News Category
From Date
To Date
Maximum Number of Result

15 වසරකට පෙර සිදුවූ මනුෂ්‍යත්වයේ කතාවක්...

Nov 26, 2025 at 08:46 AM
|

ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ චන්දිම සූරියාරච්චි මැතිතුමා ගේ සටහනක් ඇසුරින්...

ඉංග්‍රීසි සටහන මේ සටහන අවසානයේ තිබෙනවා...

මේ කතාවට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ මෙරට බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කිරීමට අපේ ආරක්ෂක හමුදා සිය දිවි පරදුවට තබමින් අවසාන සටනේ යෙදෙන කාලපරිච්ඡේදය...

එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍රාණ ඇපයට තබා සිටි අහිංසක ද්‍රවිඩ වැසියන් බේරා ගැනීම සඳහා මුල්ලි වයිකාල් වල අපේ හමුදා සටන් කරන දින කිහිපය..

එල්ටීටීඊ සංවිධානය යටතේ සිටි ද්‍රවිඩ වැසියන් තමාගේ ග්‍රහණයෙන් මිදී ආරක්ෂක හමුදා වෙතට පලායාම වැළැක්වීම සඳහා එසේ පලා යන අහිංසක ද්‍රවිඩ වැසියන්ට වෙඩි තැබීමට ප්‍රභාකරන්  නියෝග කර තිබුණා...

නමුත් සිය ජීවිතය බේරා ගැනීමට එල්ටීටීඊ ග්‍රහණයෙන් මිදී කෙසේ හෝ ජනතාව ආරක්ෂක හමුදාව වෙත පලා ආවා. එසේ පලා එන යුවළක් සහ ඔවුන්ගේ දින හතක දරුවෙකුත් ඒ අතර වුණා..

එල්ටීටීඊ සංවිධානයේ කෲර ප්‍රහාරයට ඔවුනුත් ලක් වුණා...

මවගේ මුහුණට වැදුනු වෙඩි පහරවල් වලින් ඇය දරුණු තුවාල ලැබූ අතර දින  හතක කුඩා දරුවාත් එල්ටීටී ප්‍රහාරයෙන් දරුණු තුවාල ලැබුවා...

එම කුඩා දරුවා විගසින් ගුවන් මගින් ලේඩි රිජ්වේ රෝහල වෙත එවීමට ආරක්ෂක අංශ කටයුතු කළා....

එම දරුවා යොමුවුණේ විශේෂඥ වෛද්‍ය චන්දිම සූරිය ආරච්චි මහතා වෙතටයි..

එම දරුවාගේ හිසට සහ උදරය ප්‍රදේශයට දරුණු හානි සිදුවී තිබුණා..

මේ දින හතක් වයසෙති කුඩා බිළිඳකුටයි

දරුවාගෙන් දරුණු ලෙස ලේ වහනය වී තිබුණා..

විශේෂඥ වෛද්‍ය චන්දිම සූරියආරච්චි විසින් ශල්‍යකර්ම කිහිපයකටම මේ කුඩා දරුවා භාජනය කරනු ලැබුවා..

වාසනාවකට මෙන් ඊළඟ මාස තුනේ අදහාගත නොහැකි ආකාරයේ සුවපත් වීමක් කරා දරුවා යොමු වුණා..

විශේෂයෙන්ම ඉතාමත් සුන්දර දරු පැටියාව ඉතා පරීක්ෂාවෙන් බලා ගන්නා ලෙස වෛද්‍යවරයා සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණා..

එම වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් ආදරණීය ලෙස දරු පැටියා රැකබලා ගත් අතර  කනිෂ්ට වෛද්‍යවරියන් ස්වේච්ඡාවෙන් මේ දරු පැටියාට තමන් විසින්ම මව් කිරි දෙමින් රැකබලා ගැනීම ඉතාමත් සංවේදී සිද්ධියක් බව සඳහන් කළ යුතුයි..

මෙම කුඩා දරු පැටියා ලේඩි රිජ්වේ රෝහලට ඇතුළත් කළ සමයේම උතුරේ යුධ බිමෙන් දරුණු එල්ටීටී ප්‍රහාරයකින් තුවාල ලැබූ ද්‍රවිඩකාන්තාවක් කොළඹම රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණා..

 දිගු කලක් කෝමා තත්ත්වයේ සිටි ඇය ප්ලාස්ටික් සැත්කම් වලින් ද අනතුරුව සුවපත් වීමෙන් පසු යුධ සමයේ අතුරුදහන් වූ සිය දරු පැටියා සොයන බවත් එමෙන්ම තවත් ද්‍රවිඩ කාන්තාවන් දෙදෙනකුද එසේම අතුරුදහන් වූ දරුවන් සොයන බවත් දැනගන්නට ලැබුණා...

ඒ නිසා සැබෑ මව සෙවීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරනු ලැබුවා..

එම පරීක්ෂණයෙන් අනතුරුව සැබෑ මව සොයා ගැනීමට හැකි වූ අතර ඇය කලින් සඳහන් කළ කෝමා තත්ත්වයට පත්ව ප්ලාස්ටික්ස් සැත්කමකටද භාජනය වූ කාන්තාවයි...

වසර 15 කට පසු ඒ කුඩාත් දරුවා අද යොවුන් වියට පා තබන දරුවෙක් ලෙස මවත් සමග පැමිණ යේ ඔහුගේ ජීවිතය බේරාදුන් ඒ විශිෂ්ට ජීවකවරයා විශේෂඥ වෛද්‍ය චන්දිම සූරියආරච්චි මහතා හමුවූ මොහොත...

එම දරුවා අද යාපනයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක හොඳින් සිය අධ්‍යාපන කටයුතු කරමින් සිටිනවා...

ඒ මානුෂීය ගුණය විදහා දැක්වූ,

 විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ චන්දිම සූරිය ආරච්චි මහතා ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක අංශවල  ශ්‍රී ලාංකිකයන්ට හිස නමා ආචාර කරමි...

එමෙන්ම යුධ සමය ගැන මෙරට ගැන වේදිකාවල බෙරිහන් දෙන,

  වෙනත් රටවල් වලට ගොස්, 

දේශපාලනයට ඡන්ද හිඟා කෑම සඳහා, 

 ශ්‍රී ලාංකික යුද හමුදාව කළ යුධ අපරාධ ගැන හොයන බවට අදටත් කියන,

 තුට්ටු දෙකේ දේශපාලනඥයින්ට මෙයින් ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙනවා..

එතරම් දරුණු යුද්ධයක් පවතින මොහොතක සිය සෙබලුන් ත්‍රස්තවාදින් හමුවේ මරා වැටෙන මොහොතක මේ කුඩා දරුවා ගුවන් යානයකින් කොළඹ ඒවා ප්‍රතිකාර කිරීමට තරම් අපේ ආරක්ෂක හමුදාව මානුෂීය වූ බව ඒ අමනයන් කිසිදා පවසන්නේ නෑ...

නමුත් මේ කුඩා දරුවාටත් මෑණියන්ටත් තිබෙන කෘතගුණ සැලකීමේ ගුණයට ද අප ගරු කළ යුතුයි...

යාපනයේ සිට කොළඹ විත් සියදිවි බේරාදී මව සොයා දුන් ඒ විශිෂ්ට ජීවකයාට ඔවුන්ගේ ආචාරය පහළොස් වසරකට පසුවත් ඔවුන් පුද කරනවා...

අපේ බොහෝ එවුන්ට නැත්තේ ඒ ගුණයයි...

සමහර ජාත්‍යන්තර මාධ්‍ය සමඟ එක් වී අපේ හමුදාවට කරන අපහාස වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙතින් මේ සිද්ධිය අලලා The Last Phase නමින් වාර්තා වැඩසටහනක්  සකස් කර තිබුණා..

වෛද්‍ය සූරියආරච්චි ගේ සටහන පහතින්..

Like to narrate a interesting story regarding a patient whom I have operated visited me after 15 years!🫠

During the last phase of ethnic war in 2009 Sri lankan Army commenced a humanatarian mission to rescue the tamil civilians who got trapped in the war no fire zone in Mulivaikkal, Mullativu district. LTTE with their leader Prabhakaran kept them as hostage and shot at   any one trying to escape through Nanthikadal lagoon to SL Army controlled area!

Young LTTE tamil couple had decided to escape with their newly born baby. Their own LTTE militants mercilessly shot at them injuring both mother and her 7 day old new born baby and separating them.

Mother's was shot at her head and her nose got completely disintegrated with gun shot injuries.

Baby was airlifted and transferred directly to my ward at LRH. Baby had severe head and abdominal injuries. One of the bullets had entered from front and gone through the bladder and exited from behind near the spine and we didn't expect him to survive as baby had bled a lot!

I did several operations on him over the period of next three months and he made a remakable recovery.

My staff took care of him very well and infact one of my junior lady doctors volunteered to breast feed the baby as she had a new born baby her self at that time!

I had to allocate staff to keep and eye on him specially during the patient visiting hours as he was a very cute adorable baby all alone in a single cot without a guardian. Police couldnt trace the parents and was presumed dead.

Six months later we got to know a probable mother recovering following a coma and complex plastic surgery in nearby National hospital who also had been transferred from war zone during the last stages of the war.

We had to get legal advice from the Courts to identify the real biological mother and do "maternity DNA testing"as two other tamil mothers with missing babies also came forward and claimed the baby as their own!

Later on Ministry Of Defence SL did a documentary video " The Last Phase" based on this incidence to counter attack the "alleged war crimes commited by the SL Army"by the western media.

It was a pleasant surprise when mother and son visited me today. He is studying well  in a leading boys school in Jaffna.😊

- ලාල් ද අල්විස්

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)





සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.