බඩී ව්‍යාපෘතිය
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අමුතුම මඟුලක් හඳුන්වා දී ඇත. ඒ යහළුවන් හඳුනාගැනීමට යි.
අපට පොඩි කාලයේ ලැබුණු පෙළ පොත්වල ද යහළුවන් ගැන කතා කෙරිණි. මතක හැටියට ඈන් හා මුරු ඒවායේ සිටියේ ය. එහෙත් අමුතු යහළුවන් හඳුනාගැනීමක් එහිදී සිදු නොකෙරිණි.
මෙවර ඒ වෙනුවට ටොම්, ෆුමිකෝ සහ ඇන්ජලී ඇතුල් කර ඇත. යහළුවන් හඳුනාගැනීමට වෙබ් අඩවියක නමක් ද සඳහන් වේ. එම වෙබ් අඩවිය සම ලිංගික සහකරුවන් සොයා ගැනීම සදහා වෙන් වූ එකකි. යහළුවන් හඳුනාගැනීමේ පාඩමක් ඇතුල් කර ඇත්තේ කුමකටදැයි පැහැදිලි ය. මේ අතපසුවීමක් හෝ වැරදීමක් නොවේ.
ළමයින් සඳහා ඉගැන්වීමට ඇති මොඩියුලවල මේ හැරෙන්න තවත් වෙබ් අඩවි, youtube නාලිකාවලට පිවිසිය හැකි QR කෝඩ් ගණනාවක් සඳහන්ය. ඒ එකක් හෝ පිළිගත හැකි මට්ටමේ ඒවා නොවේ. මේ සිදුකර ඇත්තේ අමන, තුප්පහි වැඩකි. 6 වසරේ සිටින අහිංසක දරුවන්, කිරි සප්පයන් පවා විනාශ කරන අහස පොළව නුහුලන පාපතර ක්‍රියාවකි.
මීට පෙර ද සඳහන් කර ඇති පරිදි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇත්තේ එකම අරමුණකි. එනම් සිංහල බෞද්ධයාට පහර ගැසීම, සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම, බුදු දහමට අවමන් කිරීම සහ ඉතිහාසය විකෘති කිරීම යි.
මෙම සිද්ධිය සාධාරණීකරණය කිරීමට තර්ක කිහිපයක් මාලිමාව පැත්තෙන් ගොඩනඟනු දක්නට ලැබේ. එකක් නම් මේ ප්‍රතිසංස්කරණ ඔවුන් බලයට පත්වීමට පෙර පටන් ගත් ඒවා බවයි. කවුරුන් පටන් ගත්ත ද මේවා වැරදිය. 76 වසරක සාපය නිමා කිරීමට කියා පැමිණයේ, 76 වසරක සිදුවූ දේවල් යළි කිරීමට නොවන නිසා ඒ කතා කියා ඇඟ බේරාගත නොහැකි ය.
මෙය අතපසු වීමක් බව තවත් කතාවකි. මේ අතපසුවීමක් නොව තක්කඩි වැඩකි. ඊනියා මධ්‍යස්ථ, ස්වාධීන ගුරුවරියන් කිහිපදෙනෙකු යොදාගෙන වීඩියෝ කිහිපයක් නිර්මාණය කර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාධාරණීකරණය කිරීමට වැඩපිළිවෙළක් ද මාලිමාව පැත්තෙන් අරඹා ඇත. ඒවා හැකි තරම් බෙදා හරින ලෙස ඔවුන්ගේ whatsapp සමූහ තුළ හුවමාරු වේ. ඒ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැක ගැනීමට ඔවුන් තුළ ඇති උනන්දුවයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් හඳුන්වන මේ සමස්ත ක්‍රියාවලිය වහා නතර කළ යුතුය. සිංහල බෞද්ධ විරෝධය වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ හරිණි අමරසූරිය වැන්නක අධ්‍යාපන ඇමතිනිය ව සිටිය දී කිසිදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කිරීමට ඉඩ නොදිය යුතු ය. මොන නමින් මොන ප්‍රතිසංස්කරණ කිරීමට උත්සාහ දැරුව ද අවසානයේ එය නවතින්නේ ඇයගේ අවශ්‍යතා සපුරාලීම සදහායි.
මේ සිදු කරන අවමන් සහගත, නින්දා සහගත වැඩපිළිවෙලට කිසිදු අවසරයක්, ඉඩක් හෝ සමාවක් දිය නොහැකි ය. අධ්‍යාපන ඇමතිවරියත්, බඩී ව්‍යාපෘතියට සම්බන්ධ වූ ජාතික අධ්‍යාපන ආයතනයේ පංගුකරුවනුත් වහා ඉල්ලා අස්විය යුතුය.
(මහාචාර්ය චන්න ජයසුමනගේ මුහුණුපොතිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..