ජාතියේ මහා වාපිය හදපු ධාතුසේනත් මැරුවේ වස්තුව හංගගත්තා කියලා හංවඩු ගහලා තමයි
මගෙන් මිත්‍රයෙක් ඇහුවා ඇයි උඔ මහින්දට ඔච්චර කැමති කියලා.
මම කීවා මම කැමති මහින්දට නෙවෙි ඒ දැක්මට කියලා.‼️
ඔව් ඒ දැක්ම ඇතුලේ ඔහු නිර්මාණය කරපු පැළ කරපු බීජ අද රටට පලදරනවා. මොකා ආන්ඩුව කරත් ව්‍යාපාරකරණය පරිපාලනය හොදින් කරන්න පුළුවන් එකෙක්ට රාජ්‍ය භාන්ඩාගාරයට මුදල් ලැබෙන්න ඒ පැල කිරීම් දළු දාලා වැඩිලා තියනවා.
❌ මහින්ද රාජපක්ෂ නොරොච්චෝලය හැදුවා. චීනය භාවිතයෙන් ඉවත් කරපු පරණ යකඩ ගොඩක් කොමිස් ගහලා හොරකම් කරන්න ලංකාවට ගෙනාව කීවා අද ලංකා විදුළි බල මංඩලයේ ආදායම ඉහළ ගිහිං,තියෙන්නේ සහ වියළි කාලයට ජල විදුලිය නැතුව විදුලි ඉල්ලුමෙන් 50 % සපයන්නේ නොරොච්චෝලය.
හැබැයි මහින්ද නොරොච්චෝලය හැදුව හංදා හොරෙක් වුනා.‼️
❌ රටේ අධිවේග මාර්ග පටන් ගත්තේ මහින්ද ඕවා හදන්නේ කොමිස් ගහන්න කියලා අධිවේගයේ දුර මීටර්,වලින් මැනලා වියදම බෙදලා කිලෝමීටරයට යන වියදම පෙන්නලා හැදුවෙි රත්තරං වලින්ද ඇහුවා.
අද ලංකාවේ දවස ගානේ කෝටි විස්ස පන්නලා රටට ආදායම් උපයලා භාන්ඩාගාරයට ලැබෙනවා.
හැබැයි අධිවේග හැදුවට මහින්ද හොරෙක් කලා ‼️
❌මහින්ද හම්බන්තොටට වරායක් හැදුවා ඒක අසාර්ථකයි කියන්න කියන්න පුළුවන් හැමදේම කීවා වරායෙන් රාජපක්ෂලා බිලියන ගනන් හොරකම් කරා කීවා නැව් එන්නේ නෑ කීවා. අන්තිමට මහින්දට රිදවනවා කියලා චීනයට ඒක බදු දුන්නා චීනය හම්බතොට වරාය වාහන ගෙන්වන ප්‍රතිනැව්ගත කරන වරායකි බවට සාර්ථක කරා. අද ලංකා වරාය අමාත්‍යංශයේ රේගු ආදායමට පසු වැඩිම බදුකුලී සහ නිෂ්කාශණ ආදායම හම්බන්තොට වරාය බිමෙන් ලබා ගන්නවා
හැබැයි ඒක බැනුම් අහගෙන රටට හදපු මහින්ද හොරෙක් කලා ‼️
❌ JR ප්‍රේමදාස චන්ද්‍රිකා යටතේ නතර සභා වලට විතරක් කාපටි පාරවල් සීමා වෙලා තිබ්බා ගමට දුන්නේ තාර පාරවල් ඒවා එක වැස්සකින් අබලන් වුනා . මහින්ද සමස්ථ රටේ ග්‍රාමීය සහ අර්ධ නාගරික පාරවල් කිලෝ මීටර 25500 සම්පුර්ණව කාපට් කරා
එතකොට කීවේ මහින්දගේ පක්ෂයේ උංට කොමිස් ගහගන්න තාර පාරවල්,බොරුවට මහින්ද කාපට් කරවනවා කියලා. හැබැයි ඒ හංදා ඩොලර් බිලියන 17 ක තිබ්බ ජාතික ආර්ථිකය ඩොලර්,බිලියන 73 ක් දක්වා ඔසවලා තියන්න මහින්දට පුළුවන් වුනා
මහින්ද වසර 30 කට පස්සේ වවුනියාවෙන් එහාට උතුරෙන් යාපනයට කෝච්චිය අරං ගියා මාතරින් එහාට දකුණෙන් බෙලිඅත්තට කෝච්චිය අරගෙන ගියා
හැබැයි මහින්ද ඒවා කරපු නිසා හොරෙක් වුනා ‼️
ලිපිය දිගු වෙන හංදා මම මෙහෙම ලියනවා.
මහින්ද ඉහළ කොත්මලේ හැදුවා. බැනුම් ඇහුවා
මහින්ද උමා ඔය ව්‍යාපාරය කලා බැනුම් ඇහුවා.
මහින්ද කොළඔ වරාය පුළුවල් කරා අළුත් දියකඩනය නිර්මාණය කළා ඒ හරහා කොළඔ වරාය පුළුවල් කරා අළුත් ජැටි පර්යන්ත ඉදිකරලා.
මහින්ද හදපු හැම දේකින්ම අද ආදායම් උපද්දවනවා.❤️
මහින්ද අද තව වසර පහක් බලයේ හිටියනම්
මත්තල ගුවන් තොටුපළ ලාභ ලබන තැනක් කරනවා👍
ඒක ඊට පස්සේ ආව අයට කරන්න බැරිවුනා
ක්‍රිකට් ක්‍රීඩාංගණය සුරිය වැව හැදුවා ඒකට අවශ්‍ය මැච් ගන්න බැරි කම මහින්දගේ වැරැද්දක් නෙවේ
කොටින්ම මහින්ද හදපු ටෙලි ගම්මානය තුළින් නිර්මාණය වුන උසස් ටෙලි නාට්‍ය වලින් රටට ආදායමක් ලැබුනා අද ඒවා වල් බිහි කරලා තියනවා
අපි 2015 මහින්ද ඉවත්,නෙකෙරානම්
මේ රට අද තියෙන ආර්ථික අර්බුදයට කවදාවත් වැටෙනනේ නෑ .‼️
මහින්ද හොරා කන්න හැදුවා කීව පැනලා මැරෙන්න විතරක් හොදයි කීව නෙළුම් කුළුණ තුළින් විතරක් අනුර දිසානායක රට පාලනය කරපු වසර ඇතුලේ කෝටි 90 ක ආදායමක් උපයලා තියනවා..❤️
මහින්දට සිංහළ ජාතිය ගැන අරමුණක් තිබ්බා
රටේ ජීවත් වෙන සමස්ථ ජාතීන් ගැන කියවා ගැනීමක් තිබ්බා.
කෘෂිකර්මය කළාව සංස්කෘතිය ජාත්‍යන්තර සබදතා ගැන කියවා ගැනීමක් තිබ්බා.
ඒ ඔස්සේ මහින්ද ලාංකිකයාට අනාගතයේ ආදායම් උත්පාදනයට සැළසුමි ගැහුවා.
ඒ වගේ දැක්මක් සිරිමාවෝට පසු තිබිබෙි මහින්දට විතරයි.‼️
රුපියල් බිලියන 5000 ක් ලෝකයෙන් ණයට ගත්ත මහින්ද
රටට ආදායම් උපයන්න කරපු නිර්මාණ අද ආදායම් උපයනවද නැද්ද යන්කට උත්තර හොයනකොට
යම් දෙයක් ආදායම් උපයන්නේ නෑ බදු ගෙවන ජනතාවට බරක් කියන්න තියනවනම්
ඒ දක්ෂ පරිපාලනයක් ව්‍යාපාර දැනීමක් නැති කම හංදා පාඩු ලබන තැනක් විනා.
වෙන මොනෙවත් හේතු සාධක නෑ .‼️
නමුත් මහින්ද හොරෙක්.
කළාවැව හදපු ධාතුසේන
වස්තුව හංගගත්තා කීයලා හංවඩුවට
හොරෙක්,වෙච්ච ලංකාවේ
කළාවැවෙන් අස්වද්දපු ඊලග පරම්පරා සීයකට
ධාතුසේන ජාතික වීරයෙක් වුනා.
අද රටට හැදුව හැම දෙයක් හිංදම හොරෙක් වෙච්ච මහින්ද
ඊළග පරම්පරා හරියට කියවා ගන්නවා.
හැමදාම
වර්ථමානය වරද්දා ගන්න ජාතියක් සිංහල ජාතිය කියන්නේ
අපි හැමදාම පරදුනේ දිගු කාලයක් රට වෙනුවෙන් එක ගමනක් යන්න බැරිකම හංදා නෙවේ..‼️
ඒ ගමන එක්ක යන්න ජාතියේ පිනකට පහළ වෙන එකා අපි කලිං මරගන්න
හෝ.
නැත්නම් ඒකා හොරෙක් කියලා හංවඩු ගහන තක්කඩියෙක්ට රැවටිලා සියල්ලම නැතිකරගෙන හුල්ලන හංදා.
අපි ධාතුසේනට කරෙත් ඒක
අපි සිරිමාවෝට කරෙත් ඒක
මහින්දට කරෙත් ඒක
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..