News Category
From Date
To Date
Maximum Number of Result

විභාග තිබ්බෙ නැත්තම් කෝ අවස්ථා?.. විභාග අහෝසි කිරීමෙන් රටේ දරුවන් ගොඩ යයිද?..

Dec 15, 2025 at 10:57 AM
|

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විභාග අහෝසි කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කථිකාවක් මතුව ඇති පසුබිමක විභාග අහෝසිය මගින් සිදුවන ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සමාජ මාධ්‍යයෙන් උපුටාගත් ලිපියක් පහළින් දක්වා තිබේ..

"මේ ඉහලින් අමුණල තියෙන්නේ මගේ අපොස සා පෙල සහතිකය… 

මම විෂයන් 10ටම A සාමාර්ථ ගත්ත කෙනෙක්…ඒ විෂයන් 12කට ඉල්ලුම් කරලා…එදා ඒ ඇප්ලිකේෂන් එකේ අන්තිමට තිබිබ තීරුවේ අනිවාර්‍ය විෂයන් 10ට අමතරව මම තව විෂයන් දෙකක් චූටි අකුරෙන් ලිවිවා..

ඒ සංවර්ධන අධ්‍යනය සහ දෙමළ කියලයි මට මතක. ඒ මොඩ කමද ඉගෙන ගන්ක තිබ්බ ආසාවද කියලා ඇහුවොත් මම අදත් කියන්නේ ඉගෙන ගන්න තිබිබ ආසාවට කියලා…අතිරේක විෂයන් දෙක මම වෙන ලමයින්ගෙ නෝටිස් කියවලා ඉගෙන ගෙන තිබුනා….

කරන්න පුළුවන් විෂයන් 10 යි යකු…

ඉතිං ඒ ටික කලා…

මට A 9ක් ශුවර්…ඉංග්‍රීසිත් A එකත් ශුවර්…ඒත් පොඩි නලියෑමක් හිතේ තිබුනේ එකක් ගැන…ප්‍රතිඵල ආපු ගමන් මං බැලුවේ ඒක..

ඉංග්‍රීසි සාහිත්‍ය…

හරි…ඒකටත් A….

දන්නවනේ ඉතිං…ඉංග්‍රීසි වගේ නෙවෙයි English Literature…

බිග් කුච්චන් තමයි.

අම්මා අප්පච්චි සතුටු වෙච්ච තරම් මතක් කරලා මට අදත් අඩන්න පුළුවන්…

ඒ අවුරුද්දේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ A10 ගත්ත අය 60 දෙනෙක් හිටියා…ඒ සුනාමි, ගංවතුර භූමි කම්පා , බෝමිබ පිපිරීම් නිසා විභාගෙ ලේසි කරලා නෙවෙයි.

එකම පංතියේ එකම පේලියේ ඉදලා සා පෙල හැම විශයටම A ගත්ත අපි හතර දෙනාගේ අද තත්වය ඒකට සාක්ෂි…

Dinithi Rathnayake- දැන් ආචාර්‍ය දිනිති රත්නායක 

USA වල intel process engineer 

Wimalika Thalgaspitiya- දැන් ආචාර්‍ය විමාලිකා තල්ගස්පිටිය 

USA වල intel module engineer කෙනෙක්

Nirodha Senevirathna- අද ආවාර්‍ය නිරෝධා සෙනෙවිරත්න (PhD in plant science )

ඒක තමයි තරගය අපිව ගෙනාපු දුර…..

දිනිතියි, විමාලිකයි මමයි නිරෝධායි අපි හැමෝම රජයේ රස්සාවල් කරපු දෙමව්පියන්ගෙ ලමයි…

පන්තියෙ හිටියා ත්‍රීකුණාමලයෙ ඉදලා ශිෂ්‍යත්වෙ පාස්වෙලා ඇවිත් ඉස්කෝලේ හොස්ටල් නතර වෙලා හිටපු යාළුවෙක්…දැන් විස්තර දන්නෙ නෑ..

ඉතිං විභාග තිබ්බෙ නැත්තම් කෝ මෙහෙම අපිට අවස්ථා? 

අඩුම තරමේ විසි කරන්න සල්ලි නැතත් කවදහරි දවසක සල්ලි වලට වඩා වටින දේවල් අහුල ගන්න පුළුවන් වෙන අනාගතයක් හදා ගන්න පුළුවන් කියලා පොඩි බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුළුවන් පාරක් පෙනුන එකම අපිට සහනයක් නෙවෙයිද? 

ඇයි අපි ට විභාග ලියලා තරග කරන්න වෙලා තියෙන්නේ? 

වර්ග කිලෝමීටර් 65610 ක භූම්ප්‍රමාණයක මිනිස්සු මිලියන 22න් ජීවත් වෙනවා…ජන ඝනත්වය වැඩී…භූමිය, ආහාර ජලය වගේම අවස්ථා ත් සීමිතයි…තරග නොකලොත් අපි පරදිනවා…

ෆින්ලන්තයේ , ඔස්ට්‍රේලියාවේ ලමයි විභාග නැතුව නිදහසේ ඉගෙන ගන්නේ 

සමිපත් බහුල නිසා, 

පොහොසත්

රටවල් නිසා, 

අවස්ථා සුලබ නිසා…

හරියට ඇනලයිස් නොකර ක්‍රමේ කොපි කරන්න ගියොත් අපේ අනාගත දරුවන් වල පල්ලට යනවා…

හොද ප්‍රතිපල නොගත්තොත් ඊලග ට අපොස උ පෙල ඉහලින් සමත් නොවුනොත්, කැම්පස් වලට තෝරා ගන්න ආසන්න වශයෙන් විසි දාහ ඇතුලට රිංග ගන්න බැරි වෙනවා…

විභාග නිසා දරුවන් ට අධික ලෙස පීඩනයක් දරන්න වෙනවා කියලා විභාග අහෝසි කරන්න යනවලු….

මේ විභාග කරලා ගොඩ අාපු දීප ව්‍යාප්ත සේවාවල ගුරු වෘත්තියේ, රාජ්‍ය සේවයේ පුද්ගලික අංශයේ කී දාහක් ඉන්නවද? 

ඊටවඩා පාරවල් අයිනේ රස්තියාදු ගහන ප්‍රමාණය වර්ධනය වෙනවා බලන්න අපි කවුරුත් අකමැතියි…

පීඩනය දියමන්ති නිර්මාණය කරනවා.෴෴

A 10 ක් ගන්ත කියලා ජීවිතේ දිනන්නේ නෑ…හැබැයි ජීවිතේ කිසි දවසක දිනන්න නැතුව ඉන්න තිබ්බ බහුතරයක් අනිවාර්යෙන් දිනන දුර්ලබ අවස්ථාවක් ඒක…

Education is the most powerful tool that can use to change the world…

ලෝකයේ එක චූටි තිතක් වගේ තියෙන මගේ මේ රටේ මිනිස්සුන්ට ලෝකෙ වෙනස් කරන්න තියෙන අවස්ථාව සියයට දශම බිංදු ගානක්…ඒකත් නැති කරලා දාන්න එපා…මේ දූපත ඉන්දියන් සාගරයේම ගිල්ලලා දැම්මා හා සමානයි ඒක…

ලංකාවේ අපේ දරුවො පරාද වෙන්න බෑ…අම්මලා තාත්තලා ගල්වැට ලග වාඩිවෙලා බලාගෙන ඉන්නවා…

එයාලගෙ ලමයි සක්විති පදවිය දිනනකම්…

ලංකාවේ අපිට ඒ ඔටුන්න පලදාගන්න යන්න තියෙන ලේසිම පාර අධ්‍යාපනය….

ඒ නිසා ක්‍රමය මොකක් වුනත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදි, විභාගය අහෝසි කිරීම, ලංකාව දියණු රටක් වෙලා නොමිලේ උපාධියක් කිරීම , කොල්ලෝ කෙල්ලන්ගේ තීරණයක් මිසක් විභාගයකින් සීමිත පිරිසක් තේරීමක් නොවන දිනයක සිදුවිය යුත්තකි. 

එබැවින් , ඒ දිනය දක්වා ලංකාවේ විභාග අහෝසි කිරීම කල් දමන මෙන්, මා පැමිණි පාරේ ඒමට නියමිත මධ්‍යම පාන්තික අනාගත ශ්‍රී ලාංකික දරුවන් සියලු දෙනා වෙනුවෙන් අදාල බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව අයදිමි.."

මීට, 

දම්ම් වික්‍රමසිංහ

2025.12.12

වෙන්ඩ ආචාර්ය

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගමන්

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.