NPP සෝමේ බුවාගේ නාඩගම..
මේ ජරමර අස්සේ නාට්ටියක් කරපු මේ සෝමේ කියන බුවා ගැනත් දෙයක් කියන්න ඕන.
සෝමේ ජේවිපිකාරයෙක්. NPP කැම්පේන් එකේ ඉදපු, සල්ලි අරන් අනුරට සහ මාලිමාවට වැඩ කරපු බුවෙක්.
දැනුත් මාලිමාව විසින් තෝරාගත්තු කැම්පේන් කරන ලිස්ට් එකේ ඉන්න පොරක්. පැලවත්තේ බුවෙක්.
මිනිහා නුවර ගංවතුර ආධාර වැඩේ පටන් ගනිද්දි, පැලවත්තෙන් මිනිහට සම්බන්ධ කරන්නේ මාලිමාවේ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක.
චන්ද්‍රසිරි තමයි සෝමෙට ෆැසිලිටේට් කළේ.
ඔහුගේ ප්‍රොජෙක්ට් එකට මහනුවර නගර සභාවේ කාමරයක් දෙන්නෙත් නගරාධිපති චන්ද්‍රසිරි.
ඒ නාගරික කොමසාරිස්වරියගේ අනුමැතියකින් තොරව.
හැබැයි එතන මාලිමාවේ නගරාධිපතිවරයා තුච්ච වැඩක් කළා.
නගර සභාවේ ඕන තරම් ඉඩ තියෙන කාමර තියෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කාමර තුනක් තියෙනවා. හිස් කාමර දෙකක් තියෙනවා.
හැබැයි නගරාධිපතිවරයා සෝමේ කියන බුවාට දෙන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස් වෙන, කතා කරන, සභාවට ආවම ඉන්න, විපක්ෂය වෙනුවෙන් වෙන් කරපු එකම කාමරය.
ඊටපස්සේ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ට ඉන්න කාමරයක් නගරාධිපතිවරයාගෙන් ඉල්ලුවා.
මේ වගේ ව්‍යවසනයක් වෙලාවක විපක්ෂ මන්ත්‍රීවරු සභාවේ ඉන්න ඕන. කරන්න වැඩ සෑහෙන්න තියෙනවා.
හැබැයි නගරාධිපතිවරයා හිතාමතාම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
දවසක් පුරා විපක්ෂේ මන්ත්‍රීවරු සභාවට ඇවිත් එළියේ හිටගෙන හිටියා.
නගරාධිපතිවරයාට අවශ්‍ය වුණේ ඔවුන් සභාවෙන් එලවලා, දේශපාලනික වාසියක් ගන්න.
මිනිස්සු ඉන්න තැනක් නැතුව එළියේ හිටගෙන ඉන්නේ නෑනේ. ගෙදර යනවා.
එතකොට සභාවේ ඉන්නේ මාලිමාව විතරයි. මිනිස්සුන්ට පෙන්නන්න පුලුවන් විපක්ෂයේ මන්ත්‍රීවරු භූමියේ නෑ. ඉන්නේ අපි විතරයි කියලා.
හොඳම වැඩේ ඒක නෙවෙයි. සෝමේ ඇවිල්ලා මේ කාමරේ යතුර නාගරික කොමසාරිස්ගෙන් ලබා ගන්නේ බලහත්කාරයෙන්. අපි 'ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආවේ' කියලා.
මරු නේ ?
අවසානයට විපක්ෂ මන්ත්‍රීවරු, සෝමෙට විරුද්ධ වෙන්නේ ඔහු පැලවත්තෙන් ආපු ජවිපෙ නියෝජිතයෙක් බව දැනගත්තට පස්සේ.
විපක්ෂ මන්ත්‍රීවරු මුලින් නාගරික කොමසාරිස්ගෙන් මේ ගැන ඇහුවා. ඇය මේ කාමරය තමන් නිල වශයෙන් ලබා දුන්නේ නැති බව කිව්වා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලා යතුර අරන් ගියා කියලා කිව්වා.
ඊටපස්සේ විපක්ෂ මන්ත්‍රීවරු නගරාධිපති තමන්ගේ කාමරය පැහැරගත් නිසා සහ තමන්ට විකල්ප කාමරයක් නොදීම නිසා කෝපයට පත් වෙලා සෝමේ එක්ක ගැටුමක් ඇති කරගත්තා.
ඒක ඉතාම ප්‍රෙඩික්ටබල්, වෙල් ප්ලෑන්ඩ් වැඩක්.
සොමේට කොහොමත් තිබුණේ දේශපාලනික උවමනාවක්. මෙතන ගැටුමක් ඇති කිරීමම තමයි මාලිමා නගරාධිපතිවරයාගේ උවමනාව වුණේ.
අවසානයේ විපක්ෂ මන්ත්‍රීවරු ඒ උගුලට අහුවුණා.
ඔවුන් එතනදීත් ප්‍රශ්න කළේ විකල්ප කාමර තියෙනවා. ඇයි ඔහුට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කාමරයම දුන්නේ. එහෙම නම් වහලා දාලා තියෙන කාමර දෙකෙන් එකක් තාවකාලිකව විපක්ෂයට දෙන්න කියලා.
ඒ අවස්ථාව සෝමේ ලස්සනට පාවිච්චි කළා.
සෝෂල් මීඩියා සම්බන්ධ දැනුමක් නැති වයෝවෘද්ද මිනිස්සු සහ සිටුවේෂන් හැන්ඩ්ල් කරන්න නොතේරෙන තරුණ කියන කට්ටියත් සෝමෙගේ උගුලට රැවටුණා.
සෝමේ ඉතාම ලස්සනට ලයිව් ඇවිල්ලා, තමන් අහිංසකයෙක් ය, තමන්ගේ මේ කිසිම දේශපාලනයක් නැති, අවංක වැඩේට මහනුවර විපක්ෂය බකට් අදිනවා කියලා රඟපෑවා.
රටක් ඉදිරියේ සෝමේ අහිංසක වීරයෙක් වුණා. දවසක් කටු කාපු විපක්ෂ මන්ත්‍රීවරු දුෂ්ඨයො වුණා.
සෝමේ කොහොමත් රඟපාන්න දක්ෂ පොරක්.
හැබැයි ඇත්තටම වුණේ සෝමේ කියන පැලවත්තේ බුවා, නගර සභාවේ ඕන තරම් ඉඩ තියෙද්දී, විපක්ෂේ මන්ත්‍රීවරුන්ගේ කාමරේම පැහැරගෙන ගේමක් ගැසීම.
මන්ත්‍රීවරු දවසක් පුරාවටම එලියේ ඉඳලා, අවසානයේ විකල්පයක් නැති තැන ඔහුට විරුද්ධ වීම.
මේ විපක්ෂ මන්ත්‍රීවරු සභාවේ ඉන්න ඕන වෙලාවක් මිසෙක ඉන්න තැනක් නැතුව ගෙදර යන්න ඕන වෙලාවක් නෙවෙයි.
මිනිස්සු නොදන්න මහනුවර පසුබිම් කතාව ඒක!
(අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..