News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක සිනමාවේ සලකුණක් වූ බ්‍රිජිට්.. බිජිට් බාදෝ

Dec 30, 2025 at 06:06 PM
|

ලතා වල්පොල මහත්මිය ගැන අද අපි හැමෝම කතාකරනවා.

ලතා කියන්නෙ ලංකාවේ සංගීත ක්ශේස්ත්‍රයේ අයිකොන් එකක්. ඒ වගේම තමයි බ්‍රිජිට් බාදෝ කියන්නෙ ලෝක සිනමාවේ අයිකොන් එකක්.

  1980 දශකයේ තරුණයා පත්තරය බොහොම ජනප්‍රියයි. මේ පත්තරයේ මැද පිටු දෙක වෙන්වෙලා තියෙන්නෙ බොහොම ලස්සන බටහිර තරුණියන්ගෙ පෝස්ටර් වෙනුවෙන්. 

ඒ කාලෙ ගොඩාක් තරුණයො මේ මැද පිටු දෙකේ තියන පිංතූර නිදන කාමරේ බිත්තියේ අලවනවා.

මේ ආකාරයට නිතර නිතර පලකෙරෙන රූප අතර මතකයේ රැඳෙන මූනක් තිබුනා බ්‍රිජිට් කියන නමින්.

එක දවසක් තරුණයා පත්තරේ ලිපියක් පලවෙලා තිබුනා "බටහිර තිරයේ කාමදේනුව" කියන නමින්.

ඒ සඳහා පාවිච්චි කරලා තිබුනේ වෙරළක අශ්වයෙක් සමග පිංතූරයකට පෙනී ඉන්න බ්‍රිජිට් බාදෝ.

ඒ ලිපියට අනුව ප්‍රංශ ජාතික තරුණියක් වූ බ්‍රිජිට් හොලිවුඩයේ නිලියන්ට අභියෝග කරනවා විතරක් නෙවෙයි ඔවුන්ව අභිබවා යනවා. ලෝකයේ ඕනෑම කඩවසම් නළුවෙක්.. ධනවතෙක් වශී කරගන්න බ්‍රිජිට්ට පුළුවන් බවත් ඒ ඕනෑම අයෙක් සමග යහන්ගත වෙන්න බ්‍රිජිට්ට හැකි බවත් ඒ ලිපියේ සඳහන් වුනා වගේ මතකයි.

සෙන්ට් ත්‍රොපේ වෙරළ තීරයේ ගත් ඒ පිංතූරය බොහොම ලස්සනයි.  සෙන්ට් ත්‍රොපේ වෙරළ තීරය බලන්න දවසක යන්න ඕනෙ එදා හිතුනා.

මේ කියන කාලයේ මම තරුණයා පත්තරේ කියවන්නෙ අපේ අසල්වැසියන්ගේ ගෙදරදි.  

ඇත්තටම මේ කියන තරම් බ්‍රිජිට් කාමදේනුවක්ද?

බ්‍රිජිට් උපදින්නෙ පැරීසියේ ධනවත් පවුලක. ඒ 1934 අවුරුද්ද. බොහොම තද නීති රීති පනවන තාත්තා යටතේ බ්‍රිජිට් ගෙවන්නෙ අසීරු ළමා කාලයක්. ඒත් එක්කම පැරීසිය නාසීන්ගේ පාලනයට යටත්වෙනකොට බ්‍රිජිට් කුඩා දැරියක්. බැලේ රංගනයත් ගායනයත් ඉගෙනගන්න බ්‍රිජිට් බොහොම බැගෑපත් වෙනවා දෙමාපියන් ඉදිරියේ. අන්තිමේදී බැලේ හා සංගීත ගුරුවරියන් තමන්ගෙ  නිවසටම ගෙන්වලා පාඩම් ලබාදෙන්න එයාගෙ සීයා ඉදිරිපත්වෙනවා.

යුද්ධයෙන් පස්සෙ පැරීසිය බොහොම වෙනස්. යුද්ධයෙන් පීඩාවට පත්වූ පැරිස් වාසීන් නිදහස උපරිමයෙන් භුක්ති විඳින අතර සිනමාව.. වේදිකාව.. සංගීතය බොහොම ඉහල තලයකට ගමන් කරනවා.

1950 අවුරුද්දේ Elle  කියන ප්‍රංශ සඟරාවේ මුල් පිටුව සරසන්න බ්‍රිජිට්ට අවස්ථාව ලැබෙන්නෙ අහම්බෙන්. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු 15 අවසන් වුනා විතරයි.

එක දවසකින් පැරීසියේ විතරක් නෙවෙයි මුළු ප්‍රංශයේම අවධානය දිනාගන්න තරුණ බ්‍රිජිට්ට හැකිවෙද්දි සිනමාවෙන් හා වේදිකාවෙන් ආරාධනාවන් ගලාගෙන එනවා.

දෙමව්පියන් බොහොම තදින් විරුද්ධ වුනත් තමන්ගෙ සීයාගෙ බලවත් මැදිහත්වීම මත මේ කුඩා තරුණියට හැකිවෙනවා නිලියක් බවට පත්වෙන්න.

1950 දශකය කියන්නෙ ලෝක සිනමාවේ වගේම කලාවේ ස්වර්ණමය දශකය විදිහට හැඳින්වෙන කාල වකවානුවක්. යුද්ධයෙන් පස්සෙ බිහිවෙන නිර්මාණ බලන්න ලස්සනයි. ඒ වගේම තඟකාරීයි.

කවුද මේ කාලෙ ඉන්න බලවත් නිලියන්.?

ඔද්‍රෙ හෙප්බර්න්.. මැරිලින් මොන්‍රෝ..  ග්‍රේස් කෙලී .. එලිසබෙත් ටේලර්..  සොෆියා ලොරේන්..  ඩොරිස් ඩේ.  මේ නම් අහපු ගමන් අපිට හිතෙනවා මේ කාලය කොයිතරම්  තරඟකාරීයිද කියලා. මේ නම්  ලෝකය පුරාම ප්‍රසිද්ධයි. මේ අය අතරින් ග්‍රේස් කෙලී හා මැරිලින්  හැරෙන්න අනිත් හැමදෙනාව ඉතාම දිගු කාලයක් සිනමාවේ රැඳෙනවා. මැරිලින් අවාසනාවන්න්ත විදිහට අකාලයේ  මිය යද්දි ග්‍රේස් කෙලී මොනාකෝ රජු සමග විවාහවෙලා ගතකරන්නෙ නිහඬ ජීවිතයක්.

මෙන්න මේ වගේ සුපිරි නිළියන් එක්කයි  බ්‍රිජිට්  බාදෝට තරඟ කරන්න වෙන්නෙ.

ගායනයේත්.. නර්තයේත්.. රංගනයේත් එක වගේ දක්ශ කුඩා බ්‍රිජිට් බාදෝ වැඩිම මිළක් අයකරන නිළියන්ගේ ලයිස්තුවේ ඉහලටම ගමන් කරනවා. 

විවිධ හැල හැප්පීම් නැතුවාම නෙවෙයි. නමුත් වසර විස්සක් පමණ කාලයක් තුල හොලිවුඩ් තිරයේ වගේම යුරෝපයේත් .. ලෝකය පුරාමත් බ්‍රිජිට්ව සලකන්නෙ ඉහලම තත්වයේ නිළියක් විදිහට.

1972 වසරට ලඟාවෙද්දි බ්‍රිජිට් බාදෝට වයස  අවුරුදු 39ක්. ඇය ඉහලම ගෙවීම් ලබන ජනප්‍රිය නිලියක්. නමුත් එයා කියනවා ලබන වසරින් පස්සෙ රඟපෑමෙන් වගේම ප්‍රසිද්ධ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම සමුගන්න බව.

රූපවාහිනී සාකච්ඡාවකදී ඇය කියනවා මෙන්න මේ වගේ කතාවක්.

" සිනමාවට එනකොට මට අවුරුදු පහලව අවසන් වුනා විතරයි.  හැමදේම අළුත්. මම සිනමා ලෝකෙ ගැන.. ජනප්‍රියත්වය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. හරියට හා බෙනේ ඇතුලට වැටුණු ඇලිස් වගේ.

මම මේ මගේ ජීවිතේ ගැන හෝ සිනමාව ගැන කං කෙඳිරිගානවා නෙවෙයි. 

සතියකින් දෙකකින් මම යන යන තැන පැපරාසීන්.. ධනවත් බලවත් පිරිමින්.. දේශපාලකයන්.. රජවරු.. කුමාරයො හැමතැනම. ඇත්ත..  මම ඇතිවෙන්න විනෝද වුනා. රඟපෑම.. ගායනය.. වේදිකාව.. ලෝක සංචාර.. අතට පයට මෙහෙකාරයො.. මේ හැමදේම දවසේ කොටස් බවට පත්වුනා.   ඉඳහිට පුවත් පත් කියවන මම පුදුම වෙනවා.

යුරෝපයේ සෙක්ස් සිම්බල් එක..  සුරූපී කාමධේනුව.. තරුණයන් වසඟකරන හෙරෝයින්..  සෙක්ස් සහ බ්‍රිජිට්. .. මොකක් ? මේ මම ගැනද කියන්නෙ. 

අවුරුදු පහලවක් විස්සක් ගතවුනා තමයි නොදැනීම. එතකොට මම කවුද?

පත්තර කාරයො කියන විදිහට සෙක්ස් සිම්බල් එකක්ද.?  මට ඒ මිනිස්සු එක්ක තරහක් නෑ.

මම රඟපෑවාට.. පිංතූරවලට පෙනී හිටියාට මම සෙක්ස් සිම්බල් එකක් නෙවෙයි. නිළි රැජිණකුත් නෙවෙයි. මේ වගේ පට්ටම් දෙන්නෙ ඔබ වගේ පත්තර මහත්තුරු. මේ ඔක්කොම ඇති. හොඳටම ඇති.

මට දැන් හිතෙනවා මේ ඔක්කොම මගේ පිට බලෙන් පැටවුවා වගේ.

දැන් මම මගේ ජීවිතේ හොයාගෙන යන්න ඕනෙ. මට ඕනෙ නිදහස. මගෙ බල්ලො තුන්දෙනයි.. පූසො හය හත්දෙනයි එක්ක මට ඕනෙ නිදහස් ජීවිතයක්.

සෙන්ට් ත්‍රොපේ වෙරල තීරයේ තියෙන මගේ ගෙදර හැරෙන්න මට වෙන කිසිදෙයක් ඕනෙ නෑ.

මේ තමයි මගේ සමුගැනීම."

නළු නිලියො ඔය වගේ තමයි.. හිටපු ගමන් සමුගන්නවා. වසර කීපයකට පස්සෙ ආපහු එනවා.

ඔහොම ගියාට ඒ අයට ඉන්න බෑ ලෝක  අවධානය නැතුව.. රතු කාපට් එක නැතුව.. ෆ්ලෑශ් ලයිට් නැතුව.

බ්‍රිජිට් බාදෝ කියලා වෙනසක් නෑ. ආපහු එනවා සැකයක් නෑ.

අන්න එතන තමයි අපිට වැරදුනේ.

1973 අවුරුද්දෙන් පස්සෙ  බ්‍රිජිට් කිසිම දවසක ආපහු සිනමාවට එන්නෙ නෑ.

සිනමාවට තියා කිසිම ප්‍රසිද්ධ  උත්සවයකට එයා සහභාගිවෙන්නෙ නෑ. 

කලාතුරකින් පුවත්පත් හෝ රූපවාහිනී සකාච්ඡාවකට එක්වුනත් ඒ එයා පෙනී සිටින සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පමණයි. 

කොරිදා ද තොරොස් සටන් නවත්වන්න බ්‍රිජිට් විශාල මෙහෙයක් කරනවා.

අත් හැර දැමූ සුනඛයන් හා පූසන් වෙනුවෙන් ආරක්ශිත නිවාස හදන්නත් ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්නත් පියවර ගන්න බ්‍රිජිට් ජීවිතේ වැඩි කොටසක් ගෙවන්නෙ සතුන්ගේ සුවපහසුව හා  අයිතිවාසිකම් වෙනුවෙන්.

කොයිතරම් ආරාධනා ආවත් බ්‍රිජිට් නෙවෙයි තමන්ගේ තීරණේ වෙනස් කරන්නෙ.

" ආපහු සිනමාවට එන්න.. අපොයි ඔබට කිසිම අදහසක් නෑ මම ගෙවන නිදහස් ජීවිතේ ගැන.

බැල්කනියට වෙලා මධ්‍යදරණී මුහුදේ ඉර ගිලෙන හැටි බලන් ඉන්න.. මගෙ සුරත්ල් බල්ලන් එක්ක වෙරළෙ ඇවිදින්න යන්න.. ගහක ගෙඩියක් කඩාගෙන කන්න ලැබෙන නිදහස ගැන ඔබ දන්නෙ නෑ.

ඒකයි මේ ප්‍රශ්ණ සේරටම මුල. ෆ්ලෑශ් ලයිට් නැති.. මේකප් නැති.. කොණඩ විලාසිතා නැති.. පැපරාසීන් නැති.. එලාම් එකට අවදිවෙන්න නැති ජීවිතේ ගැන ඔබ දන්නෙ නෑ. "

ඇයට චෝදනා නැතුවාම නෙවෙයි. විශේෂයෙන්ම අණවසර සංක්‍රමණවලට.. අරාබි සංස්කෘතික ආක්‍රමනයර බ්‍රිජිට් තදින්ම විරුද්ධයි. ඇයගෙ අදහස් බොහෝවිට දක්ශිණාංශික බව විචාරකයන් කියනවා.

" පැරීසිය කියන්නෙ විලාසිතා අග නගරය. තරුණ කෙල්ලකට බැරිනම් කොට කලිසමක් ඇඳන් පාරෙ යන්න... මොකද්ද මේ නිදහස.. මොකද්ද මේ විලාසිතා ලෝකය.

තරුණියකගේ පාද දැකලා ඔබගේ හිරි ඔතප් බිඳෙනවා නම් ඔබ කරුණාකරලා ඔබේ ගෙදරටවෙලා ඉන්න. එක්කො ඔබගෙ රටට ආපහු යන්න. නමුත් පැරිස් සංස්කෘතියට ඒ විදිහට තියෙන්නෙ දෙන්න"

1973 අවුරුද්දෙ කියපු විදිහට බ්‍රිජිට් කවදාවත් ආපහු ප්‍රසිද්ධ ජීවිතයට එන්නෙ නෑ.

අද .. ඒ කියන්නෙ 2025 දෙසැම්බර් 28 වෙනිදා බ්‍රිජිට් ජීවිතයෙන් සමුගන්නෙ වයස අවුරුදු 91 දී.

ලෝකය පුරාම එක වගේ ජනප්‍රිය වුනු බ්‍රිජිට් .. සෑම රටකම වගේ තරුණයන්ගෙ සිහින කුමාරිකාව වුනා.

නිදන කාමර බිත්ති.. ලොකර් රූම් දොරවල් බ්‍රිජිට්ගෙ පිංතූරවලින් හැඩවුනා. එයාව අපි හැමෝම දැක්කෙ දක්ශ නිලියක් හෝ සෙක්ස් සිම්බල් එකක් වගේ. 

නිදහස ගැන.. නිදහස්  ජීවිතය ගැන බ්‍රිජිට් කියපු කතාව අපිට හිතන්න ගොඩාක් දේ ඉතිරි කරනවා.

"කාම ධේනුව".. බලෙන් පටවපු මේ තණතුරු පට්ටම් ඇත්තට වලංගුද.?

කුඩා කාලෙ හිතුවා වගේම සෙන්ට් ත්‍රොපේ වෙරළ තීරයට නම් කීප සැරයක්ම ගියා. ඒර්ග් බ්‍රිජිට්ව නම් හමුවුනේ නෑ. 

සුභ ගමන් බ්‍රිජිට්.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.