News Category
From Date
To Date
Maximum Number of Result

ඇත්තටම ළිං මැඩියා කවුද? අධ්‍යාපනය ඩිජිටල්කරණය කියන්නේ අළුත් සංකල්පයක් නෙවෙයි..

Jan 1, 2026 at 04:56 PM
|

පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය කරන්න ඕන කියලා ලොකු කතාවක් යනවනේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ මොඩියුල් ගැන ලොකු සංවාදයක් ආවේ වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරලා තිබුණු නිසා. ඊයේ අප ලියූ ආකාරයට ඒ වෙබ් අඩවියට පමණක් නෙවෙයි, තවත් සමාජ මාධ්‍ය හා වෙබ් සඳහා මොඩියුල වල සබැඳි ලබාදී තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හරිනි අමරසූරිය කරුණු දක්වද්දී නිතරම අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම ගැන කිව්වා. ඇය කිව්වේ අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට ගෙනයා යුතුයි. එයට විරුද්ධ වන්නන් ලෝකය ගැන නොදන්න ළිං මැඩියන් කියලා. 

නමුත් ඇත්තටම ළිං මැඩියා කවුද? අධ්‍යාපනය ඩිජිටල්කරණය කියන්නේ අළුත් සංකල්පයක් නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල් එය ආරම්භ කර වසර 10-15ක් වෙනවා. එයින් ලැබුණු ප්‍රතිවිපාක සමාලෝචනය කර ඔවුන් දැන් එයින් ඉවත් වෙමින් සිටිනවා. ලෝකයේ අධ්‍යාපනය ගැන අළුත් සංකල්පය තමයි ඩිජිටල්හරණය. ස්වීඩනය 2025 වසරේදී Back to Basics (නැවත පදනම් කරා) නමින් සහ ජර්මනිය 2025 වසරේදී De-degitalizing Class Rooms (පන්ති කාමර ඩිජිටල්හරණය) නමින් වැඩසටහන් ආරම්භ කළා. ඒ ගැන විස්තර https://www.dw.com/en/back-to-basics-sweden-aims-to-de-digitalize-youth/a-70228600 සබැඳියෙන් ලබා ගන්න පුළුවන්. කොවිඩ් වසංගතය වෙලාවේ online අධ්‍යාපනයට යාම නිසා බ්‍රිතාන්‍ය දරුවන්ගේ සමාජානුයෝජනයට, නිර්මාණශීලීත්වයට සහ පරිකල්පන ශක්තියට හානියක් වුණා කියලා එක්සත් රාජධානියේ අධ්‍යාපන අමාත්‍යංශය ස්වයංවිවේචනයක් වැනි දෙයක් කළා. ඔවුන් 2026 වසරේ සිට එම සමාලෝචන මත පදනම්ව අධ්‍යාපන ක්‍රමවේද වල වෙනසක් කරන්න උත්සාහ කරනවා. 

අධ්‍යාපනය සඳහා ඩිජිටල් ක්‍රමවේද භාවිතා කරන රටවලත් ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ නෑ. ඔවුන්ගේ අධ්‍යාපන අමාත්‍යංශ විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි, රාජ්‍ය රූපවාහිනී නාලිකා සහ රජයේ අනුමත වෙබ් අඩවි වලට හැර අන් කිසිවකට ප්‍රවේශ වීමට පාසල් සිසුන් දිරිගන්වන්නේ නෑ. පාසල් පෙලපොත් වල එවැනි සබැඳි ලබා දෙන්නේත් නෑ. අධ්‍යාපනය ගැන ජාත්‍යන්තර ප්‍රමිති ගැන කියමින් ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණ හරහා කරන්නේ ඒ ප්‍රමිති කඩන එක. "ලෝකයේ අලුත්ම සංකල්ප" කියලා ගේන්නේ දශකයක් දෙකක් පැරණි ඒවා.

ඊළඟ ප්‍රමිති ප්‍රශ්නය අන්තර්ජාලය හරහා මිතුරු සමාජ හදන්න සහ සබඳතා ඇති කර ගන්න දරුවන් පෙලඹවීම. ආන්දෝලනයට ලක්වූ වෙබ් අඩවියේ ප්‍රශ්නය සමරිසි සහකරුවන් මුණගැස්වීමට සීමා කිරීම වැරදියි. ප්‍රශ්නය දරුවන්ට තමන්ගේ තොරතුරු අන්තර්ජාලය හරහා වෙනත් අයට ලබා දෙන්නත්, අන්තර්ජාලය තුළින් මිතුරු සබඳතා ඇතිකර ගන්නත් දිරිදීම. ලෝකයේ බොහෝ රටවල එය තහනම්. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ 1998 Children's Online Privacy Peotection Act (COPPA) සහ ඔස්ට්‍රේලියාවේ 1988 Privacy Act (PA) සහ යුරෝපා සංගමයේ 2018 General Data Protection Regulation (GDPR) ආදිය මගින් නිර්මාණය කර ඇති ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවනම් පාසල් පෙලපොතක වයස අවුරුදු 11-12 ක දරුවෙකුගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට ඇතුළු කිරීම සඳහා ක්‍රියාකාරකම් ලබා දෙන්න බැහැ. 

ආණ්ඩුවට, අධ්‍යාපන ඇමතිනියට වගේම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ටත්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ටත් මේ ජාත්‍යන්තර සාකච්ඡා ගැන මෙලෝ අදහසක් නෑ. පාර්ලිමේන්තුවේ දක්ෂිණාංශික විපක්ෂයටත් නෑ. පොහොට්ටුවට මේ පුළුල් පදනමෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කරන්න බෑ. මොකද මේ ආණ්ඩුව තමන්ගේ වගේ ඇඳගෙන ගියාට මේ ගෝඨාභය රාජපක්ෂ පත්කල උපාලි සේදර කමිටුව විසින් මසාදුන් කලිසමේ කොටසක්. එක්සත් ජාතික පක්ෂයටත් මේ ගැන කට අරින්න බෑ. මොකද රනිල් වික්‍රමසිංහ IT කොම්පැනිකාරයෝ ටිකකුයි, පෞද්ගලික පාසල් මුදලාලිලා ටිකකුයි දාගෙන හදපු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කොටස් තමයි මේ ආණ්ඩුවත් කර ගහගෙන යන්නේ. සමගි ජන බලවේගයටත් කියන්න දෙයක් නෑ. සජිත් ප්‍රේමදාස රට වටේ ස්මාට් පන්ති කාමර බෙදබෙද "අපි ආවොත් අධ්‍යාපනය ඩිජිටල්කරණය කරනවා" කියලනේ කියන්නේ. ඒ නිසා ඒ ගොල්ලෝ ගන්නේ සමරිසි කතාවක්. ඒ පිටුව ඉරලා මේ වැඩේ කරගෙන යන්න කියලනේ විපක්ෂය කියන්නේ.

අධ්‍යාපනය අනිවාර්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතුයි. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපඥයන් හා විෂය ප්‍රවීණයන්, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්, පාසල් ගුරුවරුන්, සිසුන් සහ දෙමව්පියන් සහභාගී කරගත් පුළුල් සංවාදයක් ඇසුරින් නිර්මාණය කරගත යුතුයි. ලෝකයේ අනෙක් රටවල මේ සම්බන්ධ අත්දැකීම් අප විසින් සමාලෝචනය කරගත යුතුයි. ජාත්‍යන්තර ප්‍රමිතිය ගන්න වෙන්නේ එහෙම. ඒ කරන වැඩසටහනක් යථාර්ථයක් කර ගන්න අධ්‍යාපනය සඳහා වන රජ්‍ය ප්‍රතිපාදන ඉහළ නංවන්නත් ඕන. 

රනිල් - රාජපක්ෂ පාලනයේ වැඩසටහන් වල ඉතුරු කොටස ක්‍රියාත්මක කරන්නයි, නව ලිබරල් ධනවාදයේ ප්‍රතිසංස්කරණ ටික ඉවර කරන කොන්ත්‍රාත්තුව කරන්නයි, ADB එකෙන් ඩොලර් මිලියන 200ක් ගන්න ඕන දෙයක් කරන පෙරේත කමයි, මෝඩකම සහ උද්දච්චකමයි, ඒ හේතුවෙන් ආපු වගකීම්විරහිත බවයි නැති කර ගත්තොත් හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරගන්න පුළුවන් වෙයි.

(පුබුදු ජයගොඩගේ මුහුණු පොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.