දේවානන්දාගේ පිස්තෝලයේ කතාව..
2001 සිට 2025 කියන්නේ වසර 24 ක්.
ඩග්ලස් දෙවානන්දාට නිකුත් කරපු පිස්තෝලයක් මදුෂ් ලග තිබිලා තියනවලු..
එතකොට දේවානන්දා සිංහල පාතාලයට ගිණි අවි විකුණලා නැත්නම් සපයලා කියන චෝදනාවට හෝ සැකයට CID අත් අඩංගුවට අරං රිමාන්ඩි කරනවා.
ආරංචියේ හැටියට ඩග්ලස් දේවානන්දට 2001 දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරපු පිස්තෝල ගිණි අවියක්.
ඩග්ලස් දේවානන්දට එලි ටී ටී ඊ ය එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඔහුගේ පෞද්ගලික අංගාරක්ෂකයන් මිය යනවා මේ කියන පිස්තොලය තිබී ඇත්තේ ඒ වගේ කෙනෙක් ලග කියනවා. ( සාමාන්‍යයෙන් ප්‍රභූවරයෙකුට නිකුත් කරන ගිණි අවියක් ආරක්ෂකයෙකු ලග තමයි තිබෙන්නේ.)
ඒ කාලයේ දේවානන්න්දා එල් ටී ටී ඊ යට එරෙහිව EPDP සංවිධානයේ පැරා මිලිටරි කංඩායම් පවත්වාගෙන ගිය බව රටට රහසක් නෙවේ ඒ පැරා මිිල්ටරි දමිළ සාමාජිකයන් දේවානන්දා වටකරගෙන තමයි නිතරම හිටියේ )
සෑම රජයක්ම එල් ටී ටී ඊ යට එරෙහිව 2001 සිට 2009 දක්වා දේවානන්දාට පිස්තෝළ සිට T 56 දක්වා ආයුධ සැපයු බව රහසක්ද නෙවේ.
2009 යුද්ධය ඉවර වු පසු 2011 දී රඑවක ආරක්ෂක ලේකමි දෙමළ පැරා මිලටරි කංඩායම් වලට නිකුත් කරපු ආයුධ ආපහු කැදවනවා.
ඒ අනුව EPDP දේවානන්දා ආයුධ රජයට ලබා දෙනවා.
මෙම පිස්තෝල ගිණි අවිය හෝ ගිණි අවියේ අංකය දේවානන්දාට මතක තියෙන්න ඇති කියලා විශ්වාස නෑ.
හේතුව මරාගෙන මැරෙන ප්‍රහාරයක් තුළ තමන්ගේ පෞද්ගලික ද්‍රවිඩ අංගාරක්ෂකයන් කුඩු,වෙලා කෑලි වෙනකොට පිස්තොළය කොහෙද කියලා ඔහුට හොයන්න හෝ ඔහුට රජය සපයා තිබ්බ නිළ ආරක්ෂාව භාර හිටපු හමුදා පොළිස් කංඩායම් වලට සිහියක් තිබෙන්නත් විදිහක් නැ.
ඒක කොහොම හරි පාතාල නායකයෙක් වුන මාකදුරේ මධුෂ් මිය ගියාටත් පසුව ඔහුට අයිති ආයුධ කියලා දකුණෙන් හොයා ගන්න ආයුධ අතරේ,තිබිලා මුණ ගැහෙනවා.
දේවානන්දා අත් අඩංගුවට ගන්නේ ආන්න ඒකට.‼️
එතැනදී ඒ වෙනුවෙන් වැඩිපුරම සතුටු,වෙන්නේ රටෙන් එලියේ ඉන්න බෙදුම්වාදී දෙමළ එල් ටී ටී ඊ හිතවාදීන්..
ඔවුන්ට අනුව අද බලකරන අදහස් අනුව දේවානන්දා යනු හිරගෙයක් ඇතුලේ මරලා දාන්න ඕන ද්‍රෝහියෙක්.
එක පැත්තකින් පාස්කු ප්‍රහාරය සහ දෙමළ මිනිස්සු යුද්ධය අතරේ අතුරුදහන් කරා කියන චෝදනාව පෙන්නලා එල් ටී ටී ඊයට එරෙහි වුන පිල්ලයාන් තවම CID රදවාගෙන ඉන්නවා
දැන් පිස්තෝළයකට දේවානන්දා හිරකරලා තියනවා.
මාළිමා ආන්ඩුව මේ සතුටු කරන්න හදන්නේ කාවද කියන එක රටට ගැටළුවක් නෙවේ.
මේ චෝදනා වලට දේවානන්දා හිරේ යවන්න නම් බෑ.
ඒත්
දිගු කාලයක් රිමාන්ඩ් කරවලා ඒක ඇතුලේදි දෙමළ බෙදුම්වාදී කොටසකගේ උවමනාවට මරවන්න හදනවද කියන සැකය පවතිනවා.
මොකද මහින්දරාජපක්ෂට වගේම තද වෛරයක් රටින් එලියේ ඉදන් තවම ලංකාව ගැන බෙදුම්වාදී සිහිනයක ඉන්න කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට තිබෙනවා.
2001 දී නිකුත් කරපු පිස්තොලයක් එකවරම මතු වෙලා දේවානන්දා රිමාන්ඩ් කරනඑකයි.
මේ ආන්ඩුව පත් කරන්න දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව වෙනුවෙන් කැනඩාසහ බ්‍රිතාන්‍ය කොටස් වැඩ කරා කියන කාරණය රට දන්නවා
ඒ වගේම දෙමළ ඩයස්පෝරාවට ඩග්ලස් දේවානන්දා පළාත්සභා ජන්දයට උතුරේ මහ ඇමති පදවියට තරග කරයි කියන සැකයත් තියෙනවා.
එකවරම 2001 මොඩල් එකේ හද්ද පරණ පිස්තෝලයක් මතුවීම හරහා අපට කියවා ගන්න කාරණා ගොඩක් පවතිනවා.
මේක දැකලා දැං ඩග්ලස් දේවානන්දාටත් කඩේ යනවාද අහන්න හිතෙන උගතුන්ට මම ජයවේවා ස්තූතියි නන්ඩ්‍රි තෑන්ක්ස් කියලත් දැංම ලියනවා
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..