයි. ඒ නිසා තමයි අපේ ආයු අපේක්ෂාව ඉහළ. අපේ සෞඛ්‍ය සේවා පද්ධතිය ලෝකය පුරාම ගෞරවයට පාත්‍ර වෙන්නෙත් ඒ නිසයි. දැන්, මාලිමා ආණ්ඩුව ඒ සියල්ල විනාශ කරන්න ඉතා ආසන්නයි.

කතාව වෙන්නෙ මෙහෙමයි.

එකම ඖෂධය දැනටමත් ශ්‍රී ලංකාවේ විවිධ වෙළඳ නාම සහ ගුණාත්මක මට්ටම් යටතේ පවතිනවා. උසස් තත්ත්වයේ ඖෂධ දැඩි පාලනයන් යටතේ නිෂ්පාදනය කරනු ලබන නිසාත්, නිවැරදි රසායනික සංයුතියක් අඩංගු වන නිසාත්, රෝගීන්ට හානි කිරීම වෙනුවට ඔවුන්ව සුවපත් කරන නිසාත්, ප්‍රමිතියෙන් උසස් නිසාත් ඒවායේ මිල සාපේක්ෂව වැඩියි. 

දැන් තමයි නරකම හරිය.

මාලිමා රජය විසින් ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරලා ඉන්දියානු ඖෂධ ප්‍රමිතීන් නිල වශයෙන් පිළිඅරගෙන.

හොඳට මතක තියාගන්න,

ඉන්දියානු බෙහෙත්වල ප්‍රමිතිය දියුණු රටවල් විසින් ප්‍රතික්ෂේප කරනවා.

මොන ව්‍යාපාරික ගනුදෙනු තිබුණත්, ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්දියානු බෙහෙත් ප්‍රමිතිය ප්‍රතික්ෂේප කරනවා.

යුරෝපය ඉන්දියානු බෙහෙත් ප්‍රතික්ෂේප කරනවා.

දියුණු ආසියානු රටවල් ඒවා ප්‍රතික්ෂේප කරනවා.

කොටින්ම, මැද පෙරදිග රටවල් පවා ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය ප්‍රතික්ෂේප කරනවා.

මුලු ලෝකයෙන්ම රටවල් 30 ක් විතර ඉන්දියානු ඖෂධ ප්‍රමිතීන් පිළිගන්නවා. ඒ තමයි ලෝකෙ තියන දුප්පත්ම, වඩාත්ම මංමුලා ආර්ථික තත්ත්වයන් සහිත, අර්ථවත් ඖෂධ නිෂ්පාදන ධාරිතාවයක් නැති රටවල්.

ඒ තමයි,

- ඇෆ්ගනිස්ථානය

- නයිජීරියාද

- නිකරගුවා

- ඝානාව

- ගයනා

- නේපාලය

- සොලමන් දූපත්

වගේ රටවල්.

මේ තමයි මාලිමා රජය ශ්‍රී ලංකාව සඳහා තෝරාගෙන තියන ලෙවල් එක. නලින්ද ජයතිස්ස සහ අනුර කුමාර හිතාමතාම ශ්‍රී ලංකාව මේ කණ්ඩායමට ඇතුළත් කිරීමෙන්, ඉදිරියේ ඇති අනතුර ගැන ඔබ දැනගත යුතු සියල්ල ඔබට දැනගන්න පුලුවන්. ඒ රටවල්වල මිනිස්සුන්ගේ සෞඛ්‍ය අධ්‍යයනය කළොත්, අනාගතයේදී ඔබට සහ ඔබේ දරුවන්ට අත්වෙන්න නියමිත ඉරණම ගැන ඔබට කල් තියා දැනගන්න පුලුවන්.

නමුත් ඉන්දියානු ප්‍රමිතීන් පිළිගැනීමෙන් පමණක් මේ කතාව ඉවර වෙන්නෙ නෑ. 

මොකද ශ්‍රී ලාංකිකයෝ මෝඩයො නෙවෙයි. ඒ වගේමයි ශ්‍රී ලාංකික වෛද්‍යවරු අපරාධකරුවොත් නෙවෙයි.

අපේ රටේ වෛද්‍යවරු මිනිස් ජීවිත එක්ක සූදු කෙළීම ප්‍රතික්ෂේප කරනවා. අපේ වෛද්‍යවරු තමන් ළඟට එන රෝගීන්ට උසස් තත්ත්වයේ ඖෂධ නියම කරන්නේ රෝගයේ බරපතළකම වගේම ඖෂධවල ප්‍රතිවිපාක ගැන ඔවුන්ට දැනුමක් තියෙන නිසයි. ශ්‍රී ලාංකික දෙමව්පියන් බොහෝ දේ සම්බන්ධයෙන් කම්ප්‍රොමයිස් කළත්, කිසිම වෙලාවක තමන්ගේ දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කම්ප්‍රොමයිස් කරන්නෙ නෑ.

ඉතින් එතකොට, රජය මොන ගිවිසුම ගැහුවත් ඉන්දියාවෙන් ගේන බාල බෙහෙත් ලංකාව ඇතුළෙ විකිණෙන්නෙ නෑ. ඒ ජාවාරම එතනින් අසාර්ථක වෙනවා. එතකොට රජය විසින් ඉන්දියාව එක්ක ගහපු ගිවිසුමෙන් වැඩක් තියෙනවද ? නෑ... එහෙනං කොහොමද ඉන්දියාව ඔවුන්ගේ බාල තත්ත්වයේ ඖෂධ ශ්‍රී ලංකාව ඇතුලේ බලහත්කාරයෙන් විකුණන්නෙ? 

එයාලා ඒක කරන්නේ, එයාලගේ ඖෂධවල ගුණාත්මක භාවයට වඩා උසස් තත්ත්වයේ පවතින විකල්ප ඉවත් කිරීමෙන්. මාලිමා රජය ඖෂධ මිල පාලනයන් කඩිමුඩියේ ක්‍රියාත්මක කරන්නේ ඒ නිසයි. 

මේ මිල ගණන් හිතාමතාම ඉතා අඩු මට්ටමක තියල තියෙන නිසා, ඇමෙරිකාවෙන් එංගලන්තයෙන් යුරෝපයෙන් ගෙන්වන ගුණාත්මක ඖෂධ ඒ මිලට විකුණන්න බැහැ. උදාහරණයක් විදිහට, ඇමරිකානු ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කරන්න රු. 50 ක් වැය වන ටැබ්ලටයක් හදිසියේම රු. 20 කට සීමා කළොත්, ඇමෙරිකාව විසින් තමන්ගේ නිෂ්පාදනය ශ්‍රී ලංකා වෙළඳපොළෙන් ඉවත් කර ගන්නවා මිසක මිල පහළ දාන්නේ නැහැ. ඒ මිලට FDA අනුමත ඖෂධයකට පවතින්න බැහැ. ලාභ, ප්‍රමිතියෙන් තොර, බාල වර්ගයේ ඉන්දියානු ඖෂධවලට විතරයි එතකොට මාකට් එකේ පවතින්න පුලුවන්.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත්, ඒ මොහොතේ ඉඳලා:

- උසස් තත්ත්වයේ ඖෂධ ශ්‍රී ලංකාවෙන් අතුගෑවිලා වෙලා යාවි

- උසස් ප්‍රමිතීන් යටතේ ඖෂධ නිෂ්පාදනය කරන කීර්තිමත් නිෂ්පාදකයින් ශ්‍රී ලංකාව තමන්ගේ ගැණුම්කාර ලැයිස්තුවෙන් අතුගාලා දාවි

- වෛද්‍යවරුන්ට මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දාන බාල වර්ගයේ ඖෂධ නියම කරන්න මේ පනතෙන් බල කරාවි

- ඒ විතරක්ද? නෑ. සාමාන්‍ය මට්ටමේ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්න රෝගීන් පවා මේ බෙහෙත් බිව්වට පස්සේ දිගු කාලීන රෝගාබාධ, දරුණු අතුරු ආබාධ සහ වළක්වා ගත හැකි මරණවලට ගොදුරු වේවි

- මේකේ තියෙන කාලකන්නිම සත්‍යය තමයි, ඔයා ගාව සල්ලි තිබුණත්, ඔයාගේ අම්මට, තාත්තට, ඔයාගේ දරුවන්ට, ඔයාගේ දරුවෙක් ලැබෙන්න ඉන්න බිරිඳට, වඩා හොඳ වර්ගයේ බෙහෙතක් අරගෙන දෙන්න තියෙන ඉඩ ඇහිරෙන එක. අතේ සල්ලි තියාගෙන බෙහෙත ඉල්ලුවත් ලංකාව ඇතුලේ මාකට් එකේ ඒ බෙහෙත නැතිවෙලා යන එක. 

අන්න එහෙම තමයි, මුලු ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියක්ම විදේශීය ඖෂධ ඒකාධිකාරයකට යටත් කරවන්නේ. 

ඉන්දියාවේ උසස් තත්ත්වයේ ඖෂධ නෑමයි කියලා අපි කියන්නෙ නෑ. ගෝලීය ඖෂධ නිෂ්පාදනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව විසින් පාලනය කරනවා. ඉන්දියාවේ විශාල සමාගම් සතු උසස් තත්ත්වයේ, FDA අනුමත කර්මාන්තශාලාත් තියෙනවා. ශ්‍රී ලංකාව දැනටමත් ඒ ඖෂධ ආනයනය කරනවා. 

නමුත්, ඉන්දියාවේ ගෘහස්ථ හා කලාපීය මට්ටමින් ක්‍රියාත්මක වන දැවැන්ත, නියාමනය නොකළ, භයානක ඖෂධ කර්මාන්තයකුත් තියෙනවා. කිසිම ජාත්‍යන්තර සහතිකයක් නැතුව, තත්ත්ව පාලනයකින් තොරව සහ බරපතල අතුරු ආබාධ සහිත ඖෂධත් නිෂ්පාදනය කරනවා. මේවා ඉන්දියානු ඖෂධ නීතිගත සංස්ථාව යටතේ ආවරණය වන ඖෂධයි. මේවා විකිණෙන්නෙ ඉතා අඩු මිළකටයි.

මේවා තමයි මාලිමා රජය විසින් ශ්‍රී ලංකාව සඳහා තෝරාගෙන තියන බෙහෙත් වර්ග වෙන්නෙ. අමතක කරන්න එපා, ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයකුත් තියෙනවා.

පැනඩෝල් නිෂ්පාදනය කරන සමාගම වන GSK (ග්ලැක්සො ස්මිත් ක්ලයින්), දේශීයව ඖෂධ කිහිපයක් නිෂ්පාදනය කරනවා. මේ හරහා රැකියා දහස් ගණනක් නිර්මාණය කරලා අපේ රටේ ආර්ථිකයත් ශක්තිමත් කරනවා.

දැන් GSK ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න සූදානම් වෙනවා.

මොකද කිව්වොත්, ගුණාත්මක ඖෂධ නිෂ්පාදනය කරන කිසිම සමාගමකට, බාල වර්ගයේ ආනයන සඳහා නිර්මාණය කරලා තියෙන මිල ගණන් යටතේ තමන්ගේ උසස් තත්වයේ බෙහෙත් විකුණන්න කියලා බල කරනකොට ඒක කරන්න බැහැ. එහෙම කළොත් ඒ ආයතන කඩන් වැටෙනවා. තමන්ගේ ආයතන බංකොලොත් කරගෙන නිෂ්පාදන ලංකාවට විකුණන්න තිබුණා ඇමෙරිකාවේ, එංගලන්තයේ, යුරෝපයේ ෆාමසියුටිකල් කම්පනීස් අයිති අපේ බාප්පලා පුංචි අම්මලටනං. ඒත් ඒක එහෙම නෙවෙයිනෙ.

ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ වගේ ඖෂධ නිෂ්පාදනය දැනටමත් නතර කරලා ඉවරයි:

- Cozaar

- Januvia

- Rocephin

- 

මේක ආර්ථිකය කඩාකප්පල් කිරීමක්. මේක ඉන්ඩස්ට්‍රි එකට කරන විනාශයක්. මේක මහජන සෞඛ්‍යයට එල්ල කරන සෘජු ප්‍රහාරයක්.

මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළායින් පස්සේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. දවසෙන් දෙකෙන් නොවුනත් බොහොම ඉක්මනට මේ කඩා වැටීම සිද්ධවෙන්න නියමිතයි.

බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා ගැනීමට හැකියාව තිබුණ ශ්‍රී ලාංකිකයන්ට, ලෝකයේ දුප්පත්ම, මන්ද පෝෂණයෙන්, ත්‍රස්තවාදයෙන්, ළදරු මරණ අනුපාතවලින් අදටත් බැට කන, ගෝලීය සෞඛ්‍ය දර්ශකයන්ගෙන් කොන්වෙලා ඉන්න රටවල් භාවිතා කරන, අකාර්යක්ෂම, අතුරු ආබාධ සහිත ඖෂධ ගිල දාන්න සිද්ධවේවි.

මේක නිකන්ම නිකන් තියරියක් නෙවෙයි. ඇෆ්ගනිස්ථානය සහ නිකරගුවාව වගේ ඉන්දියානු ඖෂධ ප්‍රමිතීන් පිළිගන්නා රටවල්, ලෝකෙ තියන ළදරු මරණ අනුපාතය අතින් නරකම රටවල් අතර ඉන්න රටවල්.

ඉතින් ඔබ ඔබෙන්ම එක ප්‍රශ්නයක් අහන්න: 

ඔබේ දරුවාට එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දරුවන්ට ලබා දෙන ඖෂධය ලබා ගැනීමට ඔබ කැමතිද? 

නැත්තන්, ඇෆ්ගනිස්ථානයේ සහ නිකරගුවාවේ දරුවන්ට ලබා දෙන ඖෂධය ලබාදෙන්නද ඔබ කැමති?

යුරෝපයේ, එංගලන්තයේ කොලිටිය සහිත අධ්‍යාපනයක් දරුවන්ට දෙන්න දඟලන දෙමව්පියන්ගෙන් මං අහන්නෙ,

දරුවන්ට අධ්‍යාපනය විතරද උසස් කොලිටියෙන් දෙන්න ඕනෙ? දරුවට උසස් කොලිටියේ සෞඛ්‍යයක් ලබාදෙන්න ඕනෙ නැද්ද?

මාලිමා රජය දැනටමත් ඔබේ දරුවාගේ අනාගතය සම්බන්ධ බොහෝ දේවල්වල තෝරාගැනීමේ අයිතිය ඔබෙන් උදුරාගෙන අවසන්. ඔබේ දරුවාගේ ජීවත්වීමේ අයිතියත් උදුරාගන්න ඔබ ඔවුන්ට ඉඩ දෙනවාද? කොමිස් සහ වෙනත් බලපෑම්වලට යටත්ව ඔබේ දරුවාට අහිතකර ඖෂධ ගිල්ලවන තෙක් ඔබ බලන් ඉන්න ලෑස්තිද?

මේක ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. මේක පිරිවැය පාලනයකුත් නෙවෙයි. මේක ජාතික සෞඛ්‍ය ව්‍යසනයක්. මේක නැවැත්විය යුතුම ජාතික ව්‍යසනයක්. 

මෙම ඊනියා "ඖෂධ මිල පාලනය" විදේශීය ඖෂධ ආධිපත්‍යයක් මිසක් වෙන මුකුත් නෙවෙයි. ඊට පස්සේ ඇතිවන සෑම ප්‍රතිවිපාකයක් සඳහාම මාලිමා රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. නමුත් ඔවුන්ගේ "තමන් අතින් සිදුවන වැරදිවලට" වග කියන ගතිය අපිට ඇස් පනා පිටම පේන්න තියෙන නිසා, අස්සයා ගියාට පස්සෙ ඉස්තාලය වහන්නැතුව, ඔබේ උපන් සහ නූපන් දරුවන් වෙනුවෙන්, ඔබේ දෙමාපියන් වෙනුවෙන්, ඔබ ආදරය කරන අය වෙනුවෙන් වගේම ඔබ වෙනුවෙනුත්, මේ ජාතික අපරාධයට විරුද්ධ වෙන්න.

#සුහාරා

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.