News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ හාමුදුරුවරු ඇත්තටම ලිංගික අධ්‍යාපනයට විරුද්ධයිද? - රැඩිකල් ළිංමැඬි ඝෝෂාවේ ඇත්ත සහ බොරුව..

Jan 2, 2026 at 11:25 AM
|

👉 ශ්‍රී ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, ඊට හේතුව බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික සංස්ථා බවත් යන මතය අද ඉතාම ජනප්‍රිය මතයක්. මේ අදහස මතු කරන ලිපි, කාටූන්, මිම්ස් ආදිය විශාල වශයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. 

👉 අද ආන්දෝලනයට ලක් වී ඇති ඉංග්‍රීසි මොඩියුලය ගැන ඇතැම් භික්ෂූන් වහන්සේලා පළ කරන අදහස් සමච්චලයට ලක් කිරීමටත් සමහරු මේ සුපුරුදු ලිංගික අධ්‍යාපන තර්කය යොදා ගනිමින් ඉන්නවා. 

👉 ඒ නිසා මේ සටහන ලියන්න හිතුණේම මොවුන් මේ මතු කරන කාරණය කොයි තරම් තර්කානුකූලද? නැද්ද? කියන එක කරුණු කාරණා සහිතව පෙන්වා දෙන්න. 

👉 ලිංගික අධ්‍යාපනය කියන්නේ ප්‍රජනන ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත කාරණා ගැන පාසල් සිසුන්ට විද්‍යාත්මක අවබෝධයක් ලබාදීම මිස කවුරුත් නොදන්නා අමුතු මැජික් එකක් නොවෙයි. ඒ නිසාම ලිංගික අධ්‍යාපනයට කිසිවෙකු එරෙහි විය යුතු නැහැ. 

👉 ලිංගික අධ්‍යාපනය නමින් වෙනම විෂයක් නැති වුණාට ලිංගික අධ්‍යාපනයට අදාළ මූලික කාරණා සියල්ලම වගේ අවුරුදු ගාණක් තිස්සේ අපේ පාසල් විෂය නිර්දේෂ තුළ දැනටමත් ඉගැන්වෙනවා. මෑතකදී කතාබහට ලක්වූ  ඉංග්‍රීසි අකුරු කීපයේ අමුතු කතාව හැර අනෙක් සියලුම දේවල් පාහේ ඊට ඇතුළත්. මෙතෙක් ඒවාට භික්ෂූන් වහන්සේලා හෝ වෙනත් කිසිවෙකු එරෙහි වී නැහැ. 

👉 පාසල් අධ්‍යාපනය ගැන මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් මේ ගැන කතා කළොත්, අපට මුලින්ම ලිංගික අධ්‍යාපනයට අදාළ කාරණා ගැන ඉගැන්නුවේ 8 වසර, 9 වසර සෞඛ්‍ය පාඩම්වලදී. එදා ඒ යටතේ ගැහැනු පිරිමි හෝමෝන ක්‍රියාකාරීත්වය, යෞවනෝදය, වැඩිවිය පැමිණීම, විරුද්ධ ලිංගික ආකර්ෂණය වගේම ස්ත්‍රී පුරුෂ ප්‍රජනක පද්ධතිවල මූලික ක්‍රියාකාරීත්වය ගැනත් අපට ඉගැන්නුවා. 

👉 ඊළඟට 11 වසර ප්‍රජනනය පාඩම යටතේ ඔසප් වීම, ගැබ් ගැනීම, කළලයක වර්ධනය වගේ දේවල් එක්ක මේ කරුණු වඩා සවිස්තරව සාකච්ඡා කෙරුණා. ඊට පස්සේ උසස් පෙළ ජීව විද්‍යාව විෂයට උපත් පාලන ක්‍රම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇතුළු මීට අදාළ සියලුම කාරණා ඇතුළත්ව තිබුණා.

👉 ඒ වගේම ලිංගික අධ්‍යාපනය වෙනුවෙන්ම සකස් කළ “උදා වූ යෞවනය” කියන පොත අපි කියෙව්වේ පාසල් පුස්තකාලයෙන්. ඒ වගේ පොත් එකක් නොවෙයි ගණනාවක් පහුගිය කාලේ නිකුත් කරලා තියනවා. “ගුරු හදින් යොවුන් හදට” කියන්නේ ඒ වගේ තවත් පොතක්. ඒ පොත් දැනුත් පාසල් පුස්තකාලවල තිබෙනවා. ඊට අමතරව පාසල්වලට ඇවිත් කරන විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්වල මේවා ගැන ඇති තරම් කතා කරලා තියනවා.

👉 ඒ කාලේ අපි හතේ අටේ පන්තිවල ඉන්නකොට කොණ්ඩෙ කපන්න පවා යන්නේ බ්ලේඩ් තලයක් කඩෙන් අරගෙන. එහෙම කළේ ඒඩ්ස් වගේ ලිංගික සම්ප්‍රේෂණය වන රෝග බෝ විය හැකි ක්‍රම ගැන පාසල්වලින් හා වෙනත් මාධ්‍ය මගින් අපිට අවබෝධයක් ලබා දී තිබූ නිසයි.

👉 මේ ඉගැන්වෙන ප්‍රමාණය මදි යැයි කවුරු හෝ සිතන්නේ නම් විය යුත්තේ එය තව කොතෙක් පුළුල් විය යුතුද? යන ප්‍රශ්නය සංවාදයට ගැනීම මිස ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් නැති ආකාරයට බොරු ඝෝෂා නැගීම නොවෙයි.

👉 ලංකාව තුළ ලිංගික අධ්‍යාපනයක් නැතැයි මොර දෙන මහත්වරුන් ලියූ, ලිංගික අධ්‍යාපනයේ අන්තර්ගතය ගැන උපදෙස් සපයන ලිපි ගණනාවක් මා කියවා බැලුවා. ඒවායේ ඒ අය නිර්දේශ කරන හැමදේම වගේ මේ දක්වාම පාසල් තුළ ඉගැන්වූ දේවල්. ඒ සමහර ලිපි දකින විට මේ අය කිසිම දවසක පාසලකට නොගිය අයද කියන ප්‍රශ්නය පවා මතුවෙනවා. 

👉 ඒ මොකද කිව්වොත් හාමුදුරුවරු නිසා පාසල්වල ප්‍රජනනය පාඩමවත් උගන්වන්න බැරි වුණු විදිහට තමයි මේ අය තමන්ගේ ප්‍රචාරක කැම්පේන් එක කරගෙන යන්නේ.  

👉 මේ අය මේකට පදනම් කරගන්න මෑතකාලීන එක් හුදකලා සිදුවීමකුත් තිබෙනවා. ඒ තමයි යහපාලන ආණ්ඩු සමයේ ගෙන ආ “හතේ අපේ පොත” සම්බන්ධව භික්ෂූන් වහන්සේලා තිනමක් මහජන අදහස් විමසීමේ කමිටුවක අදහස් දැක්වීම. 

👉 ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මැදගොඩ අභයතිස්ස හිමි සහ තවත් එක් ස්වාමින් වහන්සේ නමක් තමයි මේකට සම්බන්ධ වුණේ. එතෙන්දි ධම්මරතන සහ අභයතිස්ස හිමිවරුන් කළේ අදාළ පොතේ ඇතැම් කොටස් හා එහි ඕලාරික, ග්‍රාම්‍ය භාෂා විලාසයට එරෙහිව කරුණු දැක්වීමක් පමණයි. එය කිසිසේත්ම සමස්ත ලිංගික අධ්‍යාපනයට එරෙහි වීමක් නොවෙයි. ඒක ඒ අවස්ථාවට අදාළ සංවාදය නරඹන ඕනෑම කෙනෙකුට ඉතා පැහැදිලිව පේන දෙයක්. උන්වහන්සේලා ලිංගික අධ්‍යාපනයට විරුද්ධ නම් වර්තමානයේ පාසල්වල උගන්වන දේවල්වලටත් විරුද්ධ විය යුතුයි. 

👉 ඒ වගේම එතෙන්දි එක් භික්ෂුවක් මේ පොතට පක්ෂවත් අදහස් පළ කළා. හුදකලා සිදුවීමක් විදිහට ගත්තත් මෙතෙන්දි දෙනමක් පොතට විරුද්ධ වන විට, එක් භික්ෂූවක් අදහස් පළ කළේ ඊට පක්ෂව. හැබැයි අඩුම තරමේ  පක්ෂව අදහස් පළ කළ භික්ෂුව ගැන හෝ කිසි කෙනෙක්  කතා කරන්නේ නැහැ. 

👉 ඒ වෙනුවට සමස්ත සංඝ සමාජයම ලිංගික අධ්‍යාපනයට විරුද්ධ බව කියාපෑම සඳහා මේ පිරිස වසර ගණනාවක් තිස්සේ මේ එකම සිදුවීම නැවත නැවත තලුමරමින් සිටිනවා. එය මොන තරම් ප්‍රෝඩාවක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. 

👉 නිතරම තමන්ගේ රටේ අධ්‍යාපනය ඇතුළු සියලුම දේවල නරක ගැන පමණක් කියමින්, තමන් රටට සමාජයට වඩා ඉදිරියෙන් සිටින නවීන ලෝකය ගැන දන්නා අමුතු චරිත බව පෙන්වීමේ මනෝ ව්‍යාධියකින් පෙළෙන පිරිස් ලංකාව තුළ ඉතා බහුලයි. ඒ අය නිසා මේ ඝෝෂාවට ලොකු තල්ලුවක් ලැබෙනවා. ඔවුන් තමයි මේ ගැන ලියවෙන කිසිම පදනමක් තර්කයක් නැති ලිපි කෑලි දහස් ගණනින් ෂෙයා කරන්නේ. 

👉 මෑතකදී තමන් ලිංගිකත්වය මහා විශේෂඥයෙකු ලෙස පෙනී සිටිමින් ලිංගික අධ්‍යාපනය ගැන ලියූ එක්තරා රචකයෙකුගේ ලිපියක් ෆේස්බුක් පිටු ගණනාවක සංසරණය වුණා. ඇතැම් උගත් වියපත් පිරිස් පවා මහා උජාරුවෙන් මේ ලිපියට ප්‍රතිචාර දක්වා තිබුණා. 

👉 හැබැයි මේ ලිපිය ලියූ විද්වතාගේ ෆේස්බුක් ගිණුම දිහා බලද්දී පැහැදිලිව පේන විදිහට ඔහු ඇත්තටම ඈත ගමක, දුගී දුප්පත් පවුල් පසුබිමක් සහිත, කලා උපාධියක් කරන සරසවි ශිෂ්‍යයෙක්. ඒ වගේම අලුතින් අහුලා ගත් රැඩිකල් අදහස්වලින් අන්ධ වුණ, මත් ද්‍රව්‍ය උත්කර්ෂයට නංවන, ළාබාල තරුණයෙක්. 

👉  ඔහු තමන්ගේ කර්කෂ ජීවන පසුබිම නිසාම තමන්ගේ සංස්කෘතික පදනම ඇතුළු සියලු දේවල් කෙරේ වෛරයෙන් දැවෙන චරිතයක්. අනවශ්‍ය ඉංග්‍රීසි කෑලි ලිපි මැදට බලෙන් ඔබමින් තමන් මාර පොෂ්, නවීන ලෝකය ගැන දන්නා චරිතයක් බව පෙන්වීමට ඔහු උත්සාහ කළත්, අඩුම තරමේ අන්තර්ජාලය හරිහැටි පරිහරණය කිරීමෙන් ලැබිය හැකි අවම ලෝක දැනුමක්වත් ඔහු තුළ නැහැ. 

👉 හැබැයි එවැනි ළාමක තරුණයෙකු ලියන කිසිම පදනමක් නැති වෛරී සහගත ලියවිලි පවා අපේ අය කොපි පේස්ට් කරමින් හැමතැනම බෙදා ගන්නවා. ඔහුගේ සැබෑ පසුබිම බොහෝ අය දන්නේ නැහැ. 

 👉 ඒකට තව හේතුවක් තමයි ඒ තරුණයා තුළ ඉන්න ජාතියේ හීනමාන සත්ත්වයෙක් අපේ රටේ බොහෝ දෙනා තුළ අඩුවැඩි වශයෙන් ජීවත් වීම. ඒ අය තමන්ගේ ආගම, සංස්කෘතිය, රට, අධ්‍යාපන ක්‍රමය ඇතුළු සියලු දේ නරක යැයි සිතමින්, සිතින් මවා ගත් බටහිර ලෝකයක් පිළිබඳ මහා ෆැන්ටසියක ජීවත් වෙනවා.   

👉 හැබැයි ලිංගික අධ්‍යාපනය හා ලිංගික නිදහස ඉහටත් උඩින් පවතිනවා යැයි කියන බටහිර රටවල් තුළ ලිංගිකක්වය ආශ්‍රිත සමාජ ගැටලු කොයි තරම් බරපතළ ලෙස පවතිනවාද? සහ ලිංගික අධ්‍යාපනයෙන් ඒවා මෙල්ල කරන්න බැරි වුණේ ඇයි? කියන එක ගැන මේ අයට කිසිදු කියවීමක් නැහැ. 

👉 අවසාන වශයෙන් නැවත සැකෙවින් කිවතොත් ලිංගික අධ්‍යාපනයට කිසිවෙකු එරෙහි විය යුතු නැහැ වගේම එය දැනටමත් පාසල් තුළ ඉගැන්වෙන දෙයක්.  

👉 මෙතෙක් පැවති හා දැනට ඉගැන්වෙන කරුණුවලට ඇතුළත් කර නැත්තේ ලිංගික දිශානතිය පිළිබඳ මෑත කාලයේ බහුල ලෙස කරළියට ආ අමුතු අදහස් පමණයි. ඒවා පාසල්වල ඉගැන්විය යුතු නැත්තේ  ඇයි කියන එක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. 

👉 හැබැයි ඇත්තම ප්‍රශ්නය එය නම් සංවාද කළ යුත්තේ ලිංගික දිශානතිය, සමලිංගිකත්වය ආදි කාරණා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුද? නැද්ද? කියන කාරණය ගැනයි. ඒ වෙනුවෙන් පෙනී සිටීමට වගේම එරෙහි වීමටත් ඕනෑම අයෙකුට අයිතිය තිබෙනවා. 

👉 නමුත් අඩු තරමේ දැන් සිදුවන්නේ එවැනි සංවාදයක්වත් නෙමෙයි. ඒ වෙනුවට ලංකාවේ පාසල් තුළ කිසිදු ලිංගික අධ්‍යාපනයකට ඉඩක් නැති බවත්, ඊට හේතුව භික්ෂූන් බවත් කියමින් එක්තරා පිරිසක් කාලයක් තිස්සේ කිසිදු පදනමකින් තොර ඝෝෂාවක් නඟමින් සිටිනවා. 

👉 ඒ තුළ ඇත්තේ මැස්සෙක්, මදුරුවෙක්, වැස්සක්, පින්නක් ඇතුළු ඕනෑම හේතුවක් පදනම් කරගනිමින් රටේ ප්‍රධාන සංස්කෘතියට, බෞද්ධත්වයට, භික්ෂූන් වහන්සේලාට පහරදීමේ සුපුරුදු සංස්කෘතික ඝාතක වුවමනාව මිස අන් කිසිවක් නොවන බව සියලු බෞද්ධයන් ගැඹුරින් තේරුම් ගත යුතුයි. 

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.