මධුර ඉංග්‍රීසි -සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මාතර උපන් මධුර කුලතුංග..
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෘදුකාංග නිර්මාණය සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයකු ද වෙයි. සුප්‍රකට මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර එම සේවා නොමිලේ ලබා දෙමින් ඔහු ශ්‍රී ලාංකික ජනතාව අතර ගෞරවාදරයට පත්විය.
1980 මාර්තු 23 වැනි දින මාතර දි උපත ලද මධුර කුලතුංග පවුලේ එකම දරුවාය. ඔහු සිංහල බෞද්ධයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මධුර කුලතුංග ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකි. ඔහු මයික්‍රෝසොෆ්ට් සහතික ලත් පද්ධති ඉංජිනේරු වෘත්තීය සුදුසුකම් සපුරා ඇත.
ඉංග්‍රීසි භාෂාව භාවිතයට යොමු වූ මුල් අවධියේ ඔහුට විවිධ අසීරුතාවලට මුහුණ දීමට සිදුවිය. මෙය දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිතා කිරීමේදී බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඇතිවන පොදු ගැටලුවකි. මෙවැනි අවස්ථා වලදී ඔවුහු සම්ප්‍රදායික මුද්‍රිත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ පරිහරණයට හුරුවී සිටියද ඒ සඳහා අධික කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදු වන බව මධුර කුලතුංග විසින් අවබෝධ කර ගැනිණි. මෙම අභියෝග ජය ගැනීම සඳහා වචන වල තේරුම ක්ෂණිකව ලබා ගත හැකි ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂයක් නිපදවීමට ඔහු අදිටන් කළේය.
මධුර කුලතුංග විසින් නිර්මාණය කරන ලද මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය 2002 නොවැම්බර් 23 වැනි දින සිට ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසුණි. පසුව එම ශබ්දකෝෂය මධුර ඔන්ලයින් නමින් අන්තර්ජාලයට ඇතුලත් කරමින් ඔහු ලොව ප්‍රථම ඔන්ලයින් ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ නිර්මාණකරුවා බවට පත් විය. ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය මේ වන විට ශිෂ්‍යයින්ට සහ වෘත්තිකයින්ට තම අධ්‍යාපනික කටයුතු වලදී මෙන්ම එදිනෙදා කටයුතු වලදීද අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්විය.
ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ පහසුකම් ඉතා අඩු මට්ටමක පැවති යුගයක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව මධුර කුලතුංග විසින් කරන ලද මෙම නිර්මාණය ඉතිහාස ගත වනු ඇත. මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය සදහා ඇති වෙළඳපොළ වටිනාකම අවබෝධ කරගත් ව්‍යාපාරික ආයතන කිහිපයක් ආකර්ෂණීය මිල ගණන් ඉදිරිපත් කරමින් සමස්ත නිර්මාණයේ අයිතිය මිලදී ගැනීමට උත්සාහ කරන ලදී. සියල්ල මුදලට විකිණෙන කාලයක එම ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මධුර කුලතුංග තම නිර්මාණයේ අයිතිය තමා සන්තකයේම රඳවා ගනිමින් ඉදිරියටත් තම සේවා නොමිලේ ලබා දීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවයට හේතු විය.
මධුර කුලතුංග විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට කරන ලද නිර්මාණශීලී දායකත්වය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඇගයිනි. මහාචාර්ය ජේ. බී. දිසානායක ඇතුලු විද්වතුන් රාශියකගේ සහභාගීත්වයෙන් 2009 සැප්තැම්බර් 2 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලයේ පැවති සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා දේශණයක් පැවැත්වීමට මහාචාර්ය ගිහාන් ඩයස් විසින් මධුර කුලතුංග වෙත ඇරයුම් කරන ලදී. එම ආරාධනය පිළිගත් ඔහු සම්මන්ත්‍රණය අමතමින් සිදු කළ දේශණය සියල්ලන්ගේ ප්‍රශංසාවට ලක් වුනි.
අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව නොතිබුණු මුල් අවධියේ සංයුක්ත තැටි මඟින් ජනතාව අතර බෙදා හරින ලද මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය, ශ්‍රී ලංකාවට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග මේ වන විට මිලියන ගණනක් ඩවුන්ලෝඩ් කර ගෙන ඇත. ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන මධුර ඔන්ලයින් ශබ්දකෝෂය දිනකට 50,000 කට අධික පිරිසක් භාවිතා කරති. ජංගම දුරකථන සඳහා නිපදවූ මධුර ඔන්ලයින් ඇන්ඩ්‍රොයිඩ් වැඩ සටහන ද මේ වන විට ඉතා ජනප්‍රිය වී ඇත.
මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය වචන 230,000 කට අධික ප්‍රමාණයකින් සමන්විතය. විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අදාල පාරිභාෂික පද සොයා ගැනීමේ පහසුකම් සැලසෙන අතර, මෙය විද්‍යාකෝෂයක් ලෙසද භාවිතා කළ හැකිය. ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම සහ සිංහල වචනයක ඉංග්‍රීසි තේරුම සොයා ගැනීමට පුලුවන. වයිල්ඩ්කාඩ් අක්ෂර වන තරු ලකුණ සහ ප්‍රශ්නාර්ත ලකුණ භාවිතා කරමින් වචන සෙවීමේ හැකියාව ඇත. මෙම සියලුම සේවාවන් https://www.maduraonline.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..