මුවෙහි මී පැණිත් හදවතේ හලාහල විෂත් රැගෙන යන ජයිශංකර් ගේ මෙහෙයුම..
ජයිශංකර්ට මා තරම් කැමැති ශ්‍රී ලාංකිකයෙක් ඔබට සොයාගත නොහැක...
ඒ, ඔහුගේ කථිකත්වය, දැනුම, අත්දැකීම්, අති ශූර බුද්ධිය සහ තම රට වෙනුවෙන් ජාත්‍යාන්තරය ඉදිරියේ පෙනී සිටින සිංහ සෙයියාවත් නිසායි. ඔහුගේ සිනහව හුරතල් ය. නමුත් මොළය බිහිසුණු ය. පුරාණ බමුණු වචනවලට අනූව මුවෙහි මී පැණිත් හදවතේ හලාහල විෂත් රැගෙන සතුරා ආක්‍රමණය කරන්නට ජයිශංකර්ට ඇති ශූරත්වය, රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කෙල පැමිණි ඔහුගේ පියාගෙන් ලැබූ දායාදයකි.
මා ඔහුට කෙතරම් කැමති වුවත්, ජයිශංකර් යනු ඉතාමත් කපටි, සාහසික, දරුණු ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බව නොකියා බැරිය. ඔහු රටට මෙන්ම BJPයටද පක්ෂපාතීය. ඔහුගේ පියාගේ රැකියාව පෙර පැවති රජයන් විසින් නැති කළ බව කතා කරන සෑම විටෙකම වචනවල නැතත් ඔහුගේ මුහුණේ ඉරියව්වලින් පෙන්වන්නේ වෛරයයි. ජයිශංකර් දේශපාලනයේ ඉන්නා තෙක් කොංග්‍රස් පක්ෂයට බලය ලබාගැනීමට ඉඩ නොදෙන සෙයියාවක් ඔහු නිහඬවම පෙන්වයි. පාකිස්තානය ගැන කතාකරද්දී ඔහුගේ මුහුණෙන් ගම්‍යවන, වචනයෙන් සහ ඉරියව්වලින් පෙන්වන අකමැත්ත, නින්දාසහගත බව සහ වෛරී ස්වභාවය සැඟවීමට ඔහු උත්සාහකරන්නේ නැත. අතිශයින්ම වැදගත් අන්තර්ජාතික සමුළුවලදී පවා ඔහු පාකිස්තාන මාධ්‍යවේදීන් හෙළාදකින්නේ සිය රාජ්‍යතාන්ත්‍රික භාවය අවියක් ලෙස භාවිතා කරමිනි. ඉන්දියාවේ තරුණ තරුණියන් බොහෝ දෙනා ජයිශංකර්ට වහ වැටී ඇත්තේ ඔහුගේ මේ පාකිස්තානයට එරෙහි රාජ්‍යතාන්ත්‍රික ප්‍රචණ්ඩත්වයත්, තැනට සුදුසු ලෙස ලබා දෙන බුද්ධිමත් පිළිතුරුත් නිසාවෙනි.
ඔහු ලියන පොත්පත් සියල්ලම වාගේ ඉන්දියාවේ සාහිත්‍යමය ඉතිහාසය ලෝකයාට කවන ඒවාය. ලෝකයේ හොඳම රාජ්‍ය තාන්ත්‍රික පොත ලෙස ඔහු හඳුන්වන්නේ මහා භාරතයයි. මහා භාරතයේ කියැවෙන යුද්ද සහ විසඳුම් එකින් එක ගෙනහරිමින් ඔහු ඒවා පැහැදිලි කරන ආකාරය අසා සිටිද්දී ඔහුගේ මතය ප්‍රතික්ශේපකිරීමට සක්කරයාටවත් බැරිය.
දකුණු ඉන්දියාවේ උපත ලබා දිල්ලියේ හැදී වැඩුණද ඔහු විවාහ වන්නේ ජපන් ජාතික කාන්තාවක් සමග ය. භාෂා 6 ක් පමණ චතුර ලෙස කතා කරන ඔහු හා කරට කර සිටීමට ආසියා මහද්වීපයේම කිසිදු රටකින් අමාත්‍යවරයෙක් සොයාගත නොහැකි ය. Diplomatic services හි ඔහුගේ සේවය කළ වසර ගණන, මෙය ලියන මගේ ජීවිත කාලයටත් වඩා වැඩි ය. බුද්ධි අංශ හා ශක්තිමත් සම්බන්ධතා මෙන්ම විරුද්ධ පාර්ෂවය පක්ෂයක් වුවද රටක් වුවද එයට සිය ඔත්තු කරුවන් රිංගවීමට මෙන්ම, ප්‍රතිවාදියාව වචනයෙන් මෙල්ල කරගැනීමට, ප්‍රතිවාදියාගේ කෙතරම් දරුණු වාග් ප්‍රහාරයකින් වුවද කිසිදු ලෙසකින් චංචල නොවන බව ඔහුගේ මනසේ දැඩි ගතිය ප්‍රදර්ශනය කරයි. ඔහු පෙරළා පහර දෙන විට එම ප්‍රහාරය ඔහු සැලසුම් කරන්නේ ප්‍රතිවාදියාගේ දරාගැනීමේ සීමාවට වඩා කිහිප ගුණයක් ඉහළිනි.
මීට වසරකට පමණ පෙර ජර්මනියේදී පැවති සමුළුවකදී ඔහු කියා සිටියේ ඉන්දියාව විසින් ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට හොඳ අසල්වැසියෙකු වෙමින් උපකාර කළ නිසා, ශ්‍රී ලංකාවද හොඳ අසල්වැසියෙකු ලෙස එම උපකාර මතක තබාගෙන වැඩ කළ යුතු බවයි. තවත් තැනක ජයිශංකර් යුරෝපයට කෙලින්ම පහර එල්ල කළේ යුරෝපයේ ප්‍රශ්න ලෝකයේම ප්‍රශ්න බවත්, ලෝකයේ ප්‍රශ්න යුරෝපයේ ප්‍රශ්න නොවන බවත් යන මානසිකත්වයෙන් යුරෝපය මිදිය යුතු බව කියමිනි. මා කැමතිම ඔහුගේ කතාවක්නම්, ඇමරිකාවත් සමග සම්බන්ධතා තබාගෙන සිටියදීම ඉන්දියාව විසින් රුසියානු තෙල් මිළදී ගැනීම සම්බන්ධයෙන් බටහිර මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකදී ඔහු දුන් පිළිතුරයි. ලෝකයේ බොහෝ රාජ්‍යතාන්ත්‍රික ගැටළුවලට ඒ කෙටි පිළිතුරෙන් ගතහැකි දේවල් බොහෝයි.
ඉන්දියාව තුළ BJP හි පාලනය තවත් බොහෝ කල් පවත්වා ගැනීමට මෙන්ම ලෝකය තුළ ඉන්දියානු ව්‍යාප්තිය මෙන්ම ආධිපත්‍යය බලාත්මක කිරීමේ මෙහෙයුමට මේ කෙට්ටු මිනිසාගෙන් වන සේවය අප්‍රමාණ ය.
මා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව Soft power technique හරහා ආක්‍රමණය කිරීමට ගෙතූ රාවණා ප්‍රබන්ධය විශ්වාස නොකළ ද, ජයිශංකර් ගැන කියද්දී මගේ මතකයට එන්නේ රාවණා ය. ඔහු එතරම්ම දක්ශ යක්ෂයෙකි.
ඉන්දියාවේ වාසියට ඕනෑම රටක් බිල්ලට ගැනීමට ඔහු දෙවරක් නොසිතයි. තමන්ට වඩා දුර්වල පාලකයින් සිටින රටවල්, ඒ පාලකයින්ගේ මානසික, ශාරීරික මෙන්ම පෞර්ෂ දුර්වලතාද අධ්‍යයනය කරන ජයිශංකර් ඔවුන්ව නම්මා ගන්නේ ඔවුන්ටත් නොදැනීම ය. ඔහු සිය මතයට එකඟ නොවන අය පිළිබඳව අනුකම්පා විරහිත ය. පෞර්ෂයක් සතු නායකත්වයක් ඇති රටවල්වලට ඔහු ඇඟිලි ගසා වැඩ වරද්දාගන්නේ නැත. මෝදි බලයට පත්වී ගතවුණ දශක එකහමාර තුළ, ජයිශංකර් විසින් කිසිදු ලෙසකින් සෘජුවම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම්වලට ඇඟිලි ගසා නැත. ඒ, ඔහු පරාජය වන ව්‍යාපෘති ආරම්භ කිරීමට අකමැති නිසා ය. නමුත් අනුර නමැති පෞර්ෂයෙන් හීන, දෙවැනි සිරිසේනයා ජනාධිපති වූ දා සිටම ජයිශංකර්ගේ තුන්වැනි ඇස නිරන්තරයෙන්ම පවතින්නේ ශ්‍රී ලංකාව දෙස ය. රට තුළ අර්බුද වැඩිවෙන්න වැඩිවෙන්න ජයිශංකර්ගේ ශ්‍රී ලංකාවට පාන සෙනෙහස වැඩෙයි. අනුරව ස්පර්ෂ කරනු වස් ශ්‍රී ලංකාවට නිතර නිතර පැමිණෙයි. ජයිශංකර්ගේ චරිතය අධ්‍යයනය කළ අයෙකුට මේවා ඒ තරම් සුබ ලකුණු නොවන බව වටහාගැනීම අපහසු නැත.
ජයිශංකර් දක්ශයෙකි. නමුත්, ශ්‍රී ලංකාවට හෙණ ගහලා ගියත් ඔහුට පයිසෙක වගක් නැත. ඔහුගේ ගමන් මග වැටී ඇත්තේ ශ්‍රී ලංකාව වැනි කුඩා, දුර්වල, නිසි හැසිරවීමකින් තොර රටවල් හරහා අඛණ්ඩ භාරත් සංකල්පය සාක්ෂාත් කරගැනීමයි.
මතක තබාගන්න, ජයිශංකර් පෙනී සිටින්නේ කරන්නේ 17 වතාවක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ, LTTE ත්‍රස්තවාදීන්ට ආයුද පුහුණුව ලබා දුන්, ශ්‍රී ලංකා හමුදාවට බටහිරින් පැමිණි කිසිදු චෝදනාවකදී ජිනීවා හි ශ්‍රී ලංකාව සමග හිට නොගත් ඉන්දියාව වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ වර්තමාන භාරකරු මේ වල්ගෙ දෙපරැන්දේ ගහගෙන දෙකට නැමීගෙන නිවට නියාලු සෙයියාවෙන් කියන කියන ගිවිසුම අත්සන් කරමින්, ඒවා රටෙන් සඟවමින්, ව්‍යවස්ථාව වෙනස් කර, විධායක ජනාධිපතිකම ඉවත් කර කිරීමට යන්නේද LTTE ඩයස්පෝරාවේ මෙන්ම ඉන්දියාවේද බලපෑමටයි. නිවට කරණවෑමියා දුටුවාම එළුවත් රැවුල පානවා කීවද ජයිශංකර් හෝ ඉන්දියාව යනු එළුවන් නොවේ. මුලුමහත් ආණ්ඩුවත්, ජනාධිපතිත්, විපක්ෂයේ කිහිපදෙනෙකුත් දැන් මුලුමනින්ම ඉන්දියාවේ ග්‍රහණයට නතුවී අවසන්. කොත්තුව 250 ට කන්න ගෝල්ෆේස් ගිය කා:ල:ක:ණ්:නි රටවැසියන් නිසා රට කෑලි කෑලිවලට කැඩුවද එයට විරුද්ධ වීමට තරම් විපක්ෂ බලයක් පාර්ලිමේන්තුවේද නැත. ඒ නිසා මේ නිවට ආණ්ඩුව තමාගේ පැවැත්මට මුදල් ලබාදෙන ඕනෑම කෙනෙකුගේ පදයට නටා කුමන විනාශයක් ව්‍යවස්ථාවට කළද, උත්තරීතර පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති උන්ට බලය ලබා නොදෙන්නැයි පුන පුනාම අපි කීවේ එනිසායි. ත්‍රස්තවාදීන්ට පුරුදු තමාගේ සුඛවිහරණය සලසා ගැනීම සඳහා මුදල් ලබාදෙන ඕනෑම කෙනෙකු වෙනුවෙන් රටවල් කාබාසිනියා කිරීමයි. ත්‍රස්තවාදියා ඉන් එහා වෙනත් කිසිවක් නොදනියි. උන්ට සල්ලි වීසි කරන ඕනෑම ඩයස්පෝරාවක්, ඕනෑම රටක් ළඟ උන් දණින් වැටෙයි. ඔවුන් ලබා දෙන ඕනෑම task එකක් මිනිසුන් මරා හෝ සම්පූර්ණ කරයි.
පරාජය කළ යුතු ත්‍රස්තවාදීන්ට රටවල් ලබාදෙන පුරවැසියන් ගැන අප ඇසුවේ පළමු වතාවට ය. ඒ ශ්‍රී ලංකාවේයි. ඔබේ කතිරය ඔබේ මව්බිම විනාශ කරමින් ඇති බව දැන්වත් වටහාගන්න.
(අන්තර්ජාලෙයන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්