News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය නොවන සංවිධානවල අය 'ශ්‍රී ලංකාව' කියන රට හඳුන්වන විදිහ..

Oct 17, 2025 at 04:34 PM
|

සිංහලයින් මෙයට එරෙහිව සටන් කළ යුතුය.. නමුත්, සටන් කිරීම තියා හිතන්න වත් බැහැ.  හේතුව බහුතර ෆේස්බුක් සිංහලයන්ට සටන් කිරීම කියල තේරෙන්නේ කඩු පොලු අරන් කරන සටනක් විතරක් වීම.  එයින් එහාට ගිය සියුම් සටන්, විශේෂයෙන් මතවාද ,  දේශපාලනය ආදිය මුලික වුනු සටන් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන අයව ඒගොල්ලන්ගේ කැම්පේන් වලට මිලදීගෙන ඉවරයි. දැනටමත් ඔය ඉන්දියානු අධිරාජ්‍යවාදී සටන සැහෙන්න ඉස්සරහට ගිහින් ඉවරයි.  විශේෂයෙන් දෙමල භාෂාව හරහා.  බොහොමයක් වෙබ්සයිට්,  යූටියුබ් වීඩියෝ ආදියේ දෙමළ භාෂා මුලයන් හැටියට ලංකාවත් දක්වනවා. බොහොමයක් විදේශිකයන් හිතන්නේ සිංහල කියන්නේ ඉන්දියාවේ උතුරේ ඉඳන් ලංකාවට පදිංචියට ආපු ආක්‍රමණික කොටසක්ය,  සිංහල කියන්නේ ඉන්දියානු භාෂාවක්ය කියලා.  එතන ඉඳන් කෙනෙකුට  අතීතයේ ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වන්න බොහොම ලේසියි.

මේ ළඟදි විදේශිකයෙක් මමත් එක්ක කතා කර කර ඉන්නකොට එයාගේ ෆෝන් එක අරගෙන මගේ භාෂාව මේක නේද කියලා අහලා දෙමළ අකුරු වගයක් පෙන්නුවා. මම එයාට පැහැදිලි කරා ඒක මගේ භාෂාව නෙවෙයි, ඒක ලංකාවේ ප්‍රධාන භාෂාව නෙවෙයි, ලංකාවේ බහුතරයක් පාවිච්චි කරන භාෂාව සිංහල කියලා. නමුත් ඔහු මට කිව්වේ වෙනස්ම කතාවක්. ඔහු කියනවා ඔහු වැඩකරන තැන විවිධ ප්‍රොජෙක්ට්ස්වලට එන රාජ්‍ය නොවන සංවිධානවල අය 'ශ්‍රී ලංකාව' කියන රට ගැන හඳුන්වන්නේ එය ඉන්දියාවේ කොටසක් ය, දෙමළ රටක් ය කියලයි. සිංහල කියලා ජාතියක් ගැන ඒ විදේශිකයා දැනගෙන හිටියේ නැහැ. මම ඔහුට කියලා දුන්නා අපි කවුද කියන එක ගැන.

අපිට දෙමළ මිනිස්සු එක කිසිම තරහක් නෑ. මේවා මේ අපේ අල්ලපු ගෙවල් වල ඉන්න අහිංසක දෙමළ මිනිස්සු කරන දේවලුත් නෙවෙයි. මේවායේ මහමොළකරුවෝ මේ පක්ෂෙකට දෙකකට කඩේ යන උනුත් නෙවෙයි. මේවා අවුරුදු ගානක් ඉස්සරහට හිතලා, plan කරලා බොහොම සූක්ෂමව රටවල් යටත් කරගන්න සියලු ඉතෝ සූදානම් කරන නූතන චානක්‍යයලාගේ වැඩ. රාජ්‍ය නොවන සංවිධාන විතරක් නෙමෙයි දේශපාලනඥයන්ගේ ඉඳලා පොඩි දරුවා බලන කාටූන් එක කන බිස්කට් පැකට් එක දක්වා මේ කුමන්ත්‍රණය පැතිරිලා තියෙනව. නිකමට බලන්න ලංකාවේ සිංහල බෞද්ධ ගෑනු කීදෙනෙක් තමන්ගේ විවාහ චාරිත්‍ර හින්දු විදිහට කරනවද කියලා. ආසාවට සල්වාර් එකක් ඇඳලා මොට්ටුව තියෙන එක වෙනයි. නමුත් සම්මාන උළෙලක් බලන්න ලංකාවෙ ගෑනු කීදෙනෙක් පොළොවට අත තියලා පපුව අල්ලලා ස්ටේජ් එකට නගිනවද කියලා. සමහරු එහෙම කරන එකේ තේරුමවත් දන්නේ නැහැ ස්ටයිල් එකට කරාට. අපේ සංස්කෘතිය, අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ ඇඳුමේ පැළඳුමේ ඉඳලා මේගොල්ලෝ ආක්‍රමණය කරලා ඉවරයි.

වරදවා වටහාගන්න එපා...

ඉන්දියාව කියන්නේ හතුරෙක් නෙමෙයි. ඉන්දියාව කියන්නේ අපේ ළඟම එන්න අසල්වැසියා. නමුත් අසල්වැසියා බලසම්පන්න වෙනකොට අපි ඊට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත්ව ඉන්න ඕනේ. මීට මාස හතකට කලින් ජර්මනියේ පැවැත්වුනේ සමුළුවකදි ඉන්දියාව විදේශ සමුළුවකදි ඉන්දියාව විදේශ කටයුතු අමාත්‍යවරයා කියනවා "ශ්‍රී ලංකාවට අමාරු වෙලාවේ අපි අයි එම්එෆ් එක දුන්නටත් වඩා විශාල ණයක් ශ්‍රී ලංකාවට දීලා ඒගොල්ලන්ව ඒ අමාරුවෙන් ගොඩ ගත්තා" කියලා. එතනින් එහාට ඔහු කියනවා හොඳ අසල්වැසියෝ විදිහට අපි ඔවුන්ට කරපු උදව්ව මතක තියාගෙන අසල්වැසියොත් අපි කියන යම් යම් දේවල් වලට එකඟ වෙන්න ඕන කියල. ඒ කියන්නේ ඔවුන් උදව්වක් නෙමෙයි අපිට කරලා තියෙන්නේ. පසුව ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ කරගන්න ඉව අල්ලගෙන තමයි ඔවුන් අපිත් එක්ක සියලු ගනුදෙනු කරලා තියෙන්නේ. මතකනේ රටට හොරෙන් අනුර ගහපු ගිවිසුම් හත. ඒවායේ තියෙන, රටක් විදිහට අපිට අහිතකර දේවල් කරගෙන යනකොට කරන්න එපා කියලා රට ඇතුලෙන් විරෝධතා මතු වුණොත් ඉන්දියාව කියන්න ඉඩ තියෙනවා උඹලට කරන්න දෙයක් නෑ. මොකද උඹලගේ නායකයා අපිට පොරොන්දු වෙලා ඉවරයි කියලා.

මෝදි පාලනය ඉන්දියාවට හොඳ උනාට ඉන්දියාව අවට රටවල්වලට ඉතා භයානකයි. මෝදි පාලනය ඇතුලේ ඉන්නේ විශිෂ්ට මොළ කාරයෝ. ඔවුන් බහුතරයකගෙන් මම දැක්ක පොදු කාරණාව තමයි ආක්‍රමණයට ප්‍රිය වීම. ශ්‍රී ලංකාවේ හතරවෙනි ඊළාම් යුද්ධය දිනන්න දුටුගැමුණු රජතුමාගේ සිතියම් භාවිතා කළා වගේ, මෝදිලා රජ කරන්න යොදා ගන්නේ මහාභාරතය, රාමායනය පාඩම් පොත් කරගෙන. ඒ අතරේ අපේ රටේ ඉතිහාසය පාසල්වලින් මකා දමමින් පවතිනවා. අපේ දරුවන්ගෙන් අනාගතය උදුරා ගනිමින් පවතිනවා. ඒක කරන්න රටේ ඉහළම පුටුවක් වෙන අගමැතිගේ සෘජු මැදිහත්වීම ලැබෙනවා. 

මුල් ගැඹුරට ගියපු ගහක් ගලවන්න අමාරුයි වගේ තමන්ගේ මුල් ගැන හොඳින්ම දන්න සමාජයක් වට්ටන්න හෝ යටත් කරගන්න අමාරුයි. අන්න ඒක නිසා තමයි අපේ දරුවන්ගේ මුල් ගැඹුරට දුවන එකට අගමැතිතුමිය හරහා යම් යම් ජාත්‍යන්තර බලවතුන් සීමා මායිම් බඳින්නේ. ඉන්දියාව යහමින් ඔවුන්ගේ ඔත්තු සේවා ශ්‍රී ලංකාව ඇතුලේ යොදවලා තියෙනවා. ඔවුන්ගේ කීමට අවනත නොවෙන හමුදා නිලධාරීන්ට මාධ්‍ය හරහා මඩ ගහන්න, ඔවුන්ගේ කීමට අවනත නොවන ආණ්ඩු බිමට සමතලා කරන්න ඉන්දියාවට තියෙන බලය අසීමාන්තිකයි.

අපි ඉතින් බයවෙන්න ඕනෙද?

ඇත්තටම ඔව්. ශ්‍රී ලංකාවට සිද්ධ වෙච්ච ආක්‍රමණ 21 න් 17 ක්ම දකුණු ඉන්දීය ආක්‍රමණ. අනුරාධපුර යුගය අවසානයේ ඉඳලා අද මේ මොහොත වෙනකන් ගතවුණ කාලෙට වඩා කාලයක් සශ්‍රීකව අනුරාධපුර යුගය පැවතුණා. අනුරාධපුර යුගය අවසාන කරපු කාලිංග මාඝ උතුරු මැද පළාත ආක්‍රමණය කළායින් පස්සේ එහේ කරපු යුධ අපරාධ ගැන පොත් 100 ක් වුනත් ලියන්න පුළුවන්. ඒ ගිනිබත් කරපු පොත්පත්වල අපේ සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඉඳලා බුද්ධ කාලයේ ඉඳලා ධර්මස්කන්ධය ග්‍රන්ථාරූඪ කරපු පොත් පතුත් තිබුණා. ඒ ගින්නට වීසි කරපු ඇතැම් ස්වාමීන් වහන්සේලා අතර සිත් දියුණු කරපු අයත් හිටියා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. කාලිංග මාඝගේ සේනාව පුංචි දරුවෙක්වත් අතහැරියේ නැහැ. එතනින් පටන් ගත්තෙ සංස්කෘතික කඩා වැටීම අද දක්වාම අපිට පේන්න තියෙනවා.

මම තාමත් අහන්නේ අපි බයවෙන්න ඕනෙද?

අනිවාර්‍යයෙන්ම... අපි අද ඉන්නේ ලංකා ඉතිහාසයේ දුර්වලම පාලකයා යටතේ. ඔහුට ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීලාවත් පාලනය කරගන්න බෑ. අනුර කුමාර දිසානායක කියන්නේ පඹයෙක්. රාජ්‍ය පාලනයේ දැනුමක් නැති, ඇත්ත කියනවා කියලා කාටවත් විශ්වාස කරන්න බැරි, ඒ නිසාම හීනමානය හිත ඇතුළේ තියෙන, පාලකයෙක් සතු විය යුතු charisma එක නැති, ඇමරිකන් තානාපතිටත් දෙකට නැවෙන නිකන්ම නිකන් පඹයෙක්. ඒක ආණ්ඩුව ඇතුලේ පවා හැමෝම රහසේ කතාබහ කරන දෙයක්. සමාජවාදී ආණ්ඩුවක් යටතේ කිව්වට මේ වෙනකොට රට පාලනය කරන්නේ කෝටිපති ව්‍යාපාරිකයන්. ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනය කරන අය නෙවෙයි. ඔවුන්ට රට හෝ රටේ අනාගතය වැඩක් නැහැ. දැක්කනේ ලංකාවෙ තේ කොල කඩකාරයෙක් තමන්ගෙ ෆාමසි බිස්නස් එක නග්ග ගන්න ලංකාවේ ළමයින්ට ඊයේ පෙරේදා කරන්න ගිය හරිය. ඒ නිසා ලංකාවෙ බිස්නස් කාරයෝ පාලනය කරන රටක් ගොඩ යයි කියලා හිතන්න එපා. අපි ව්‍යාපාරිකයන්ට වෛර කරන්නේ නැහැ. නමුත් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගන මෝටි එකෙන් රටේ පාලනයට බලපෑම් කරන ව්‍යාපාරිකයෝ එක්ක රටක් කරන්න බැහැ.

ඉන්දියාව වගේ ඉතා බලසම්පන්න අසල්වැසියෙක් ළඟ ඉන්නකොට පාලකයා හැමෝටම දෙකට නැවෙන නෝංජලයෙක් වෙලා හරියන්නෙ නැහැ. ඒක හරියට නිකන් ඉතා කඩවසම් නමුත් සල්ලාල පිරිමියෙක්ව අසල්වැසියෙක් වෙච්ච ගෙදරක පිරිමියා න'පුං'සක'කයෙක් වෙනවා වගේ වැඩක්. අල්ලපු ගෙදර එකාගෙන් පටන්ගත්තට පස්සෙ මුලු ගමම එනවා ඇරලා යන්න. දැන් ලංකාවට වෙලා තියෙන්නෙ ඒක.

මේ වගේ තර්ජනයකට මුහුණ දෙනකොට බුද්ධි අංශ සීරුවෙන් ඉන්න ඕනෙ. විමර්ශන සහ මෙහෙයුම් වෙනදාටත් වඩා රහසිගත වෙන්න ඕනෙ. අසනීපයි කියලා නිවාඩු දාලා රට ගිහිල්ලා අපරාධකාරයෙක් අල්ලගෙන ආපු එකේ සුල මුල සවිස්තරාත්මකව මීඩියාවල දීලා රහසිගත මෙහෙයුම්වල ක්‍රම සහ විධි ප්‍රසිද්ධ කරලා ශෝ දාලා හරියන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ගෙන් සාක්ෂි අරගෙන ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් හිරේ දාලා ආරක්ෂක අංශවල තියෙන මොරාල් එක බස්සලා හරියන්නෙ නැහැ. මේ වෙලාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන් සෑම ආරක්ෂක අංශ නිලධාරියෙක්ම, ජාතික ආරක්ෂාවට භාවිතා කරන්න පුළුවන් සෑම සිවිල් පුරවැසියෙක්වම අන්තිම බිංදුව දක්වාම පාවිච්චි කරන්න ජනාධිපතිට කොන්ද පණ තියෙන්න ඕනේ. එහෙම පාවිච්චි කරන්න ඔවුන්ගේ මොරාල් එක අදාල තත්ත්වයේ තියාගන්න ආණ්ඩුවට හැකියාව තියෙන්න ඕනේ. නමුත් එහෙම කොන්ද පණ තියෙන බවක් හෝ හැකියාවක් තියෙන බවක් අනුර කුමාර ජනාධිපතිගෙන් අපිට පේන්නේ නැහැ.

මේ වෙලාවේ බුද්ධි අංශ බිසී වෙලා ඉන්නේ social media වල පෝස්ට් දාන අය ගැන හොයන්න. බුද්ධි අංශවල ජනාධිපති ආරක්ෂාව ගැන බලන කට්ටිය ඉන්නේ ජනාධිපතිගේ ගමන් බිමන් කිට්ටු කරලා ඒ ගැන ෆේස්බුක් එකේ පෝස්ට් දාන කට්ටියගෙ පාස්පෝට් ෆොටෝස් බලන්න.

ත්‍රස්තවාදී සංවිධානයකට infilterate කරලා ත්‍රස්තවාදීන්ගේ තොරතුරු අරගෙන, සිදුවිය හැකි ප්‍රහාරයක් වළක්වන්න හෝ ඒ ගැන තොරතුරු පුළුවන් තරම් එකතු කරගන්න ශ්‍රී ලංකා බුද්ධි අංශ ආපහු වතාවක් initiate කරයි කියලා හිතන්න බැහැ කාදිනල් ප්‍රමුඛ හරින්, මනූෂ සහ ජවිපෙ නඩය විසින් කරපු sonic sonic නාඩගම නිසා.

තමන්ගේ ඇඟේ රට ගැන තියෙන කැක්කුමට ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙක් විදිහට වෙස්වලාගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබාගන්න යන බුද්ධි අංශ සාමාජිකයින්ව උසාවි ගෙනල්ලා ඔවුන්ගේ නම් ගම් ලිපිනයන් පවා ප්‍රසිද්ධ කරාට පස්සේ, ආරක්ෂක අංශවලට බුද්ධි අංශවලට බැඳෙන්න තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ගෙවල් වලින් ඉඩක් දෙයි කියලා හිතන්න එපා. ඒ වගේ භාරදූර වගකීම් දරන ආරක්ෂක අංශ නිලධාරීන්ව විවාහ කර ගන්න තමන්ගේ දුවෙක්ව පුතෙක්ව වෙන දෙමාපියෙක් දෙයි කියලා හිතන්නත් එපා. මේ ආණ්ඩුව පත්වුනාට පස්සේ ආරක්ෂක අංශ නිලධාරීන් කී දෙනෙක් සේවයෙන් ඉවත් වෙලා රට ගියාද කියලා පොඩ්ඩක් ගණන් කරලා බලන්න. ඒ අතරේ බුද්ධි අංශ නිලධාරීන් නිලධාරීන් ඉන්නවද නැද්ද ඉන්නවනං කී දෙනෙක් හිටියද කියලත් හොඳට හොයලාා බලන්න.

මේ පෝස්ට් එක දැම්මට පස්සේ තමන්ගේ තියෙන වැරදි හදා ගන්නවා වෙනුවට වඩිවේල් ගේ පුතා මෙහෙයවන අදාල ආරක්ෂක අංශ විසින් මගේ හදහන බලනවා මිසක, ආක්‍රමණිකයා රට තුළට ඇතුල්වීම වළක්වන්න හෝ රට තුළට ඇතුල්වෙලා ඉන්න ආක්‍රමණිකයාව සොය සොයා දුර්වල කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද කිව්වොත්, ආක්‍රමණිකයා විසින් පත් පත් කරපු ඉත්තො, තමන්ගේ ලොක්කන්ට විරුද්ධව යන අයව හොය හොයා නිශ්ශබ්ද කරනවා මිසක ලොක්කන්ට විරුද්ධව යන්නේ නැහැ...

තේරුණාද?

- සුහාරා

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.