
කායික වෛද්‍ය විද්‍යා මහාචාර්ය චාමර දලුගමගේ රට හැර නොයාමේ කැමැත්ත හා සබරගමුව වෛද්‍ය පීඨයේ ඇත්ත කතාව
"අපේ පවුලේ මහාචාර්ය වරයෙකු හිටියේ නැහැ .ඒත් මට පුංචි කාලෙ ඉඳලම කැමැත්තක් තිබුණ වෛද්‍යවරයෙක් වන්න .මම තේරෙන කාලෙ ඉදලම සැලැස්මකට අනුව වැඩ කළා .ඊලඟ අවුරුදු 5 දී ,10 දී මම කොතනද ඉන්නෙ කියල මම සැලසුම් කළා.සැලසුම් කළා පමණක් නෙවි ,ඒ වෙනුවෙන් වැඩ කළා .ප්‍රශ්න ආව ,පසු බෑමට ලක්වුණා.ඒත් මම අධර්‍ය්මත් නොවී සියල්ල කළා.මගේ තෘප්තිය ශ්‍රී ලංකාවේ මිනිසුන්ට සේවය කිරීමයි .
පශ්චාත් අධ්‍යයනය කටයුතු වෙනුවෙන් වසර ගණනක් එන්ගලන්තයේ වාසය කළ මම එහි රැඳී සිට වෘත්තීය කටයුතු කරගෙන යාමට අවස්ථාව හිමි වුවද ,යළිත් මවු රටට පැමිණියා. එන්ගලන්තයේ වැඩ කරන්න මට අවස්ථා ගොඩාක් ලැබුණා.ඒත් මම ඒවා අත ඇරල ලංකාවට ආවේ, මගේ රටේ ළමයින්ට උගන්වන එක මට ලොකු සතුටක් නිසා .ඒක මම බොහොම තෘප්තියෙන් කරන දෙයක් .
මේ රටේ ජීවත් වෙලා මේ රට වෙනුවෙන් යමක් කරන එකෙන් ,මම ලොකු තෘප්තියක් ලබනවා .ඒ නිසා මේ රට දාල යන්න කිසිම අදහසක් නෑ. මේ රටේ ශිෂ්‍ය යන්ට උගන්වන එකත් රෝගීන්ට ප්‍රතිකාර කරන එකත් මට ලොකු සතුටක්. ඒක දිගින් දිගටම කරගෙන යනවා."
- මහාචාර්ය චාමර දලුගම -
(මතු සම්භන්ධයි) .fb ගිනුමෙන් උපුටා ගන්නා ලදී
මගේ සටහන
තම උපන් රටට සේවය කිරීමටත් එහි ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන්ට සේවය කිරීමටත් බාධක මධ්‍යයේ රට අතහැර නො යාමටත් ඔහු තීරණය කර ඇත. එවන් ගුරුවරුන් රටේ සම්පත් වේ. ආදර්ශයට ගත යුතුව ඇත තමන් ඉගෙනගත් නිදහස් අධ්‍යාපනය සුරකමින් රෝගී සත්කාර සේවාවේ යෙදෙන මෙවැනි උතුම් පුරුෂයන් අප සැමදා ඇගයීමට ලක් කළ යුතුය.
අපි අනතුරුව සබරගමුව වෛද්‍ය පීඨය දිහා බලමු.
එහි ඇත්තේ හාත්පසින් මීට වෙනස් කතාවකි.
තමන් ඉගෙනගත් නිදහස් අධ්‍යාපනය සහ රැකියාව කරන සෞඛ්‍ය සේවය දඩමීමා කරමින් සබරගමුව වෛද්‍ය පීඨය ප්‍රමිතියෙන් තොර බාල තත්වයේ වෛද්‍ය පීඨයක් කර පුද්ගලික මුදලාලිලාට ඒ හරහා වෛද්‍ය අධ්‍යාපනය විනාශ කොට විකිණීමට උඩගෙඩි දෙන විශේෂඥ වෛද්‍යවරුන් මහාචාර්යවරුන් සහ වෛද්‍ය නොවන පීඨාධිපතිනියන් නිසා සබරගමුව ලොකු අවුලක ය.
දැනුදු සිසුන් රවටමින් වසර පහක් තිස්සේ නොකළ වැඩ හෙට කරනවා අනිද්දා කරනවා, ලබන මාසේ කරනවා, යන පණිවිඩය දෙමින් 'බාලගිරි දෝෂය අද නොවේ හෙට' යැයි කියමින් සියලු දෙනා අනියම් ආකාරයෙන් රවටමින් විවිධ බොරු කියමින් රට වෙනුවෙන් නොව පෞද්ගලික මුදලාලිලා වෙනුවෙන් කටයුතු කරන බව පැහැදිලිව පෙනේ.
එහි එක් කොටසක් පෞද්ගලික සේවය අහිමි වේ යැයි බියෙන් පසු වෙමින් මහාචාර්ය එකක ඉදිවීමට කැමති නැත.
තව කොටසක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය විනාශ වුණත් තමන්ට පුද්ගලික වෛද්‍ය පීඨයක රැකියාවක් ලැබේවි යැයි සිතමින් තමන් උගත් ආචාර්ය මහාචාර්ය පදවිය පවා පාවාදෙමින් ඇත.
ඒ අතර ගෙදර නිදහසේ විවේක සුවයෙන් සිටිය යුතු අයද ඇත.
තවත් කොටසක් දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් ඉදිරියට ගෙන යාමට සියල්ල අවුල් කරමින් ඇත.
තවත් වෛද්‍ය නොවන කණ්ඩායමක් දිගටම රැඳී සිටීමට වෛද්‍ය නොවන කණ්ඩායම් වෛද්‍ය පීඨයට පුරවමින් සිසුන් බිල්ලට ගනිමින් ඇත.
මෙහි ප්‍රධානම කරුණ සිසුන් කොටසක් වින්දිතයන් වී ඇති අතර තවත් කොටසක් මං මුලාවට ලක් ව ඇත.
කැලේ ගසක් කැපීමට කැලේ ගසක් ප්‍රයෝජනයට ගත්තත් බොහෝ අයවලුන් උත්සහ දැරුවත් මේ රටේ එය කිරීමට කිසිදා නොහැකි බවත් ස්වභාව ධර්මය හෝ අවසානයේ දඬුවම් පමුණුවනු ඇත.
සයිටම් අර්බුදයේ දී අප දුටුවේ එයයි.
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
