News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගෙ පච සහන මල්ල...!! වෙන් කර ඇත්තෙ බිලියන 120 යි... ඒත් බිලියන 300ක් අවශ්‍යයයි...?

Dec 7, 2025 at 05:51 AM
|

ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳු වලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමනක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා. 

එහෙම කරනවා නම් ඒවා අහස පොළව නුහුලන අපරාධයක්. හෙන ගහන අපරාදයක්...

දැනට වාර්තා වන අන්දමට මෙම ව්‍යසනයෙන්  පවුල් 586,464ක පුද්ගලයින් 2,082,195ක් බලපෑමට ලක්ව තිබෙනවා...

පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 4,164ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 67,505කි. 

( මේ දැනට වාර්තා වන සංඛ්‍යා වන අතර එම සංඛ්‍යා ඉදිරියේදී බොහෝ දුරට වැඩි වනු ඇත..) 

ආරක්‍ෂිත ස්ථාන 1,211ක මේ වන විට පවුල් 43,715කට අයත් පුද්ගලයින් 152,537ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා..

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතාගේ ප්‍රකාශයට අනුව, වී, එළවළු සහ වෙනත් ක්ෂේත්‍ර බෝග ඇතුළුව හෙක්ටයාර 610,000 ක පමණ ගොවිබිම් ගංවතුරෙන් යටවී ඇත. ඉන් හෙක්ටයාර 510,000 ක්ම වී ගොවිබිම්ය.

ඔබ අද පැමිණ ජනතාවට සහන දෙන්න කියලා නත්තල් සීයා වගෙ ඉලක්කම් ගොඩක් කියවනවා..

ඒත් මේවායෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා බලමුද...?

🟢 ඒ සඳහා ඔබ විසින් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා.  

🟢 ඊට අමතරව ඉදිරි දින 25තුළ  ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ක් තියෙනවා කියනවා.

වචනයෙන් මොනවා කිව්වත් ඉල්ලුම් කරලා, ඇස්තමේන්තු කරලා මේ දවස් 25 තුළ දෙන්න පුළුවන් ප්‍රමාණය අවමයි. ඒත් කමක් නෑ අපි ඒ බිලියන 70 න් 50% ක් ගමු..

🟣 එවිට ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 85 යි. ( බි 50 + බි 35 )

රුපියල් 85,000,000,000 ක් 

දැන් අපි ඔබ දෙනවා කිවිව සහන වලට යන දළ මිළ ගණන් බලමුද...?

🔴 ගංවතුරෙන් හානි වූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි

නිවාස 67,505 × 25,000 = 1,687,625,000

🔴 නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි

67,505 × 50,000 = 3,375,250,000

( අනාත නිවාස වල සිටින පවුල් 586,464 න් වැඩි කරොත් මේ සංඛ්‍යාව මීටත් ගොඩක් ඉහළය. එවිට එය තව බිලියන 03 කින් පමණ වැඩි වේ)

🔴 නාය ගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව. 

අපි මාස 03 ක අවමයකට ගනිමු..

25,000 × 3 × 4,164 = 312,300,000

( අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 න් වැඩි කරොත් මෙම සංඛ්‍යාව මීටත් ඉහළය )

🔴 ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නාට වැඩිනම් 50,000)

පවුල් 586, 464 ක් අවතැන් වී ඇත. එයින් අප ජීවනෝපාය අහිමි වූ පවුල් 20% ක් ලෙස 120,000 කඅවමයක් ගමු..

120,000 × 50,000 = 6,000,000,000

🔴 විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි

විනාශ වී ඇති වී හෙක්ටයාර 510,000

510,000 × 150,000 = 76,500,000,000

🔴 විනාශ වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි

එළවළු ගොවිබිම් 100,000 ක් විනාශ වී ඇත. 

200,000 × 100,000 = 20,000,000,000

🔴 ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්

අපි අවමය සත්ව ගොවිපොලවල් 50 ක් ගමු ( මෙය මීට වඩා සිය ගුණයකින්වත් වැඩි මිස අඩු නැත.) 

200,000 × 50 = 10,000,000

🔴 ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්

අපි අවමය ව්‍යාපාර 1,000 ක් ගමු.. ( මෙයත් අනිවාර්යයෙන්ම මෙයට වඩා පනස් ගුණයකින්වත් වැඩිය) 

200,000 × 1,000 = 200,000,000

🔴 විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්..

අපි අවමය ධිවර බෝට්ටු 50 ක් ගමු.. ( මෙයත් මීට වඩා විශාල සංඛ්‍යාවක් වනු ඇත)

400,000 × 50 = 20,000,000

🔴 ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි

අවතැන් වූ මූලු සංඛ්‍යාව 2,082,195ක්. අප එතනින් දරුවන් 50, 000 ක් ලෙස අවමයක් ගමු.. ( 2.5% ක්)

25,000 × 50,000 = 1,250,000,000

🔴 හානි වී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්

දළ වශයෙන් ව්‍යාපාරික ආයතන 1000 ක් අවමයක් ලෙස සිතමු.. ( මෙම සංඛ්‍යාව මීට වඩා කිහිප ගුණයකින් වැඩි වනු ඇත)

5,000,000 × 1,000 = 5,000,000,000

🔴 පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි. 

පූර්ණ වශයෙන් හානි වූ නිවාස 4,164 යි.

5,000,000 × 4,164 = 20,820,000,000

🔴 ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක්

ඉඩම් නැති අය 2000 ක් අවමය සිතමු..

5,000,000 × 2,000 = 10,000,000,000

🔴 අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි

අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 අපි ලක්ෂ 10 ත් 25 ත් අතර මධ්‍ය අගයක් ලෙස ලක්ෂ 15 ගමු..

67,505 × 1,500,000 = 101,257,500,000

🔴 මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි

1,000,000 × 500 = 500,000,000

🟣 ඔබ කොච්චර කයිය ගැහුවත් පවුලකට වෙන් කර ඇති සාමාන්‍ය ගණන කීයද දන්නවාද...?

 85,000,000,000 ÷ 586,464 = 144,936 { රුපියල් එක් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය තිස් හයකි)

🟣 දළ වශයෙන් ඔබ විසින් ජනතාවට දෙනවා යැයි කියූ සහන එකතු කල විට ගනන වනුයේ..

රුපියල්  246,932,675,000 කි..

එනම් රුපියල් බිලියන 246 කි...

🟣 ඔබ විසින් මේ වසර සදහා ඉතුරුව ඇති බිලියන 70.02 වියදම් කරත් එන සමස්ත මුදල බිලියන 120 කි. 

🔴 ඔබ විසින් වෙන් කල මුදල දෙනවා යැයි කියු මුදලට වඩා 1/3 ක් පමණය..

තවද මේ වෙන් කළ මුදල බෝක්කු, පාලම්, පාරවල් සහ විනාශ වී ඇති රාජ්‍ය දේපල ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ද යෙදවිය යුතුය.

ඒ සියල්ල ද එකතු  වී මා විසින් ගණනය කර ඇති අවමය සංඛ්‍යා යථාර්ථය වන විට  අවශ්‍යය වන සමස්ත මුදල් ප්‍රමාණය බිලියන 300 පනින ඇත.

🔴 ඔබ විසින් ඔබේ මන්ත්‍රීවරු සහ සගයන්ට පස්ස තබා ගැනීමට ඩබල් කැබ් සඳහා වෙන් කළ මුදල පමණක් වසරකට බිලියන 12.5 කි. ඒ එක් ලීසිං වාරිකයකි. එය අවුරුදු 05 ක ලීසිං එකක් නම් එය බිලියන 62.5 කි.

ඔබට මේ රටේ පීඩාවට පත් ජනයා ඩබල් කැබ් එකක් තරම්වත් වටින්නෙ නැද්ද...?

ඔබ තව කොතරම් කල් මේ රටේ ජනතාවව අන්දවනවාද..? 

ආ තව ඩිංගෙන් මේක අමතක වෙනවා. 

🔴 නොවැම්බර් අවසානය වන විට ගිය වසරෙ නොවැම්බර් වලට වඩා ඩොලර් සංචිත මිලියන 500 කින් අඩුව ඇත. මේ වසරෙ නොවැම්බර් අවසානය වන එය ඩොලර් බිලියන. 6.003 කි.

ඊයෙ ඔබේ කතාවට හුරේ දැමූවන් ගත්තෙ පැය කිහිපයක ස්වයං චූන් එකක් පමණි... 

එය බිද දැමුවට මට කමා කරන්න..

තෙත් වෙච්ච ඩෝබි නංකිලා, මල්ලිලත් සොරි හොඳේ..

- නිලන්ත සත්සර ගමගේ 

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.