News Category
From Date
To Date
Maximum Number of Result

මුදල් ඇමැති ධුරය හිමිවූ වන්නි හත්පත්තුවෙන් පැමිණි උක්කුබණ්ඩා වන්නිනායකගේ කතාව..

Oct 9, 2025 at 08:44 AM
|

නවසිය හැටපහ හැත්තෑව අතර කාලයේ අගභාගයේ ලෝක බැංකුවේ සභාපතිවරයා වූයේ කලකටපෙර ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාව සිටි රොබර්ට් මැක්නමාරාය. ඒ කාලයේ ලංකාවේ මුදල් ඇමැති ධුරය හිමිව තිබුණේ වන්නි හත්පත්තුවෙන් පැමිණි උක්කුබණ්ඩා වන්නිනායක වෙතය. 1968 වසරේ මේ කියන උක්කුබණ්ඩා වොෂින්ටනය බලා ගියේ බැංකු පාලක මණ්ඩල සභිකයන්ගේ වාර්ෂික සමුළුවකටය. එහි සභාපති ධුරය හිමිවූයේ ශ්‍රී ලංකාවේ වන්නි හත්පත්තුවෙන් ආ උක්කුබණ්ඩා වන්නිනායකය.

නවසිය හැට අටේ සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැති මේ සමුළුවට ගිය උක්කුබණ්ඩාහට ඇමෙරිකාවේ ෂෙරටන් පාක් හෝටලයේ සුඛෝපභෝගී කාමර පෙලක් වෙන්කර තිබුණි. එයට ඕනෑම අමුත්තෙකු කැඳවා ගන්නටත්, ඒ අයට සංග්‍රහ කරන්නට සීමාවක් නැති මුදල් ප්‍රමාණයක් වැය කිරීමේ අවස්ථාව සලසා තිබුණි. එහෙත් සරල ගැමි ජීවිත රටාවට හුරු වී සිටි වන්නිනායක සභාපතිවරයා ඒ මුදල් කිසිවක් ඇල්ලුවේවත් නැත. තමන් ගිය කාරිය මනාව ඉටුකොට හීන්සීරුවේ මෙරටට ආවා පමණි. ලෝකේ කොහේ ගියත් යාපහුවේ ජනතාව හමුවීම අමතක නොකරන යූ.බී. සති අග ඔවුන් හමුවීම සඳහා පිටත්ව යන්නේ සිය පුත්‍රයාගේ කටකාර මිත්‍රයන් නම්කර තිබූ කෝච්චි ගෙදරටය. ආණ්ඩුවෙන් ලබාදී තිබූ 4 ශ්‍රී 7568 පර්ජෝ 404 රථය භාවිතා කරන්නේ කොටුව ස්ටේසමට යාමට පමණි. ඇමැතිවරයා දුර ගමන් යන්නේ කෝච්චියේය. කලාතුරකින් දිනෙක මේ රථය හෝ ඡන්ද වැඩවල යෙදෙන කාලයේ නිකම් ගන්නේ නැති නිසා කොටස් වශයෙන් ගෙවන්නට යැයි ඩබ්ලිව්.එම්. අප්පුහාමි මුදලාලි ලබාදී තිබූ EL 7439 ෆෝර්ඩ් කොන්සල් රථය පුත්තලමට කෝච්චියෙන් ගෙන්වා ගන්නා අවස්ථාද තිබේ. යම් හෙයකින් රථය පාවිච්චි නොකරන විට සැමවිටම යතුර තබාගන්නේ වන්නිනායක මහතා අතේය. රාජකාරි වාහනය කිසිදා අඹුදරුවන්ගේ වැඩකටයුතුවලට ඔහු යොදාගන්නේ නැත.

යාපහුවේ ගෙදරට සුඛෝපභෝගී වස්තුවක් තිබුණා නම් ඒ ටෙලිෆෝනයයි. නමුත් මේ දුරකතනයද ගෙදර කාටවත් පරිහරණය කරන්නට අවසර නැති එකකි. යූ.බී. වන්නිනායක මහතා රට යනවිට කලින්ම දුරකතන ආයතනයට ලිපියක් යවන්නේ තමන් රට යන බැවින් අදාළ දිනවල මේ දුරකතනයෙන් සේවා අවශ්‍ය නොවන බව කියමිනි.

මුදල් ඇමැති කාලයේ බුලර්ස් පටුමගේ නිල නිවසක් යූ.බී. වන්නිනායක ඇමැතිවරයාටද ලබාදී තිබුණි. රංජනී සහ මහින්ද වැඩිමහල් දරුවෝ මේ ගෙදරට ගිය මතක ඇත්තෝය. මහින්ද කාලයක් නීති විද්‍යාලයට ගියේ මේ නිවසේ නැවැතී සිටය. ඒ කාලයේ ගල්කිස්සේ සිට එන මහින්දගේ සගයෙක් බුලර්ස් පාරේ නිවසට විත් මහින්ද සමග නීති විද්‍යාලය බලා යයි. අනෙක් සිසුන්ට මේ රටේ මුදල් ඇමැතිවරයාගේ පුත්‍රයා බවට අර කී මිත්‍රයා මහින්දව හඳුන්වා දුන්නද ඔවුන් එය එක්වරම විශ්වාස නොකරන්නේ (මුදල් ඇමැතිගේ පුත්‍රයා මේ වගේ බස් එකේ එන්නට හේතුව) ඔවුන්ට නොවැටහෙන හෙයිනි. මේ බුලර්ස් පාරේ නිවස විශාල එකකි. එහෙත් යූ.බී. වන්නිනායක නම්වූ අල්පේච්ඡතාව ගුරුකොටගත් පොදුජන නායකයාගේ හිතට අල්ලන අන්දමට මේ නිවස සකස් කර තිබුණේ අමුතුම විදිහකටය. එහි වෙනත් මන්ත්‍රී නිවාසවල දක්නට ලැබෙන මහානාර්ඝ සැප සම්පත් තිබුණේ නැත. බක්ක පුටු සැටි, බංගසාල නිදන ඇඳන් සහිත සුඛෝපභෝගී කාමර, බුරුත කෑම මේස කට්ටල දක්නට ලැබුණේ නැත. එහිවූයේ යාන්තම් පුටු කබල් දෙක තුනකි. 

ඇමැති කාර්යාල කාමරයේ ලියන මේසයක් තබා සාමාන්‍ය පුටු දෙක තුනක් තබා තිබුණි. පොත්පත්, හැන්සාඩ් වාර්තා බිම සිට වහළ දක්වා කඳු ගසා තිබෙන අයුරු දක්නට හැකිය. නිදන කාමරය තුළද කුඩා ඇඳක් තිබුණද එය සාමාන්‍ය ගමේ ගොඩේ වැල් ඇඳකි. මේසයක් පුටුවක් එතැනද විය. ඉතිරි මුළු නිවසම පාළුවට ගොසිනි. නමුත් අමතක නොකර ගමෙන් ගෙන ආ එක් සුඛෝපභෝගී භාණ්ඩයක් මේ නිවසේ දක්නට ලැබුණි. ඒ හාන්සි පුටුවයි. නිස්කාංසුවේ හාන්සි පුටුවේ වැතිර කල්පනාවේ යෙදෙන්නට ප්‍රියකළ යූ.බී. හාන්සි පුටු දෙකක්ම මේ ගෙදර තබා ගත්තේය.

රංජනී හෝ මහින්ද ඇතුළු දරුවන් මෙහි ආ දිනට සිදුවන්නේ බිමට ගුදිරි එලා ඉඩ ඇති තැනක නිදාගන්නටය. තැනක් සොයාගැනීම සමහර දිනවලට පහසු නැත්තේ කුරුණෑගලින්, යාපහුවෙන්, පුත්තලමින් කොළඹ ආ නන්නාඳුනන අමුත්තෝ රෑ ගත කරන්නට ඇමැති නිවාසයට පැමිණ සිටින බැවිනි. ඔවුන් හිතූ හිතූ තැන්වල වැටී රෙදි, පැදුරු, කාඩ්බෝඩ් එලාන නිදාගනිති. පසුකාලීනව මහින්දගේ මව මේ නිවසට ඇඳන් දෙකක් එවා තිබුණේ දරුවන්ගේ පාවිච්චියටයි.

මේ නිවස ගැන ප්‍රසිද්ධ වූ කතාවක් තිබේ. මාධ්‍යවලින් නොයෙක් විදිහට ඉදිරිපත් කර ඇති මේ කතාවට අදාළ සිද්ධිය වන සමයේ මහින්ද බුලර්ස් නිවසේ සිට නැත. එකල ලෝක බැංකුවේ ලොක්කෙක් (සමහරුන්ට අනුව මැක්නමාරා - නමුත් මැක්නමාරා මේ සමයේ ලංකාවට පැමිණ නැත.) ලංකාවේ මුදල් ඇමැතිතුමා ඔහුගේ නිල නිවසේදී හමුවන්නට මනාප බව කීවේය. මේ ගැන දැනගත් විට ඩඩ්ලි. සේනානායක අගමැතිවරයා මහබැංකු අධිපතිට මේ නිවසේ පහසුකම් සොයා බලන්නට යැයි කීවේය. ඔහු නිලධාරි පිරිසක් එතැනට යැව්වේය. ගිය පිරිසට දකින්නට ලැබුණේ පාළු බංගලාවකි. 

ලෝක බැංකුවෙන් ආ නියෝජිතයා (මොහු ඉයුජින් ආර්. බ්ලැක් විය හැකි යැයි මහින්ද වන්නිනායක පෙන්වා දේ බ්ලැක් කලින් ලෝක බැංකු සභාපතිවරයකු මෙන්ම මේ කියන කල මැක්නමාරාගේ ආසියාතික උපදේශක විය) මේ ස්ථානයට රැගෙන යා නොහැකිය. ඔවුහු වහාම ඩඩ්ලි. හමුව ඇඳ කබලක්, මේස පුටු කබල් කිහිපයක් ඇති මේ තැන ගැන වාර්තාව ඉදිරිපත් කළහ. ඩඩ්ලි. ඔළුවේ අතගසා ගත්තේය. වහාම දොන් කරෝලිස් සාප්පුව අමතා නිවසට අවශ්‍ය ලී බඩු ගෙනැත් තබා නිවස පිළිවෙලක් කරන්නටත් නියෝජිතයා ගිය පසු ඒවා රැගෙන යන්නටත්, ආහාර තරු පංතියේ ප්‍රධාන පෙළේ හෝටලයකින් සපයන්නටත් කටයුතු යොදන ලෙසට නියම කළේලු!

බුලර්ස් නිවසේ කෑම උයා පිහා දෙන්නට වයසක උන්දෑ කෙනෙක් සිටියේය. ගමේ ක්‍රමයට ඇඹුලක් නියඹලාවක්, පලාවක් සමඟ කෑම ගන්නට හුරුව සිටි වන්නිනායක ඇමැතිවරයා මේ උන්දෑ නිවසේ නැතිකල අසල තිබූ කඩයකින් පාන් ගෙන්වා ගෙන කා සැහැල්ලුවෙන් සුවයෙන් සිටියේය. යම් දිනෙක අමාත්‍යංශයට යන්නට නිල රථය නිසි වේලාවට ආවේ නැතිනම් වන්නිනායක ඇමැතිවරයා ටැක්සියක නැගී අමාත්‍යංශය වෙත යන්නේ කාටත් කරදරයක් බැණ අඬ ගැසීමක් නොකරමිනි. ලේකම්වරයෙක් තබා නොගත් නිසා සියලු ලේඛන ලිවීම සකස් කිරීම කළේද ඇමැතිවරයාය. ප්‍රදේශයේ සෑම දෙනාගේම සුදුසුකම් ලේඛනගත කර වැඩි දක්ෂතා අනුපිළිවෙළට සකසා යවන්නේ ඇමැතිතුමාමය. මේ නිසා බොහෝ විට තනතුරු හිමිවන්නේ දක්ෂයාට මිස තමන්ගේ පිලට වැඩකළ අයට නොවේ. ඉතින් හැමදාමත් වන්නිනායක ඇමැතිතුමාට අහන්න ලැබෙන අඳෝනාවක් වේ. “අනේ, අපි මෙච්චර මැරිලා ඇමැතිතුමාට වැඩකළා. ඒත් රස්සා අරන් තියෙන්නේ ශ්‍රී ලංකාකාරයෝ.” මේ පාක්ෂිකයන්ගෙන් එල්ල වූ චෝදනාවය.

වන්නිනායක මහතා කාටත් බෙදුවේ එක හැන්දෙන් බව මහින්ද මෙන්ම රංජනී වැඩිමල් දරුවන්ට හොඳට මතකය.

“අපේ මල්ලි කෙනෙකුට රස්සාවක් දෙන්න වාරිමාර්ගේ ප්‍රධානියෙක් උත්සාහ කළා. එයා කිව්වා භෞතික විද්‍යාවට සම්මාන තියෙනවා කියලා අයැදුම්පත පුරවල එවන්න කියලා - ගැටලුවක් නෑ කියලා. නමුත් මල්ලිට තිබුණේ සාමාන්‍ය සාමාර්ථයක්. තාත්තා රස්සා දෙන්නෙත් නැති නිසා මල්ලි ඒ විදියට අයැදුම්පත හදලා චරිත සහතිකයක් ගත්තා සී.පී. ද සිල්වා මහත්තයාගෙන්. සී.පී. ද සිල්වා මහත්තයා ඒක ගැන පාර්ලිමේන්තු විවේකාගාරයේදී ”ඔන්න මං පුතාට චරිත සහතිකයක් දුන්නා” කියලා කිව්වාලු. තාත්ත එදා ගෙදර ඇවිත් ගන්නවා බලන්න දාන්න යන ඉල්ලුම්පත්‍රය කියලා මල්ලිගෙන් ඉල්ලුවා! ඊට පස්සේ කියෝලා බලලා හොඳටම තරහා ගිහිල්ලා බැන්නා.”

“ඉල්ලුම් පත්‍රයෙන්ම බොරුව කරන්න හදන්නේ. නැති සුදුසුකම් පෙන්නලා රස්සාවලට ගියාම තනතුරුවලට මොකද වෙන්නේ. රටට මොකද වෙන්නේ. උඹලා මටද මේ නින්දා කරන්නේ? කියලා මල්ලිගේ ඉල්ලුම් පත්‍රය ඉරලා දැම්මා.” මල්ලිට භෞතික විද්‍යාවට සම්මාන නෑ කියලා අප්පච්චිට මතක තිබුණා.

අපේ මල්ලි කෙනෙකුගේ රස්සාවක් ගැන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට කියන්න කියලා අම්මා අප්පච්චිට කියා තිබුණා. මට කියන්නේ සුදුසුකම් ඇති ළමයෙක්ගේ නම කපලා මගේ එකාට රස්සාව දෙන්න කියන ලැජ්ජ නැති කතාව ජේ.ආර්.ට කියන්නද කියලා ගෝරනාඩු කළා.

අපේ තවත් මල්ලි කෙනෙක් බැංකුවක රස්සාවට අයැදුම් කළා. ඉන්ටර්වීව් ආවා. ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී නම, ගම අහනකොට හුරුපුරුදු බව දැනිලා වන්නිනායක කියන මුදල් ඇමැති කවුදැයි මල්ලිගෙන් ඒ නිලධාරි අහලා. ඒ මගේ අප්පච්චි කියලා මල්ලි කියලා. නෑකම දැනගත්තාම ලිපිකරුකමට වඩා හොඳ රස්සාවක් දෙන්න පුළුවන් කියලා කතාවෙලා අප්පච්චිට කතා කරලා ඒ ගැන කියලා තියෙනවා. මගේ පුතා නිසා සුදුසුකම් නැතිව තනතුරු දීලා ප්‍රශ්නයක් ආවොත් තමුන්ටම වග කියන්න වෙයි කියලා අප්පච්චි ගෝරනාඩු කරලා තියෙනවා.”

වන්නිනායක ඇමැතිවරයා මලියදේව විද්‍යාලයේ හතරවැනි විදුහල්පතිවරයාය. තමන්ගේ මහන්සියෙන් හදාගත් පාසලට දරුවන් ගිය යුතුය යන විශ්වාසය ඔහුට තිබුණි. දියණිය විශාඛාවට යවන්නට මවට ඕනෑ කළත් වන්නිනායක මහතා එයට හරස් විය. ගමේ දුප්පත් ළමයි යන පාසලටම යැව්වේය. මලියදේවයේ ගුරුකම කරන කාලේ කොළඹ රාජකීය විදුහලට වන්නිනායක මහතාට ආරාධනා කළද ඔහු එහි ගියේ නැත.

මුදල් ඇමැති කාලේ රට සවාරි යනවිට ඇමැති බිරියටද යන්නට හැකිය. නමුත් බොහෝ ගමන්වලට ඔහු සිය පිය බිරිය රැගෙන ගියේ නැත. රජයෙන් මුදල් වෙන්කර දුන්නත් ඒවාද සතයටම ගනුදෙනු බේරුවේය. ලංකාවට ආ සැනින් ඉතුරු ඩොලර් සියල්ල මහ බැංකු ගිනුමට දාන්නට යැයි කියා සිය බෑනා වන එච්.බී. අබේරත්න මහතාට බාර දෙන්නේය.

වරෙක ලෝක බැංකුව එහි වියදමින් දෙපලටම අමෙරිකානු සවාරියකට අවස්ථාව ලබාදුන්නේය. බිරිය චන්ද්‍රා එහි ගියේ මහත් සතුටෙනි. වියදම් සඳහා මුදල් අසීමිතව ලබා දී ඇති නමුත් වන්නිනායක ඇමැතිවරයා ඒවා වියදම් කළේ නැත. බිරිය බැරිම තැන ලංකාවට කතාකර අත්‍යවශ්‍යම බඩු ටිකක් ගන්නටවත් සල්ලි නැති බව කීවාය. අන්තිමේ දරුවෝ අම්මාට සල්ලි යැවූහ.

ලෝක බැංකුවේද ඉහළ නිලතල දරා එයින් අයුතු ප්‍රයෝජන නොගත් වන්නිනායක මහතා එහිදී තමන්ට ලබාදුන් වාහනයද ලබා නොගෙන එහි වටිනාකමද ලංකා රජයට බැරකළ බව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පසු අවස්ථාවක සඳහන් කර තිබුණි.

රණසිංහ ප්‍රේමදාස මහතා කියා තිබුණේ යූ.බී. වන්නිනායක මහතා තරම් සැහැල්ලුවෙන් අල්පේච්ඡතාවෙන් ජීවත් වූ තවත් කිසිකෙනෙක් නැති බවය. “එතුමාගේ බර මේ මහපොළොවට කිසිසේත්ම දැනුනේ නෑ” කියා ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.

තමන්ගේ ඉඩකඩම් පවා අනුන්ට පවරා දුන් වන්නිනායක මහතා වියෝ වූ විට අගහිඟකම් පවුලට දැනෙන්නට විය. රජයේ සේවකයෙක් නිසා වැන්දඹු අනත්දරු ප්‍රතිලාභ ගැනීමට උත්සාහ කළ බිරියට දැනගන්නට ලැබුණේ ඔහු ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ලබාදී නැති බවය. පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුපක් ගෙන ආවේය. එය ඔවුනට මඳ සහනයක් ගෙන ආවේය. දියණිය රංජනී කියන්නේ “හැබැයි අපේ අප්පච්චි හිටියා නම් ජේ.ආර්.ගේ ඔය යෝජනාවටත් විරුද්ධ වෙනවා” කියාය.

ජීවිතයේ අන්තිම කාලයේ බස්රථයෙන් බැස අවුත් පයින් හෝ බක්කි කරත්තයෙන් යන වන්නිනායක හිටපු ඇමැතිතුමා ගමේ කාටත් මතක දසුනකි. හෙතෙම කිසිවිටක නිලය ධනය බලය කරට ගත්තේ නැත. අසාධාරණයේදී වහා කිපෙන සුළු වුවද කිසිවෙකුට අනදරයක් සිදු නොකළේය.

වරක් ඇමැතිවරයා රෑ බෝවී ඇල්ල හරහා දැදුරු ඔය පහුකරගෙන ගමනක් ගියේය. දැන් ඇති දැදුරු ඔය පාලම ඇමැතිවරයා තමන් විසින් එකල සාදා තිබූ නමුත්, එහි විවෘත කිරීම් කටයුතු අවසන් කර නොතිබුණි. මේ නිසා පාලම අවහිර කර තිබූ අතර මුරකරුවෙක්ද විය. තමන් හැදූ පාලමෙන් තාමත් මිනිස්සුන්ට සෙතක් නැත්තේ මන්ද? පාලම හදා ඉවර නම් භාවිතයට ගන්නේ නැත්තේ මන්ද? ඇමැතිවරයා මේ ගැන රියැදුරුගෙන් ඇසීය. “පාලම විවෘත කරනකම් ඔය මුරදාලා. නමුත් ලොරිකාරයෝ පුංචි ගතමනාවක් මිට මොලෝලා මුරකාරයාට කියලා බාධාවන් ඇරගන්නවා.” රියැදුරා කීවේය.

“හොඳයි, එහෙනම් මේං මේකත් දෙනවා.” කියා ඇමැතිවරයා සාක්කුවෙන් රුපියල් 2ක් ඇද දුන්නේය. බාධකය ඇරුණු අතර ඇමැතිවරයා ගමන ගියේය. පසුදිනෙක නිලධාරි පිරිසක් ඇවිත් පාලම විවෘත කිරීමේ මහා උත්සව සංවිධානයක් ගැන කතා කරන්නට විය.

“මං මොකටද ඔය එකම පාලම දෙපාරක් විවෘත කරන්නේ. මං ළඟදි දවසක් රෑ රුපියල් දෙකක් දීලා පාලම විවෘත කළා” යැයි ඇමැතිවරයා උපහාසාත්මකව සුපුරුදු සැහැල්ලුවෙන් යුතුව කියා දැම්මේය. උක්කුබණ්ඩා වන්නිනායක එබඳු බෝධිසත්ව ගුණෝපේත අමුතු චරිතයක් විය. එබඳු මුදල් ඇමැතිවරු නැවත දක්නට ලැබෙන්නේ නම් නැත.

- සුගත් පී. කුලතුංගආරච්චි

(උපුටාගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.