News Category
From Date
To Date
Maximum Number of Result

අදහස් ප්‍රමෝට් කර බලාත්කාරයෙන් ලිංගික අනන්‍යතා වෙනස් කළ හැකිද?

Oct 16, 2025 at 08:34 AM
|

👉 ලිංගිකත්වය කියන්නේ ශ්‍රී ලංකාව තුළ ජාතිකත්වයට, රටේ සංස්කෘතික වටිනාකම්වලට පහරදීලා හීනමානයෙන් යුත් මිනිස්සු හදන්න පාවිච්චි කරන ප්‍රබලතම මතවාදී මෙවලමක්. හැබැයි ලිංගිකත්වය පිළිබඳ කිසිම විද්‍යාත්මක හෝ සමාජීය පදනමක් නැති මිත්‍යා මත කන්දරාවක් ඔස්සේ තමයි මේ පහරදෙන අය ඒ වැඩේ කරන්නේ. 

👉 අද හැමෝම කතාවෙන සමලිංගිකත්වය හා ලිංගික දිශානති කතාව ගැනත් මේ පිරිස ලංකාවේ හදලා තිබුණේ එහෙම කථිකාවක්. ලංකාව වගේ නොදියුණු ආසියාතික රටවල්වල නූගත් මිනිස්සු මේවාට විරුද්ධ වුණාට දියුණු, ශිෂ්ට, විද්‍යාව දන්න බටහිර රටවල මිනිස්සු මේවා හරිම ආදරයෙන් වැළඳගෙන ඉන්නවා කියන අදහස තමයි ඔවුන්ගේ ලොකුම උදාන වාක්‍යය වුණේ.   

👉 ඇත්තටම බටහිර සමාජය තුළ මේ දේවල්වලට කොයි තරම් විරෝධයක් තියනවාද? ඒවා නිසා ඒ රටවල ඇති වුණු බරපතළ සමාජීය අර්බුද මොනවාද? කියන එක ගැන ලංකාවේ අපේ බොහෝ අයට මෑතක් වන තුරු කිසිම අවබෝධයක් තිබුණේ නෑ. 

👉 හැබැයි මෑතකදී ඩොනල් ට්‍රම්ප්ලා, ඉලෝන් මස්ක්ලා වගේ අය මේකට විරුද්ධව එල්ල කරපු බර අවි ප්‍රහාරයත් එක්ක ලංකාවේ රැඩිකල් දුර්මතයටත් බරපතළ අභියෝගයක් එල්ල වුණා. යූඑස්ඒඩ් වැනි සංවිධාන සමලිංගිකත්වය ප්‍රවර්ධනයට මහා පරිමාණයෙන් සැපයූ අරමුදල් ගැන ප්‍රසිද්ධ කතාබහක් ඇති වීමත්, මෑතකදී නෙට්ෆ්ලික්ස් සම්බන්ධව ඉලෝන් මස්ක් පළ කළ Cancel Netflix for the health of your kids  කියන පණිවිඩයෙන් ඇතිවූ ආන්දෝලනයත් වගේ කාරණා මීට අදාළ තවත් උදාහරණ.

👉 මේ මොනවා වුණත් මේ ගැන කතා කරද්දි බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ඉතින් මේවා ප්‍රමෝට් කළාට මොකද? ප්‍රමෝට් කළා කියලා ස්වභාවිකව සමරිසි නැඹුරුවක් නැති අයට මේ අදහස් බලෙන් ඔබ්බවලා බලෙන් ඒ අයගේ ලිංගික දිශානතිය වෙනස් කරන්න බැහැ නේද කියන ප්‍රශ්නය. 

👉 මේකට තියන ජනප්‍රිය විද්‍යාත්මක උත්තරය තමයි ප්‍රමෝට් කිරීම මගින් කෙනෙකුගේ ලිංගික අනන්‍යතාව, ලැදියාව, සමරිසි හෝ නොරිසි බව වෙනස් කරන්න බෑ කියන එක. හැබැයි ඒ සරල උත්තරයෙන් ආවරණය නොවන කාරණා ගණනාවක් මේ සමඟ බැඳී තිබෙනවා. 

👉 ප්‍රමෝට් කිරීමෙන් කිසිදු බලපෑමක් නැත්නම් ඇතැම් පිරිස් මේ සඳහා මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන්නේ මොන අරමුණකින්ද? මොකද ස්වභාවිකව මෙවැනි ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් සහිත පිරිස ඉන්නේ ජනගහනයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. එතකොට මේ සඳහා විශාල වශයෙන් අරමුදල් පොම්ප කරන්නේ හුදු ස්වභාවිකව ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් ඇති ප්‍රජාවගේ අහිංසක අයිතීන් රැකගැනීම සඳහා විතරද කියන ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට සරලව මතුවෙනවා. 

👉 මීළඟට තනි තනි පුද්ගලයාගේ ලැදියාව වෙනස් වුණත් නැතත් මේවා ප්‍රවර්ධනය කිරීමෙන් අද වන විට ලෝකය පුරාම සමාජ ගැටලු කන්දරාවක් මතු වී තිබෙනවා. කුඩා හා නව යොවුන් වියේ දරුවන්ට මෙය තදින් බලපානවා. අවශ්‍ය නම් ඒවා වෙනම විස්තරාත්මකව කතා කළ හැකියි. කොහොම වුණත් ඒ ගැටලු නිසා තමයි ලෝකයේ බහුතරයක් රටවල මේවා ප්‍රවර්ධනයට විවිධ මට්ටමේ සීමා පනවා ඇත්තේ සහ ප්‍රවර්ධනය කරපු රටවලත් මේවාට විරුද්ධව විශාල විරෝධයක් මතු වෙන්නේ. 

👉 මෑතකදී ලංකාවේත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ බුර්කිනෝ ෆාසෝහි තරුණ ජනාධිපති ඉබ්‍රාහිම් සමලිංගිකත්වයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කළා. හැබැයි ඔහුගේ සිස්ටම් චේන්ජ් වීරකම් ගැන කතා කළ බොහෝ අය ඒ පනත ගැන කතා කළේ නැහැ. 

👉 ලෝකයේ රටවල් 195ක් අතරින් තවමත් සමලිංගික විවාහ නීතිගත කර ඇත්තේ රටවල් 38ක වගේ සුළු ප්‍රමාණයක විතරයි. 

👉 චීනය, රුසියාව වැනි ලෝකයේ වේගයෙන් නැගී එන හා ලෝක දේශපාලනයට ප්‍රබල බලපෑමක් කරන බලවත් රාජ්‍යයන් තුළ කිසිසේත්ම සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට ඉඩදෙන්නේ නැහැ. 

👉 චීනය සමලිංගිකත්වය නීතිමය වරදක් ලෙස සලකන්නේ නැහැ. අතීතයේ චීනය එය මානසික රෝග ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත් 2001 වසරේ සිට චීනයේ මනෝ විද්‍යා සංගමය එය ස්වභාවික තත්ත්වයක් බව පිළිගන්නවා. හැබැයි ඔවුන් කිසිම ආකාරයකින් සමලිංගික විවාහවලට හෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවලට නීතිමය අවසර ලබාදීලා නැහැ. එහෙම නොදෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක ගැන අප සිතා බැලිය යුතුයි. 

👉 මොකද චීනය කියන්නේ රටේ යහපැවැත්ම, සමාජ ස්ථාවරභාවය ගැන ගැඹුරින් හිතලා ඉතාම සැලසුම් සහගතව තීරණ ගන්න රටක්. මහා පරිමාණ සමාගම්වලට, බිස්නස් කාරයන්ට හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේ රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමට චීන රජය කිසිදු ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නවලදි අප ආදර්ශයට ගත යුත්තේ චීනය වැනි රටවල් මිසක බටහිර රටවල් නොවෙයි. 

👉 ඊළගට ට්‍රාන්ස් ජෙන්ඩර් කියන කාරණය සලකා බැලුවොත් එතෙන්දි මේ ප්‍රවර්ධනය කරන්න බෑ කියන කතාව පවා බිඳ වැටෙනවා. මොකද ඒක කිසිසේත්ම ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. 

👉 එතෙන්දි කරන්නේ ලිංගික දිශානතිය වෙනස් කරන්න ඕන කියන අදහස හය හතර නොතේරෙන ළමා වියේදීම බලෙන් මනසට කාවද්දලා, Puberty Blocking  වගේ ක්‍රම මගින් ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වය බලෙන් නතර කරලා, හෝමෝන එන්නත් කරලා, මිල අධික ශල්‍යකර්ම මගින් ශරීර අවයව කපලා කොටලා කරලා බලහත්කාරයෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කරන එක. මෙය කිසිසේත්ම ස්වභාවිකත්වයට ඉඩදීමක් ලෙස සලකන්න බැහැ.  

👉 ඉතාම හොඳින් පුරුෂයන් හෝ කාන්තාවන් ලෙස ජීවත් වී, පවුල් ජීවිත ගතකොට දරුවන් ලැබූ අය පවා මේ විකෘතියට හසුව බලාත්කාරයෙන් ලිංගිකත්වය වෙනස් කරගත් අවස්ථා තිබෙනවා. 

👉 කාඩෑෂියන් පවුලට සම්බන්ධ විලියම් බෲස් ජෙනර්ගේ කතාව මීට අදාළ ලෝක ප්‍රකට උදාහරණයක්. ඔහු හොඳ පිරිමියෙක්. සුප්‍රකට ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙක්. කසාද තුනකින් දරුවන් හය දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒත් 1949 දි උපන් මේ පුද්ගලයා 2015දි ඒ කියන්නේ වයස අවුරුදු 66 දී ලිංගික අනන්‍යතාව වෙනස් කරගනිමින් කාන්තාවක් බවට පත් වෙනවා. 

👉 මේ ආකාරයට ලිංගිකත්වය මාරු කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පවා මතුවීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට බලෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කළ අයට සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් මිල අධික ප්‍රතිකාර පවා ලබාගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසාම මේ ට්‍රාන්ස් ජෙන්ඩර් ව්‍යාපෘතිය පිටිපස්සේ මහා පරිමාණ ඖෂධ සමාගම් ඉන්නවා කියන එකත් ප්‍රබලව එල්ල වෙන චෝදනාවක්. 

👉 මේ තත්ත්වය කොතරම් බරපතළද කිවතොත් මෑතකදී ස්වීඩනය, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය වැනි රටවල පවා Puberty Blocking  නීතිමය වශයෙන් පාලනය කිරීමට කටයුතු කළා. 2022 දී ස්වීඩනයේ National Board of Health and Welfare  ආයනතන නිකුත් කළ නිවේදනයක් මගින් වයස 18ට අඩු අය සඳහා ලිංගික හෝමෝන ප්‍රතිකාර සහ වැඩිවිය පැමිණීම සීමා කිරීම අතිවිශේෂ තත්ත්වයකදී පමණක් කළ යුතු බව කියා සිටියා. 

👉 එතකොට මේ විදිහට ලෝකය පුරාම මේ සම්බන්ධව දැඩි විරෝධයක් හා එහි අහිතකර පලවිපාක ගැන පැහැදිලි කථිකාවක් ඇතිවූ කාලයක තමයි ලංකාවේ මේ වසංගතය ප්‍රවර්ධනය කිරීම වේගවත් වෙන්නේ.

👉 අද ලංකාවේ තේ සමාගමක් කළ ආකාරයටම වෙනත් රටවලත් මේවා ප්‍රවර්ධනයට උත්සාහ දැරූ සමාගම්වලට එහි අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. අමෙරිකාවේ Anheuser-Busch බියර් සමාගම මුහුණ දීපු ප්‍රශ්නය මීට එක උදාහරණයක්. 

👉 කෙටියෙන්ම කිවතොත් ස්වභාවිකව යම් යම් වෙනස්කම් ඇති පුද්ගලයන් හෝ සමරිසි ප්‍රජාව හෙළා දැකීමට පිළිකෙව් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ. 

👉 ඒත් ස්වභාවිකව එවැනි පිරිස් ඉන්නේ ජනගහනයෙන් ඉතාම අල්ප ප්‍රතිශතයක් පමණයි. එතකොට දැන් සිදුවෙමින් තිබෙන්නේ ඒ ඉතාම සුළු පිරිසක ප්‍රශ්නයක් අල්ලා ගනිමින්, ඒ ප්‍රශ්නය සිය දහස් වතාවක් අතිශයෝක්තියට නංවමින්, ඒ සුළු පිරිසේ අන්තවාදී ඉල්ලීම් අනුව සමස්ත සමාජ පද්ධතියේම සැකැස්ම  අර්බුදයට ඇද දැමීමක්. ඔය ඉංග්‍රීසි අකුරු කිහිපයේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිටුපස තිබෙන්නේ ඒ කාරණය. ඒ නිසා මේ ප්‍රශ්නයේ සමස්ත වපසරිය දෙස නොබලා ප්‍රවර්ධනය කිරීමේ සමරිසි භාවය ඇති කළ හැකිද වැනි සරල තර්කයකට සීමා වී මේ ප්‍රශ්නය දෙස බැලීම ප්‍රායෝගිකව කිසිදු අර්ථාන්විත භාවයක් නැහැ.

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.