2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්..
2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලන මූල ධර්ම වලට මරු පහරක් එල්ල වෙනවා.
2026 ජනවාරි මාසයේ දී, (ජනවාරි 5) ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකුගේ තනතුරෙහි කාලය අවසන් වෙනවා.
ඒ සමගම යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ නියෝජිතයන් නම් කිරීම කළ යුතු වෙනවා.
ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය නිර්මාණය වී ඇත්තේ අගමැතිනිය, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, සුළු පක්ෂ නියෝජනයක්, විපක්ෂ නායක නියෝජනයක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙසයි.
සම්පූර්ණ සමාජිකයන් ගණන දහයයි.
සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් යෝජනා කරන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්වයි.
නමුත් එහි වැඩි අයිතිය ජනපතිවරයාට සහ අගමැතිනියට හිමියි.
දැනට පසුගිය රජය විසින් නම් කළ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනෙකුගේ ධූරකාලය 2026 ජනවාරි මාසයෙන් අවසන් වෙනවා.
ඒ දිලුක්ෂි විජේසුන්දර, දිනේෂා සමරරත්න සහ ප්‍රතාප් රාමනුජම්.
සිවිල් සමාජ නියෝජිතයෙකුගේ ධූර කාලය වසර තුනයි. ඔවුන් තිදෙනා 2023 ජනවාරි මාසයේ 5 සිය රාජකාරි අරඹා තිබෙනවා.
ඔවුන් තිදෙනා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීනව කටයුතු කළා.
ඔවුන් පත් කළ රනිල් රජයේ ඇතැම් පත්වීම් වලට පවා ඔවුන් විරුද්ධ වුණා.
මාලිමා රජයේ ඇතැම් පත් කිරීම් වලට සහය දුන්නා. ඇතැම් පත් කිරීම් වලට විරුද්ධ වුණා.
රනිල් රජයෙන් පත් කළත් ඔවුන් රනිල්ගේ අතකොළු වූයේ නැහැ.
එමෙන්ම මාලිමා පාලනයට 'බකට්' දැම්මේ ද නැහැ. ඔවුන් විරුද්ධ වූයේ මාලිමාවේ 'මජරම' උත්සාහයන්ට පමණයි.
ඒ අනුව ඔවුන් සිය වගකීම නිවැරදිව ඉටු කළ බව කිසිඳු තර්කයකින් තොරව කිව හැකියි.
2026 ජනවාරි මාසයේ දී ඔවුන් තිදෙනා වෙනුවට නව සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකු නම් කිරීමේ බලය හිමි වෙනවා.
මින්දෙදෙනෙකු ජනාධිපතිවරයාට සෘජුව නම් කළ හැකියි. ඉතිරි සමාජිකයාට විපක්ෂ නායකවරයාට සිය යෝජනා ඉදිරිපත් කළ හැකියි.
නමුත් වඩා වැදගත්ම කාරණය වන්නේ පසුගිය රජයන්, තමන්ගේ පාක්ෂිකයන් හෝ ගෝලයන් නොවන ස්වාධීනව වැඩ කළ හැකි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ව්‍යවස්ථාදායක සභාවට පත් කළා.
ඔවුන් තමන් පත් කළ ආණ්ඩුවට හෝ 'කීකරු' වූයේ නැහැ.
දැන් ඉතා වැදගත් ප්‍රශ්නය, මාලිමා ආණ්ඩුව එහෙම කරාවිද ?
මාලිමාව, ඔවුන්ට 'කීකරු නොවෙන' , සැබෑ ලෙසම 'ස්වාධීන' මිනිසුන් මේ තනතුරු වලට පත් කරාවිද ?
මේ ගමේ මරණාධාර සමිතියට පවා පක්ෂ කාඩරය ඔබ්බවන ආණ්ඩුවක්.
මේ විගණකාධිපති ධූරයට පවා සිය අතකොළුවක් පත් කිරීමට උත්සාහ කළ ආණ්ඩුවක්.
ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් නොකොට, මාස තුනෙන් තුනට වැඩ බලන විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අනුරට අවශ්‍ය වූ හේතුව දැන් පැහැදිලියි.
2026 ජනවාරි මාසයේ දී ස්වාධීනව කටයුතු කළ ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනාගේ කාලය අවසන් බව අනුර දැන සිටියා.
එතැනින් දෙදෙනෙකු, ජනපති අනුරට සෘජුවම පැලවත්තෙන් හෝ කැලනිය විශ්ව විද්‍යාලයෙන් නම් කළ හැකියි.
ඒ මොහොතේ සිට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය අනුරට පාක්ෂික, ස්වාධීන නැති, අනුර යෝජනා කරන ඕනෑම පොල් ලෙල්ලකට අත් ඔසවන පිරිසක් බවට පත් වෙනවා.
හරිනි, බිමල්, ජගත් වික්‍රමරත්න, අබුබුකර් සහ නව සමාජිකයන් දෙදෙනෙකු එක් වූ කළ ව්‍යවස්ථාදායක සභාවේ මාලිමා පාක්ෂිකයන් ගණන හයක් බවට පත් වෙනවා.
කොටින්ම ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ මූලික අරමුණම වූ, ඊනියා 'ස්වාධීන කොමිසම' අහෝසි වී යනවා.
එය ජනපති අනුරගේ තවත් එක් බළල් අතක් බවට පත් වෙනවා.
එතැන් පටන් ජනපති අනුරගේ සෘජු පත් කිරීම් සහ ව්‍යවස්ථා දායක සභාවේ පත් කිරීම් අතර කිසිඳු වෙනසක් නැහැ.
එතැනදී අනුරට, ඔහුට අවශ්‍ය කැලනි මිතුරා ස්ථිර විගණකාධිපති ලෙස පත් කළ හැකියි.
මේ දිනය උදාවන තුරු (2026 ජනවාරි 05) අනුරට වැඩ බලන තාවකාලික විගණකාධිපතිවරයෙක් උවමනා වූ හේතුව දැන් පැහැදිලියි.
එතැන් පටන් අනුරට ඕනෑම තනතුරක් තමන්ගේ හිතුමනාපයට පත් කළ හැකියි.
එම නිසා ලෝකයට කෙසේ වෙතත් 2026 ආරම්භයම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට සහ තනි පක්ෂ රාජ්‍යයට තිබූ අවසන් බාධකයත් ගැලවී යන අසුබ නව වසරක් වීමට නියමිතයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාවත් කැලනිය විශ්ව විද්‍යාලය හරහා පැලවත්තට කඩා වැටීමට නියමිතයි.
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..